නුඹ මලක් වේ මැයි සුදු දුවේ...

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
දුව ගැන කියන්නට මට මහා කරුනු ගොන්නක් තිබේ. මගේ දුවනිය තාමත් පාසැලට යන්නට පටන් ගත්තා පමණි. (මේ 20 වනදා සිට) නමුත් ළද බොළද ඇය නියම දුවක ගේ ගති ලකුණු දැන් ද පෙන්වයි. මා බෙහෙතක් ගන්නේ නම් එය මට දෙන්නේ ඇය විසිනි. බොන බෙහෙත ඇය අතට දිය යුතු අතර, ඇය වතුර සමග නැවත මට එය දෙයි. එය බොනවා දැක මුහුණට මද හසක් එක් කර ගනී. රස මසවුලක් ලද හොත් තාත්තා ගේ කොටස ගැන උනන්දු වෙයි. තාත්තා සමග ෂොපිං යන්නට එනවාදැයි ඇසූ කල ඇස් දිලෙන්නට පටන් ගනී....

දියැණිවරු වඩා ළග පියවරුන්ටය. ගල ලෙන බිද-ලෙන් දොර හැර සිය බාහු ථාමයෙන් සිංහබාහු තම මව සහ නැගෙණිය මනුෂ්‍ය වාසයකට ගෙන ගිය කල්හි සිංහයා සිය දියණිය සිහි කර විශේෂයෙන් වැලපෙන්නේ එහෙයිනි.
.....................
සිංහ සීවලී..
මා ප්‍රිය දියැණිය....

සුරතල් දියැණිය මොළකැටි වදනින්
මා අමතන්නිය අහර පිසන්නිය
කවන්නිය - පොවන්නිය
මා ගැන බිය වන්නිය
වනයේ දුකක් වෙද,
අසන්නිය-සොයන්නිය


ඈත් ගොසින් ය - ඈත් ගොසින් ය
ඇයි සුදු දුවණියෙ නුඹවත් නොසිටියෙ

සොයොවුරා නම් - ඔළ-මොල ගති ඇත
නුඹ මෙන් මුදු නැත..............
සිංහයා වඩාත් ම දුකට පත් වන්නේ තම ප්‍රියාව හෝ පුතනුවන් තමා හැර දා ගියා ට වඩා තම දියණිය තමා හැර දා යාම ගැනය....
දියැණියන් පිළිබද ව පියවරුන් ගේ හදෙහි ඇති සෙනෙහස ඒ තරම් මැ ගණකම් ය........

(මෙය ලියන්නට දවස් ගණනක ගත කළෙමි. ඒ පිළිබද ව සමා වන්න. ලියන්නට ගත් වාහාම දියණිය සිහිවී නෙත බොද වේ)


:(:(
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
දැං එළියට ගිහිං අහස බලන්ඩ
:)

මං මොකුත් කියන්නෙ නෑ.. කිව්වොත් උඹ මාත් එක්ක අමනාප වෙනවා..

"මන්ද යත් එළකිරියේ සිටින එකම මන්දබුද්ධිකය ඔහුය.."

තමන්ගෙ වැරදි වහගන්න අනුන්ට රවන්න එපා..
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං මොකුත් කියන්නෙ නෑ.. කිව්වොත් උඹ මාත් එක්ක අමනාප වෙනවා..

    "මන්ද යත් එළකිරියේ සිටින එකම මන්දබුද්ධිකය ඔහුය.."

    තමන්ගෙ වැරදි වහගන්න අනුන්ට රවන්න එපා..
    දේශපාලනේ ගැන හිතල නෙවේ රට ගැන හිතල කරන්න ඕනේ දේවල් මේවා.. :yes:
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    හැමදාම කියන්නා වගේ උඹ නම් නියමෙට ලියනවා අක්කේ! අදනම් රෙප් දුන්නා හොඳේ? :D
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    හැමදාම කියන්නා වගේ උඹ නම් නියමෙට ලියනවා අක්කේ! අදනම් රෙප් දුන්නා හොඳේ? :D

    ගොඩක් ස්තුතියි මලේ...රෙප් කන්නද, මේ වචන තමයි ගොඩක් වටින්නේ...