ඇය 18+

karikota

Well-known member
  • May 26, 2015
    358
    408
    63
    වකපුටේ
    මොකෝ කියන්නේ වෙලාව 8.45යි ..බාර් වහනවා..තව බෝතලයක් ගේමුද.පස්සෙ නරු නුරු එපා..
    ඇති බන් මට නම්..තව බීවොත් අනිවා කබරයා දානවා මම ..
    ජොයින්ට් පොඩ්ඩක් තියනවා ඔතන්ඩද..
    බෑ බන් ..මම ගන්ජා ගහලම නෑ..
    අපෝ ගහපන්...කොල්ලෙක් උනාම ගන්ජා පොඩ්ඩක් ගහන්න ඕනෑ..හසරැල් .
    බෑ බන්..දැන් බීලා ඕවත් ගැහුවොත් මට පිස්සු හැදෙයි ..
    හ්ම්ම් ..මේ අහපන්කෝ ..බඩු පොට් එකක් තියනවා යන්ද..සුපිරි කෑල්ලි ඉන්නෙ .ලොන්ත නෙමේ අලුතින් බැස්ස ඒවා..4000යි.මගෙ යාලුවෙක් කරන්නෙ ගාන අඩු කරලා දෙන්නම්..
    අනේ බන් ..බෑ .මම සිරාවටම බඩු සබ්ජෙට් නෑ බන් දිමුතුවා..අනික හැමතැනම ඒඩ්ස් බන්..සල්ලි දීලා ලෙඩ ගන්න බෑ..
    බය වෙන්න එපා..මෙතන උන්ට ලෙඩ නෑ බන් .සුපිරියට කරන පොට් එකක්..ජොයිනට් පොඩ්ඩක් ගහලා..කියුපින් කියලා ටැබ්ලට් එකක් තියනවා ඒකත් ගහලා ගියාම බඩුවක් මරලා ආවැකි.
    ඇත්තටමද බන් ගන්ජා ගහපුවාම ගොඩක් වෙලා ඔය වැඩේ කරන්න පුලුවන් කියන්නෙ..
    නැතුව බන්..මම හැමදාම යන්නෙ එහෙම ..යනගමන් පෙත්තකුත් ගහලා යන්නෙ..පලවෙනි පාර විනාඩි 30ක් සුවර්..දෙවනි පාර පැයකට කිට්ටුයි..කෑල්ල,මැරෙන්නෙ නැති එක විතරයි ..
    පවු බන්..
    හාරදාහක් ..දීලා .හුරතල් කරන්නද කියන්නෙ උබ..සල්ලි වලට හරියන්න..සැපගන්න ඕනෑ ..මස්සිනා.
    වරෙන්කෝ යන්න..
    උබ යමන් දිමුතුවා..මට බෑ බන්.. සිරාකතාව..මම කවදාවත් බඩු ගහලා නෑ..
    ලැජ්ජයි යකෝ..හසරැල් ..නැගපන් බයික් එකට..
    අනේ බෑ බන්..උබ යමන්..
    හරි හරි මාව දාලා වරෙන් ..
    .....................................................
    වරෙන් ඇතුලට යන්න..කෑල්ලි ටික බැලුවාම උබ බෑ කියන එකක් නෑ..
    අපෝ බෑ ..උබ වැඩේ කරන් වරෙන් ..
    කෑල්ලි ටික බලන්න වරෙන්කෝ
    හ්ම්ම් ...යමන්කෝ එහෙනම්..
    ඔහු මාව ඇතුල් කාමරයකට එක්කන් ගියේය..කාමරයේ තරුණ යුවතියන් 5ස් දෙනෙක් සිටියාය.ඔවුන් එක සේ සුන්දරයි ..සමහරුන්ට අවුරුදු විස්සක් වත් නැති තරම්ය..
    කොහොමද කෑල්ලි ටික..පට්ට නේද..අර කොනේම ඉන්න පොඩි එක ඒක තමා මගෙ චොයිස් එක..තාම ෆුල් fresh බන් ඒකී..පොඩ්ඩක් හිටපන් කෝල් එකක් ..මම එලියට ගිහින් එන්නම්..
    අයියේ....
    නොසිතූ ලෙස යුවතියක් මා සමීපයට ආවාය..
    අනේ ..අයියේ ..පොඩි උදවුවක් කරන්න..
    මොකද්ද ..
    අනේ අර අයියට කලින් ..ඔයා මාව ගන්න..නැත්නම් එයා මාව ගන්නෙ..මට උණ අයියේ..එයා අරගත්තොත් මාව මැරෙයි .පන නැතිව ඉන්නෙ..එයා ගොඩක් වද දෙනවා...
    ආ.ආ.ආ මම කීවේ හසරැල් උබට දැක්කාම ආස හිතෙයි කියලා .ඒත් ