✈✈ Aviation ✈✈

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    12573744_478527085679649_3699053399163526254_n.jpg
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    රත්මලානෙන් අහසට නැගි කාන්තාවෝ තුන්දෙනා

    16-Rasa-p5-1.jpg


    සුන්දර ලලනාවෝ තිදෙනෙක් ලක් අඹර සිසාරා පියාසර කළහ. සීතා දේවී, සුනේත්‍රාදේවි, විහාරමහාදේවි යන නම් ලද මෙම තරුණියන් අහස් කුස දෙබෑකොට රත්මලානෙන් ගමන් අරඹා ඇත.

    මේ පුවත ඇසූ පමණින් ඔබේ මතකය දිවගොස් නතර වන්නේ කොහේද?

    රජකාලේ ඉතිහාසයට. එහෙම නැත්නම් දේවිලා, මැණිකෙලා, කුමාරිලා කිරුළු දැරූ දුම්රිය ළඟය.


    ඒත් දුම්රිය කොහොමද ගගන සරන්නේ.

    ඔබ දන්නවද එදා ලක් අඹර සිසාරා සැරිසැරුවේ එයා සිලෝන් ගුවන් සේවය සතුව තිබූ කාන්තා නම් ලද ගුවන් යානා තුනක්.

    අතීතයේ පටන් කාන්තා නම් දුම්රියට යෙදීම පිළිබඳව උපහාසාත්මක රසකතා රාශියක් පුරුෂ පක්ෂයේ සිත්වලට නැගුණත් ගුවන් යානාවලට කාන්තා නම් තැබීම පිළිබඳව නම් අලුතෙන් හිතන්නම වෙනවා.



    16-Rasa-p5-4.jpg


    සීතා දේවි ගුවන් යානය

    කොහොම වුණත් අප සොයා බැලුවා ශ්‍රී ලංකා ගුවන් ඉතිහාසය ඇරඹුණේ කොතනින්ද? කාන්තා නම් ගුවන් යානාවලට යෙදීමට හේතුවක් තිබුණිද? මේ අපූරු ලලනාවන්ගේ ගමන් ආරම්භයත් සමග රටේ ඇරඹි නව සේවයන් මොනවාද යන්න පිළිබඳව.

    ශ්‍රී ලංකා ගුවන් ඉතිහාසය පිළිබඳව සොයා බැලීමේදී ලෝක ගුවන් ඉතිහාසය පිළිබඳව කතා නොකරම බැරිය.

    ගුවන් යානා නිර්මාතෘවරුන් වන රයිට් සහෝදරයන් විසින් ඇමෙරිකාවේ කිට්හෝක් පිටියේදී ගුවන් ගමන් උපත 1903 වර්ෂයේ සිදු කෙරුණද පියාසර යානයක් ලංකාවට ගෙනැවිත් ඇත්තේ 1911 වර්ෂයේදීය.

    උපතින් වසර අටකින් පසු ලංකාවට ගෙන එනු ලැබූ මෙම පියාසර යානය කාගේත් කතාබහට ලක් වූවාට සැක නැත.


    විශ්ව ගමනාගමන ඉතිහාසයේ නව පිබිදීමක් ඇතිකළ මෙම ගුවන් යානා උපත සිදුවී මේ වන විට වසර එකසිය දොළහක් ගතවී අවසන්ය. උපතින් පසු පියාසර යානා යුරෝපය පුරා ශීඝ්‍රයෙන් පැතිර ගියද ආසියාතික රටවලට මෙය පුදුමඋපදවන ආරංචියක් විය.


    එවකට ශ්‍රී ලංකාවේ දිවිගෙවූ කොලින් බ්‍රවුන් නම් ඉංග්‍රීසි ජාතිකයකුගේ පරිහරණය පිණිස මුල්ම පියාසර යානය ලංකාවට ගෙන එනු ලැබුවේ රැබෙන්ෆේල් නමැති නෞකාවක් විසිනි.


    16-Rasa-p5-7.jpg


    16-Rasa-p5-3.jpg


    සුනේත්‍රා දේවි ගුවන් යානය

    අක්සානි විසිපහ අශ්ව බල එන්ජිමකින් යුක්ත එම ගුවන් යානය ලුයි බ්ලෙරියොට් විසින් කැලායිස් සිට ඩෝවර් දක්වා ඉංග්‍රීසි ඕඩය හරහා පියාසර කරනු ලැබීමෙන් පසුව එවකට ලොව හොඳම පියාසර යානය ලෙස ප්‍රකට වූවකි.

    ඒරොප්පෙන් කොළඹ රටට ගෙන එනු ලැබූ පියාසර යානය එදා ජනතාව හැඳින්වූයේ යෝධ කුරුල්ලා යන නමිනි.


    කොලින් බ්‍රවුන් මහතාගේ අවශ්‍යතාවට ගෙන එනු ලැබූ මෙම යෝධ කරුල්ලා දැක බලා ගැනීමට රට පුරා ජනතාව කොළඹට ඒකරාශී වී ඇත.



    16-Rasa-p5-5.jpg


    ගුවන් යානය ඇතුලේ දර්ශනයක්

    එවකට ප්‍රදර්ශන කුටි අටවා ප්‍රවේශපත්‍ර නිකුත් කර කොළඹ, මල්වත්ත පාර ප්‍රධානව ස්ථාන ගණනාවකදී ජනතාවට නැරඹීමට සැලැස්වූ මෙම යෝධ කුරුල්ලා ජනතාව පුදුම කළ අපූරු යන්ත්‍රයක් වූ බවට එවකට පළවූ පුවත් වාර්තා කදිම නිදසුනකි.

    කොලින් බ්‍රවුන් මහතාගේ ගුවන් ගමනට මෙරටට ගෙනා පියාසර යානය ජනතාවට ප්‍රදර්ශන භාණ්ඩයක් පමණක් වී ඇති අතර, ජර්මන් ජාතික ෆ්‍රාන්ස් ඔස්ටර් නම් ගුවන් නියමුවා 1911 වර්ෂයේ උඳුවප් මාසයේ ගලා හැළෙන සීතල උණුසුම් කරමින් ලංකාවට අහසින් පැමිණියේය.ඔහු එසේ පැමිණියේ ඒට්රිච් ටෝබේ නම් තනිතටු යුවළ සහිත ගුවන් යානයකිනි. ඔස්ටි්‍රයාවේ නිපදවා තිබූ එම යානය නිර්මාණය කර ඇත්තේ ඔස්ටි්‍රයානු හංගේරියානු සම්භවයක් සහිත ඉගෝ එට්රිට් නමැත්තකු විසිනි.

    ශ්‍රී ලංකා ගුවන් තලයට මුලින්ම ගුවන් යානයක් ගෙනගිය පළමු ගුවන් නියමුවා වන්නේද ෆ්‍රාන්ස් ඔස්ටර්ය. පළමු ගුවන් ගමනේදී අඩි හතළිහක් ඉහළට නැගී යානය එක්වරම බිමට පතිත වීමෙන් තුවාල ලැබූවද ඔහු දෙවැනි වරද ගුවන්ගත විය. දෙවැනි උත්සහයත් අසාර්ථක වුවද, ඉන් නොනැවතුණ ඔස්ටර් තුන්වැනි වතාවටද ගුවන්ගත වීමට කොළඹ තුරඟ තරග පිටියෙන් ගමන් ඇරඹුවාය.

    එවර කොලින් බ්‍රවුන්ට අයත් ප්‍රදර්ශනයට තබා තිබූ බ්ලැරියොට් ගුවන් යානයෙන් ගුවන් ගතවූ ඔස්ටර් තුන්වැනි උත්සහයද අඩපණ වීමෙන් අනතුරකටද මුහුණ පෑවේය. කොළඹ රාජකීය විදුහලේ ගොඩනැගිල්ලක ඉහළට ඔසවා තිබූ උණ බටයක් යානයේ වැදීම නිසා සිදුවුණු අනතුරෙන් යානයට අලාභහානි වූ අතර ඔස්ටර්ගේද උරහිස අවසංධි වී කැපුම් තුවාලද සිදුවිය.



    16-Rasa-p5-8.jpg


    ඔහුගේ ගුවන් ගමන එසේ නිමවන විට ඔහු ලංකා ගුවනට පියාසර කළ පළමු අසාර්ථක ගුවන් ගමන සිදුකළ ගුවන් නියමුවා පමණක් නොව පළමුවෙන් ගුවන් අනතුරකට ලක්වූ ගුවන් නියමුවා ලෙසද ලංකා ගුවන් ඉතිහාසයට එකතුවිය.

    අසාර්ථක ගුවන් ගමනකින් ෆ්‍රාන්ස් ඔස්ටර් අඩපණ වනවිට ප්‍රංශ ජාතිකයකු වන මාර්ක් පොප්රේ කොළඹ තුරඟ තරග පිටියෙන් බ්ලේරියොට් යානයකින් 1912 දෙසැම්බර් හත්වෙනි දින ගුවන්ගත වී කොළඹ වටා පියාසර කොට සාර්ථකව ගුවන් ගමන නිමකළ ශ්‍රී ලංකා ගුවන් ඉතිහාසයට එක්වූ පළමු ගුවන් නියමුවා විය.


    රත්මලානෙ පිහිටා ඇති කොළඹ ගුවන් තොටුපළ 1934 ඉදිකිරීම පිළිබඳව රජයේ අවධානය යොමු වන්නේ ශ්‍රී ලංකා ගුවන් ගමන් මග නව මගකට අවතීර්ණ කරමිනි. මදුරාසි ගුවන් සමාගමේ පියාසර උපදේශක පියාසර ලුතිනන් හැරල්ඞ් ටින්ඬේල් බිස්කෝ විසින් ඩී. හැව්ලන්ඞ් පුස් මෝන් වර්ගයේ යානය 1935 වර්ෂයේ රත්මලාන ගුවන් පථයට ගොඩබැස්සවීමත් සමග නිල නොවන ආකාරයට ගුවන් තොටුපළේ ආරම්භය සිදුවිය.


    සිවිල් ගුවන් සේවා සඳහා රත්මලාන පිහිටි කොළඹ ගුවන් තොටුපළේ නිල ආරම්භය සිදුවූයේ 1938 වර්ෂයේදීය.

    16-Rasa-p5-2.jpg


    විහාරමහා දේවි ගුවන් යානය

    එවකට ප්‍රසිද්ධ වැඩ ඇමැතිව සිටි අමාත්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ ආරාධනයෙන් ආණ්ඩුකාර ශ්‍රීමත් ඇන්ඩෲ කැල්ඩිකොට් මහතා විසින් ගුවන් පථය විවෘත කරනු ලැබීම ගුවන් තැපෑලේ ආරම්භයත්, නිල වශයෙන් ආරම්භය සලකුණු කරනු ලැබුවේත් ස්වර්ණමය යුගයක ආරම්භය සලකුණු කරමිනි.
    දෙවන ලෝක යුද්ධය උත්සන්නවීමත් සමග දිවයිනට පැමිණි මිත්‍ර හමුදා කටුනායක, වව්නියාව, පුත්තලම, ත්‍රිකුණාමලය, පලාලි, කොග්ගල යන ප්‍රදේශවල ගුවන්පථ රාශියක් 1940 වර්ෂයේ ඉදිකරනු ලැබීය. රට වටා කෙතරම් ගුවන් පත ඉදිකරනු ලැබූවත් 1960 දශකයේ මුල් භාගය වනතෙක්ම ලංකාවේ ප්‍රධාන ගුවන් තොටුපළ වූයේ රත්මලානේ පිහිටි කොළඹ ගුවන් තොටුපළය.


    ශ්‍රී ලංකා ගුවන් ගමන් ඉතිහාසය ඒ ආකාරයෙන් ආරම්භ වනවිට අප පෙරකී සුන්දර ලලනාවන් සිය සුන්දරත්වය, අභිමානයෙන් ලොවට කියා පාමින් ගුවන්ගතවූයේ කුමන කාල වකවානුවේදැයි අපි බලමු.



    යුද්ධය අවසන් වීමත් සමග අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබූ බොහෝ රටවල් තමාට ආවේනික වූ ජාතික ගුවන් සේවයක් ඇරඹීමට උත්සුක වූහ.

    1948 වර්ෂයේ නිදහස ලැබීමත් සමග ශ්‍රී ලංකාවත් තමාටම ආවේණික වූ ගුවන් සේවයක් ඇරඹීමට පියවර ගත්තේය.


    මේ කාරණය සම්බන්ධයෙන් ඉතාම උද්යෝගයෙන් කටයුතු කළ නායකයෙකු වන්නේ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාය.


    නිදහසේ අරුණලු ශ්‍රී ලංකා දෙරණ පුරා පතිතවන විට අපටම උරුම වූ ගුවන් සේවයක් ඇරඹීමට ජෝන් කොතලාවල මහතා ලහි ලහියේ සූදානම් විය.
    ඒ අනුව කොතලාවල මහතා සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව ආරම්භකොට එහි ප්‍රධානියා ලෙස ලෙස්ලි පෙරේරා මහතාද පළපුරුදු සිවිල් සේවකයෙකු ලෙස එම්. චන්ද්‍රසෝම මහතාද පත් කළේය.


    එදා ලොව අද තරම් තාක්ෂණය සමග ගනුදෙනු නොකළ යුගයකි. එනමුත් ලොව වටා පමණක් නොව රට පුරා යාමටත් එදා ශ්‍රී ලාංකික ජනාතාවට අවස්ථාවන් සැලසී තිබුණි.


    කංකසන්තුරේ, අනුරාධපුරය, පලාලි යන ගුවන් තොටුපළවල් භාවිතයට ගනිමින් රට තුළ ගුවන් ගමන්, විනෝද සවාරි ක්‍රියාත්මකව පැවතුණි.

    සර් ජෝන් කොතලාවල මහතාගේ මග පෙන්වීම යටතේ මෙම පහසුකම් සහිත වරප්‍රසාද ජනතාවට හිමිවිය.


    මේ ගුවන් ගමන් සඳහා යුද්ධයෙන් අතිරික්ත වූ ඩග්ලස් ඩී.සී. තුන ඩැකෝටා නම් ගුවන් යානා තුනක් රට අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා යොදාගනු ලැබිණි. රට තුළ විනෝද සවාරි යෑම සඳහා යොදාගත් මෙම ගුවන් යානාවන් සඳහා ශ්‍රී ලාංකීය අනන්‍යතාව හැඟවෙන ආකාරයෙන් නම් තැබීම පිළිබඳව නිලධාරීන්ගේ අවධානය යොමු වන්නට විය.



    16-Rasa-p5-6.jpg


    රත්මලාන ගුවන් තොටුපොල

    එහෙයින් ශ්‍රී ලාංකීය අභිමානය සමග ගගන සැරූ මෙම ගුවන් යානා තුන සීතා දේවි, සුනේත්‍රා දේවි, විහාර මහා දේවි යන නම්වලින් හඳුන්වනු ලැබීය.
    එසේ රටේ අභිමානවත් බවට අරුතක් එක් කොට ගනිමින් නම් ලබා රට තුළ ගුවන් ගමන් ගිය කුමරියන් ලොව පුරා යන මංගල ගමන ඇරඹුවේ 1947 වර්ෂයේදීය.


    ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ අදහසකට අනුව එළඹෙන මැතිවරණයේ ඡන්ද දායක නාම ලේඛනය රැගෙන ඒම සඳහා විහාරමහා දේවිය ලන්ඩන් බලා පියාසර කිරීමත් සීතා දේවි කන්කසන්තුරේට ගුවන් අරඹා එහි මදවේලාවක් සිට මදුරාසිය බලා ගමන් කිරීමත් සමග ලෝකය සමග ගුවන් ගමන් කටයුතු ආරම්භ විය. මේ වනවිට ශ්‍රී ලංකා ගුවන් ගමන් රටපුරා සැරිසරන්නට ආරම්භ කොට වසර හැට නවයකි. එදා අද තරම් තාක්ෂණය දියුණු නොවූ අවධියක් වුවත් සිවිල් ජනතාවට රට පුරා විනෝද සවාරි යාමට පහසුකම් පැවතුණු බවට සාක්ෂි සාධක රැසකි.


    ඔබ එදා ගුවන් ගමන්වලට සහභාගි වූ වැඩිහිටියෙකු නම් එම අත්දැකීම ඔබටද ඇතුවාට සැක නැත.


    කාලය ඉදිරියට පැමිණ ඇත්තේ දින, සති වලින් නොව වසර ගණනකිනි. එසේ ගෙවුණු කාලය තුළදී රටතුළ ක්‍රියාත්මක වූ සිවිල් ගුවන් ගමන් අතරමග ඇණ හිටියේය.

    වර්තමානයේ ක්‍රියාත්මක වූ මත්තල දක්වා වූ ගුවන් ගමන්ද අතරමග නැවතීමත් සමග රටේ ජනතාවට රට තුළ ගුවනින් යෑමට තිබූ අවකාශය අහිමි විය.

    ශ්‍රී ලාංකීය ගමනාගමන සේවාව ලොව වටා රැගෙන යාම සක්‍රියවීමත් රටතුළ ගුවන් ගමන් අක්‍රීයවීමත් දෙස බැලූ කල කිව හැක්කේ අපේ ගුවන් ගමන් සේවය ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වූ අවස්ථාවක් බව නොවේද?


    m21.jpg


    Code:
    Lankadeepa.lk

     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK


    On 7 March 2007, after a routine flight from Jakarta, Garuda Flight 200 hits the ground so hard it bounces violently before careering off the end of the runway killing 21 people.


    Repost nam sorry Air Crash Investigation Season 15 aluth eka hariyata airtime eka fixed na. godak episode wikipedia wala thiyanawa eth hoyaganna ba.



    ඉදිරියේ රාළ;19590822 said:
    මෙන්න නියම පයිලට්ලා සහ සුපිරිම ප්ලේන්.

    දැන් තියෙන පපඩම් වගේ නෙවෙයි, බලපන් තාමත් පට්ට ගහනවා.


    TFS machanla :):)



    :):)