Toyota Prius කියන්නෙ මෝටර් රථ ලෝකයේ අන්ත දෙකක් අතර කතා බහට ලක් උනු රථයක් කීවොත් නිවැරදියි. ඉන්ධන කාර්යක්ෂමතාවට ප්රමුඛතාව දෙන බහුතරයකගේ ජනප්රියත්වය එක පසකින් දිනා ගන්නා අතර එය රථයක් ධාවනය සහ එහි හැඟීමක් නැති බොරීන් කාර් එකක් ලෙස සමහරු අර්ථ දක්වනවා. ඒ කෙසේ උනත් මෝටර් රථ ලෝකයේ තවත් පෙරලිකාර රථය උනු Prius කාර් එක මේ වන විට ලොව වටා මිලියන 3.5ට වැඩිය අලෙවි වී තිබෙනවා. මෙවන් තත්වයකදී 2016 වර්ෂයේ එලි දක්වන Toyota Prius 4th Generaation රථයට මේ සියලු දෙනාගෙම අවධානය යොමුව තිබෙනවා.
පෙර රථ තුනටම වඩා මෙම රථය අලුත්ම TNGA (Toyota New Global Architecture) නමින් හඳුන්වන අලුත්ම ආකෘතියක් මතයි ගොඩ නැගෙන්නෙ. ඒ අනුව කලින් මොඩල 3ටම වඩා මෙහි වෙනස්කම් තිබෙන්න බව වාර්ථා වෙනවා. ප්රධාන වශයෙන් මෙහි Toyota Safety Sense features නමින් හැඳින්වෙන ආරක්ෂිත පද්ධතියක්ද ඇතුලත් වෙනවා. මෙමගින් වාහනය හැප්පිමට පෙර අනතුරු හැඟවීමේ සංඥා නිකුත් කිරීම, පදිකයන්, මංතීරු මාරු කිරීමේදි අනතුරු වැලැක්වීම (scan blind-spot) සහ ලංකාවෙ අපිටනම් ගොඩක් ප්රයෝජනවත් වෙන ස්වයංක්රීය ප්රධාන අලෝකය (high beam to low beam) මාරු කිරීම (මේක ලංකාවෙ අය කරන්නෙම නැති දෙයක්නේ) ඇතුලු උපාංග තිබෙනවා. තවද රථයේ centre of gravity පහතට ගෙන ඇති අතර, කලින් පැවති ටෝෂන් බාර් (torsion-bar) suspension වෙනුවට control arm සහිත අලුත් පද්ධතියෙන් රථයේ පාලනය වැදි දියුණු කර තිබෙනවා.
රථයේ exterior පිලිබඳව සලකා බැලුවොත් පෙර මාදිලි වලට වඩා වහල පැතලි කර තිබෙන අතර පිටිපස defusor එකක් සවිකර තිබෙනවා. නමුත් මේකෙන් ඉන්ධන කාරයක්ෂමතාවට වඩා අලංකාර පෙනුමක් ලබා දී තිබෙන බවයි අපේ හැඟීම. සමස්ථයක් වශයෙන් රථයේ පළල අඟල් 0.6 සහ දිග අඟල් 2.4 වැඩි වී ඇති අතර උස අඟල් 0.8 අඩු වෙලා තිබෙනවා. ටිකක් sporty ගතියක් එකතු කර තිබෙන interior වල ප්රධාන වෙනස තමයි ගියර් ලීවරය පෙර මාදිලි වලට වඩා, මැද තිබෙන උපකරණ පුවරුවේ ඉදිරියට ගෙනවිත් තිබීම.
Last edited:


patta banz 
මරු ඇඩ් එක බොල..... 
