සර්පයෝ

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    1. කවුද මේ සර්පයෝ?

    ඒ ගැන නොදන්නෙ කවුද නේද? සර්පයෝ උරගයෝ(reptiles). පාද රහිතයි. ශරීරය කොරපොතු (scales) වලින් වැහිලා තියනවා.


    සෑම සර්පයෙක්ගේම ,පි‍ටුපසට හැරුණ දත් තිබෙනවා. විෂ සහිත සර්පයන්ගේ ඛේට ග්‍රන්ථි දෙකක් විශේෂණය වීමෙන් විෂ ග්‍රන්ථි සෑදී ඇති අතර ඒ විෂ සිය ගොදුර කරා එන්නත් කිරීමට හැකි වන ලෙසට විකසනය වූ රදනක දත් (fangs) යුගලක්ද ඔවුන් සතුව තිබෙනවා.


    පොළොව මත (කාන්තාර වල පවා) , ජලයේ, ගස් මත ආදී මිහිපිට ඇති සියළුම ස්ථාන වල සර්පයන් දක්නට ලැබෙනවා.


    2.ශ්‍රී ලංකාව තුළ සර්පයන් කීදෙනෙකු සිටීද?

    ලංකාවෙ ඉන්න සර්පයෝ සංඛ්‍යාව නම් සංගණනය කරලා නැතුව ඇති. ඒත් සර්ප විශේෂ ගණන නම් මෙසේ දක්වන්න පුළුවන්.
    ගොඩබිම වසන සර්පයන් විශේෂ 83යි
    දියෙහි වසන සර්පයන් 13 යි.

    3. සියලුම සර්පයන් විෂ සහිතද?

    පැහැදිලිවම නැහැ. කොටින්ම කියනවා නම් ශ්‍රී ලංකාවෙ හමුවන සර්ප විශේෂ 83න් විෂ සහිත සර්පයන් හමු වන්නේ 8ක් පමණයි.
    විෂ අනුව සර්පයන් කොටස් 3කට බෙදිය හැකියි.

    • උග්‍ර විෂ සර්පයන්
    • මඳ විෂ සර්පයන්
    • නිර් විෂ සර්පයන්
    4.සර්පයන් දශ්ඨ කිරීම් වලක්වා ගන්නේ කොහොමද?

    • බොහෝ අවස්ථා වලදී සපා කෑමට ලක් වන්නේ දෙපා. ඒ නිසා සර්පයන් ගැවසිය හැකි ස්ථාන් වල ඇවිදීමේදී සපත්තු, බූට්ස්, දිග කලිසම් ඇඳීම සුදුසුයි.
    • රාත්‍රී කාලයේදී ඇවිදීමේදී ප්‍රබල ආලෝකයක් ගෙන යාම මගින් ඔබට සර්පයන් දැක ගැනීමට හැකියාව ලැබෙනවා.
    • සර්පයන් කම්පන වලට සංවේදීයි. එම නිසා කැලෑ වල ආදියේ ඇවිදීමේදී කෝ‍ටුවකින් බිමට තට්‍ටු කරමින් යාමෙන් ඔබගේ ගමන් මාර්ගයේ සිටින සර්පයන් එයින් ඈත් කර තැබිය හැකියි.
    • සර්පයන් හැසිරවීමේ විශේෂ පුහුණුවක් ඔබට නොමැති නම්, මිය ගිය හෝ, පණ ඇති සර්පයන් ඇල්ලීමට යාමෙන් වලකින්න
    • හුඹස්, ගස් බෙන, ලී කොට යටට වැනි ස්ථාන වලට අත දැමීමෙන් වලකින්න.

    (මොළය පාවිච්චි කිරීමෙන් බොහෝ අනතුරු වලක්වා ගැනීමට පුළුවන්)


    5.සර්පයෙකු දශ්ඨ කිරීමකදී ප්‍රථමාධාර ලබා දෙන්නේ කෙසේද?


    • රෝගියාගේ බිය නැති කරන්න. ඔබත් කලබල වී කටයුතු කළොත් රෝගියා තවත් බියට පත් වෙනවා.
    • රෝගියා නොසොල්වා තබන්න.
    • සපා කෑම අතක හෝ කකුලක නම්,එය නොසෙල්වෙන පරිදි ආධාරකයක් මත තබා බඳින්න.
    • වේදනා නාශකයක් ලෙසට පැරසිටමෝල් හැරුණ විට වෙනත් කිසිදු ඖෂධයක් දෙන්නට එපා.
    • දශ්ඨ කිරීමට ලක් වූ ස්ථානය ගලායන වතුරෙන් සෝදන්න. නමුත් එතැන අතුල්ලන්නට එපා.
    • රෝගියා නොසොල්වා හැකි ඉක්මනින් රෝහලක් කරා ‍රැගෙන යන්න. දශ්ඨ කිරීම සිදු කළ සර්පයා හැකිනම් රෝහලට ‍රැගෙන යන්න. එවිට ප්‍රතිකාර කිරීම පහසු වේ.
    http://ledakgena.blogspot.com/2012/07/blog-post_10.html

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සර්පයින්‌ගේ වැදගත් කම

    මිහිතලය මත වසන සෑම සත්ව ‌කොට්ඨාශයක් ‌මෙන්ම සර්පයින්ද මිහිතලයේ පැවැත්මටයම්‌ ‌මෙ‌හෙයක් සිදු කරයි. එසේම පරිසර විද්‍යාත්මක සමතුළිතතාවය (ecological balance) පවත්වා ගැනීමට සර්පයින් වැදගත් වේ.ලංකා‌වේ ‌‌ෙ‌ජෙව විවිධත්වය ඉහල නැංවීමට සර්පයින්‌ගේ දායකත්වය අත්‍යාවශ්‍ය ‌වේ.


    ලංකාව ඈත අතීත‌යේ සිටම කෘෂිකාර්මික රටකි. මීයන් සහ වෙනත් කෘමින් වගාවන්ට සහ ආහාර ගබඩා වලට හානි පමුනුවයි. සර්පයින් ආහාර දාම වල ඉහල මට්ටම් වල යැ‌පෙන්නන් ‌වේ. ඔවුන් විසින් මීයන් හා
    විවිධකෘමි සතුන් ආහාරයට ගනු ලබයි. එනිසා එම සතුන් ‌ගේ ‌බෝවීම පාලනය ‌‌වේ. එයින් වගාවන්ට විශාල ‌ලෙස පාඩු සිදු වීම වැළ‌කේ.

    මීයන්ගේ මල සහ මුත්‍රා මගින් මී උණ වැනි වැනි වසංගත තත්වයන් පැතිර යයි. සර්පයින් යනු මීයන්ගේ ස්වාභාවික සතුරෙකි. සර්පයින් විසින් මීයන් ‌ගොදුරු කර ගැනීම ‌නිසා මීයන් ප්‍රමාණයට වඩා වැඩිවීම පාලනය වේ. එය වසංගත මර්ධනයට පිටිවහලක් ‌වේ.
    සර්ප විෂේ අන්තර්ගත විවිධ සංඝටක වල විෂේෂිත කෘතයන් නිසා නූතන‌ෙ‌වෙද්‍ය විද්‍යා‌වේ. ඇතැම් ඖෂධ නිපදවීමට සර්පයින්ගේ විෂ උප‌යෝගී කරගනී. ‌බෝ‌හෝ විට සර්පයින් දෂ්ඨ කල විට ලබා‌දෙන ප්‍රති විෂ ( Anti venom serum /AVS) නිෂ්පාදනය සඳහා ‌‌යොදා ගනු ලබන්‌නේ සර්ප විෂයි.
    පිළිකා, සරම්ප, හි‌මෝෆීලියාව, ඇතැම් ස්නායු ‌රෝග, ලාදුරු, රූමටිකඋණ,මහාමාරිය, ඇදුම වැනි ‌රෝග සඳහාද මර්ධනය කළ සර්ප විෂ ‌යොදා ගන්නා බව කිය‌වේ.
    කායික විද්‍යාව (physiology), ජෛව රසායනික විද්‍යාව (biochemistry) , ප්‍රතිශක්ති විද්‍යාව (immunology) වැනි විෂය ක්ෂේත්‍ර වල පරීක්ෂණ කටයුතු සදහා සර්ප විෂ යොදා ගනී.
    ලංකාව ඇතුලු දකුණු ආසියාතික රටවල විවිධ ජන ‌කොට්ඨාශ වල ජීවිකාව සර්පයින් මත රැදී ති‌බේ. වි‌ශේෂ‌යෙන්ම අහිගුන්ඨක ජන ‌කොධ්ඨාශ නයින් නැටවීම මගින් තම ජීවිකාව පවත්වා ගනී.




    http://snakelanka.blogspot.com/2015/06/blog-post.html

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපේ රටට ආවේණික සර්පයෙක්- මල් රදනකයා.. Flowery Wolf Snake

    මල් රදනකයා කියලා හදුන්වන්නේ ශ්‍රී ලංකාවට ආවේනික සර්ප විෂේශයකුයි. මෙරට වියලි කලාපයේ මුහුදු බඩ ආශ්‍රිතව හමුවේ.
    නමුත් උස් කදුකර ප්‍රදේශ හැරුනු කොට දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වලින්ද වාර්තා වෙලා තියෙනවා.
    හලාවත කොළඹ අම්පාර මාතර යාල ප්‍රදේශ වල දැක ගන්න පුලුවන්. ඉංග්‍රීසි භාෂාවෙන්
    Flowery Wolf Snake[FONT=&quot] කියලා හදුන්වන මේ සර්පයා [/FONT][FONT=&quot]Lycodon osmanhilli [/FONT][FONT=&quot]යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වනවා.[/FONT]

    Colubridae කියන සර්ප කුළයට අයිත් සර්පයෙක් වන මල් රදනකයා මෙන්න මේ විදිහට වැඩිදුරටත් වර්ගීකරණය කරන්න පුලුවන්.




    Kingdom: Animalia

    Phylum: Chordata
    Subphylum:Vertebrata
    Class: Reptilia
    Order: Squamata
    Suborder:Serpentes
    Family: Colubridae
    Subfamily: Colubrinae
    Genus: Lycodon
    මෙම සර්පයාගේ දිගු ශරීරයේ පැතලි හිසක් පිහිටනවා. තැඹිලි පාටට හුරු දුඹුරු කහ ශරීරයේ හිස ලා කහ පාටයි. තද දුඹුරු වයිරමක් දැක ගන්න පුලුවන්. ඇස් සම්පූර්ණයෙන්ම කලු පාටයි.
    විෂ රහිත සර්පයෙක් වන මල් කරවලා නිශාචර හෙවත් රාත්‍රී කාලයට වැඩිපුර ක්‍රියාශීලී වේ. මිනිස් වාසස්ථාන වල දැකිය හැක. මූලික වශයෙන් භෞමික වාසියෙකු වුවත් ඇතැම් විට ගස් මතද දැක ගන්න පුලුවන්. වේගයෙන් සංචරණය කරන මේ සර්ප විශේෂය බිය වූවිට දගර ගැසී හිස සගවා ගනී. 50 cm පමණ දිගකට වර්ධනය වේ.
    ප්‍රධාන ලෙස හූනන් ආහාරයට ගනී. ඊට අමතරව වෙනත් කුඩා සර්පයින්ද මීයන්ද ආහාර ලෙස ගනී.


    [FONT=&quot]IUCN [/FONT][FONT=&quot]රතු දත්ත පොතට අනුව මේ සර්පයා [/FONT][FONT=&quot]Least concern [/FONT][FONT=&quot]සංරක්ෂිත කාණ්ඩයට ඇතුලත් කර තියෙනවා[/FONT]
    [FONT=&quot]

    මල්[/FONT][FONT=&quot]රදනකයා

    [FONT=&quot]http://snakelanka.blogspot.com/2015/02/flowery-wolf-snake.html[/FONT]
    [/FONT]
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මාරාන්තික විෂ සහිත සර්පයෝ



    ස්‌වභාවික පරිසරයේ ජෛවවිවිධත්වය ආරක්‍ෂා කිරීමට මහත් දායකත්වයක්‌ සපයන සත්ත්ව කොට්‌ඨාසයක්‌ ලෙස උරග ගණයට අයත් සර්පයින් හඳුනාගත හැකිය. සර්පයින්ගේ විසකුරු බව මත පමණක්‌ පදනම්ව මිනිසුන් මොවුන් විනාශ කිරීම නිසා ජීවත්වීමේ වරම නොලද, වඳවෙමින් යන සත්ත්ව කොට්‌ඨාසයක්‌ ලෙස සර්පයින් හඳුනාගෙන තිබේ.

