Honda Civic TypeR 2015

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Honda Civic TypeR 2015

    2015-Honda-Civic-Type-R.jpg



    Honda Civic කියන්නෙ අපි හැමෝම දන්න මෝටර් රථයක්. හොන්ඩා හොන්ඩා Civic, Integra වැනි මාදිලි වල අධි වේගී ස්පොර්ට්ස් මාදිලිය (sports model) හඳුන්වන නාමය තමයි TypeR කියන්නෙ. පසුගිය පැවති 2015 ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශණයේදි ඔවුන්ගේ අලුත්ම Civic TypeR මාදිලිය ඉදිරිපත් කරනු ලැබුවා. මෙම රථය එලඹෙන ජූලි මස සිට වෙලඳපොලට ඉදිරිපත් කිරීමට Honda සමාගම බලාපොරොත්තු වෙනවා.




    වාර්ථාවන ආකාරයට දැනට TypeR සඳහා නිපදවා ඇති වැඩිම බලයකින් යුතු එන්ජිම මෙම රථයත් සමග හොන්ඩා සමාගම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ලීටර් 2, direct-injected සහිතව සිලින්ඩර් 4 ටර්බෝ එන්ජිමකින් යුතුව අලුත්ම Civic TypeR රථය නිකුත් කර තිබේ. මෙහි උපරිම අශ්ව බලය 306hp අගය 6500rpm හිදී ලබා ගන්නා අතර උපරිම ව්‍යවර්ථය වන 400Nm අගය 2500rpm සිට 4500rpm දක්වා ලබා ගැනිම සිදුවේ. එන්ජිමේ උපරිම වට ප්‍රමාණය 7000rpm දක්වා මෙම මෝටර් රථයට ලඟා කර ගත හැකි අතර මෙහිදී ටර්බෝ චාර්ජින් වලට අමතරව හොන්ඩා හි variable valve timing තාක්ෂණය වන VTEC (Variable Valve Timing & Lift Electronic Control) සහ VTC (Dual Variable Timing Control) යන තාක්ෂණයන් යොදා ගනු ලැබේ.



    2015-civic-typeR-engine.jpg







    වේග 6 සහිත Manual gearbox එකකින් යුත් මේ රථයට 0-100Kmph දක්වා ත්වරණය තත්පර 5.7 වැනි කාලයකදී ලබා ගන්න පුලුවන්. මෙහි උපරිම වේගය 270Kmph වන අතර නාගරික සහ නගරයෙන් පිට යන දෙ ආකරයෙන් ම කිලෝමීටර් 100 යාමට ඉන්ධන ලීටර් 7.3 වැය වෙනවා. එනම් මේ රථය දළ වශයෙන් ලීටරයකට, කිලෝමිටර් 13.7ක කාර්යක්ෂමතාවයකින් යුතුයි. වර්ණ පහකින් නිකුත් වන මේ රථයේ ඇතුලත (interior) සාමාන්‍යෙන් ඇති කලු සහ රතු වර්ණයෙන් යුක්තවෙනවා. තවද මෙහි I-MID (Intelligent Multi Information Display) ලෙස තිරයක් පවතින අතර එමගින් තිරිංග පීඩනය, කූලන්ට් උෂ්ණත්වය, ටර්බෝ boost පීඩනය, ත්වරණය ඇතුලු නොයෙකුත් තොරතුරු රියදුරු වෙත ලබාදීම සිදු කරනු ලබනවා. මෙහි තිරිංග පද්ධතිය ලෙස අධි කාරයක්ෂම Brembo තිරිංග පද්ධතියක් ඇති අතර එක් රොදයකට Caliper Piston 4ක් යොදා ගනු ලබනවා



    civic-type-r-interior.jpg







    මෙහි උපාංග ලෙස Android මෙහෙයුම් පද්ධතිය සහිත තොරතුරු සන්නිවේදන පද්ධතියකින් යුක්ත වෙන අතර Cruise control, Climate control, Speed limiter වැනි උපාංගද ඇතුලත් වෙනවා. මීට අමතරව මෙම උපාංග සහ ඇතුලත කොටස් වැඩි දියුණු කල GT Pack ලෙසද මෙම නවතම Civic TypeR මාදිලිය ලබා ගන්න පුලුවන්





    :love::love: