ලෝකප්‍රකට ගුවන් යානා - Part 2
Concorde
ලොව වේගවත්ම මගි ගුවන් යානය...
ශබ්දය හිරිහැරයක් වු නිසා විශ්‍රාම ගැන්වූ කොන්කෝඩ්..
Concorde ( Supersonic) ශබ්දය වේගය අභිබවා යන පළමු මගී ගුවන් යානය ලෙස මෙය හැඳින්වූවාට වරදක් නැත.යූරෝ බිලියන 1.3ක ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වෙන කොන්කෝඩ් යානයට දැනට ගුවනේ සැරිසැරීමට ඉඩක් නැත.ඒ ඉන් නිකුත් වන අධික ශබ්දය නිසාවේනි..එහි ප්‍රබලත්වය කොපමණද යැයි කිවහොත් ගොඩනැගිලි වල ජනේල කම්පනය දරා ගත නොහැකිව කැඩි බිඳි යන වාර්තා වේ..
නමුත් supersonic ඊළඟ පරම්පරාවේ යානය නාසා ආයතන විසින් නැවත ප්‍රතිනිර්මාණය වන බවද වාර්තා වේ.ඒ සුප්‍රකට බෝයිං සමාගම හා එකතුවය.
පරීක්ෂණ වර්ජිනියා ප්රාන්තයේ පිහිටුවා ඇති නාසා ආයතනයට අයත් ලෑන්ලි පර්යේෂණ ආයතනයෙදිත් සිදු කෙරෙනවා.
එෆ්-100 වර්ගයේ ජෙට් ප්රචාලන පද්ධති ඇතුළත් සුපර්සොනික් තාක්ෂණය රැගත් නව ගුවන් යානා අනුරූ, තියුණු වේගයෙන් වායු ධාරා නිකුත් කෙරෙන ප්රචාලන ක්රම, විවිධ හැඩ යානා වල්ගා සහිතව එහිදී අත්හදා බලනවා. පරිසරයට හානි නො වන සේ අවම ශබ්ද තරංග නිකුත් කරන පද්ධති හඳුනා ගැනීමයි, මෙහි දී සිදු කෙරෙන්නේ.
මේ පරීක්ෂණ සාර්ථක වුවහොත් කොන්කෝඞ්වලින් පසු ගුවන්ගමන් සඳහා යළිත් සුපර්සොනික් මගී යානා බිහි වනු ඇත.
කොන්කෝඞ් මංගල මගී ගමන සිදු වූයේ 1976 ජනවාරි 21 වැනිදායි. එය එදා සිට ලන්ඩන් හීත්රෝ ගුවන්තොටුපොළේ සිට පැරීසියේ චාල්ස් ඩි ගෝල් ගුවන්තොටුපොළ දක්වාත්, එතැනින් ඇමරිකාවේ නිව්යෝක් හා වොෂින්ටන් නගර දක්වාත් නිරන්තර සේවයේ යෙදුණා.
කොන්කෝඞ් යානයේ ප්රථම මගී ප්රවාහන ගමන සිදු වුණේ 1976දියි. 2003 දී අවසන් ගමන් යන තෙක් එය ලන්ඩනයත්, නිව්යෝක් නගරයත් අතර නිතිපතා එහා මෙහා ගියා.
ලන්ඩනයත්, නිව්යෝක් නගරයත් අතර යන එක් ගමනකට පැය තුනහමාරක් ගත වුණා. සාමාන්ය උපධ්වනික ජෙට් යානයකට මේ ගමන යන්නට පැය අටක් පමණ ගත වෙනවා.
1986 දී කොන්කෝඞ් යානය ලෝකය වටා සැතැපුම් 28,238ක දුරක් පැය 29කුත් මිනිත්තු 59ක් ඇතුළත පියාසර කිරීමට සමත් වුණා.
2000 ජූලි 25 වැනිදා කොන්කෝඞ් යානයක් ප්රංශයේ ගොනස් (Gonesse) හී හෝටලයකට කඩා වැටී එහි සිටි සිවු දෙනකු හා යානයේ සියල්ලන් ම මිය ගියා. එය කොන්කෝඞ් යානයක් මුළු කාලයටම මුහුණ දුන් එකම මාරක අනතුරයි. ඉන් වසර තුනකට පසු එය මුළුමනින් ම නවතා දැමුණා. එහි අවසාන මගී ප්රවාහන පියසැරිය සිදු වූයේ 2003 ඔක්තෝබර් 24 වැනිදා නිව්යෝක්හි සිට ලන්ඩන් දක්වායි.
1969 සිට කොන්කෝඞ් පරීක්ෂණ ගමන්වල යෙදුණා.
පැ.සැ. 250 - කොන්කෝඞ්හී ආරම්භක වේගය.
මිලියන 2.5 - කොන්කෝඞ් යානයෙන් ගෙන ගිය මගීන් සංඛ්යාව.
Top speed: 1,354 mph (2,179 km/h)
Introduced: January 21, 1976
Retired: November 26, 2003
First flight: March 2, 1969
Cruise speed: 1,320 mph (2,124 km/h)
Engine type: Rolls-Royce/Snecma Olympus 593
Manufacturers: Airbus Group , British Aircraft Corporation , Sud Aviation ,
Aérospatiale
Mi-24/25/35
MI-24 අප සැවොම අසා ඇති හෙලිකොප්ටර් යානයකි.ඒ මෙරට සිවිල් යුධ සමයන්හිදී පාබල හමුදාවන්ට මින් ලබා දුන් අනගි සහයෝගයයි.. විශේෂයෙන්ම මානුෂීය යුධ සමයෙහි දි මින් ලබා දුන් දායකත්වය සුළුපටු නැත.
1995 වර්ෂයේ ආරම්භ කල මෙම බලඝණයට මේ වන විට අවුරුදු 20ක සේවා ඉතිහාසයක් ඇත.2009දී ජනාධිපති වර්ණ ප්‍රදානයටද පාත්‍ර විය.
සෝවියට් නිශ්පන්දයක් වන මෙය attack helicopter හා transport යන ඝන දෙකටම අයත් වේ.මගින් අට දෙනෙකුට මෙහි ගමන් කිරිමේ පහසුව ඇත. 1972දී සේවා සඳහා එක් වු යානය මේ වන විට රටවල් 34කට අධික ගුවන් හමුදාවන්ට තම සේවය සපයනු ලැබේ.
සීතල යුධ සමයේ නිර්මාණය වන මෙම යානය American Bell UH-1 "Huey" යානය පාදක කොට නිර්මාණය වී ඇත. වේගය 208 mph (335 km/h) වන අතර මෙහි පෙති(wingspan) 5ක් ඇත.පෙත්තක දිග 17.3 m කි.දිගින් 57' (18 m)ක් වූ යානය (Engine type)Turboshaft එන්ජිමකින් සමන්විත වේ. යානයේ බර (Empty)8,500 kg වේ. යානයේ වටිනාකම US$ 12 million පමණ වේ.දැනට යානය Mil Moscow Helicopter Plant හි අංගනයේදි නිෂ්පාදනය කෙරේ.මේ වන විට මෙම කාණ්ඩය යටතේ Mi-24 HIND හ Mi-25 HIND D, Mi-35 HIND E හෙලිකොප්ටර් යානාද නිපදවේ.
12.7-mm 4x Barrel Machinegun, 30-mm Twin Barrel Cannon, 750 - 1x twin 30-mm gun, හෝ 1,470 - 12.7-mm 4 barrel turret gun, 2-12 - AT-2C or AT-6C Spiral ATGMs, 2-4 - 80-mm S-8 rocket pods (20 ea.), 2-4 - 57-mm S-5 rocket pods (32 ea.), 940 - GSh-23L twin 23-mm MG pods, 4 - 250-kg bombs FAB-250, 2 - 500-kg bombs රැඳවිය හැකිය.තවද අතිරේක 500L තෙල් ටැංකියක්ද මෙයට සවි කළ හැකිය.තවද MI-24හි විශේෂිත අවි ලෙස Turret-mounted 4-barrel 12.7-mm Gatling type machinegun, 57-mm rockets, AT-2C/ SWATTER ATGMs, Anti-Tank Guided Missiles යානයේ රැඳවිය හැකිය.
මෙම යානය සම කළ හැක්කේ UH-60 Black Hawk, AH-64 Apache, Mangusta A129 යන හෙලිකොප්ටර් වලට පමණි.සාමාන්‍යයෙන් HIND යානා භාවිතා වනුයේ daytime මෙහෙයුම් සඳහා පමණි.නමුත් රාත්‍රි හා අයහපත් කාළගුණ තත්ත්වයන්ට උචිත පරිදි වැඩි වැඩි දියුණු කල යානාද ඇත.
F-22 Raptor
F-22 Raptor වර්තමානයේ ලොව ප්‍රථම ස්ථානයේ පසුවන ප්‍රහාරක යානය යැයි පැවසුවහොත් එහි වැරැද්දක් නොමැත.මෙම යානාව ඇමෙරිකාවේ Lockheed Martin Aeronautics සමාගමේ තවත් විශිෂ්ඨ නිමැවුමකි..තවද F-22 Raptor යානය ඇමෙරිකාවෙන් පිට කිසිම රටකට ලබා දෙන්නේද නැත.එනම් මෙම යානය භාවිතා කරනුයේ ඇමෙරිකානු ගුවන් හමුදාව පමණි
F-22 Raptor යානය හඳුන්වා දෙන ලද්දේ 2005 වසරේ අවසාන කාර්තුවේ වුවද මෙහි පළමු ගුවන් ගමන සිදු කරන ලද්දේ 1997 වසරේ දී ය.තවද F-22 Raptor එක් යානාවක වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක්(ශ්‍රී ලංකා රුපියල් බිලියන 19.9ක) ක් වේ.
{{{ලංකාවේ අප කොයි කවුරුත්හොඳින් දන්නා වූ කෆීර් යානාවක සම්පූර්ණ වටිනාකම වනුයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 4.5(ශ්‍රී ලංකා රුපියල් මිලියන 602.9)කි.එනම් F-22 Raptor එක් යානයක වටිනාකම කෆීර් යානා 33 ක පමණ වටිනාකමට සමාන වේ. (1000millions=1 billion)}}}
මේ වන විට F-22 Raptor යානා 195ක් නිශ්පාදනය කර ඇති අතර ඉන් යානා 8ක් යොදා ගන්නේ පරීක්ෂණ කටයුතු සඳහා ය.එනම් දැනට භාවිතයේ ඇත්තේ යානා 187 කි. F-22 Raptor යානාව Air Superiority (ගුවනේ සිට දියත් කෙරෙන සියලුම ආකාරයේ ප්‍රහාරයන් කළ හැකි) සහ BVR (Beyond Visual Range) හෙවත් Stealth(රේඩාර් සංවේදක වලට හසු නොවී ඉලක්ක වෙත ළඟා විය හැකි),ATF(Advanced Tecnical Fighter)=සංකීර්ණ තාක්ෂණික ප්‍රහාරක යන කාණ්ඩයන් 3 ටම අයත් වේ.දැනට භාවිතයේ ඇති යානා වලින් රේඩාර් සංවේදනයන් වඩාත්ම හොඳින් මග හැරීමට හැකියාව ඇත්තේ F-22 Raptor යානවට වීමද විශේෂත්වයකි.එමෙන්ම Air Superiority කාණ්ඩයේ යානා වලින් අංක 1 ස්ථානයේ පසුවන්නේද මෙම යානයයි.මෙම යානය Air Superiority කාණ්ඩයට අයත් හෙයින් Air to Air(ගුවනේ සිට ගුවනට),Air to Ground(ගුවනේ සිට ගොඩබිමට),Interceptor(හඹාගොස් පහර දීම),Interdictor(ගුවනෙන් නෙරපා හැරීම),JSF=Joint Strike Fighting(ඒකාබද්ධ ප්‍රහාර හෙවත් කාණ්ඩ 2කට අයත් යානා 2ක් එක්ව දියත් කරන්නා වූ ප්‍රහාරයන්)ආදී වූ සියලුම ප්‍රහාර දියත් කිරීමේ හැකියාවක් F-22 Raptor යානයට ඇත.
Air Superiority කාණ්ඩයේ යානා අතුරින් බලවත්ම එන්ජින් ඇත්තේද මෙම යානයට යි." Pratt & Whitney F119-PW-100 turbofan" වර්ගයේ එන්ජින් යුගලයක් ඇති මෙම යානාව රාත්තල් 70,000 ක තෙරපුම් හැකියාවක්[70000 lb thrust(35000 lb thrust per each engine)] ඇත.මෙම යානයට අඩි 65000ක උපරිම උසකට ලඟාවිය හැකි වුවද එය අඩි 44000 කට සීමා කර ඇති අතර කිලෝග්‍රෑම් 29300ක බරක් රැගෙන ගුවන් ගත කරවීමට හැකිය.F-22 Raptor යානයට උන්නතාංශයේදී(at altitude) පැයට කි.මී 2410 ක උපරිම වේගයකින් පියාසර කළ හැකි අතර අමතර ඉන්ධන ටැංකි 2ක් සහිතව කි.මී 2960ක් පියාසර කළ හැකිය.මෙම යානයේ බඳේ පිටතින් කිසිදු අවියක් සවි කර නැත එනම් සියලුම අවි මෙම යානයේ බඳේ ඇති විශේෂ කුටියක ගබඩා කර ඇත.අවි ගබඩා කිරීමේදී සහ ප්‍රහාර දියත් කිරීමේදී පමණක් මෙම කුටිය පිටතට විවර වේ.පිටතින් අවි නොමැති වීම නිසා වාතය මඟින් යානය කෙරේ ඇති කරන ඝර්ෂණය අවම වේ.මෙම යානයේ සුපිරි වේගයට ප්‍රධානම හේතුවද මෙයයි.
මිසයිල 12ක්,වට 480ක උණ්ඩ රැගත් මි.මී 20 (20mm) අධි බල දිගු දුර මැෂින් තුවක්කුවක්(Gatling gun වර්ගයේ),බෝම්බ 10ක් සහ අමතර ඉන්ධන ටැංකි 4 ක් යානයේ සම්පූර්ණ රැඳවුම් ප්‍රමාණය(payload) වේ.
**(අමතර ඉන්ධන ටැංකි එක් කරන්නේ නම් යානයේ බඳට පිටතින් තටු වලට යටින් සවි කළ යුතුය.එවිට යානයේ වේගය සහ හැසිරවුම් හැකියාව[maneuverability] සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩු වේ)**21 සියවසේ බිහිවූ ප්‍රහාරක යානා අතුරින් ප්‍රථම ස්ථානයේ ඇති යානය ලෙස වර්ග කළ හැකි F-22 Raptor යානය අනාගතයේ තවත් දශක කිහිපයක්ම ඇමෙරිකාවේ ගුවන් ආධිපත්‍ය පතුරවනු ඇත.
Eurofighter Typhoon
ජර්මනියේ Eurofighter GmbH සමාගම විසින් නිශ්පාදනය කරනු ලබන මෙම යානාව යුරෝපීය කලාපයට(Euro Zone) පමණක් බෙදාහැරීම සඳහා නිශ්පාදනය කරනු ලැබේ.වෙනත් විදිහකට පවසතොත් නම් කොතරම් පොහොසත් රටක් වුවද එම රට යුරෝපියානු කලාපයට අයත් නොවේ නම් ,මින් යානයක් හිමිකරගැනීමට හැකියාවක් නොමැත.එසේ වුවද සවුදි අරාබියට මින් යානා කීපයක් ලබා දීමට යුරෝපීය ජාතීන් එකඟ වී ඇත.මෙම යානයේ වැඩි දියුණු (Developing)කටයුතු සහ යොදා ගෙන ඇති තාක්ෂණයන් (Technology) එක් රටකට අයත් නොවේ.යානය නිශ්පාදනය ජර්මනියේ සිදු කලද තාක්ෂණ සහ වැඩි දියුනු කිරීම් යුරෝපයේ ප්‍රබල රටවල් කීපයකටම අයත්ය එනම් මෙම යානය යුරෝපයේ ප්‍රබල රටවල් කීපයකම එකමුතුවෙන් නිශ්පාදනය කරන ලද්දකි.ජර්මනිය,එන්ගලන්තය,ප්‍රංශය,ස්පාඤ්ඤය සහ ඉතාලිය මෙම රටවල් වේ.යානය 2003 වසරේ ලොවට හඳුන්වා දුන්නද මෙහි පලමු පර්යේෂණ ගුවන් ගමන සිදු කරන ලද්දේ 1994 වසරේ දීය.
Eurofighter Typhoon එක් යානයක සම්පූර්ණ වටිනාකම යූරෝ මිලියන 125 (ශ්‍රී ලංකා රුපියල් බිලියන 20.8 )ක් වේ.
{{{ලංකාවේ අප කොයි කවුරුත්හොඳින් දන්නා වූ කෆීර් යානාවක සම්පූර්ණ වටිනාකම වනුයේ ඇමෙරිකානු ඩොලර් මිලියන4.5(ශ්‍රී ලංකා රුපියල් මිලියන 602.9)කි.එනම් Eurofighter typhoon එක් යානයක වටිනාකම කෆීර් යානා 34 ක පමණ වටිනාකමට සමාන වේ.
(1000millions=1 billion)}}}
Eurofighter Typhoon යානාව STOL (Short takeoff and landing) තාක්ෂණයට අයත් වන ජෙට් යානයකි.එනම් මෙම යානයට ඉතාම කුඩා ධාවන පථයක වුවද පහසුවෙන් ගුවන්ගත කිරීමට හෝ ගොඩබැස්වීමට හැකිය.එමෙන්ම මෙම යානයට BVR(Beyond Visual Range) හැකියාවද ඇත.සරළව පවසන්නේ නම් මෙයට රේඩාර් පද්ධති වලට හසු නොවී තම ඉලක්කය කරා පහසුවෙන් ලඟා වීමේ හැකියාව ඇත.මෙම කාණ්ඩයට අයත් අනිත් යානා සමග සංසන්දනය කරන විට අනිත් යානා වලට වඩා වැඩි බරක් සහ වැඩි අවි ප්‍රමාණයක් මෙම යානයේ රැගෙන යා හැකිය.එක්සත් රාජධානිය විසින් මින් යානා 250ක් ද,ජර්මනිය 250ක්ද,ඉතාලිය 165ක්ද,ස්පාඤ්ඤය 100 ද බැගින් ඇනවුම් කර ඇත.
මෙම යානාව අඩි 65000ක උපරිම උසකින් පියාසර කළ හැකි අතර අමතර ඉන්ධන ටැංකි නොමැතිව කි.මී 2900 ක් පියාසර කළ හැකිය.මිනිත්තුවක් ඇතුලත මෙම යානයට අඩි 62000 ක උසකට ළඟා විය හැකිය.කිලෝග්‍රෑම් 23500 ක බරක් රැගෙන ගුවන් ගත කරවීමට හැකි අතර මිසයිල 13ක්, වට 150 ක උණ්ඩ රැගත් අධි බල දිගු දුර මැශින් තුවක්කුවක්, බෝම්බ 6ක් සහ අමතර ඉන්ධන ටැංකි 2ක් මෙහි සම්පූර්ණ රැඳවුම් ප්‍රමාණය වේ.ඉතා විශිෂ්ඨ ඝණයේ ආරක්ශක පද්ධතියක්(Counter Measures) ද මෙම යානයට අයත් වේ එනම් දැනට ඇති සුපිරිම තාක්ෂණයේ ගුවන්යානා නාශක මිසයිලයකින්(Anti-aircraft Missile) වුවද ගැලවීමේ හැකියාව මේ යානය සතුයි.බහුකාර්ය(Multi-role) ප්‍රහාරක යානයක් නිස මෙයට ගුවනේ සිට ගුවනට(Air to air),ගුවනේ සිට ගොඩබිමට(Air to ground) හෝ හඹා ගොස් පහර දීම(Interceptor) යන සියලුම ප්‍රහාරයන් දියත් කළ හැකිය.
21 වන සියවසේ මෙතෙක් බිහිවූ යානා අතරින් සුවිශේෂීම ස්ථානයක් දරන්නා වූ Eurofighter Typhoon ඉදිරියට දශක කිහිපයක්ම යුරෝපා ජාතීන්ගේ ගුවන් ආධිපත්‍ය පතුරවනු ඇත.
උඹලා බලලා නිකන් යන්න එපා බං උඹලා දන්නා දේවලුත් කියපල්ලා.

සිංහල ජාතියට ජය වේවා !!!

Last edited: