ඇයි බන් ජපානය ඔය තරම් ඇමරිකාවත් එක්ක එ කාලෙ තරහා. උන් බලෙන්ම ඇමරිකාවේ පර්ල් වරායට ගහලා උන්ව යුද්ධයකට ඇදගත්තා නෙද?
ඇමෙරිකාව කැමති වුනේ නෑ ඉන්දු චීනයේ ජපන්නු ඉන්නවට.ජපන්නු ඒ කාලේ නාවික බලයෙන් වර්ධනය වෙමින් හිටියේ,ඒත් ඇමෙරිකාව තමයි උන්ගේ හරහට හිටියේ.පර්ල් වරායේ ඇමෙරිකානු නාවික බල ඇණිය ශක්තිමත් නිසා පැසිෆික් කලාපේ තවත් ව්‍යාප්ත වෙන්න ජපන්නුන්ට තිබුණ අවස්ථාව අඩු වුනා.එක ප්‍රහාරයකින් ඒ නාවික බල ඇණිය වනසලා දැම්මොත් එක පාර ලොකු වාසියක් අරගෙන පැසිෆික් සාගරයේ බලය ව්‍යාප්ත කරගන්න ජපනුන්ට ඕන වෙන්න ඇති.(සැලැස්මට අනුව ජපන්නු හිතාගෙන හිටියේ ඒ වෙලාවේ වරායේ ඇමෙරිකාවේ බොහොමයක් යුද නැව් ,ගුවන් යානා ප්‍රවාහන නැව් තියේවි කියලා.ඒත් එහෙම වුනේ නෑ),ජපන්නුන් තෙල්,යපස්,රබර් වලට බැල්ම දාගෙන හිටියේ,ඒත් ඒවා ගන්න නම් ආසියාවේ බටහිර යටත්විජිත අල්ලන වෙනවා.1940 විතර ඇමෙරිකාවත් ජපානයත් අතර තිබුණු වෙළඳ ගිවිසුමක් අවසන් වෙනවා.ගිවිසුමට අනුව ජපානයට අවශ්‍ය තෙල් සහ ලෝහ සැපයෙන්නේ ඇමෙරිකාවෙන්.ජපන්නු චීනෙට බැල්ම දාන එක වැඩි වෙනකොට ඇමෙරිකාවට මල.ගිවිසුම ඉවර වුනාට පස්සේ ඇමෙරිකාව ජපානෙට කරන අපනයන නැවැත්තුවා.මේක ජපානේ යුද ශක්තිය වර්ධනය වීමට ලොකු බලපෑමක් කරන්න ඇති.තෙල් සහ අනෙකුත් කර්මාන්ත අමුද්‍රව්‍ය සොයන්න ජපන්නු දකුණු සහ ගිණිකොන දිග ආසියාවට එන්න පටන් ගත්තා.ඇමෙරිකාවත් තෙල් සහ අනෙකුත් අමුද්‍රව්‍ය ලබාගත්තේ ආසියාවෙන් ඒකාලේ.ජපානේත් ඇමෙරිකාවත් දැන් වලි.ජපානේ ඒ කාලෙම ඉන්දු චීනය ආක්‍රමණය කලා.ඇමෙරිකන් කාරයට හොඳටම මල පැන්නා.රූස්වෙල්ට් පැනමා ඇල වහලා ජපන් නැව් යන එක නැවැත්තුවා.ඇමෙරිකාවේ තිබුණ ජපනේ මුදල් තමන්ගේ භාරයට ගත්තා,පිලිපීනයට ඇමෙරිකානු හමුදාව යැව්වා.ජපානේ මේ තීරණවලට විරුද්ධව පියවරක් ගන්න සැලසුම් කලා ඒ ඇමෙරිකාව එක්ක යුද්ධෙකට යන්න.ඇමෙරිකාවට ගහන්න ජපන්නු සැලසුම් කරනවා කියලා ඇමෙරිකන්කාරයෝ දැනගත්තා ඒත් ගහන්නේ කොහාටද කියලා දැනගෙන හිටියේ නැතිලු.