1. කවුද මේ සර්පයෝ?
ඒ ගැන නොදන්නෙ කවුද නේද? සර්පයෝ උරගයෝ(reptiles). පාද රහිතයි. ශරීරය කොරපොතු (scales) වලින් වැහිලා තියනවා.
සෑම සර්පයෙක්ගේම ,පිටුපසට හැරුණ දත් තිබෙනවා. විෂ සහිත සර්පයන්ගේ ඛේට ග්‍රන්ථි දෙකක් විශේෂණය වීමෙන් විෂ ග්‍රන්ථි සෑදී ඇති අතර ඒ විෂ සිය ගොදුර කරා එන්නත් කිරීමට හැකි වන ලෙසට විකසනය වූ රදනක දත් (fangs) යුගලක්ද ඔවුන් සතුව තිබෙනවා.
පොළොව මත (කාන්තාර වල පවා) , ජලයේ, ගස් මත ආදී මිහිපිට ඇති සියළුම ස්ථාන වල සර්පයන් දක්නට ලැබෙනවා.
2.ශ්‍රී ලංකාව තුළ සර්පයන් කීදෙනෙකු සිටීද?
ලංකාවෙ ඉන්න සර්පයෝ සංඛ්‍යාව නම් සංගණනය කරලා නැතුව ඇති. ඒත් සර්ප විශේෂ ගණන නම් මෙසේ දක්වන්න පුළුවන්.
ගොඩබිම වසන සර්පයන් විශේෂ 83යි
දියෙහි වසන සර්පයන් 13 යි.
3. සියලුම සර්පයන් විෂ සහිතද?
පැහැදිලිවම නැහැ. කොටින්ම කියනවා නම් ශ්‍රී ලංකාවෙ හමුවන සර්ප විශේෂ 83න් විෂ සහිත සර්පයන් හමු වන්නේ 8ක් පමණයි.
විෂ අනුව සර්පයන් කොටස් 3කට බෙදිය හැකියි.
(මොළය පාවිච්චි කිරීමෙන් බොහෝ අනතුරු වලක්වා ගැනීමට පුළුවන්)
5.සර්පයෙකු දශ්ඨ කිරීමකදී ප්‍රථමාධාර ලබා දෙන්නේ කෙසේද?

- උග්‍ර විෂ සර්පයන්
- මඳ විෂ සර්පයන්
- නිර් විෂ සර්පයන්
- බොහෝ අවස්ථා වලදී සපා කෑමට ලක් වන්නේ දෙපා. ඒ නිසා සර්පයන් ගැවසිය හැකි ස්ථාන් වල ඇවිදීමේදී සපත්තු, බූට්ස්, දිග කලිසම් ඇඳීම සුදුසුයි.
- රාත්‍රී කාලයේදී ඇවිදීමේදී ප්‍රබල ආලෝකයක් ගෙන යාම මගින් ඔබට සර්පයන් දැක ගැනීමට හැකියාව ලැබෙනවා.
- සර්පයන් කම්පන වලට සංවේදීයි. එම නිසා කැලෑ වල ආදියේ ඇවිදීමේදී කෝටුවකින් බිමට තට්ටු කරමින් යාමෙන් ඔබගේ ගමන් මාර්ගයේ සිටින සර්පයන් එයින් ඈත් කර තැබිය හැකියි.
- සර්පයන් හැසිරවීමේ විශේෂ පුහුණුවක් ඔබට නොමැති නම්, මිය ගිය හෝ, පණ ඇති සර්පයන් ඇල්ලීමට යාමෙන් වලකින්න
- හුඹස්, ගස් බෙන, ලී කොට යටට වැනි ස්ථාන වලට අත දැමීමෙන් වලකින්න.
(මොළය පාවිච්චි කිරීමෙන් බොහෝ අනතුරු වලක්වා ගැනීමට පුළුවන්)
5.සර්පයෙකු දශ්ඨ කිරීමකදී ප්‍රථමාධාර ලබා දෙන්නේ කෙසේද?
- රෝගියාගේ බිය නැති කරන්න. ඔබත් කලබල වී කටයුතු කළොත් රෝගියා තවත් බියට පත් වෙනවා.
- රෝගියා නොසොල්වා තබන්න.
- සපා කෑම අතක හෝ කකුලක නම්,එය නොසෙල්වෙන පරිදි ආධාරකයක් මත තබා බඳින්න.
- වේදනා නාශකයක් ලෙසට පැරසිටමෝල් හැරුණ විට වෙනත් කිසිදු ඖෂධයක් දෙන්නට එපා.
- දශ්ඨ කිරීමට ලක් වූ ස්ථානය ගලායන වතුරෙන් සෝදන්න. නමුත් එතැන අතුල්ලන්නට එපා.
- රෝගියා නොසොල්වා හැකි ඉක්මනින් රෝහලක් කරා රැගෙන යන්න. දශ්ඨ කිරීම සිදු කළ සර්පයා හැකිනම් රෝහලට රැගෙන යන්න. එවිට ප්‍රතිකාර කිරීම පහසු වේ.

+