පෝය දවස සති අන්තෙට එනවා නේද බොලේ....
බාර් එකත් වහලා හින්දා නෑ ෆන් එක මලේ.....
මස් කඩේට යන පාරට හැරෙව්වෙ සයිකලේ.....
මොනවා නැතත් අපි කවදත් කැපුවත් සිංහලේ.....!
අම්මා ගෙදර අසනීපෙන් ඇය බලන්න නොයා....
පන්සලකට මාස ගනං අඩියක් නොම තියා......
ඒ උනාට මහ ඉහලින් ජාතිය ගැන කියා......
ඉතිහාසෙං පෙන්වලා දෙමු අපි එහෙමයි මෙයා....!
කන්න නැතත් බොන්න නැතත් වංසෙ උසස් වෙලා...
සමහර අය ණයට අරං සැලොන් ෆැශන් කලා.....
රට සූකිරි ආයිත්තම් දසතින් සල සලා..............
සිංහලයට බෝඩ් අරං පිකටිං එක කලා................
රජ කාලේ හිටි රජවරු ගැන ඉහලින් කියා...
අපි ඉන්නෙත් ඒ වාගෙයි දන්නෙ නැත්ද ඔයා....
බෙසියර් එක විසි කලාම තාලෙට පා තියා....
අන්න බලං සිංහලකම ඉහට උඩිං ගියා......
විල්පත්තුවෙ සංහාරය දැක දැක මුව පියා....
දාගැබ් මහ වෙහෙර පිටින් උං ගලවං ගියා....
තුංකාලට උගස් තියා සිංහලකම හොයා...
අන්න බලන් අපෙ ඡන්දෙන් සිංහයා පැන ගියා...!
සිරිලංකා අපෙ අම්මා ඔබයි අපේ බලේ....
දිවි නැසුනත් ඔබ රකිනෙමි නාමෙන් සිව් හෙලේ...
හෝඩි පොතෙන් මතු දිනකට අමතක වූ කලේ....
වාහනයේ වීදුරුවෙත් ගහපං සිංහලේ...!

Last edited: