ශ්‍රී ලංකාවේ ජාතික ගීය ගැන මහගම සේකර දක්ව&#353

Robin Hood of Sherwood

Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    ශ්‍රී ලංකාවේ ජාතික ගීය ගැන මහගම සේකර දක්ව&#353

    ශ්‍රී ලංකාවේ ජාතික ගීය ගැන මහගම සේකර දක්වා ඇති විවේචනය

    චිත්‍රපටිවල දේශානුරාගී ගීත ගැන කියනකොට අපට ආදර්ශයට ගන්න සිදුවෙලා තියනවා ජාතික ගීය. නමුත් අපේ ජාතික ගීයෙත් දුර්වලකම් කීපයක් තියනවා කියලයි මට හිතෙන්නෙ. ජාතික ගීය රචනාකරන අවධිය වෙනකොට ආනන්ද සමරකොන්ගේ රචනා ශක්තිය ක්‍රමයෙන් දුර්වල වී ඇති බවයි පෙනෙන්නෙ. මෙබඳු අඩුපාඩු දක්නට ලැබෙන්නේ ඒ නිසයි. අප සිත් තුල අභිමානයක් හෝ වීර හැඟීමක් ඇති කිරීමට මේ ගීතය ශක්තිමත් මදි. ජාතික ගීය අපිට ඇහෙන්නේ හරියට යාච්ඥාවක් වගෙයි. සමහරවිට ගීතයට යොදා ඇති තනුව මීට හේතුවක් වන්න පුලුවන්. ගීතයේ ගුරු අකුරු රාශීයක් තිබීමත් මීට හේතුවක්. ගුරු අකුරු වැඩි උනාම මොන රචනයක් උනත් අපට ඇහෙන්නේ නැළවිල්ලක් වගෙයි. පදමාලාව දෙස බලනකොට නම් ඇත්ත වශයෙන්ම මෙය ආයාචනයක් තමයි.

    ශ්‍රී ලංකා මාතා... අප ‍ශ්‍රී...... ලංකා
    නමෝ නමෝ නමෝ නමෝ මාතා......
    සුන්දර සිරි බරිනි සුරැදි අති සෝබමාන ලංකා.....
    ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි
    ජය භූමිය රම්‍යා
    අප හට සැප සිරි සෙත සදනා.....
    ජීවනයේ මාතා.....
    පිළිගනු මැන අප භකිතී පූජා
    නමෝ නමෝ මාතා.....
    අප ශ්‍රී.... ලංකා
    නමෝ නමෝ නමෝ නමෝ මාතා......
    ඔබවේ අප විද්‍යා...... ඔබවේ අප සත්‍යා
    ඔබවේ අප ශක්තී...... අප හද තුල භක්තී......
    ඔබ අප ආලෝකේ...... අපගේ අනුප්‍රානේ
    අප ජීවන වේ...... අප මුක්තිය ඔබවේ
    නව ජීවන දෙමිනේ
    නිතින අප පුබුදු කරන් මාතා....
    ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන
    ජය භූමි කරා....
    එක මවක‍ෙග දරු කැල බැවිනා
    යමු යමු වී නොපමා.....
    ප්‍රේම වඩා සැම භේද දුරැ ල ලා....
    නමෝ නමෝ මාතා..... අප ශ්‍රී.... ලංකා
    නමෝ නමෝ නමෝ නමෝ මාතා......
    අප ශ්‍රී.... ලංකා....... නමෝ නමෝ නමෝ නමෝ මාතා...

    ගීතයේ මුල් පද වලින් රචකයා ලංකාවේ ස්වභාව සෞන්දර්ය වර්ණනා කරනවා. ලංකාව සියලු යස ඉසුරින් පිරි ජය භූමියක් කියනවා. ඊලඟ පදවලින් මාතාවකට වගේ ආමන්ත්‍රණය කරලා මෙහෙම කියනවා. අපට සිරිසෙත ගෙන එන්නේ ඔබයි. අපේ විද්‍යාවත් අපේ සත්‍යයත් ඔබයි. අපේ ශක්තියත් අපේ භක්තියත් ඔබයි. ‍මේ කීමෙන් පැහැදිලිවන්නේ කුමක්ද? ලංකා මාතාව සියලු දෙයින් සම්පූර්ණ බවයි. ඒ එක්කම අදහස් වෙනවා කිසිම දෙයක් අපට නැති බව. 'ඔබ වේ අප ශක්තී' කියන කියමනෙන් අදහස් වෙන්නේ 'අපට කිසිම ශක්තියක් නෑ අපට ඇති ශක්තිය ඔබ පමණයි' යන්නයි. ඒ වගේ 'ඔබ අප ජීවය වේ අප මුක්තිය ඔබවේ' යන්නෙන් අදහස් වන්නේ 'අපට නිදහසක් නෑ අපට ජීවයක් නෑ' කියන එකයි. ඒ නිසා ලංකා මාතාවට මොකක් කරන්න කියලද රචකයා කියන්නේ? 'නව ජීවන දෙමින් නිතින අප පුබුදු කරන්න' කියලා. අපට ජීවයක් නෑ එහෙමත් නැත්නම් අපගේ ජීවය අඩපණ වෙලා. අපට ජීවනයක් දෙන ලෙස ඉල්ලා සිටින්නේ ඒ නිසා විය යුතුයි. නිතින අපව පුබුදු කරන්න කියන්නේ ඇයි? නිතර අප නිදා වැටෙන නිසාද? ඥාණ වීර්ය වඩන්නට කියන්නේ අපේ ඥාණ වීර්ය දෙක අඩු නිසාද? මේ අඩුපාඩු සකස් කර අපව ජය භූමිය කරා ගෙන යන හැටියට රචකයා ලංකා මාතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ වගේ පිරිසක් ජයභූමියක් කරා ගෙනයන්නට කාටවත් පුලුවන් කමක් නෑ. ඇරත් මේ ජයභූමිය මොකක්ද කියන එකයි ගැටලුව. ලංකාව ජයභූමිය හැටියට රචකයා මුලින් හැඳින්නුවා. එහෙනම් අපි ඉන්නේ ඒ ජය භූමියේ තමයි. දැන් ලංකාවටම කියනවා අපව ජයභූමියට අරගෙන යන්න කියලා. කොහෙද ඔය දෙවනි ජයභූමිය තියෙන්නේ? ඒකයි ඊලඟට ඇතිවන ප්‍රශ්ණය.

    අන්තිම පද දෙකේදී ලංකා මාතාව ගැන කිසිම කල්පනාවක් රචකයාට නැතිව යනවා. ඒ නිසා 'එක මවකගේ දරුකැළ බැවිනා යමු යමු' කියලා වෙනම ක්‍රමයකට පිරිසක් සංවිධානය කරන්න පටන් ගන්නවා. මෙසේ ගීතියේ ආකෘතියේ ඇති අපිළිවෙල එක දුර්වලකමක්. ලංකා මාතවක් ලෙස සලකා ඈට ආමන්ත්‍රණය කරන අන්දමට ගීය ගෙනාව නම් මුලසිට අග දක්වා එය එසේ තිබිය යුතුයි. රචකයා මුලදී ලංකාව මාතාවක් හැටියට සලකා එය නමස්කාර කරනවා. නමුත් ඊලඟට මාතාවක් නෙමේ ජයභූමියක්. ඊලඟට නැවතත් මාතාවක්. ඊට පස්සේ තමා මේ ආමන්ත්‍රණය කරන්නේ ලංකා මාතාවට බව ඔහු අමතක කරනවා. කරලා පිරිස දිහාවට හැරිලා පිරිස ආමන්ත්‍රණය කරලා වෙනම සාකච්ඡාවක් පටන් ගන්නවා. 'වාද භේද අමතක කරලා යමු යමු' කියලා. මෙතනදී අපි අතරේ තියන වාද බේදත් මතක් කිරීම සුදුසු නැහැ. අපේ තවත් දුර්වල කමක් මතක් කරදීමක් ඒක. වාද භේද දුරලමු කිවාට ඒවා දුරුවෙන්නේ නෑ. වාද භේද අමතක වෙලා තිබ්බ නම් ඒවා නැවත මතක් කර දීමක් ඒක . කවියෙදී එක්සත් වෙමු හා වාද භේද දුරලමු යන වාක්‍ය දෙකන් ප්‍රකාශවන්නේ එකම හැඟීම නෙමෙයි.

