
තාම එහෙම කිසිම කෙනෙක් ගෙනත් දුන්නේ නෑ මචන්. නමුත් එහෙම ගෙනත් දුන්නොත් කොහෙත්ම ඒවා බ්‍රෑන්ඩ්නිව් කියලා දෙන්නේ නෑ. මොකද මම ෆෝන් එක දෙනකොටම කියලා දෙන්නේ මේක බ්‍රෑන්ඩ්නිව් නෙවෙයි කියල ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් නම් අනිවා එවෙලේම ගත්තු සල්ලි ඔක්කොම ආපහු දෙනව. ෆෝන් එකත් නොමිලේම දෙනව එවෙලෙම. ලිඛිතවම ඇඩ් එකේ මේක මම කියලා තියෙනව. ඕන කෙනෙක්ට අවශ්‍ය නම් පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග වුනත් ගන්න මම බොරුවක් කරනව නම්.
තාම කවුරුත් රිටන් කලේ නෑ. නමුත් රිටන් කලොත් ඊලඟට මගෙ වෙනම පියවරක් තියෙනව. ඒක රිටන් ආවොත් මම ක්‍රියාත්මක කරන්නේ. හැබැයි අලුතෙන් මගෙන් ෆෝන් ගන්න ඕනෙම කෙනෙක්ට මගේ පලවෙනි කොන්දේසිය වන ෆෝන් බ්‍රෑන්නිව් නෙවෙයි නම් සල්ලි සහ ෆෝන් එක කිසිම අය කිරීමක් නැතුව ගන්න කෙනාට දෙනවා කියන එක ඕනෙම වෙලාවක වලංගුයි මම ෆෝන් බ්‍රෑන්ඩ් නිව් කියලා විකුණන තාක් කල්.

පාවිච්චි කරන ලද කියලා දෙනව නම් ඒක අනිවා ඇඩ් එකේ කියලමයි දෙන්නේ. ෆෝන් එක ෆැක්ට්‍රි එකෙන් ගහන සීල් එක අයින් කරලා ෆෝන් එක එලියට අරන් සිම් එකක් දාලා ඔන් කලත් ඒක පාවිච්චි කරපු එකක්. Almost brand new, Brand new condition, Slightly used brand new, tested brand new වගේ කතා නෑ මගෙ ෆෝන් වල. එක්කො brand new (with factory sealed packaging). විනාඩියක් හරි පාවිච්චි කරලා නම් used. Used නම් ඒක ඇඩ් එකේ කියලම දෙන්නේ.
උඹට තවත් අඩුවට ෆෝන් එකක්ද බැලුවේ මචෝ?