අපේ ජිවිතේ

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa

බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ
අපි ඇසු බණ මදිවුනාද මේ දම්දීපේ
සිල්ගත්තා පිං කෙරැවා දිවා රෑ දෙකේ
අතරමං වුනේ කොහොමද අපේ ජිවිතේ අපේ ජිවිතේ

සාදුකාර දී ගිය ගිය පන්සල් ගානේ
පැතුවා හැමදා පේවී අපි නිර්වානේ
දැහැමි සිතින් පහන් තියා මහ බෝ සෙවනේ
වැඳ වැටුනා ගාථ කියා අපි තුන් සරණේ

බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ
අපි ඇසු බණ මදිවුනාද මේ දම්දීපේ
සිල්ගත්තා පිං කෙරැවා දිවා රෑ දෙකේ
අතරමං වුනේ කොහොමද අපේ ජිවිතේ අපේ ජිවිතේ

බාරහාර වී වැඳ වැඳ අටමස්ථානේ
කරැණා කෙරැවා පේවී මුණිසිරිපාදේ
සැදැහැ සිතින් නිවන් පතා දළදා මැදුරේ
මල් පිදුවා ගාථ කියා අපි තුන් සරණේ

බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ
අපි ඇසු බණ මදිවුනාද මේ දම්දීපේ
සිල්ගත්තා පිං කෙරැවා දිවා රෑ දෙකේ
අතරමං වුනේ කොහොමද අපේ ජිවිතේ අපේ ජිවිතේ
 
  • Like
Reactions: Dont Quit

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ
    තව කොපමණ කල් තිබේද අප හට මිතුරේ
    සිල් ගත්තට
    පිං කෙරුවට දිවා රෑ දෙකේ
    අනියත ලොව ඇල්ම නිසා අපි සංසාරේ