සිංහලේ කියලා ගහගත්තා කියලා ඌ ජාතිවාදි වෙන්නේ නෑ බන්. ජාතිවාදී වෙන්නේ උබ අනෙක් ජාතීන්ව උන්ගේ ජාතිය නිසා ඩිස්ක්රිමිනේට් කරනවා නම් විතරයි. සිංහලේ කියලා ගහගෙන අපි ලෝකයට කියන්නේ අපි අපේ ජාතිය ගැන ආඩම්බර වෙනවා කියන එකයි. නමුත් ඉතින් ඕක ශ්රිලාංකිය කියලා ගහගත්තා නම් තමයි ගොඩක් හොද. ඕක රැල්ලක් වශයෙන් ගියොත් දෙමල්ලූ. දෙමලේ, මුස්ලිම් එවුන් මුස්ලිමේ , බර්ගර් එවුන් බර්ගරේ කියලා ගහගනියි, ඊට පස්සේ රටේ ජාතීන් බෙදිලා කුලල් කාගන්න එකයි වෙන්නේ, 1948 ටේ සුද්දා රට දාලා යනකොට උන්ට ඕන වුනොත් ඕකම තමයි. අද අපි ජාතියක් වශයෙන් නොදියුණුත් ඕකම නිසාම තමයි. ලංකාවේ ජාතීන් අතර සමගියක් නෑ, එතකොට වටු වැද්දෙක් (ඇමරිකාව වගේ) දැලක් දාපු ගමන් සෙට් එකම අහුවෙන්නේ ඒක නිසයි. කාටවත් සමගිව ඒක උස්සගෙන යන්න ඕන නෑ.