සීපා ගිවිසුම රටට වැදගත් වන්නේ ඇයි? - මැඩියා

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    සීපා ගිවිසුම රටට වැදගත් වන්නේ ඇයි? - මැඩියා

    සීපා ගිවිසුම අත්සන් කිරීමෙන් අත්විය හැකි වාසි සහගත තත්ත්වයන් පිලිබඳව කෙරෙන තුලනාත්මක විමසුමකි.
    '
    '
    xql1lw.jpg



    අපගේ ඉල්ලංකාව සහ අති උත්තම භාරත දේසය අතර අත්සන් කොරන්නට නියමිත සීපා ගිවිසුම පිලිබඳව මැඩියා වන මාගේ නම් ඇත්තේ බලවත් ප්‍රසාදයකි.:yes: ඒ මැඩියා වනාහී ටොයියෙකු හෝ බයියෙකු නොවන ගමේ ගොයියෙකු නිසා යැයි ඔබට සිතෙනු ඇති ය. එහෙත්, එය එසේ නොවේ ය.:no: මැඩියා යනු ධනාත්මක චින්තනවාදී පුල් ප්‍රැක්ටිකල් දේසප්‍රේමී පොරක් වීම එයට හේතුව ය.:cool:

    prideful-people.jpg


    සීපා ගිවිසුම හරහා රට අත්විය හැකි වාසි නම් බොහෝමයක් තිබෙනවා ය. කරුමය නම් බහුතරය ඒවා නොදැක්කාක් මෙන් සිටීම ය.:frown:

    උදාහරණයකට ගතහොත් ඉල්ලංකාවේ හැදෙන බහුතරයක් සිනමා පට බලු බල්ලෙකුට වුවද බැලීමට නොහැකි අසික්කිත ඒවා ය. ඉල ඇදෙන සටන් ජවනිකා, ඇඟ කිලිපොලා යන විහිලු, ත්‍රාසයෙන් මුසපත් කරවන ප්‍රේම ජවනිකා ද නාම්බන් මෙන් පෙනී සිටිනා අංකල්ලාගේ නැටුම් ද එයට හේතුවක් බව කිව මනා ය. එහෙත්, මෙම ඓතිහාසික ගිවිසුම හේතුවෙන් ඉන්දියානුවන් හට අපේ රටේ රැකියා වෙලඳ විවුර්ත වීම නිසා එහි වාසියද අපට ය. මන්ද යත්, කඩවසම් කොලු ගැටයන්ගෙන් ද සුරූපී කෙලි පැටික්කියන්ගෙන් ද අනූන බොලිවුඩය පිහිටා ඇත්තේ ද අති උත්තම භාරත දේසයෙම ය.:love: එවිට, විරැකියාවෙන් පෙලෙන බොලිවුඩ් නිස්පාදක වරු සහ අද්‍යක්සක වරුද මෙහි පැමිණෙනු එකාන්තය. මෙරට නිර්මානය වන දැවැන්ත ගනයේ නිර්මාන වලින් මාගේ සහෝදර වැසියන් අමන්දානන්දයට පත් වනු ඇත.

    Silly-Mistakes-in-Bollywood-Block-Baster-Movies.jpg


    "ධූම්-6" සිනමා පටයේ ප්‍රධාන නළුවා "රන්ජන් රාමනායක" තුමා වන්නටද ඉඩ තිබේ.:D ("මෙරී කමලී කමලී" ගීතයට නදීශා අක්කා රඟ දෙන ආකාරය මැඩියාට මැවී පෙනෙනවා ය.:P) "ක්‍රිස්-5"හි ක්‍රිස්ට එරෙහිව නැගී සිටින දුස්ටයා "විල්සන් කරූ" වන විට ඩොන්-4හි ප්‍රධාන නිලිය ලෙස රංගනයෙන් දායක වීමට ශානුද්‍රී දේවියට වරම් ලැබෙනු ඇති ය.:love: (කෙල්ල සුපුන්ගේ ගොරහැඬි චියර් පාර ඇසෙනවා ය.:rofl:) දේසිය සිනමා ශාලා දේසීය සිනමා ලෝලීන්ගෙන් පිරී ඉතිරී යන අතරම විසිල් හඬින් ගැලරිය ගිගුම් දෙනු ඇති ය. පෙට්ටි කැඩී කුඩු පට්ටම් වී....... (බොක්ස් ඇතුලේ සිද්ධ වෙන ජාතියේ ඒවා නොවේ ය. මා අදහස් කලේ බොක්ස් ඔපීසි වාර්තා ගැනය.:D) මෙතුවක් කාලයක් හුදෙක් ටියුසන් වලින් කට්ටි පනිනා ලපටි පෙම්වතුන්ගේ පිහිටෙන් නැගී සිටියා වූ සිනමාව, මේ සීපා සිවිසුමේ නාමයෙන් නැවතත් ප්ලැටිනම් යුගයක් කරා ගමන් කරනු නියත ය...........!:yes::yes:


    vijay-in-coimbatore-theatre-stills-18-1024x630.jpg



    තව ද පසුගිය වසර කිහිපය මුලුල්ලේම අන්තර්ජාලයේ "සැක්ස්" යන විසය පිලිබඳ පර්යේසන කල පිරිස අතරින් ලෝකයෙම අංක එකට පත් වී ඇත්තේ ලෝක ජන ගහනයෙන් සියයට එකක්වත් නැති ඉල්ලංකාවේ වැසියන් වන අපි ය. එහෙත්, තම හැකියාවට අවස්ථාවක් නොලැබෙන තැන හුදෙක් දෑතේ රැකියාවකින් පමණක් සෑහීමකට පත් වීමට දේසීය තරුනයාට සිදු වුනේ ය..:sorry: මෙම ඛේදවාචකයට නිසි පිලිතුරක් ලබා දීමට එදා මෙදාතුර පත් කෙරුණු කිසිඳු පාලන තන්ත්‍රයක් අසමත් වීම හේතුවෙන් තවත්, තව තවත් පීඩනයට ලක් වූයේ රටේ ජීවනාලිය වන තරුන පරපුරම ය.

    53a0dff67c259_-_cosmo-eyes-covered-xl.jpg


    එහෙත්, උදාවන නව යුගයත් සමගම "සනී ලියෝන්" "සාන්තී ඩයිනමයිට්" වැනි ශිල්පිනියන් ලංකාවට කැඳවා මරදාන, බොරැල්ල ඇතුලු දිවයිනේ බොහෝ ප්‍රදේසවල වීදි සරණ ලියන් හට වෘත්තීය මට්ටමේ පුහුණුවක් ලබා දිය හැකි ය.:love: "සූර්ය සිංහ" සලකුණ යටතේ ඔරිජිනල් බ්ලූ-රේ පට විකුණෙනු ඇති ය. තව ද, මුම්බායි හි "රතු එලි ප්‍රදේශ" වල සේවය කර පලපුරුදු (විරැකියාවෙන් පෙලෙන,) අත්දැකීම් ලාභිනියන්ට ද මෙරට රැකියා ලැබෙණු ඇත. පැයකට රු.5000-8000 වැනි ඉහල මිල ගනන් අය කරන දේසීය වේසාවියන්ට හැමනිලාම යනු ඇති ය.:angry: ඒ මන්දයත්, ජාත්‍යන්තර මට්ටමේ සුපිරි අත්දැකීමක් දැරිය හැකි සහන මිල ගනන් යටතේ (රු. 200/= සිටම,) ලබා ගැනීමට අකමැති මෝඩයන් නොමැති නිසාවෙනි.:no:

    3.-Kamathipura-Mumbai.jpg


    ගමින් ගමට, නගරයෙන් නගරයට "රතු එලි" මධ්‍යස්ථාන විවෘත වනු ඇති ය. හාර්ඩ් ඩිස්ක වල ද මෙමරි කාර්ඩ් වල ද ගිගාබයිට් බර ගණන් ඉතිරි වනු ඇති ය. (දත් කිඹුලාණන් සන්තකව ඇති ටෙරාබයිට් හතරක ධාරිතාවකින් යුක්ත පෝටබල් හාර්ඩ් ඩ්‍රැයිවරය ද වේලෙනු ඇති ය.:lol:) මේ හේතුවෙන්, ස්ටොරේජ් ඩිවයිසස් මිලදී ගැනීමට වාර්ෂිකව වැයවන ඩොලර් කන්දරාව රටට ඉතිරි කර ගැනීමට හැකි වනු ඇති ය. එමගින් දේසීය ආර්ථිකයද ඩෙනිම් ඉරාගෙන ඉහල නගිනු ඇති ය.:shocked: නාමල් බේබිගේ, මාලක බේබිගේ ශිෂ්ණයන්ට මෙනම මධ්‍යම පාන්තික තරුණයාගේ ශිෂ්ණයටද "අභිමානවත් හෙටක්" ලැබෙනු ඇති ය. තරුන පරපුර වෙලාගෙන ඇති අසහනකාරී මානසිකත්වයද දුරු වනු ඇති ය. මවුවරුන්ට තම දියණියන් සිය ස්වාමි පුරුෂයා ලඟ නවත්වා විදේශ ගත වීමට හැකි වේවි ය. අප කුඩා කාලයේ කලාක් මෙන් වත්මන් ළමා පරපුරටද තම මාමාගේ, බාප්පාගේ, සීයාගේ ඔඩොක්කුවේ බිය නැතිව අසුන් ගැනීමට ද සුරතල් වීමට ද හැකි වේවි ය. කවුලු පියන් නොමැති නිවෙස් වල නිදනා අහිංසක "සේයාවන්" ද සමනල් සිහින දකිමින් නිදනු ඇති ය.....! (නොට් ජෝකින් මචන්!:(:sorry:)

    sleeping.jpg


    ඇඳිරි වැටීමත් සමගම පවුල් පිටින්ම රූපවාහිනී යන්තර ඉදිරිපස රොක්වන ඉල්ලංකානු වැසියන් හට උසස් රසවින්දනයක් ලබා දීමට දේසීය මාධ්‍ය නාලිකා නොවිඳිනා දුකක් නැතිය. එක කතාංගයකට රුපියල් අනූදහසක පමන දැවැන්ත බද්දක් ගෙවමින් (ඒ මීට අවුරුදු අටකට පෙර ය. දැන් නම් ඊට දෙගුණෙටත් වැඩි ය.) විදේසීය උසස් නිර්මාණ ඔවුන් අප වෙත ගෙන ආවේ, අවර ගනයේ දේසීය නිර්මාන වලින් අසරන ජනයා මුදවා ගැනීමේ ඒකායන පරමාර්තයෙන් බවද මෙහිදී සිහිපත් කල යුතු ය.:D

    Family-watching-scary-movie-on-television-122872626-Credit-Karen-Mower-630x420.jpg


    පරවේණිගත දේපල විකුණමින් තම පුද්ගලික ධනය කැප කර පාඩු පිට පාඩු ලබමින් කරන ලද ඒ සද් කිරියාව හේතුවෙන් රටෙන් ගිලිහෙන මුදල බොලාට හිතාගත හැකියැ'යි මැඩියා සිතනවා ය. එහෙත්, මෙම සත්ගුණවත් සීපා ගිවිසුම තුලින් එම මුදලද ඉතිරි කර ගත හැකි වේවි ය. ඒ කෙසේද යත්, විරැකියාවෙන් පෙලෙන ඉන්දීය ටෙලි නාට්‍ය ශිල්පීන් රැකියා සොයා ලංකාවට එනු ඇති ය. එක් එපිසොඩයකට ඉල්ලංකා නලු නිලියන් රු.5000-10,000 අය කරන විට ඉන්දීය නලු නිලියන් රු.500-600 සිටම රඟපානවා ෂුවර් ය. එවිට ෆේස්බුක් හී කට උල් කරමින් සෙල්ෆි දමනා නිලි පැටික්කියන්ගේ අහවල් ෂෝ වලටද හෙන ගසා අකුලලාම යනු
    ඇති ය.:frown: අවධානය ගැනීම පිණිස කලාත්මක ඡායාරූප ද ලීක් කරනු ඇති ය. එකස් හැමස්ටර්ලාගේ ජොබටද හැමනිලාම ගොස් හිඟා කනු ඒකාන්ත ය......!!!:dull:

    indian_television.jpg


    මෙමගින් අපගේ සඟිස්කුරුතියට එල්ල වෙන මෙව්වා එකද සුලුපටු නොවේ ය. ඉන්දීය නාට්‍යයන් වල එන ඇතැම් ආදර්ශයන් හේතුවෙන් රටේ පොදු ජනයාගේ ජීවන රටාවද ජාත්‍යන්තර මට්ටමට යනු ඇති ය. සිය භාර්යාව කුස්සියේ පොල් ගානා අතරතුර සාලයට වී නෑනන්ඩියට ඉඟි මරනා සුවාමි පුරුසයන්ට, මින්පසු සිතේ බියක් නැතිව එම කිරියාව කල හැකි ය.:yes: ඒ ඉන්දීය ටෙලි සඟිස්කුරුතියට අනුව එකම ගැහැණිය අයියා මල්ලී දෙදෙනා විසින් වරින් වර විවාහ කර ගැනීම ද එකම සුවාමියා අක්කා නගෝ දෙදෙනා මරුවෙන් මාරුවට විවාහ කර ගැනීමට ඇහැකි නිසාවෙනි ය. මුල් කාලයේදී ප්‍රිය සාදවලට පැමිණි අවස්ථාවන් වලදී එකිනෙකාට හොරෙන් පෙර සුවාමි පුරුසයා/භාරියාව දෙස බැලූවද කතාංග 20කට පමණ පසුව පවුල් දෙක අතර හිතවත්කම යලි ගොඩ නැගී තත්ත්වය සාමාන්‍යය වෙනවා ය. මෙයින් "නහී වේරෙන වේරානි" යන උතුම් බුද්ධ භාෂිතය යලිත් වරක් සත්‍යය වෙනවා ය.:cool: ලාංකීය සාමාන්‍ය කුටුම්භයටද මෙම උතුම් ආදර්ශය කාවැදීම හේතුවෙන් අනාචාරයේ හැසිරීමෙන් සිදුවන ඛේදවාචකයන් ද එයින්ම අවසන් වෙනවා ය. වික්ටෝරියානු සදාචාරය කරපින්නාගැනීමට පෙර පැවති "එකගෙයි කෑම" වැනි සඟිස්කෘතිකාංග ද ප්‍රතිස්ටාපනය කල හැකි වෙනවා ය. නැවතත් හෙල යුගයක් ඇරඹෙනවා ඇති ය......!:D
    තවද බෝම්බ පිපිරීම්, දරුණු රිය අනතුරු අනතුරු වලට ලක්වෙන ඔබගේ සුවාමි පුරුසයා අකාලයේ මිය නොයනු ඇති ය. මතකය අහිමි වීම නිසා වෙනත් පලාතක (හිසෙහි බැන්ඩේජයක් සහ මුහුණේ ප්ලාස්ටරයකින් සුවය ලැබිය හැකි මට්ටමේ සුළු තුවාල ලබා) ජීවත් වනු ඇති ය. ඔහුව සොයා ගැනීමට අවැසි නම් ඔබ කල යුත්තේ නිවසින් ගෙන එන විවාහ යෝජනාවට එක පයින් කැමති වීම ය. ඔබ පෝරුවට නැගීමට තත්පරයකට හෝ පෙර ඔහු ඔබව සොයා එනු අත්දුටුව ය. සත්ත ය. යුධ සමයේ මෙවැනි මෙවැනි ගිවිසුමක් අත්සන් කෙරුවා නම් ඉතිරිවන ජීවිත ගණන ගිනිය නොහැකි තරම් වෙනවා ය.:(:(

    Wilpattu-National-Park-2.jpg


    හුදෙක් වෙලඳ ගිවිසුමක් ලෙස අර්ථ දැක්වූව ද සීපා ගිවිසුම හරහා රටට වන පාරිසරික බලපෑමද ඉතා ඉහල ය. :yes:විල්පත්තුව ආශ්‍රිතව කෙරෙන දැවැන්ත වන විනාශයට පිලියමක් ලෙස ඉන්දීය කම්කරු පවුල් සියයක් කැලය වටා ඇති ගමානවල පදිංචි කරවීමම ප්‍රමානවත් ය. ඒ කෙසේද යත්, සොබා දහමත් සමග අතිශයින්ම සමීප සම්බන්ධයක් ඇති ඉන්දියානුවන් වැසිකිලි පිණිස තෝරා ගනු ලබන්නේ වන වදුලු, වෙරල තීර, දිය ඇලි වැනි සුවාබාව සවුන්දර්යයෙන් අනූන ප්‍රදේශයන් ය.:D විල්පත්තුව අවට ඇති මායිම් ගම්මානවල පදිංචි වන ඉන්දීය වැසියන් අදාල ශරීර කෘත්‍යයන් සඳහා සඳහා වනාන්තරයට යනු ඇති ය. එක් පවුලක සාමජිකයන් සංඛ්‍යාව දල වශයෙන් 5ක් ලෙස ගතහොත් පවුල් සියයක සාමාජිකයන් සංඛ්‍යාව 500ක් ය. දිනකට එක් වතාවක් බැගින් දෛනිකව 500 වතාවක් අදාල කාර්යයේ නියැලෙන විට තෙමසක් වැනි කාලයක් තුල ඇති වන තත්ත්වය සිතාගත හැකි ය.:shocked:

    _85319913_poop_protest.jpg


    එවිට වසරක් වැනි කෙටි කාලයක් ඇතුලත සංචාරක දොරටු වලින් හැර වනෝද්‍යානයට ඇතුල් විය හැකි වෙනත් ආකාරයක් නැති වෙනවා ය.:no: වනය අවට ගම්මානවල වාසය කරන අනවසර පදිංචිකරුවන් ද නිවාස අතහැර යනවා ය. දඩයම්කරුවන්ට යන එන මන් නැති වී අන්ත අසරන වෙන අතරම වන ජීවීන්ට නිදහසේ සැරිසැරීමට අවකාශ ලැබෙනවා ය!:growl: පස සරුවීම හේතුවෙන් වන ගහණයද හිටු කියා වැඩිවනු ඇති ය.:yes: තවද, අවසරලත් වෙරල තීරයන්හි පමනක් අදාල කාර්යය කිරීමට ඉඩ දී ගාලු මුවදොර, ඇලකන්ද වැනි පොදු ජනතාව ගැවසෙන ස්ථානවල හමුදා මුරපොල ස්ථාපිත කිරීමෙන් සිදුවිය හැකි අක්‍රමිකතාද වැඩිවිය හැකි ය. මෙය වෙරල ඛාදනයට විසඳුමක් වන අතරම කොරල් පර විනාශ කරන්නන්ගෙන් ද ආරක්ෂා කරගත හැකි වෙනවා ය. නැවත වාරයක් මුලුමහත් ඉල්ලංකා දේසය
    හරිත පැහැයෙන් දිදුලන බව ඉර හඳ මෙන් විස්වාස ය.:cool::cool:

    670098-6aa029b2-9535-11e3-9900-6ae4ae41740d.jpg


    ඉන්දීය කම්කරුවන්ගේ ආගමනය කාරනා කොටගෙන අපේ රටේ පීඩිත පන්තියට රැකියා අහිමි වෙන කතාවක් සමහරක් නූගත් ඔලමොට්ටලයන් කියනවා ය.:angry: කොරහේ දත් කිඹුල්ලු දකින උන්දැලා ගැන නම් මැඩියාටද කණගාටු හිතෙනවා ය. මන්ද, ඉන්දීය කම්කරුවන් නිසා අත්වන වාසි ගැන උන් නොදන්නා නිසා ය.:rolleyes:

    labour%20chowk4.JPG


    ඉන්දියාවේ සිටින රැකියා විරහිත උපාධිධාරීන් සංඛ්‍යාව ඉල්ලන්කාවේ ජනගහනය මෙන් දෙගුනයක් බව පවසනවා ය. මිලියන විස්සක ජනතාවක් වාසය කරන අපේ රට තවත් මිලියන විස්සක් සහ උන්ගේ පවුල් වල උදවිය ගෙන්නා ගැනීම නම් කොහෙත්ම කල නොහැකි ය. එහෙම වුවහොත් පාරක බැහැලා යන්න බැරි වෙනවා ය. හවස 7-9 වෙලාවට බොරැල්ලෙන් යන 135 බස් වගේ වේවි ය. පාරේ යන්නට වෙන්නේත් තෙරපි තෙරපී ය. තියන අඩියක් අඩියක් ගානේ ජැක් වදීවි ය.:shocked: සිදු විය හැකි මෙවැනි පශ්චාත් ව්‍යසනයන්ගෙන් ආරක්ෂා වීම හේතුකොට ගෙන එම රැකියා විරහිතයින්ව ඉන්ටර්වීව් කරන්නට වෙනවා ය. රැකියා අවස්ථා ඇත්තේ සීමිත පිරිසකට පමනක් නිසා එම පිරිස අතරින් මාස්ටර් ඩිග්‍රි හෝ ඩොක්ටරේට් ඇති ශ්‍රමිකයින්ට පමනක් අවසර ලබා දීම කරන්න වෙනවා ය.:cool: එවිට, දේසීය ශ්‍රම බලකාය අම්බානෙක
    ක්තිමත් වෙනවා ය. කෙසේද යත්, නුදුරු අනාගතයේදී ඔබගේ ගෙවත්ත පිරිසිදු කිරීමට පැමිණෙන සේවකයා උද්භිද විද්‍යාඥ්යෙක් වීමට ඉඩ තිබෙනවා ය. කුස්සියේ උයන්නට පැමිණෙන මෙහෙකාරිය හෝටල් කළමණාකරණය පිලිබඳ ආචාර්ය උපාධිධාරිනියක් වීම්ට ඉඩ තිබෙනවා ය. විලේපනවේදය පිලිබඳ මහාචාර්යවරයෙක් ලවා කොණඩය කප්පවා ගන්න ඔබ මාලු කූරියෙකු මිලදී ගැනීම පිණිස යන්නේ සාගර විද්‍යාඥයෙකු විසින් පවත්වාගෙන යනු ලබන මාලු ලෑල්ලක් වෙතට ය.:D මෝටර් රථ ඉංජිනේරුවෙකු ලවා වාහනය පදවාගෙන නිවසට යන ඔබට ඉන්දීය ආරක්ෂක ඇකඩමියක පුහුණුව ලද නිලධාරියෙකු ලවා ගේට්ටුවද ඇරවා ගත හැකි ය!:shocked::shocked:

    OgAAADu9yv_0wcyGQ_YWx-ZV32EWSAv_4wALybHi_JnNWab8rqUx7-AVBXL_j2zpgJInIxj-CDVjiO12u3fD_PsoLrEAm1T1UDSQipE_WVT20ulSvenNEpKda3u5.jpg


    මේ කටයුතු මෙසේ සිදුවන විට දේසීය කම්කරුවාට අත්වන ඉරණම කුමක්දැයි බොලා ඇසිය හැකිය. නියමිත කුලියෙන් බාගයකටත් අඩුවෙන් ගෙවා වැඩ කරවා ගැනීමට හැකියාවක් තිබෙද්දී ලංකාවේ හිඟන රැල ගැන වද වෙන්නේ අහවල් එකකටදැ'යි එතකොට අසන්නට හිතෙනවා ය.:frown: එතෙක් කාලයක් අධික වැටුප් අය කර අසරන ධනපතියාගේත් මධ්‍යම පන්තිකයාගේත් ලේ උරා බිව් ඕකුන්ට ඔහොම වෙලා මදි ය. අතිරික්ත කම්කරුවන් පිරිසකගෙන් තේරුමක් නොවන නිසා ඊට හොඳම පිලියම, මුන්ගේ පවුල් පිටින් නැවවල පටවා ගෙන ගොස් දූපත්වල අතහැරීම ය. එසේ කලද අවසන් නොවේ නම්, ඔවුන්ව කන්ටේනර් පෙට්ටි වල පටවා මුහුදේ ගිල්වා දැමීම වුවද කල හැකි ය. වැඩේ සිම්පල් ය. ප්‍රශ්නය ද අහවර ය........!!!:yes::yes:

    58468159.jpg


    මීට අමතරව ඇති වාසි නම් බොහෝමයක් තිබෙනවා ය. ඒත්, ඒ ගැන පසුව අත්දැකීමෙන්ම දැනගැනීමට ඇහැකි නිසා කියලා තේරුමක් නැති ය.:D

    "මේ තරම් බැරෑරුම් විනාසයක් සිදුවෙමින් තියෙන අස්සේ තෝ බයිලා ගහනවා!:angry:" යැයි බොලා පැවසිය හැකිය. නැති ය.:no: මැඩියා තවමත් සිටින්නේ ප්‍රායෝගිකව කටයුතු කරන්න ඇහැකි නීරෝගී මානසිකත්වයෙන් ය.:yes: හේතුව නම්, මේ ඓතිහාසික ගිවිසුම පිලිබඳව එලකිරියේ සහ එයින් පිට වසන ජනතාව මේ ගැන දරන අදහස් මැඩියා විසින් ඉහත දක්වන ලද කාරනාවලටත් වඩා අන්ත නිසා ය..:rolleyes:

    අති උත්තම භාරත දේසය වනාහී ලෝකයේ ලොකුම ඉලෙක්සන් එක පැවත්වෙන රට ය. ප්‍රධාන පක්ස බර ගනනක් තරඟ වදින නිසාම ඇතිවන ගැටුම්ද එසේම ය. මේ අතරිනුත් අපිට ලඟින්ම පිහිටා ඇති තමිල්නාඩුවේ තත්ත්වය උන් ඔක්කෝටම වඩා අන්ත ය. කොලිවුඩ් චිත්තර පටිවල මෙන් කඩුවලින් කපා ගන්නවා ය. කොටා ගන්නවා ය. කරුනානිධිගේ පාක්සිකයෝ පෙට්‍රල් බොතලයෙන් දමා ගසනා විට, ජෙයලලිතා අම්මන්ඩිගේ පාක්සිකයෝ වාහන කුඩුපට්ටම් කරනවා ය. වයිකෝගේ පාක්සිකයෝ පැල්පත් ගිනි තියනකොට විජයකාන්ත්ගේ පාක්සිකයා වෙඩි තියනවා ය. ඉලෙක්සොන් කාලය පුල් මාවලස් ය. ඔය අතරම හිටපු ජනාධිපති මහින්ද තිරුපති වඳින්න ඉන්දියාවට එනවා ය.:oo: වර්තමාන අගමැති රනිල් මෝඩි බලන්නට ඉන්දියාවට එනවා ය.:baffled:
    අන්න! මුලු තමිල්නාඩුවම පත්තු වෙනවා ය.:frown:

    16495907.jpg


    කර්ණානිධිගේ ඩී.ඇම්.කේ කාරයා ද ජෙයලලිතාගේ ඒ.ඩී.ඇම්.කේ කාරයා ද විජේකාන්ත්ගේ ඩී.ඇම්.ඩී.කේ කාරයා ද වයිකෝගේ ඇම්.ඩී.ඇම්.කේ කාරයා ද වේට්ටිය දෙකට නමාගෙන ඉල්ලංකා මහකොමසාරිස් කාර්යාලය බදු ගන්නවා ය. කෑ ගහනවා ය. සිංහ කොඩි පුච්චනවා ය. ඔය සමහරු ගිනිත් තියාගන්න හදනවා ය. ඒ මහපාරේ වැසිකිලි යන තමිල්නාඩු ඔලමොට්ටලයොන්ගේ හැටි ය.....!:dull::dull:

    2011889225122734_20.jpg


    ඒත්, අපි නම් එහෙම නැති ය.:no: ඉලෙක්සොන් සීසන් එකෙන් පසු අල්ලපු ගෙදර එකා යූ.ඇන්.පී. ද සිරිලංකා ද ජෙප්පෙක් ද ඉලන්ගයි තමිල් අරසු කච්චිද කියා අපිට නම් වගේ වගක් නැති ය.:D අවුරුදු දා උදේ පාන්දරම කැවුම් පිඟානක් උස්සගෙන ගොස් අල්ලපු ගෙදර ගේට්ටුවට තඩිබාන අපිට හැමෝම එක ය. වෙලාවක් සෙට් වුන ගමන්ම කාගේ කාගේත් සම්මාදමෙන් ස්ටූල් එකට වඩින ගල් බෝතලය ඉදිරියේ පක්ෂ පාට අමතක කර ජාතික ආන්ඩවක් වෙනුවෙන් සන්ධාන ගැසීමටද පසුබට වෙන්නේ නැති ය. කරදරයක් වුනු තැනද එසේ ම ය. පක්ස පාට බල්ලාට යනවා ය. ඒ අපේ හැටි ය. මැඩියාද ඒ ගැන උපරිමයෙන් ආඩම්බර වෙනවා ය....!:cool:
    කරුම වෙලාවටම, පවතින ආන්ඩුවක් හෝ ඇමතියෙක් ගොන් වැඩක් කරනවා ය.. අන්න එතකොට අපේ උන් ගෙයි මුල්ලේ දමා තිබූ තම තමන්ගේ පාට පාට අං තට්ටු සොයා පැලඳ ගන්නවා ය. එකිනෙකාට මඩ ගහ ගන්නවා ය. බැන ගන්නවා ය. ප්‍රශ්නය පැත්තක ය. මුන් මරා ගන්නවා ය.:lol::lol:

    _47239797_008674035-1.jpg


    ඔය අතරේම කිරිකැට් මැච් පටන් ගන්නවා ය. අපේ උන්දැලාට රණ්ඩුව අමතක ය. ප්‍රශ්නය ද අමතක ය. පාලකයෝ තමන්ගේ වැඩේ ශේප් එකේ කොර ගන්නවා ය!!:P මැඩියාට තවත් ආඩම්බර ය.:yes:
    මම ද ආඩම්බරකාර ඉල්ලාංකිකයෙක් වෙමි ය......!:D:cool:

    proud_to_be_a_sri_lankan-65467.jpg


    ඓතිහාසික සීපා ගිවිසුම ගැන කතිකාව ද මීට දෙවෙනි නැති ය. බයියෝ "යහපාලනේ වෙනස සනීපද?"යි අසනවා ය.
    :(ටොයියෝ "සීපා ගෙනාවේ මහින්ද!"යි කියනවා ය.:sorry:
    මැඩියාට නම් කියන්නට ඇත්තේ ඔය ගිවිසුම ගෙනෙන්නට පිඹුරුපත් සකස් කලේ හිටපු "සැටලයිට් නෝනා" මිසක් මහින්ද හෝ රනිල් නොවන බව ය.:rolleyes: "ඇන්ටි බී.බී.ඇස්" මෙන්ම "ටොයියා" ද මැඩියාගේ මිතුරන් ය. නමුත්, මේ මොහොතේ උන් දෙන්නා ඇතුළු සමස්ත ටොයි බයි මිතුරු කැලගෙන් ඉල්ලීමට ඇත්තේ පක්ශ බේද මොහොතකට අමතක කොට "පොදු සතුරාට එරෙහිව එක්ව සටන් වදින ලෙස" ය.:) තොපි එලිපිට කොච්චර මරා ගත්තත් ඇතුලතින් ඉල්ලාංකිකයෝ ය. ටොයියන් වුව ද බයියන් වුව ද ජෙප්පන් වුව ද බොලා මරාගන්නේ රටට ඇති ආදරය නිසා ය.....! :) (නැත්නම් බොලා තමන්ගේ කාලය කැපකරගෙන මෙහෙම වාද කරන්නේ ද නැති ය.:no:)

    news%5C2013%5C1%5Cimages%5Cnews2013-22.jpg


    මෙයිට වඩා දෙයක් කියන්නට වුවමනා නැති යැයි සිතෙනවා ය. කියන්නට උවමනා දේ කිව්වෙමි ය. පොදු පුරස්නයක් ඉදිරියේ වත් එකට එකතු වෙන්නට බැරි නම් හොඳම දෙය, මැඩියා විසින් ඉහත දක්වා ඇති ආකරයේ ෆැන්ටසි සිහිනයක් දකිමින් සුවෙන් සැතපීම ය..........!!!:(:sorry:

    එසේ නොවුනහොත් අපේ ඇස් ඇරීම කෙසේ වුවද පාලකයින් විසින් අපට ඇරීම නම් නොවැලැක්විය හැක්කේ මය.!!!:no::yes::sorry:


    බොලාට දෙයියන්ගේම පිහිට ය!!!:D

    මම බොලාගේ,
    ආදරණීය,
    මැඩියා!:cool:

    M a d d i e

    ~සංවාදයට විවෘතයි~


     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ


    මුං මේ ගිවිසුම ගැහුවොත් නම් ඇත්තම උඹ කිව්වා වගේ ෆැන්ටසියක් මවාගෙන ගෙයිමුල්ලට වෙලා බලා ඉන්න තමා වෙන්නේ :dull:
     
    Last edited:

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    කෝ යකෝ ඉන්දියා ගැන ත්‍රෙඩ් එක? :baffled:

    මුලු ඉන්දියාවම මේක ඇතුලෙ තියෙන්නේ. patta
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    මේක දාලා විනාඩියක්වත් ගියේ නෑ නේ බොල!!!:shocked::shocked:

    කෝ යකෝ ඉන්දියා ගැන ත්‍රෙඩ් එක? :baffled:

    මුලු ඉන්දියාවම මේක ඇතුලෙ තියෙන්නේ. patta

    ඒක ටිකකට කල් දැම්මා මචන් මේ සීපා සීන් එක නිසා.:D
    (මමත් උඹට කියන්නමයි හිටියේ. මේ ගැන ලිපියක් දාපන්කෝ මචෝ!!:yes:)

     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඒක ටිකකට කල් දැම්මා මචන් මේ සීපා සීන් එක නිසා.:D
    (මමත් උඹට කියන්නමයි හිටියේ. මේ ගැන ලිපියක් දාපන්කෝ මචෝ!!:yes:)

    අප්පට සිරි ටැග් ටික!:baffled:

    ඔය වගේ දේවල් ලියන්න උඹ වගේම එකෙක් ඉන්න ඕනේ.මෙහෙම හරබර විදියට ලියන්න වෙන කවුද මේකේ ඉන්නේ.මැඩියා මිසක්!;)
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    අප්පට සිරි ටැග් ටික!:baffled:

    ඔය වගේ දේවල් ලියන්න උඹ වගේම එකෙක් ඉන්න ඕනේ.මෙහෙම හරබර විදියට ලියන්න වෙන කවුද මේකේ ඉන්නේ.මැඩියා මිසක්!;)

    ඒත්, අපි නම් එහෙම නැති ය. ඉලෙක්සොන් සීසන් එකෙන් පසු අල්ලපු ගෙදර එකා යූ.ඇන්.පී. ද සිරිලංකා ද ජෙප්පෙක් ද ඉලන්ගයි තමිල් අරසු කච්චිද කියා අපිට නම් වගේ වගක් නැති ය. අවුරුදු දා උදේ පාන්දරම කැවුම් පිඟානක් උස්සගෙන ගොස් අල්ලපු ගෙදර ගේට්ටුවට තඩිබාන අපිට හැමෝම එක ය. වෙලාවක් සෙට් වුන ගමන්ම කාගේ කාගේත් සම්මාදමෙන් ස්ටූල් එකට වඩින ගල් බෝතලය ඉදිරියේ පක්ෂ පාට අමතක කර ජාතික ආන්ඩවක් වෙනුවෙන් සන්ධාන ගැසීමටද පසුබට වෙන්නේ නැති ය. කරදරයක් වුනුතැනද එසේ ම ය. පක්ස පාට බල්ලාට යනවා ය. ඒ අපේ හැටි ය. මැඩියාද ඒ ගැන උපරිමයෙන් ආඩම්බර වෙනවා ය....!

    patta +9
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,132
    8,176
    113
    රූකඩ රාජ්ජේ
    බුක්මාක් දාගත්තා බං.. රෑ වෙලා කියවන්නං..



    අඩෝ උබව දැකපු කල්...අද උදේ මේකේ ත්‍රෙඩ් එකකුත් ගියා උබ නැත්තේ ඇයි කියලා....මොකෝ උනේ?



    මන් ඒත් බැලුවා මැඩී ත්‍රෙඩ් එක දාන්නම් කීවට නැත්තේ ඇයි කියලා...

    :yes::yes::yes::yes: