මිනිසුන්

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මිනිසුන් අතර භේද බින්න ඇති කරමි තම ආගමික දිවි පෙවෙත ක්‍රමයෙන් මගහරින මිනිසුන් අතරේ තම මුළු ජීවිතයම තිරිසන් සතුන් වෙනුවෙන් කැප කරන ලද අපූරු කාන්තාවක් අපට මුණ ගැසුණි. ඇයගේ උපන් රට වන්නේ ජර්මනියයි. මෙරටට පැමිණ කාලයක් සිටින විට විවිධ ප්‍රදේශවල ගමන් කර ඇති ඇයට මහ මග කාගේවත් පිළිසරණක් නැති සුනඛයන් හා බළලුන් විශාල ප්‍රමාණයක් සිටින අයුරු දැකීමෙන් ඒ පිළිබඳ මහත් වූ සංවේගයකට පත්ව තිබේ. ඉන්පසු ඇය විසින් එවැනි සතුන් එකතු කරමින් ඔවුන්ගේ රැකවරණයට වාසස්ථානයක් සාදා දී ඇත. මේ වන විට බල්ලන් 160 ක් හා බළලුන් 50 ක් පමණ දෙනාට රැකවරණය ලබාදෙමින් මසකට රුපියල් ලක්ෂ 5කට ආසන්න මුදලක් වැයකර තිරිසන් සතුන්ට පිහිට වන මෙම කාන්තාව සොයා පසුගියදා අපි එහි ගියෙමු.

    03(140).jpg


    මේ වන විට 62 වැනි වියේ පසුවෙන ඇය නමින් ඊවා රැපෙල් නම් වෙයි. නමුත් දැන් බොහෝ දෙනා ඇයව හඳුන්වන්නේ ‘ පද්මා' ලෙසයි. ජර්මනියේ ජීවත් වූ ඇය ඒ රටේ උසස් අධ්‍යාපනය හදාරා තිබේ.

    1994 වසරේ මෙරට සිරි නැඹීමට පැමිණ ඇති ඇය බෞද්ධාගමට ඇති කැමත්ත නිසා ගලහ නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ සහ තවත් භාවනා මධ්‍යස්ථාන කිහිපයක භාවනා කරමින් බෞද්ධ පොත්පත් පරිශීලනය කර ඇත. ලංකාවට පැමිණෙන විට ඇයට වයස අවුරුදු 25 ක් පමණ වන බව ඇය පවසයි. පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු සමග ඇය විවාහ වී ඇතත්, ස්වාමිපුරුෂයා 2005 වසරේ හදිසි රෝගී තත්ත්වයකින් මිය ගොස් ඇත.

    05(123).jpg


    ස්වාමියා ජීවත්ව සිටින කාලයේදී පවා මහනුවර හා වෙනත් ප්‍රදේශවල ගමන් කරන විට මහ මග කාත් කවුරුවත් නැති අසරණ දිවි පෙවෙතක් ගත කරන සුනඛයන් කෙරෙහි ඇයගේ අවධානය යොමුවී තිබේ. බොහෝමයක් සතුන් රිය අනතුරු නිසා පීඩා විඳින අයුරු දක්නට ලැබුණු නිසා එම සතුන්ට එම ස්ථානයේදීම ආහාර ලබාදෙන්නට පුරුදු වී සිටි බව ඇය පැවසුවාය.

    මෙම සතුන්ගෙන් අත් පා කැඩී අසරණව කර කියා ගත නොහැකි තත්ත්වයේ පසු වූ සුනඛයන් තම නිවස පිහිටි නුවර නගරය ආසන්නයේ පැවතුණු ස්වාමියාගේ නිවසට ගෙනැවිත් ස්ව කැමැත්තෙන්ම සාත්තු සප්පායම් කර තිබේ.ස්වාමියා මිය ගිය පසුවද ඇයගේ සතුන් වෙනුවෙන් තිබූ කරුණාව එසේම පැවත ඇති අතර, මහ මග අතරමං වූ සුනඛයන් මෙන්ම සිය හිමිකරුවා විසින් අතරහැර දමන ලද සුනඛයන්ද ඇය විසින් මෙම නිවසට රැගෙන විත් ඇත.

    06(77).jpg


    මේ ආකාරයෙන් මෙම සුනඛ ග‍හණය වැඩි වන්නට වූයෙන් නිවස මේ කටයුත්ත සඳහා ප්‍රමාණවත් නොවූ නිසා ඇය විසින් පේරාදෙණිය, කළුගමුව ප්‍රදේශයෙන් වත්තක් මිලදී ගෙන එහි සුනඛයන් වෙනුවෙන් නිවහනක් පිහිටුවා තිබේ. මේ වන විට සුනඛයන් 160 ක් හා බළලුන් 50කට ආසන්න ප්‍රමාණයක් එම ස්ථානයේ සිටින බව ඇය අපට පැවසුවාය.

    මෙම ස්ථානයේ සතුන් සඳහා විශාල කූඩු සාදා තිබෙන අතර, එම සතුන්ට නිදා ගන්නට ඇඳ කොට්ට, මෙට්ට, පොරවනයන් පවා මෙහි ඇත. මෙම සතුන්ට දිනකට දෙවරක් ආහාර ලබා දෙන්නටද ඇය කාරුණිකව සිටියි. "අපි මේ ස්ථානයේ සත්තුන්ට පිහිට වන බව දන්න සමහර මිනිස්සු නිවෙස් වල ඇති කරන්න බැරි සුනඛයන් හා පූසන් ගෙනැල්ලා දෙනවා. සමහර අය ඇවිත් ඉඩම වටේ තියෙන බැම්මෙන් ඇතුළට සත්තු විසි කරලා යනවා. මෙම ස්ථානය නඩත්තුවට යන මුදල් වසර ගණනාවක්ම ලබාදුන්නේ ජර්මනියේ සිටින මගේ පියා විසිනුයි.

    07(62).jpg


    මේ වන විට ජර්මනියේ සිටින මගේ යහළුවන් මේ සඳහා ආධාර කරනවා. මේ ස්ථානය නිසා මට පුංචි නිවාඩුවකටවත් මගේ රටට යන්න හැකියාවක් නැහැ. එහෙම ගියත් දින 4කින් 5කින් නැවත එන්න වෙනවා. මගේ ජීවිත කාලයම මේ සතුන් වෙනුවෙන් කැප කරමින් සිටිනවා. නමුත් ලංකාවේ සිටින බොහෝ දෙනා මෙවැනි දෙයක් කෙසේ වත් සිදු කරන්නේ නැහැ. මගෙන් පසුව මේ කටයුත්ත කරන්නට කවුරුන් කැපවේවිද කියලා මට හිතාගන්න අමාරුයි.

    දැනට වසර 20කට වැඩි කාලයක් මා විසින් පවත්නාගෙන යන ස්ථානයේ සේවකයන් කිහිපදෙනෙකුත් සේවයේ යෙදී සිටිනවා. ජර්මනියෙන් ලැබෙන මුදල් මේ වන විට පියාගේ අභාවය නිසා තාවකාලිකව නැවතී තිබෙනවා. ඒ නිසා මෙම ලිපිය කියවා කාරුණික හදවතක් ඇත්නම් මෙම සතුන්ට ආහාර වේලක් හෝ සතුන් වෙනුවෙන් ආධාර මුදලක් ලබාදෙන මෙන් මා ඉල්ලා සිටිනවා"
    ඇයගේ 094 777 426 229 දුරකථන අංකයට ඇමතීමෙන් මේ පිළිබඳ වැඩි විස්තර දැන ගත හැකිය.

    01(215).jpg


    02(169).jpg


    08(63).jpg


    09(48).jpg


    10(201).jpg


    11(177).jpg
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    වෙනස එකට පෙන්නුවේ මෙයා නේද මචං..... මට මතක ගාල්ල පැත්තේ වගේ:yes:

    කලින් රෙප් දීල
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    වෙනස එකට පෙන්නුවේ මෙයා නේද මචං..... මට මතක ගාල්ල පැත්තේ වගේ:yes:

    කලින් රෙප් දීල

    නෑ ඒ මෙයා නෙමේ. එයා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් :)