    ගීතයේ ඇති ලොකුම දුර්වලකම එහි ගැබ්ව ඇති අදහසයි. මුලින් කිව්වා වගේ මේ ගීතය පිහිට පතා කරන ආයාචනයක්. ගීතයෙන් කියවෙන්නේ ජාතියක් වශයෙන් අප දුර්වල බවයි. අපට ඇති එකම පිහිට ලංකා මාතාව පමණයි. මේ නිසා අප ලංකා මාතාවගෙන් ඉල්ලා සිටිනවා අපේ දුර්වලකම් මකා දමලා දියුණුව කරා ගෙනියන හැටියට. මෙය අපේ දුර්වලකම් අපම පිළිගැනීමක්. ජාතිය ගැන අභිමානයක් හෝ විරත්වයක් අප තුල ඇති කිරීමට එසේ කිමෙන් පුලුවන් කමක් නැහැ.

    දේශාණුරාගී ගියකදී අපේ පැරණි වීරයින් කළ පහපන්කම් අපට වර්ණනා කරන්න පුලුවන්. අපට ඇති සංස්කෘතික උරුමයේ විටිනාකම කියන්න පුලුවන්. අපේ රටේ මුතු මැණික් ගැන ඇතුන් ගැන ස්වභාව සෞන්දර්ය ගැන මතක් කර දෙන්න පුලුවන්.

    ඇත්ත වශයෙන්ම ජාතික ගීයෙන් ප්‍රකාශ විය යුත්තේ එයින් කියවෙන අදහසට විරුද්ධ අදහසයි කියලා මට හිතෙනවා. එනම් ලංකා මාතාව ආරක්ෂා කිරීමට ඇය සෞභාග්‍ය කරා ගෙන යාමට ඇය වෙනුවෙන් ජීවිතය වුවත් පූජා කිරීමට අපට ශක්තිය ඇති බවයි. ඇගෙන් පිහිට ඉල්ලා ආයාචනා කිරීම නෙමෙයි.

    (උපුටා ගැනීම - මහගම සේකරගේ නොපළ ගීත. සංස්කරණය රංජිත් අමරකීර්ති පලිහපිටිය. ප්‍රදීප ප්‍රකාශකයෝ. 1984. අයිතිය කුසුමලතා මහගම සේකර. මෙහි පිටු අංක 1 සිට 55 දක්වා මහගම සේකරගේ දේශනයක් පෙර වදන ලෙස යොදා ඇති අතර මේ එයින් උපුටා ගත් එක් කොටසකි.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    පදමාලාව දෙස බලනකොට නම් ඇත්ත වශයෙන්ම මෙය ආයාචනයක් තමයි.
    ඒත් මේක තමා අපේ ලෙයට කාවැදිලා තියන ජාතික ගීය
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පදමාලාව දෙස බලනකොට නම් ඇත්ත වශයෙන්ම මෙය ආයාචනයක් තමයි.
    ඒත් මේක තමා අපේ ලෙයට කාවැදිලා තියන ජාතික ගීය
    :nerd::nerd:

    මම පෞද්ගලිකව අපේ රටේ ජාතික ගීයට කැමති නෑ. (ඕක මම අද ඊයේ ඉදන් නෙවෙයි මේකට ආව දවස් වල ඉදල ම කියන දෙයක්!)

    ඔයිට වඩා හොදයි මහගම සේකර මහත්මයා ලියපු රත්නදීප ජන්මභූමි කියන ගීතය....
    හැබැයි දැන් ඔබ අහන ගීතය නෙවෙයි, මම අහල තියන ගීතයේ මුල් පටිගත කිරීම......
     

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    පදමාලාව දෙස බලනකොට නම් ඇත්ත වශයෙන්ම මෙය ආයාචනයක් තමයි.
    ඒත් මේක තමා අපේ ලෙයට කාවැදිලා තියන ජාතික ගීය

    ape skole pasal geeyath ohommammai ban...

    :nerd::nerd:

    මම පෞද්ගලිකව අපේ රටේ ජාතික ගීයට කැමති නෑ. (ඕක මම අද ඊයේ ඉදන් නෙවෙයි මේකට ආව දවස් වල ඉදල ම කියන දෙයක්!)

    ඔයිට වඩා හොදයි මහගම සේකර මහත්මයා ලියපු රත්නදීප ජන්මභූමි කියන ගීතය....
    හැබැයි දැන් ඔබ අහන ගීතය නෙවෙයි, මම අහල තියන ගීතයේ මුල් පටිගත කිරීම......

    hebei machan pita ratakadi ape jathika geeya ehenakota podi gathiyak enawa..
    machan rathnadeepa janma eke link ekak thiyanawa nam ewapanko...

    :yes:
    :yes:
    kathawa aththa, ape jathika giiya kiyaddi unath echchara gammak enne na.

    :sorry::sorry::sorry:
     

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa