රුසියාවේ සුපිරි අවි

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    රුසියාවේ සුපිරි අවි

    zGwMJlc.jpg

    1947 සිට 1992 වසර තෙක් පැවති සීතල යුද්ධය නිසා එක්සත් ජනපදය සහ සෝවියට් දේශය එකිනෙකා පරයමින් තම යුද තාක්ෂණයන් වැඩිදියුණු කරගෙන ගියෝය.නමුත් සෝවියට් දේශය විසුරුවා හැරීමෙන් එහි සුපිරි බලය අහිමි වී එක්සත් ජනපදය තනි සුපිරි බලවතා බවට පත්විය.බේබදු බොරිස් යෙල්ස්ටින් යටතේ රුසියාව ආර්ථික සහ හමුදාමය අතින් පිරිහී ගියේය.නමුත් ඔහුගේ අනුප්‍රාතිකයා වූ ව්ලැඩ්මීර් පුටීන්ගේ සිහිනය වූයේ සෝවියට් දේශය හා සමාන සුපිරි බලයක් යළි රුසියාවට ලබාදීමයි.වාර්ෂිකව ඩොලර් බිලියන 70ක යුද වියදමක් සහිත රුසියාව ඒ අතින් ලොව තුන්වන රාජ්‍යය වේ.හමුදාවේ පිරිස් බලය 845,000ක්, යුද ටැංකි ප්‍රමාණය 22,550ක් සහ ප්‍රහාරක ගුවන් යානා 1.399කින් සමන්විත නූතන රුසියාව පුටීන්ගේ ධූර කාල දෙක යටතේ ඔහුගේ සිහිනය දෙසට ගමන් කරමින් සිටින බව පෙනේ.පිරිස් බලය අඩුකර හමුදාව නවීන තාක්ෂණයෙන් බලගැන්වීම පුටීන් යටතේ සිදුකෙරේ.පහත දැක්වෙන්නේ නූතන රුසියාව සතු සුපිරි අවි කිහිපයකි.



    Bora-class guided-missile hovercraft - බෝරා පන්තියේ නියාමක මිසයිල සහිත නෞකාව

    2FZfcbu.jpg

    සෝවියට් දේශයේ අවසන් සමයේ නිර්මාණය කල මෙම නෞකාව මීටර් 210ක් දිගය.එහි උපරිම වේගය පැයට කි.මී.100කි.දියුණු රේඩාර් පද්ධති,Mosquito වර්ගයේ මිසයිල 8ක්,ගුවන් යානානාශක මිසයිල 20ක් සහිත මෙම නෞකාවට නාවිකයන් 68 දෙනෙක් ගෙන යා හැකිය.දැනට මෙම වර්ගයේ නෞකා 2ක් නිපදවා ඇති අතර ඒවා රුසියානු නාවික හමුදාවේ කළු මුහුදු බලඇණිය යටතේ සේවයේ යොදවා තිබේ.






    Pantsir-S1 ගුවන් යානානාශක මිසයිල පද්ධතිය

    NfaUuYe.jpg

    2012 වසරේ හඳුන්වා දුන් මෙම මිසයිල පද්ධතිය සැලසුම් කර තිබෙන්නේ 1994දීය.මධ්‍යම ප්‍රමාණයේ ගොඩබිම සිට ගුවනට විදින මිසයිල සහ ගුවන් යානානාශක කාලතුවක්කු අවි පද්ධතියක එකතුවක් ලෙස මෙය හැඳින්විය හැකිය.මෙහි ගොඩබිම සිට ගුවනට දියත් කල හැකි නියාමක මිසයිල 12ක් සහ මි.මී.30 ස්වයංක්‍රීය අවියක් තිබේ(කෲස් මිසයිල,බැලස්ටික් මිසයිල,හෙලිකොප්ටර්,ගුවන් යානා ආදියට පහරදීමට හැකිය).







    නොපෙනී ගමන් කල හැකි සබ්මැරීනය

    u35b2A7.jpg

    ස්ටෙල්ට් හෙවත් සෝනාර්වලට හසුනොවන සබ්මැරීන නිපදවීමේ කතාව දෙවන ලෝක යුද සමය තෙක් දිවයයි.පළමුවරට ස්ටෙල්ට් තාක්ෂණයෙන් යුක්ත සබ්මැරීනයක් නිර්මාණය කරන්නේ නාසි ජර්මනිය විසිනි.රුසියාවද ස්ටෙල්ත් තාක්ෂණයෙන් යුක්ත ඩීසල් බලයෙන් ධාවනය වන සබ්මැරීනයක් වන Novorossiysk,ශාන්ත පීටර්ස්බර්ග් හි නෞකාතටාකාංගනයකින් පිටත් කර හැරිබවට 2014 වසරේදී වාර්තා පළවිය.මෙම සබ්මැරීනය ටෝර්පිඩෝ 18කින්ද ගොඩබිම සිට ගුවනට එල්ල කල හැකි මිසයිල 8කින් යුක්තය.






    Mig-35 - මිග් පවුලේ නවතමයා​

    90Edd1d.jpg

    මෙය හතරවන පරම්පරාවේ ප්‍රහාරක ගුවන් යානයකි.පළමුවරට ප්‍රදර්ශනය කෙරුණේ 2007 වසරේ Aero India ගුවන් සංදර්ශනයේදීය.මෙම යානය 2018 වසරේදී හඳුන්වාදෙන්නට නියමිත බව සඳහන් වේ.ගුවන් සටන් මෙන්ම ගොඩබිම් ප්‍රහාර සඳහාද යොදාගත හැකි ලෙස මෙම යානය නිර්මාණය කර තිබේ.පැයට කි.මී.2400ක උපරිම වේගයෙන් ගමන් කල හැකි යානය Air-to-air,Air-to-surface මිසයිල,නියාමක බෝම්බ ආදියෙන් සමන්විතය.







    Buk-M2E - මධ්‍යම පරාසයේ සෑම් මිසයිල පද්ධතිය

    SfySE0t.jpg

    1979 වසරේ සිට භාවිතා කරන Buk මිසයිල පද්ධතියේ වැඩිදියුණු කල සංස්කරණයක් වන්නේ Buk-M2E ය.මැලේසියානු මගී ගුවන්යානයක් යුක්‍රේන අහසේදී විනාශ කර දැමුවේ මෙම වර්ගයේ මිසයිල පද්ධතියක් යොදාගෙන බවට කියවේ.මෙහි භාවිතා කරන්නේ 9M317 නම් ගුවන්යානා නාශක මිසයිල වර්ගයයි.කි.ග්‍රෑ. 710 බරක් සහිත එක් මිසයිලයක් මීටර් 3.3ක් දිගය.ගෙන යා හැකි පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණය කි.ග්‍රෑ.70කි.







    RS-24 Yars - තාප න්‍යෂ්ඨික මිසයිලය

    NKIQrF7.jpg

    2007 වසරේදී අත්හදා බැලූ මෙම තාප න්‍යෂ්ඨික අවි ගෙන යා හැකි බැලස්ටික් මිසයිලය 2010 වසරේ සිට සේවයේ යොදවා තිබේ.මීටර් 20ක් දිග, බර කිලෝග්‍රෑම් 49,000ක් වන එක් මිසයිලයකට 1945 වසරේ අගෝස්තු මාසයේ ජපානයේ හිරෝෂිමා නගරයට හෙළු පරමාණු බෝම්බය ඇති කල විනාශය මෙන් 100 ගුණයක විනාශ කිරීමේ හැකියාව සහිත න්‍යෂ්ඨික ශීර්ෂ ගෙන යා හැකිය.ඊට කිලෝමීටර් 11,000ක උපරිම දුරක් ගමන් කල හැකිය.







    Tu-160M - අධිවේගී බෝම්බ හෙළන්නා

    Gg3rgCo.jpg

    80 දශකයේ පටන් සෝවියට් දේශය සහ රුසියාව විසින් භාවිතා කරන මෙම යානය ලොව විශාලතම ප්‍රහාරක යානය මෙන්ම විශාලතම අතිධ්වනි ගුවන්යානයද වේ.දිගුදුර උපයාමාර්ගික බෝම්බ හෙළන යානයක් ලෙස මෙය ප්‍රයෝජනයට ගැනේ.මෙහි නවතම සංස්කරණය 2014 වසරේදී Tu-160M ලෙස හඳුන්වාදී තිබේ.පැයට කි.මී.2220ක උපරිම වේගයෙන් ගමන් කල හැකි Tu-160M යානයට කි.ග්‍රෑ.40,000ක් බර බෝම්බ ගෙන යා හැකිය.







    T-90MS - අවසන් T Series සංස්කරණය

    ShkX9Re.jpg

    T-90 යනු තුන්වන පරම්පරාවේ යුද ටැංකියකි.1993 වසරේ සිට රුසියානු හමුදාව පාවිච්චි කරන මෙහි නවතම සංස්කරණය T-90MSය.මි.මී.125 ප්‍රධාන අවිය,12.7mm Kord මැෂින් තුවක්කුවක් සහිත මෙම යුද ටැංකිය සතුව යුදටැංකි නාශක හැකියාවද තිබේ.ඊට පැයට කි.මී. 60ක උපරිම වේගයෙන් ගමන් කල හැකිය.







    Borei Class Submarines - න්‍යෂ්ඨික බැලස්ටික් මිසයිල සබ්මැරීනය

    h0nTNQL.jpg

    Typhoon පන්තියේ සබ්මැරීනවලට වලට වඩා කුඩා වුවද Borei පන්තියේ සබ්මැරීනවලට Bulava බැලස්ටික් මිසයිල 16ක් ගෙන යා හැකිය.එම මිසයිලවලට කි.මී.8,300ක දුරක් ගමන් කල හැකිය.ඊට අමතරව නෞකා නාශක මිසයිල 6ක් ද ගෙන යාමේ පහසුකම ඇත.Yury Dolgoruky යනු Borei පන්තියේ පළමු සබ්මැරීනය වන අතර එය දියත් කිරීම 2008 වසරේදී සිදුකර තිබේ.ඊට අමතරව Alexander Nevsky සබ්මැරීනය 2010දී සහ Vladimir Monomakh සබ්මැරීනය 2012දි දියත් කර තිබේ.







    Mi-28 - Mi පවුලේ නවතමයා

    SJRXw0m.jpg

    Havoc යන නේටෝ නාමයෙන් හඳුන්වන Mi-28 හෙලිකොප්ටරය පළමුවරට පියාසර කලේ 1982දීය.නමුත් එය හඳුන්වාදී තිබෙන්නේ 2009 වසරේදීය.දිවා-රාත්‍රී,ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ මෙහෙයුම් කල හැකි මෙම හෙලිකොප්ටරය යුද ටැංකි නාශක මිසයිල 4ක්,රොකට් සහ මැෂින් තුවක්කුවකින් සමන්විතය.






    Source:Businessinsider.com

    -HarshaLulzSec-
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,648
    8,850
    113
    kandy
    nice post machan

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.

    :(