SLAS /SLEAS වැනි සියලු ම තරග විභාග සඳහා

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    SLAS /SLEAS වැනි සියලු ම තරග විභාග සඳහා

    SLAS /SLEAS වැනි සියලු ම තරග විභාග සඳහා වැදගත් විය හැකි පරිශීලන මාධ්‍ය පිළිබඳ විස්තර..
    වැදගත් වන සඟරා​

    1. ආර්ථික විමසුම සඟරාව - මහජන බැංකුවේ ප්‍රකාශනයකි. ලංකාවේ ආර්ථික සමාජ තොරතුරු අඩංගු වෙලා තියෙනවා. කාලීන වශයෙන් වැදගත් කරුණු ගැන සඟරාව පළ කරනවා. මේක ගන්න පුළුවන් මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයෙන් . සමහර ප්‍රධාන පොත් අලෙවිසැල්වලත් ගන්න තියෙනවා සරසවි වගේ. නමුත් මහජන බැංකු ප්‍රධාන කාර්යාලයට ගියොත් පසුගිය කලාප එක්කම ලබා ගන්න පුළුවන්... (මෙම සගරාවල ජායාරූප post එකට පහළින් photo comment ලෙස පළ කර ඇත.)
    2. සටහන සඟරාව- මහ බැංකුවේ ප්‍රකාශනයකි. කාලීන වශයෙන් වැදගත් ආර්ථික සමාජ කරුණු සම්බන්ධයෙන් එක් එක් සඟරාවේ ලිපි සටහන් වේ. මහ බැංකුවේ ප්‍රධාන අලෙවි මධ්‍යස්ථානයෙන් ලබා ගන්න පුළුවන්. මේ සඟරාව රු. 20 ක් වගේ වෙන්නේ. කොළඹ කොටුව චැතම් විදීයේ මහ බැංකු අළෙවි මධ්‍යස්ථානයෙන්, රාජගිරිය මහ බැංකු අළෙවි මධ්‍යස්ථානයෙන් ලබා ගන්න පුළුවන්. සමහරවිට ප්‍රාදේශිය මධ්‍යස්ථානවලත් තියෙන්න පුලුවන්. (මෙම සගරාවල ජායාරූප post එකට පහළින් photo comment ලෙස පළ කර ඇත.)
    3. දෙසතිය සඟරාව - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් පළ කරන මෙම මාසික සඟරාව කාලීන වශයෙන් වැදගත් තොරතුරු , සාමාන්‍ය දැනීමට අදාළ තොරතුරු ඇතුළත් ලිපි නිරන්තරයෙන් පළ වේ. (මෙම සගරාවල ජායාරූප post එකට පහළින් photo comment ලෙස පළ කර ඇත.)
    වැදගත් විය හැකි වෙබ් අඩවි
    4. http://www.statistics.gov.lk/
    ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩෙවිය - ලංකාවේ උද්ධමනය හා මිල/ සමාජ /ආර්ථික/ජනගහනය/අධ්‍යාපනය/සෞඛ්‍යය/ආදායම් සහ වියදම්/දරිද්‍රතාව/කෘෂිකර්මය/ශ්‍රම බලය/කර්මාන්ත/ වෙළද වගේ සෑම අංශයකම සංඛ්‍යා ලේඛන දත්ත සියල්ලක්ම බලා ගන්න පුළුවන්. PDF ආකාරයට Download කරගන්න පුළුවන්. ගොඩක් විභාගවල අහන සංඛ්‍යා දත්ත පිළිබද සියලුම තොරතුරු අඩංගු වේ.
    5. සිව් දෙස වැඩසටහන - සෑම දිනකම උදෑසන 6ට ජාතික රූපවාහිනියේ මෙම වැඩසටහන විකාශය වේ. දිනපතාම ලෝකයේ සිදුවන වැදගත් සිදුවීම් පිළීබඳ විශ්ලේෂණාත්මකව කරුණු ඉදිරිපත් කරන මෙම වැඩසටහන ගොඩක් ම වැදගත්. ගොඩක් job කරන අයට උදේ බලන්න බැරි වෙන්න පුලුවන්. ඒත් එහෙම අයට පහත ලින්ක් එකෙන් ඒ සියලුම වැඩසටහන් online බලන්න පුලුවන් . download කරගන්න පුලුවන්.
    http://www.rupavahini.lk/main-news/siwdesa.html
    6. http://www.news.lk/
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය - මේකේ ගොඩක්ම රජයේ ආයතන සහ දෙපාර්තමේන්තු ගැන කැබිනට් තීරණ ගැන එහෙම සෑම ප්‍රවෘත්තියක්ම පළ වෙනවා. මේකේ නිව්ස් ගොඩක් ම වැදගත් වෙනවා ගොඩක් දුරට සාමාන්‍ය දැනීම වගේ ප්‍රශ්නවලට. අනික මේකේ විදෙස් පුවත්/ ක්‍රීඩා පුවත්/ආර්ථික දේශපාලන/පාර්ලිමේන්තු/අධිකරණ වගේ වෙන වෙනම කොටස්වලට ප්‍රවෘත්ති පළ වෙනවා. රජයේ සෑම දෙයක්ම පළ වෙන්නේ මෙම වෙබ් අඩවිය.මේක භාෂා තුනෙන්ම තියෙන නිසා ඕනම කෙනෙක්ට ඕනම භාෂාවකින් බලන්න පුළුවන්.
    7. http://www.infolanka.com/news/
    සියලුම පුවත්පත්වල සහ මාධ්‍ය ආයතනවල/පුවත් වෙබ් අඩෙවි සියල්ලම මෙම අඩෙවිය තුළ සඳහන් වෙනවා. මේ හරහා ඒ සියලුම පුවත්පත් සයිට්වලට සහ ජනමාධ්‍ය ආයතනවල වෙබ් අඩෙවිවලට පහසුවෙන් පිවිසෙන්න පුළුවන්.
    8. http://parliament.lk
    දේශපාලන ඉතිහාසය පාර්ලිමේන්තුව පිළිබඳ සහ එහි ඉතිහාසය පිළිබඳව, මන්ත්‍රීවරුන් , අමාත්‍යවරුන් පිළිබද තොරතුරු වගේ දේවල්, සාමාන්‍ය දැනීම සඳහා නිතර අසනු ලබන දේශපාලන ඉතිහාසය/මැති ඇමතිවරු පිළිබඳ අතීත තොරතුරු ආදිය සඳහන් වෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, සියලුම පනත් සිංහල, ඉංග්‍රීසී සහ දෙමළ යන භාෂා ත්‍රිත්වයෙන් ම ලබා ගැනීමේ හැකියාව ඇත.
    9. http://documents.gov.lk/
    ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, සියලුම පනත් සිංහල, ඉංග්‍රීසී සහ දෙමළ යන භාෂා ත්‍රිත්වයෙන් ම ලබා ගැනීමේ හැකියාව ඇත. එමෙන් ම රජයේ ගැසට් පත්‍ර ලබා ගැනීමටද හැකියාව ඇත.
    10. http://www.cbsl.gov.lk/
    මහ බැංකු වාර්තාව, සහ සියලුම ආර්ථික දත්තයන් පිළිබඳව තොරතුරු download කර ගත හැකිය. එමෙන් ම මූල්‍ය පිළිබද තොරතුරු සහ ඒවායේ ඉතිහාසය පිළිබදව ද තොරතුරු අඩංගු වේ.
    11. http://www.pubad.gov.lk/web/index.php?lang=si
    රාජ්‍ය පරිපාලනය පිළිබදව තොරතුරු , රජයේ නව චක්‍රලේඛ , රජයේ විභාග සහ කාර්යක්ෂමතා කඩඉම් විභාගවලට අදාළ විභාග ප්‍රතිඵල මේ හරහා දැන ගත හැකිය.
    12 . http://www.boondi.lk/
    විවිධ සාහිත්‍ය කෘති, චිත්‍රපට විචාර, කවි ආදි සාහිත්‍ය විචාරයන් පිළිබදව හරවත් ලිපි පළ වේ.
    13. http://www.vidusara.com/
    විදුසර පුවත්පතට අදාළ වෙබ් අඩවියයි. විදුසර පුවත්පතේ පළවන ලිපි , පාරිසරික ගැටලු සහ සමුලු ආදිය පිළීබදව , විද්‍යාත්මක කාරණා ආදිය පිළිබදව ලිපි පරිහරණය කළ හැකිය.
    14. http://www.danuma.lk/sinhala/
    දේශීය දැනුම අන්තර්ගත ලිපි සදහා මෙම වෙබ් අඩවියේ විශේෂ ස්ථානයක් හිමිවන අතර, සිංහල දෙමළ හා ඉංග්‍රිසි යන භාෂා ත්‍රිත්වයෙන් ම නොයෙකුත් ලිපි අන්තර්ගතය. කෘෂිකාර්මික,සෞන්දර්ය,චරිතාපදාන,සංස්කෘතික,ආර්ථික,අධ්‍යාපනික,පාරිසරික,සෞඛ්‍ය,ඓතිහාසික,විද්‍යා,තාක්ෂණ,දේශපාලනික ,ආගමික ආදි විවිධ මාතෘකා ඔස්සේ ලිපි පළ වේ.
    15. http://cea.nsf.ac.lk/handle/1/339
    පරිසරය සම්බන්ධව විවිධ මාතෘකා ඔස්සේ වසර ගණනාවක් පුරා පුවත්පත්වල පළවුණු ලිපි දහස් ගණනක එකතුවක් මෙහි අඩංගු වේ. මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවියේ මේ සම්බන්ධ තොරතුරු download කර ගත හැකිය.
    16. http://52.1.201.50/web/index.php/si
    මැතිවරණ කොමිසන් සභා වෙබ් අඩවිය - මැතිවරණ ක්‍රම/මැතිවරණ ඉතිහාසය/ලංකාවේ පැවැති මැතිවරණවල ප්‍රතිඵල /ඡන්ද හිමි නාමලේඛනයේ නම ලියාපදිංචි වී තිබෙනවාද යන්න? ආදිය පිළිබඳ සියලුම තොරතුරු ලබා ගත හැකිය.
    17. අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාල වෙබ් අඩවිය - මෙමගින් අමාත්‍ය මණ්ඩලය පිළිබඳ විස්තර,අමාත්‍ය මණ්ඩල ලේකම්වරුන් පිළිබඳ විස්තර, කැබිනට් තිරණ ආදි කරුණු දැක බලා ගත හැකිය.
    http://cabinetoffice.gov.lk/cab/index.php…
    18. ඕස්ට්‍රේලියාවේ සිට විකාශය වන ප්‍රවෘත්ති අඩවිය
    http://www.sbs.com.au/yourlanguage/sinhalese/news-features…
    මෙම අඩවිය හරහා ඕස්ට්‍රේලියාවේ සිට විකාශය කරනු ලබන අතර මෙහි සිංහල භාෂාවෙන් ජාත්‍යන්තරව වැදගත්වන ප්‍රවෘත්ති පළ වන අතර සතිපතා ජාත්‍යන්තරව වැදගත් වුණු සිදුවීම් පිළිබදව සිංහල භාෂාවෙන් ලොව වටා විදෙස් පුවත් විමසුමක් විකාශය වේ.
    උදාහරණයක් ලෙස - 1 JAN 2016 - විකාශය වූ විමසුම -"ලොව වටා" ත්‍රස්ත බිය නිසා ලෝකයේ ප්‍රධාන නගර නව වසර සැමරීමේ සමහර අංග අවලංගු කිරීම ඇතුළු විදෙස් පුවත් විමසුම -
    link - http://www.sbs.com.au/…/sbs-sinhl-lov-vttaa-trst-biy-nisaa-…
    උදාහරණයක් ලෙස - 25 DEC 2015 - ඉරාකයේ IS බලය අවම වීම , රුසියාවට යුධ අපරාද චෝදනා, සමගින් SBS සිංහල ලොව වටා විදෙස් පුවත් විමසුම
    Link - http://www.sbs.com.au/…/iraakyee-bly-avm-viim-rusiyaavtt-yu…
    මේ ආකාරයට සතිපතා ලොව වටා පුවත් විමසුමට ඔබට සවන් දීමට සහ අවශ්‍ය නම් audio file එක download කර ගැනීමටද හැකියාව ඇත.
    19. http://www.slexamguide.com/index.html
    විවිධ තරග විභාග සඳහා වැදගත් වන IQ සහ සාමාන්‍ය දැනීම පිළිබද ප්‍රශ්න සහ පිළිතුරු අඩංගු බුද්ධි පරීක්ෂණ ගැටලු අභ්‍යාස ලෙස පවතින අතර බොහෝ තරග විභාග සදහා වැදගත් වනු ඇත.
    20. http://www.govlk.com/
    විභාග සම්බන්ධ බොහෝ තරග තොරතුරු අඩංගු වන අතර පැරණි තරග විභාග ප්‍රශ්න පත්‍ර/කාර්යක්ෂමතා කඩඉම් විභාග ප්‍රශ්න පත්‍ර ආදිය download කර ගැනීමට / සාමාන්‍ය දැනීම සහ බුද්ධි පරීක්ෂණ තොරතුරු සහ ප්‍රශ්න සහ පිළිතුරු ද අඩංගු වේ. එමෙන් ම විවිධ කාලීනව වැදගත් වන තොරතුරු ආදියට අඩංගු වේ.
    21. http://www.languagesdept.gov.lk/web/index.php?lang=si
    රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව - රාජ්‍ය භාෂා ප්‍රවීණතාවය ලබාගැනීමට නියමිත නිලධාරින් සඳහා අදාළ ලිඛිත හා වාචික පරීක්ෂණ පැවැත්වීම පිළිබඳ තොරතුරු /භාෂා පාඨමාලා/ රජයේ සේවකයින්ගේ භාෂා ප්‍රවිණතා විභාග පිළිබඳ තොරතුරු සහ ඒ සම්බන්ධ පසුගිය ප්‍රශ්න පත්‍ර download කරගැනීමට & Oral test video නැරඹීමට හැකියාව ඇත.
    22. http://ravaya.lk/
    රාවය පුවත්පතේ වෙබ් අඩවියේ ද වැදගත් ආර්ථික දේශපාලන, ගෝලීය ප්‍රවණතා පිළිබද වැදගත් විය හැකි ලිපි පළ වේ.
    උදාහරණයක් ලෙස - යුරෝපයේ අනවසර සංක‍්‍රමණික අර්බුදය සම්බන්ධ ලිපිය -
    Link - http://ravaya.lk/?p=9822
    උදාහරණයක් ලෙස - අවුන්සාන් සුකි හමුදාවත් එක්ක සම්මුතියකට යාවිද? යන ලිපිය
    Link - http://ravaya.lk/?p=10801
    23. http://www.edupub.gov.lk/index.php#
    අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව . සියලුම පාසල් පෙළපොත් PDF ආකාරයෙන් download කර ගත හැකිය.
    24. ජාතික අධ්‍යාපන ආයතනය
    http://nie.lk/
    සියලුම වසරවල පාසල් පෙළපොත් සහ ගුරු මාර්ගපෝදේශ සංග්‍රහ (Syllabuses & Teacher's Instructional Manuals ) භාෂා ත්‍රිත්වයෙන් ම PDF ලෙස download කර ගත හැකිය.
    25. සිංහල භාෂාව පිළිබඳ වෙබ් අඩවි
    මෙම වබේ අඩවියේ සිංහල භාෂාව ව්‍යාකරණ පිළිබඳව වගේම ප්‍රායෝගික ලේඛන ලිවීම පිළිබදව ලිපියක් ද පළ වී තිබේ.
    http://sinhala4all.weebly.com/35083530zwj351535143549348435…
    26. මෙහි බොහෝ දුරට කරුණු අඩංගු වන්නේ උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විෂයන් සඳහා වුවත් මෙහි සිංහල භාෂාව සම්බන්ධව සහ සාමාන්‍ය දැනීම වශයෙන් කාණ්ඩ දෙක යටතේ තිබෙන ලිපි තරග විභාගවලට වැදගත් විය හැකියි.
    http://www.myschool.lk/ප්‍ර…
    උදා - සාරාංශකරණය සම්බන්ධව පළවී ඇති ලිපිය -
    http://www.myschool.lk/…/%E0%B7%83%E0%B7%8F%E0%B6%…/MTA1Nw==
    මෙම වෙබ් අඩවියේ සාමාන්‍ය දැනීම සම්බන්ධව පළවී ඇති ලිපි
    http://www.myschool.lk/…/%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%…
    27. සාරාංශ සහ රචනය ලිවිය යුතු ආකාරය පිළිබඳව උසස් පෙළ සිංහල ගුරු අත්පොත හරහා බොහෝ රීති පිළීබඳව තොරතුරු ලබා ගත හැකිය. පහත link එක හරහා උසස් පෙළ සිංහල ගුරු අත්පොත download කරගෙන එහි 55,56,57,58 පිටු බලන්න. සාරාංශය සහ රචනය ලිවිය යුතු ආකාරය පිළිබද මූලික කරුණු එහි අඩංගු වේ.
    Link - http://www.nie.sch.lk/ebook/s12tim48.pdf
    28. සාමාන්‍ය දැනීම/IQ/විභාග ගැන කරුණු සඳහන් වන Facebook group & pages….(ගොඩක් අය මේ ගෘප්වල සාමාජිකයෝ වෙලා ඉන්නවා.ඒත් සමහර ගෘප් මෑතකදී ආරම්භ වුණු ඒවා. ලින්ක් හරහා මේ ගෘප්වලට සම්බන්ධ වීමට නොහැකි නම් නම SEARCH කර සම්බන්ධ වන්න.)
    1. https://www.facebook.com/groups/383771288454472/ - (EB academy ) රජයේ සේවයේ නියුතු අයගේ කාර්යක්ෂමතා කඩඉම් විභාග (EB exam) ගැන විස්තර & past papers එහෙම ලබා ගන්න පුලුවන්. EB exam සම්බන්ධ විස්තර දැන ගන්න පුලුවන් මේ ගෘප් එකෙන්.
    2. https://www.facebook.com/groups/1377373025848792/ - for Tamil medium
    3. https://www.facebook.com/groups/703209346481925/ - IQ & General Knowledge Forum
    4. https://www.facebook.com/groups/1438035816449919/ - දැනුම මිනුම - General knowledge & Iq tests
    5. https://www.facebook.com/groups/IQ.Knowledge/ - IQ tests & General Knowledge
    6. https://www.facebook.com/groups/345737272275946/ - IQ for Knowledge
    7. https://www.facebook.com/groups/HowToLanka/ - IQ Test Game with HowToLanka.com
    8. https://www.facebook.com/groups/296857580487160/ - IQ TESTS - බුද්ධි පරික්ෂණ
    9. https://www.facebook.com/groups/IQGKWorld/ - IQ & World's General Knowledge
    10. https://www.facebook.com/groups/GKNIQ/ - සාමාන්‍ය දැනීම සහ අභියෝග්‍යතාව
    11. https://www.facebook.com/%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B…/… - සාමාන්‍ය දැනීම හා අවබෝධය
    12. https://www.facebook.com/slashelp/?fref=ts - SLAS Help
    13. https://www.facebook.com/groups/250115395035542/ - SLEAS
    14. https://www.facebook.com/groups/296152550527771/ - CFPS Law Entrance General Knowledge
    29. නීතිය හදාරන සිසුන්ට වැදගත් වන වෙබ් අඩවි
    http://courtofappeal.lk/
    http://www.supremecourt.lk/
    http://www.justiceministry.gov.lk/
    http://lawandlife.lk/…/%E0%B6%85%E0%B6%AB-%E0%B6%B4%E0%B6%…/
    http://lawpage.lk/
    http://www.lawnet.lk/index.php
    http://www.lawlanka.com/lal/welcome?menuValue=homePage
    http://www.srilankalaw.lk/
    http://lawcom.gov.lk/web/
    http://www.judgesinstitute.lk/
    http://hrcsl.lk/
    30. IQ සහ සාමාන්‍ය දැනීම පිළිබඳ පොත් පත්
    IQ සහ සාමාන්‍ය දැනීම පිළිබඳව ලියලා තියෙන පොත් ගොඩක් තියෙනවා පොත් කඩවල. මරදාන පැත්තේ යන කෙනෙක්ට නම් සියලුම පොත් ප්‍රකාශන ආයතන තියෙන නිසා ඒ හැමඑකකටම පහසුවෙන්ම ගිහින් තමන්ට අවශ්‍ය පොත පත මිලදී ගන්න පුලුවන් මේ POST එකේ යටින් කමෙන්ට් PHOTO විදියට පොත්වල පීන්තූර දාන්නම්.ඔයගොල්ලො ළග තියෙන ඒවත් දාන්න. එතකොට හැමෝටම පොත්වල විස්තර දැන ගන්න පුලුවන්. එතකොට Book Shop වලට ගිහින් අදාළ පොත් කියවලා බලලා තමන්ට හොදයි කියලා හිතනෙවා නම් ගන්න.
    ඒ වගේම ඔයාලා දන්න විභාග සඳහා වැදගත් වන වෙබ් අඩවි/පොත පත/ වැඩසටහන් /සගරා /පන්තිවල සර්ලා ලියපු පොත්/ Facebook group & pages එහෙම තියෙනවා නම් කමෙන්ට් කරන්න. හැමෝටම දැන ගන්න.
    31. සතිපතා සහ සති අන්ත පුවත්පත්වල පළවන ලිපි සහ අතිරේක
    ලංකාදීප දියත/දිවයින දියග/මව්බිම හටන
    උදාහරණ - 2015.12.20 දින දිවයින දියග අතිරේකයේ පළ වූ ලිපිය - රුසියානු තුර්කි ගැටුම
    http://www.divaina.com/2015/12/20/diyaga03.html
    2015.01.10 දින දිවයින දියග අතිරේකයේ පළ වූ ලිපිය - ඉන්දියාව අන්දමන්ද කළ පතන්කෝට්‌ ගුවන්තොටුපොළට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය
    http://www.divaina.com/2016/01/10/diyaga07.html
    මේ post එකට පුවත්පත් වෙබ් අඩවි ගැන විස්තර දාලා තියෙන නිසා ඒවායේ පළ වෙන ලිපි ගැන වෙන වෙනම කරුණු ඉදිරිපත් කළේ නැහැ. පුවත්පත්වල පළවෙන අතිරේක ගැන දැනගන්න ඕන නිසයි ඉහත ලිපි දෙක දාලා තියෙන්නෙ. ඊළග සතියේ වගේ ඉදන් සතිපතා පුවත්පත්වල පළවන ජාතික සහ ජාත්‍යන්තරව වැදගත් වන ලිපි එකතුවක් ගෘප් එකට දාන්නම්. හැමෝටම බලා ගන්න. කියවන්න. ඒ වගේම මේ වෙබ් සයිට්වල යන තොරතුරු සාමාන්‍ය දැනීමට වැදගත් වන කරුණු එහෙම පොතක වගේ ලියාගෙන පාඩම් කරන්න. වැදගත් කියලා හිතෙන ලිපි print out අරගෙන කියවන්න. මේ post එකේ දාලා තියෙන දේවල් ගැන මොනවා හරි පරිශිලන ගැටලු තියෙනවා නම් comment කරන්න.
    මෙම කරුණු පොතපත/සගරා/වෙබ් අඩවි ආදිය පරිශිලනය කිරීම හරහා ඔබගේ විභාග සඳහා අවශ්‍ය විය හැකි දැනුම ලබා ගන්න. ඔබ සියලු දෙනාටම ජයෙන් ජය.........Wish you All the best……….

    fb eken gaththe damma sohourata mage hadapiri mewwa eka
    https://www.facebook.com/Appuham?fref=nf
     
    Last edited:

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    ගොඩක් පින්...
    ඔබට හැම විභාගයකින්ම ජයෙන් ජය පතනවා...
    ජීවිතේ සෑම අතින්ම අතිසාර්තක වේවා