පොල්_දේවාල_රනිල්
අයි එම් එෆ් ණය ගෙන 'තුලාභාරම්' කිරීම
රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ ගුරුනගර්හි 'තුලාභාරම්' හෙවත් තම බරට සරිලන සඳුන් දර පූජා කිරීමේ යාගයක නියැලී සිටින පින්තූර හා වාර්තා ඉන්දියානු මාධ්‍ය තුළින් මතු වන පසුබිමක අපට සිහිපත් වූයේ මෙහි සිටින ඔහුගේ ගෝලයින්ගේ "සම්‍යක්දෘෂ්ටික පඬි වදන්" ය.
සංකේතාත්මක සීනිගම පොල් ගැසීම වෙනුවෙන් ද මොවුන් ලිවූ ලිපි හා පෝස්ටු රැසක් ම කියවීමු. ඇත්ත වශයෙන් ම පොල් ගැසීමෙන් සංකේතවත් කළේ අද ඇත්ත විපක්ෂය මර්දනය කර ඇති රටක ජනතා විරෝධය භාර ගැනීමට ඇත්තේ දෙවියන් පමණක් යන දේශපාලන පණිවුඩයයි.
වරක් අතෙහි දරා සිටින කුන්තයක් නිසා මහින්ද රාජපක්ෂට මොවුහු තාමත් ප්‍රාථමික විස්වාස සහිත අයෙකු යැයි ගරහති. එහෙත් තම "සම්‍යක්දෘෂ්ටික" ජනපති සිරිසේන මහින්දගේ කුන්තයේ ම වඩාත් ලොකු හා 'ලෝකල් වර්ෂන්' එක අත දරණු දැක මොවුහු සිය නගුට පිටුපස ගසා ගත්හ. රනිල්ගේ තුලාභාරය ගැන මේ සිඟිති පඬිවරුන්ට කීමට ඇත්තේ කුමක් ද?
යමක් එළිපිට නොකරන්නා, එය ම දහස් වාරයක් රහසින් කරන බවට වන කතාව මෙහි දී ද තහවුරු වේ. එමෙන් ම මෙවැනි දෙයින් වඩාත් තැති ගන්නේ ද මේවා ව්‍යාජ ලෙස බැහැර කරන වුන් ම ය. සීනිගම කටයුත්ත දේශපාලන වැඩකි. එහෙත්, මෙය ඉලක්කවූවන් තුළ දේශපාලන කම්පනයන්ට වඩා ආගමික කම්පන ඇති කළ බව දැන් අති පැහැදිළි ය. පොල් ගැසීමෙන් බියට පත් රජයේ ඉහළම පුද්ගලයා ඊයේ කොළඹ මහා යාගයක යෙදුණු බව අපට වාර්තා විය.
වික්‍රමසිංහ මහතා පොල් ගැසීමේ ශාපය අඩුකර ගැනීමට ඉන්දියාවට යෑම තෝරා ගත්තේ මේ අතර ය.
කෙසේ වෙතත්, ඔහු සිය මිත්‍ය විස්වාසයන්ට අනුව, 'තුළාභාර' කිරිම පිළිබඳ අපට ප්‍රශ්නයක් නැත.
එහෙත් මූල්‍ය අර්බුදයක දොරකඩ සිටින ලංකාව, අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් ණය පවා ඉල්ලා ඇති මොහොතක මෙවන් දෙය සඳහා මහජන මුදල් වැය කරමින් ඉන්දියා යාම නම් අපට ප්රශ්නයකි.
from facebook

ado ranila aththatama gihin neda.mama hithuwe boru kiyala.