    ලෝකය පුරා සර්ප විශේෂ 2400 ක්‌ පමණ වාසය කරන අතර මින් විශේෂ 96 ක්‌ පමණ ශ්‍රී ලංකාවේ ජීවත්වන බව වාර්තාවී ඇත. මෙම සර්පයින් අතරින් බොහෝ කොටසක්‌ ජීවත්වනුයේ මුහුදේ වන අතර ඉතිරි කොටස ගොඩබිමට සීමාවී තිබේ. ගොඩබිම ජීවත්වන සර්පයින් අතරින් වැඩි දෙනෙකු විෂ රහිත වූවන් ලෙස හඳුන්වා තිබේ. එමෙන්ම විෂ සහිත ගොඩබිම් සර්පයින් මාරාන්තික විෂ සහ මද විෂ සහිත සර්පයින් ලෙස කොටස්‌ දෙකකින් හඳුනාගත හැකිය.

    සර්පයින් දෂ්ටකිරීම අනුව ලොව පුමුඛපෙළේ රටවල් අතුරින් ශ්‍රී ලංකාවද වැඩි අවධානයක්‌ හිමිකරගත් රටකි. එදිනෙදා ජීවිතයේදී අප මුහුණපාන හදිසි අනතුරු අතර සර්ප දෂ්ටනයට හිමිවන්නේ සුවිශේෂී වූ ස්‌ථානයකි. නොසැලකිලිමත්කම මෙන්ම නොදැනුවත්කම නිසා අනතුරු වැඩිකර ගත්තද සර්ප දෂ්ටනයෙන් සෑම රෝගියෙකුම මරණයට පත්නොවේ.

    පුද්ගලයකුට සර්පයකු දෂ්ට කළ විට එම රෝගියාට ප්‍රතිකාර ලබාදීමේදී දෂ්ට කළ සර්පයා හඳුනා ගැනීම විශේෂ කරුණකි. මේ නිසා අප ජීවත්වන පරිසරයේ වෙසෙන සර්පයින් පිළිබඳව නිසි අවබෝධයක්‌ ලබා තිබීම ඉතා වැදගත් වේ. එම අවබෝධය “විසඝෝර සර්පයා, දැක නෑර මෝඩයා” යන සංකල්පය ක්‍රියාත්මක කිරීමට නොව පරිසරයේ චමත්කාරජනක සර්ප ගහණය ආරක්‍ෂා කරගැනීමට සහ සර්පයින්ගෙන් ආරක්‍ෂා වී සර්ප විෂ මිනිස්‌ ජීවිත බිලි ගැනීම අවමකර ගැනීම සඳහාය.

    ශ්‍රී ලංකාවේ වෙසෙන මාරාන්තික විෂ සහිත ගොඩබිම් සර්පයින්

    ශ්‍රී ලංකාවේ සර්පයින් අතරින් වඩාත් ප්‍රසිද්ධ මෙන්ම උග්‍ර විෂ සහිත සර්පයින්ගෙන් විශාලතම සත්ත්වයා ලෙස නාගයා හඳුනාගත හැකිය. නයකු සාමාන්‍යයෙන් අඩි 6 ක්‌ හෝ 8 ක්‌ පමණ දිගින් යුක්‌තය. එහෙත් වාර්තාවී ඇති වැඩිම විශාලත්වය වන්නේ අඩි 7 , අඟල් 4 කි. මොවුන්ගේ විශේෂ ලක්‍ෂණය වන්නේ පෙන ගොබයයි. නයකුගේ ශරීරය තද කළුÊපැහැයට හුරු දුඹුරු, ලා දුඹුරු හා රතු පැහැයට හුරු අළු පාට මිශ්‍ර දුඹුරු පැහැයෙන් සමන්විතය. ශරීරයේ තැනින් තැන කහ වර්ණයෙන් හෝ සුදු වර්ණයෙන් හරස්‌ ඉරි දක්‌නට ලැබේ. සමහර නාගයින්ගේ මෙම ඉරි පටි ආකාරයට පිහිටා තිබේ. උදරය ප්‍රදේශය තද කළු සහ සුදු පැහැතිය. එමෙන්ම උදරයෙහිද කළු හෝ දුඹුරු පැහැති හරස්‌ පටි 20 ක්‌ පමණ දැකගත හැකිය. නාගයකු වයස්‌ගත වෙත්ම එම පටි ක්‍රමයෙන් මැකී යයි. පෙනය කළ පසු පිටුපසින් “ප” අකුරට සමාන සළකුණක්‌ දක්‌නට ලැබෙන අතර එම සළකුණට මදක්‌ ඉහළින් සුදු පැහැති තිත් දෙකක්‌ හෝ ඉරි දෙකක්‌ දැකගත හැකිය.

    නාගයා දිවා කාලයේදී ඉතා ක්‍රියාශීලීව හැසිරෙයි. ගැහැනු සතුන් අප්‍රේල්, මැයි, ජුනි යන මාසවල දිරාගිය ගස්‌ බෙනයන හෝ හුඹසක බිජු දැමීම සිදුකරයි. වරකට 12 – 45 පමණ වන මෙම බිත්තර දික්‌ වූ හැඩයෙන් යුක්‌තය. බිත්තර තුළින් බිහිවන කුඩා නයි පැටවුන් සෙන්ටිමීටර් 20 – 30 ත් අතර දිගය. බිත්තර වලින් එළියට පැමිණෙනවාත් සමගම පෙනය පුම්බා තම ශක්‌තිය පෙන්වා දෂ්ට කිරීමට උත්සාහ කරයි. අලුතින් බිහිවන පැටවාගේ විෂ වැඩුණු නයකුගේ විෂට සාමානය. ජලයේ පිහිනා යැමට සුවිශේෂී හැකියාවක්‌ ඇති නාගයාට සාමාන්‍ය ප්‍රමාණයේ ගස්‌වලට නැගීමටද හැකියාවක්‌ ඇත. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම දැකිය හැකි නාගයා මුහුදු මට්‌ටමේ සිට මීටර් 1500 පමණ ඉහළ ප්‍රදේශ දක්‌වා පැතිරී සිටී.

    නාගයා එතරම් කලබලකාරී සර්පයකු නොවේ. කිපුන විට පෙනය පුම්බා ශරීරයේ ඉදිරි කොටස පොළොවෙන් ඉහළට ඔසවා තද පිඹීමක්‌ ඇති කරයි. නාගයා පොළොවෙන් ඉහළට එසවෙන ප්‍රමාණය අනුව පහරදෙන්නා වූ පරාසය තීරණය වේ. එනම් නාගයා අඩි 2 ක්‌ පොළොවෙන් ඉහළට එසවෙන්නේ නම් එම ස්‌ථානයේ සිට අඩි 2 ක වටප්‍රමාණයක්‌ දක්‌වා දෂ්ටකිරීමේ හැකියාව ඇත. ශ්‍රී ලංකාවේ වෙසෙන නාගයකු දෂ්ටකළ විට එම ස්‌ථානයේ අධික වේදනාව, පටක කුණුවීම සහ ප්‍රධාන වශයෙන් රෝගියාගේ ස්‌නායු අඩපණවීම සිදුවේ.



    තෙල් කරවලා

    සිංහල – තෙල් කරවලා / මගමරුවා

    දමිල යෙට්‌ටාඩි මිරියන්

    ඉංග්‍රීසි -Common Krait /Inian Krait

    විද්‍යාත්මක – Bungarus Caeruleus

    තෙල් කරවලකු සාමාන්‍යයෙන් අඩි 3-4 දක්‌වා දිගින් යුක්‌තය. කරවලාගේ පෘෂ්ඨිය ප්‍රදේශය දිලිසෙන සුළු කළු හෝ නිල් පැහැයක්‌ ගනී. මේ නිසාම මෙම සර්පයාට හිමිව ඇති විද්‍යාත්මක නාමයක්‌ වන Caeරමකැමි යන නම හිමිවී ඇති බව සඳහන් වේ. Caeරමකැමි යනු ලතින් භාෂාවෙන් තද නිල් පැහැයට කියනු ලබන නමයි. තෙල් කරවලාගේ ශරීරය පුරාවට හරස්‌ අතට දිවෙන සුදු පැහැති ඉරි යුගල 40-45 අතර ප්‍රමාණයක්‌ දැකගත හැකිය. තරුණ සර්පයින්ගේ මෙම විහිදුණු සුදු පැහැති ඉරි දක්‌නට ලැබුණද වයස්‌ගත සර්පයන්ගේ ක්‍රමයෙන් මේවා නොපෙනී යයි. හිස කළු පැහැයෙන් යුක්‌ත වන අතර උදර ප්‍රදේශය හා තොල් සුදු පැහැයෙන් දිස්‌වෙයි.

    තෙල් කරවලා රාත්‍රී කාලයේදී ඉතා ක්‍රියාශීලී සර්පයකු වුවද දිවා කාලයේදී දිරාගිය කොළරොඩු, පොල්ලෙලි, ගල් ගොඩවල්, වියළි තණකොළ, ලී ගොඩවල් තුළ මෙන්ම බුරුල් වැලි පසෙහිද සැඟවී සිටියි. ඇතැම්විට දියකඩිති. ආශ්‍රිතවද දක්‌නට ලැබේ. ගැහැනු සත්ත්වයා වරකට බිත්තර 5-10 අතර ප්‍රමාණයක්‌ දමා තම වර්ගයා ව්‍යාප්ත කරයි. ශ්‍රී ලංකාවේ වෙසෙන විෂ අධිකව සර්පයා ලෙස සැලකෙන්නේද මෙම තෙල් කරවලා හෙවත් මගමරුවාය. පහතරට වියළි කලාපයේ ප්‍රදේශ රැසකදීත් අතරමැදි කලාපයේ ප්‍රදේශ කීපයකින්ද තෙල් කරවලා බහුලව හමුවී ඇත.



    මුදු කරවලා

    සිංහල –

    මුදුකරවලා/ හත්කරවලා/දුනු කරවලා

    දමිල – යෙන්නායි මිරියන්

    ඉංග්‍රීසි – Ceylon Krait

    විද්‍යාත්මක – Bungarus Ceylonicus

    මුදු කරවලා දිගින් අඩි 3 ක්‌ පමණ වර්ධනය වන අතර ශ්‍රී ලංකාවට ආවේණික වූ සර්පයෙකි. ශරීරය තද කළුදම් පැහැයෙන් යුක්‌තය. ශරීරය පුරාවට හරස්‌ අතට දිවෙන සුදු පැහැති ඉරි දක්‌නට ලැබේ. මෙම ඉරි සාමාන්‍ය මුදු කරවලයකුගේ 15-25 අතර ප්‍රමාණයක්‌ දැකගත හැකි වන අතර සර්පයා වයස්‌ගත වෙත්ම එම ඉරි කැඩීගොස්‌ ලප බවට පත්වේ. එමෙන්ම වයස්‌ගත සර්පයින්ගේ උදරය කළු හා සුදු වර්ණයෙන් සමන්විතය.

    රාත්‍රි කාලයේ ඉතා ක්‍රියාශීලීව හැසිරෙන මුදු කරවලා දිවා කාලයේදී දිරාගිය කඳන් යට, අඳුරු ස්‌ථාන, දිරාගිය කොළරොඩු හා ගල්ගොඩවල් වැනි ස්‌ථානවල සැඟවී සිටියි. ඉතා අලස ලෙස හැසිරෙන මුදු කරවලා බොහෝ විට වනාන්තර ආශ්‍රිතව ජීවත්වීමට රුචිකත්වයක්‌ පෙන්වයි. අතරමැදි වනාන්තරවල හා පහතරට වනාන්තර වලදීද මුදු කරවලුන් බහුලව දැකගත හැකිය.



    වැලිපොළඟා

    සිංහල – වැලි පොළඟා

    දමිල – සුරති පාම්බු

    ඉංග්‍රීසි – Saw scale viper

    විද්‍යාත්මක – Echis Carinatus

    ශ්‍රී ලංකාවේ උතුරු වෙරළාසන්න ප්‍රදේශවල සිට නැගෙනහිර වෙරළාසන්න ප්‍රදේශ සහ ඉන් මදක්‌ දකුණට යාල දක්‌වා සීමා වී ඇති වැලි පොළඟා දිගින් අඩි 1-2 පමණ වේ. ශුෂ්ක කලාපයේ වැලි කඳු ආශ්‍රිතවද ඉතා බහුල ලෙස වෙසෙන බව වාර්තාවේ. දිවා කාලයේදී කොළරොඩු, පඳුරු අතර මෙන්ම බුරුල් වැලි පසෙහිද වාසය කරන මෙම සර්පයා රාත්‍රි කාලයේ ක්‍රියාශීලීව හැසිරෙයි. ජීවත්වන පරිසරයේ බාහිර පෙනුමට සමානකම් ඇති නිසා එක්‌වරම හඳුනාගැනීම අපහසුය.

    වැලි පොළඟාගේ හිස මැද කුරුලු පාදයක හැඩ ඇති සලකුණක්‌ දක්‌නට ලැබෙන අතර හිස ත්‍රිකෝණාකාර හැඩයක්‌ උසුලයි. පෘෂ්ඨියට පිට ප්‍රදේශය අඳුරු පැහැයක්‌ ගන්නා අතර එය පිදුරු පැහැයේ සිට මඩ පැහැය අතර පැහැයක්‌ ගනී. පිට ප්‍රදේශයෙහි තද පැහැති පුල්ලි දක්‌නට ලැබේ. පිට දෙපස කහ හෝ ලා දුඹුරු වර්ණයෙන් සමන්විතය. උදරය අඳුරු කහ හෝ දුඹුරු පැහැයක්‌ ගන්නා අතර දුඹුරු වර්ණ පුල්ලි මිශ්‍රව පවතී. එමෙන්ම උදරය දෙපසින් සුදු පැහැති රේඛා දෙකක්‌ දික්‌ අතට දිවෙයි. සම්පුර්ණ ශරීරයේ කොරපොතු ඉහළට එසවී තිබීම නිසා මතුපිට රැළි වැටුණු ස්‌වභාවයක්‌ උසුලයි. මේ නිසාම කියතක දත් යන අරුත දෙන ඉංග්‍රිසි නම ලැබී ඇත.

    ලෝකයේ සිටින පොළඟුන් අතරින් අධිකව විෂ ඇති දරුණුම පොළඟා ලෙස වැලි පොළඟා හැඳින්වුවද ශ්‍රී ලංකාවේ වැලි පොළඟා තුළ ඇති විෂ එතරම් ප්‍රබල නොවේ. මෙයට හේතු වශයෙන් විද්වතුන් දකින්නේ, මෙරට වැලි පොළඟුන්ට ඔවුන් ජීවත්වන පරිසරවල ආහාර බහුල වශයෙන් තිබීමත් හා ශ්‍රී ලංකාවේ වැලි පොළඟා ප්‍රමාණයෙන් කුඩා වීමත් නිසා දෂ්ට කරන අවස්‌ථාවේදී හරියාකාරව විෂ ශරීරගත නොවීම යන කරුණුය. ශ්‍රී ලංකාව තුළදී මෙතෙක්‌ වැලි පොළඟෙකුගේ දෂ්ට කිරීමකින් මරණයට පත්වූවකු පිළිබඳව වාර්තා වී නොමැත.

    සපාකන විටදී ඉතා ඉක්‌මනින් ඉදිරියට පැන යළි පස්‌සට පැනීම මෙම සර්පයාගේ සිරිතකි. කෙතරම් වේගයෙන් පහර දෙන්නේද යෑයි කිවහොත් දෂ්ටනයට ලක්‌වූ පුද්ගලයා ඇතැම් විට ඔහුව සපා කෑ බව පවා නොදනී. දෂ්ටනයට ලක්‌වූවකුගේ රෝග ලක්‍ෂණ ලෙස සපා කෑ ස්‌ථානය ඉදිමීම, දියර ගැලීම හා දිය පට්‌ටා ඇතිවීම මෙන්ම ශරීරගත අධික විෂ හේතුවෙන් රුධිරය කැටි ගැසීම වැනි තත්ත්වයන්ද ඇති විය හැකිය. ගැහැණු සතුන් වරකට පැටවුන් 3-15 අතර ප්‍රමාණයක්‌ බිහි කරයි.



    තිත් පොළඟා

    සිංහල – තිත් පොළඟා

    ඉංග්‍රීසි – Russells Viper

    විද්‍යාත්මක – Daboia russelli

    තිත් පොළඟෙකු සාමාන්‍යයෙන් අඩි 4 ක්‌ හෝ 4 1/2 ක ප්‍රමාණයක දිගින් වර්ධනය වේ. මහත ශරීරයෙහි වලිගය ඉතා කෙටිය. ශරීරයෙහි පිට පෙදෙස රතු වර්ණය මිශ්‍ර දුඹුරු පැහැයක්‌ ගනී. රවුම් හෝ ඕවලාකාර හැඩයෙන් පුල්ලි පේළි 3 ක්‌ දක්‌නට ලැබේ. එක්‌ පුල්ලි පේළියක්‌ සත්ත්වයාගේ පෘෂ්ඨියට මධ්‍ය ප්‍රදේශයේ දිග් අතට දිවෙන අතර අනෙක්‌ පේළි දෙක දෙපසින් පිහිටා තිබේ. පුල්ලි මැද ලා පැහැයක්‌ ගන්නා අතර වටේ කළු පැහැයක්‌ ගනී. එක්‌ පේළියක 23 – 30 අතර පුල්ලි ප්‍රමාණයක්‌ පිහිටා ඇත. උදරය කොටස ලා පැහැ මිශ්‍ර සුදු පැහැයක්‌ උසුලයි. එහි කළු පැහැති කුඩා ලප දැකිය හැකිය. හොඳින් වෙන්වුණු ගෙලක්‌ ඇත. හිස මැදට වන්නට ත්‍රිකෝණාකාර වූ තද දුඹුරු පැහැති ලපයක්‌ දක්‌නට ලැබේ. හිස දෙපසින් එම ලපය මැදිවන ලෙස සුදු පැහැයට හුරු ඪ හැඩයෙන් යාවුණු රේඛා දෙකකි. සර්පයාගේ නාසය ප්‍රදේශයේදී එම රේඛා දෙක එකතුවන පරිදි පිහිටා තිබේ. තිත් පොළඟාට විශාල වූ නාස්‌ කුහරද පිහිටා ඇත. ගැහැනු සතුන් වරකට පැටවුන් 25 – 40 ප්‍රමාණයක්‌ බිහි කරයි.

    තිත් පොළඟා ශ්‍රී ලංකාවේ පුළුල් ප්‍රදේශයක පැතිරී සිටී. මුහුදු මට්‌ටමේ සිට මීටර් 1800 පමණ උස ප්‍රදේශ දක්‌වා පැතිරී සිටින තිත් පොළඟා රාත්‍රි කාලයේදී ඉතා ක්‍රියාශීලීව හැසිරෙයි. දිවා කායේදී දිරාගිය මුල්, කොළ සහ ගල් ගොඩවල් යටට වී වාසය කරයි. මෙම සර්පයා විවේකීව සිටින විට දඟර ගැසී සිටින අතර දඟරය මැද හිස තබාගනී. කලබලයට පත්වූ විට හිස ඔසවා බලා දිවද එලියට දමා අධික ශබ්දයකින් නොනවත්වාම පිඹීමක්‌ ඇති කරයි.

    ශ්‍රී ලංකාව තුළ සර්ප දෂ්ටනයෙන් සිදුවන ජීවිත හානි වලින් වැඩි ගණනක්‌ වාර්තා වන්නේ මෙම තිත් පොළඟා දෂ්ට කිරීමෙනි. දෂ්ටකිරීම ඉතා වේගයෙන් සිදුකරන මෙම සර්පයා පළමු දෂ්ටනයේදී 75% ක පමණ විෂ ප්‍රමාණයක්‌ මුදාහරී මෙම විෂ ශරීරගත වීම හේතුවෙන් රුධිර සෛල විනාශ වී රුධිරය කැටිගැසීම වළකී. පසුව එම විෂ ස්‌නායු පද්ධතියටද බලපෑම් ඇති කරයි. මෙය මෙරට පොළොන් විශේෂයන් දෂ්ට කිරීමේදී දැකගත හැකි ලක්‍ෂණයති. මේ නිසා රෝගියාට වපරය, දිව එළියට දැමීමේ නොහැකියාව, ඇසිපිය කඩා වැටීම හා ආහාර ගිලීමේ අපහසුතාව මෙන්ම කට ඇරීමේ නොහැකියාව වැනි රෝග ලක්‍ෂණ ඇතිවේ.

    මිනිසාගේ විවිධ අවශ්‍යතා සඳහා සර්පයින් ජීවත්වන ප්‍රදේශ අනිසි ලෙස ආක්‍රමණය කිරීම නිසා ඔවුන්ට තම වාසස්‌ථාන අහිමි වෙමින් පවතී. එපමණක්‌ද නොව දුටු තැන සර්පයින් මරාදැමීම නිසා සර්ප වර්ගයන් වඳවීයැමේ තර්ජනයකටද ලක්‌වී තිබේ. සර්පයින්ට විෂ පිහිටා ඇත්තේ දෂ්ටකර මිනිසුන් මරාදැමීමට යෑයි පටු පරමාර්ථයෙන් සිතීම සාධාරණ නොවන්නකි. සර්පයින් සතු විෂ යනු ජීවත්වන පරිසරයේ බාහිර බලපෑම් වලින් ඔවුන්ට ආරක්‍ෂා වීම සඳහා අඩු වැඩි වශයෙන් සොබාදහමින් දායාද කරන ලද්දකි. එහෙත් සියොළඟෙහිම විෂ ඇති මිනිස්‌ වර්ගයා හමුවේ මේ සතුන් ජීවත්වීමේ වරම නොලබා විනාශ වන්නේද ඔවුන්ගේ ආරක්‍ෂාව සඳහාම ලැබූ විෂ නිසාවෙන්ම වීම කනගාටුදායකය.

    http://www.ceylonradio.co.uk/මාරාන්තික-විෂ-සහිත-සර්පය/
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලංකාවේ සර්පයෝ..සුළු විෂ සහිත සර්පයින්.

    ලංකාවේ මෙම කාණ්ඩයට වෙන්කළ හැකි සර්පයින් වර්ග 12ක් පමණ හඳුනාගෙන තිබෙනවා. මොවුන් දෂ්ඨ කිරීමෙන් මරණය සිදු නොවන අතර සුළු ඉදිමුමක් හා ඇතැම් විට වේදනාවක් ඇතිවිය හැකිය.

    මොවුන් ගැන දීර්ඝ වශයෙන් විස්තර කරන්න අවශ්‍ය නැති නිසා කෙටියෙන් ඡායාරූප ඇති අය නම් රූපයක් මගින් පමණක් හඳුන්වා දෙන්නම්.

    1. ලේ මාපිලා.

    නාග මාපිලා වශයෙන්ද හඳුන්වන මෙම සර්පයා Forsten's Catsnake යන ඉංග්‍රීසි නාමයෙන්ද Boiga forsteni යන විද්‍යාත්මක නාමයෙන්ද හැඳින්වේ.



    දිගින් අඩි 4ක් 4 1/2 පමණ වන සර්පයෙකි. වල්ගය අඩියක් පමණ දිගැතිය. දුඹුරු පැහැතිය. ශරීරයේ හරස් අතට සුදු පැහැ ඉරි වැනි සලකුණු දක්නට ඇත. ගස් මතද දැකිය හැක. ඇසේ කණිනිකාව බළලෙකුගේ වැනිය.


    ලංකාව, ඉන්දියාව හා නේපාලයෙන් වාර්ථා වී ඇත.

    2. රෑන් මාපිලා

    මෙම සර්පයා ඉංග්‍රීසියෙන් Gamma Catsnake ලෙසත් විද්‍යාත්මකව Boiga trigonata ලෙසත් හැඳින්වේ.



    ඔලිව් පැහැයට හුරු ශරීරයේ කළු හා සුදු පැහැති ඉරි වැනි සලකුණු දක්නට ඇත. අඩි 3ක් පමණ වන අතර වලිගය අඟල් 7ක් පමණ දිගුය. දකුණු ආසියානු රටවල දක්නට ලැබේ.


    3. නිදි මාපිලා

    ලංකාවේ සහ නැගෙනහිර ඉන්දියාවේ වාසය කරන සර්පයෙකි. Sri Lanka Cat Snake යන ඉංග්‍රීසි නාමයෙන්ද, Boiga ceylonensis යන විද්‍යාත්මක නාමයෙන්ද හැඳින්වේ.



    දුඹුරු පැහැ ශරීරයේ තද පැහැයෙන් සලකුණු ඇති මෙම සර්පයා දිගින් අඩි 4ක් පරණ වර්ධනය වේ. වල්ගය අඟල් 10ක් පමණ දිගුය.


    4. පඳුරු මාපිලා

    ලංකාවේ දක්නට ලැබෙන මෙම සර්ලයා Barnes's Cat Snake යන ඉංග්‍රීසි නාමයෙන් හැඳන්වේ. මොහුගේ විද්‍යාත්මක නාමය වන්නේ Boiga barnesii ය.



    මුහුදු මට්ටමේ සිට මීටර් 600ක් දක්වා පහත් බිම් වල වාසය කරයි. දුඹුරු ශරීරයේ තද දුඹුරු සලකුණු ඇත. අඩි 2ක් පමණ දිගට වර්ධනය වේ. උග්‍ර විෂ සහිත බවට මතයක් මිනිසුන් අතර ඇතත් සුළු විෂ සහිත සර්පයෙකි. දෂ්ඨ කිරීමෙන් මරණය ඇති නොවේ.

    5 කහ මාපිලා

    ලංකාවේ හා ඉන්දියාවේ දක්නට ලැබෙන සර්පයෙකි. Beddome's Cat Snake යනුවෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වන මෙම සර්පයාගේ විද්‍යාත්මක නාමය වන්නේ Boiga beddomei ය.



    මෙම මාපිල් වර්ග සියල්ලම අයත් වන්නේ කොලුබ්‍රිඩේ (Colubridae) කුලයටයි.

    6 හෙණ කඳයා

    ලංකාවේ හා ඉන්දියාවේ දක්නට ලැබෙන සර්පයෙකි. Brown Vine Snake යනුවෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වන මෙම සර්පයාගේ විද්‍යාත්මක නාමය Ahaetulla pulverulenta වේ.



    බොහෝවිට ගස් මත දක්නට ලැබේ. සිහින් දිග ශරීරයක් ඇත. නාසය උල් වන අතර නපුරු පෙනුමක් හිසේ ඇත. දිගින් අඩි 5ක් පමණ වේ. මෙම සර්පයා අයත් වන්නේද කොලුබ්‍රිඩේ කුලයටයි.


    7. ඇහැටුල්ලා

    දකුණු ආසියාවේ රටවල් බොහොමයක දක්නට ලැබේ. ඉංග්‍රීසියෙන් Green Vine Snake යනුවෙන් හඳුන්වන මෙම සර්පයා විද්‍යාත්මකව Ahaetulla nasuta ලෙස හැඳින්වේ.



    අඩි 5ක් පමණ දිග සිහින් ශරීරයක් ඇති මෙම සර්පයා ගස් මත වාසය කරයි. උල් නාසයක් සහිත හිස නපුරු පෙනුමක් ගනී. මෙම සර්පයා අයත් වන්නේද කොලුබ්‍රිඩේ කුලයටයි.


    8. මල්සරා

    පොල් මල් කරවලා හා මල් කරවලා යන නම් වලින්ද හැඳින්වෙන මෙම සර්පයා Gold & Black Tree Snake යනුවෙන් ඉංග්‍රීසියෙන් නම් කෙරේ. Chrysopelea ornata ornata යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ.



    ලංකාවේ වාසය කරන අලංකාරම සර්පයා ලෙස සැලකේ. දිගින් අඩි 4 1/2ක් පමණ වේ. බොහෝ විට ගස් මත වාසය කරයි. මොහු අයත් වන්නේද කොලුබ්‍රිඩේ කුලයටයි.


    9. දඟර දණ්ඩා

    ගස් මත වාසය කරන මෙම සර්පයා Sri lanka Flying Snake යන ඉංග්‍රීසි නාමයෙන්ද, Chrysopelea taprobanica යන විද්‍යාත්මක නාමයෙන්ද හැඳින්වේ.



    මෙම සර්පයා අයත් වන්නේද කොලුබ්‍රිඩේ කුලයටයි.


    10. කුණුදිය කළුවා

    ආසියවේ සහ ඕස්ට්‍රේලියාවේ දක්නට ලැබෙන සර්පයෙකි. ජලයේ වාසය කරයි. විශේෂයෙන් කඩොලාන ආශ්‍රිතවද දැකිය හැක. ඉංග්‍රීසියෙන් Dog Faced water snake යනුවෙන් හඳුන්වන මෙම සර්පයා Cerberus rynchops යන නාමයෙන් විද්‍යාත්මකව නම් කෙරේ.






    රූප දෙකෙන් දැක්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ හා සිංගපූරුවේ ගන්න ඡායාරූප බව සලකන්න.

    දිගින් අඩි 4ක් පමණ වේ. මෙම සර්පයා අයත් වන්නේද කොලුබ්‍රිඩේ කුලයටයි.

    11. නිහලුවා

    ලංකාවට ආවේණික සර්පයෙකි. ඉංග්‍රීසි භාෂාවෙන් Sri lanka Keel Black හෝ Blossom Krait ලෙස හැඳින්වෙන මෙම සර්පයා විද්‍යාත්මකව Balanophis ceylonensis ලෙස නම් කර ඇත.



    අඩි 1 1/2ක් පමණ දිගු සර්පයෙකි. තෙත් කලාපයෙන් වාර්ථා වී ඇත. කොලුබ්‍රිඩේ කුලයට අයත්වේ.

    12. දිය වර්ණ.

    ජලයේ ජීවත් වන මෙම සර්පයා Gerard's Water Snake යන ඉංග්‍රීසි නාමයෙන් හඳන්වන අතර විද්‍යාත්මකව Gerarda prevostiana නම්වේ. ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, තායිලන්තය, පිලිපීනය, මැලේසියාව සහ සිංගප්පූරුව යන රටවල දක්නට ඇත.



    අඟල් 16ක් පමණ දිගු මෙම සර්පයා අයත් වන්නේ කොලුබ්‍රිඩේ කුලයටයි.

    මේ අනුව ලංකාවේ වාසය කරන සියලුම සුළු විෂ සර්පයින් අයත් වන්නේ කොලුබ්‍රිඩේ (Colubridae)කුලයටයි. මෙම සර්පයින් දෂ්ඨ කිරීමෙන් මරණ වාර්ථා වී නැත. පොල්මල් කරවලා හෙවත් මල්සරා දෂ්ඨ කිරීම නිසා මරණ සිදුවන බවට මතයක් ඇතත් එයද මිත්‍යාවකි. තවද පොල්මල් කරවලා හා මල් කරවලා යන සර්පයින් නියම කරවලුන් නොවේ. නියම කරවලුන් අයත් වන්නේ Bungarus යන ගනයටයි.එමෙන්ම ඔවුන් ඉලැපිඩේ කුලයට අයත්.

    මෙතෙක් විස්තර කළ සර්පයින් හැර විෂ සහිත සර්පයින් ලෙස පෙන්වා දිය හැක්කේ මුහුදු සර්පයින් පමණි. ලංකාවේ හමුවන ඉතිරි වර්ග 61 පමණ වන සියලුම සර්පයින් විෂ රහිතවේ.

    http://naleensanjeewa.blogspot.com/2013/01/blog-post.html
     
    • Like
    Reactions: rock pora

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හතරගාතෙන් ගිය සර්පයෝ



    වර්තමානයේ සර්පයන්ට පාද නැතත් අදින් වසර කෝටි 11.3ට පෙර මිහිමත විසූ සර්පයන්ට පාද හතරක් තිබූ බව බ්‍රසීලයෙන් හමුවූ පොසිලයක් පරීක්ෂාකළ විද්‍යාඥයෝ කියති.
    එය මෙතෙක් ලෝකයේ හමුවූ මේ වර්ගයේ එකම ෆොසිලයයි. එහි කකුල් හතර පැහැදිලිවම දක්නට ලැබීම විශේෂත්වයකි. එම ෆොසිලය හමුවීමට පෙර පසුපස ගාත්‍රා සහිත ෆොසිල කිහිපයක් කලින් හමුවී ඇතත් ඒවායේ ඉදිරි ගාත්‍රා දක්නට ලැබුණේ නැත.
    විද්‍යාඥයන් පවසන්නේ මේ ෆොසිලය නාගයාගේ සැබෑ පූර්වජයා බවයි. පාද හතරක් සහිත අතීත සර්පයන්ගේ ගාත්‍රා හතරම ගමන් කිරීමට නොව ගොදුරු අල්ලා ගැනීමට යොදා ගන්නට ඇති බව ද විද්‍යාඥයෝ කියති. එමෙන් ම ඔවුන් පිහිනීමට හැකියාවක් නොදැක්වූ බව ද පර්යේෂණවලින් හෙළිවී ඇත. වලිගය පිහිනීමට හැකියාවක් ඇති ලෙස හැඩගැසී නැති බවත් වරල් නොතිබූ බවත් ෆොසිල පරීක්ෂාවේ දී තහවුරු වී ඇත.
    මේ සත්ත්වයාගේ දිගු බඳ කොටස හා කෙටි හොම්බ දර්ශීය බෙන හාරන්නකුගේ හැඩය ගෙන ඇති බැවින් විද්‍යාඥයන් පෙන්වාදෙන්නේ ඔවුන් ගුල් හාරමින් පොළොවේ ජීවත් වූ බව විශ්වාස කළ හැකි බවයි.
    ගොඩබිම සිටින සර්පයන්ගේ පූර්වජයා අතීත මුහුදු උරගයන්ගෙන් පැවත ආ කොටසක් යැයි පාෂාණිභූත විද්‍යාඥයන්ගේ මතයක් විය. දැන් ඒ මතය බැහැරවන බව පර්යේෂකයෝ කියති. මේ ෆොසිලය අනුව පෙනී යන්නේ සර්පයන්ගේ අතීත පූර්වජයා ජලයේ ජීවත් වූ සත්ත්ව විශේෂයක් නොවන බවයි.
    හමුවූ මේ ෆොසිලය සෙන්ටිමීට 19.5ක් දිගැතිය. ටෙට්‍රාෆොඩොප්ස් ඇම්ප්ලෙක්ටස්ගේ අත් කකුල් සෙන්ටි මිටර හතරක් හා හතක් දිගුය. බොහෝ විට මොවුන්ගේ පාද සංසර්ග ක්‍රියාවලියට උදව්වන්නට ඇති බව ද විද්‍යාඥයෝ විශ්වාස කරති.
    මේ ෆොසිලය සොයාගෙන දශක ගණනාවක් එය ජර්මනියේ සොල්න්හෝෆන් කෞතුකාගාරයේ පුද්ගලික ෆොසිල එකතුවක පසෙක දමා තිබී ඇත. එය වර්ගකැර තිබුණේ හඳුනානොගත් සත්ත්ව විශේෂයක ෆොසිලයක් ලෙසිනි.
    පසුගිය දා මේ ෆොසිලය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ සිදුකළ අචාර්ය ඩේව් මාටිල් පවසන්නේ තම සිසුන් කිහිප දෙනකු සමග කෞතුකාගාරය නැරඹීමට ගිය අවස්ථාවේ නූලක් වැනි මේ ෆොසිලය දැක මහත් පුදුමයට පත්ව කතා කරගැනීමට පවා නොහැකිවූ බවයි.

    http://www.lankadeepa.lk/index.php/articles/337517






     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,186
    20,484
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    TFS!
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    විෂ රහිත සර්පයෙක් වන මල් කරවලා

    මේක ඇත්තද බන් ? මන් හිතාගෙන හිටියේ කරවලා විශේෂ ඔක්කොම විෂ ඇති කියලා.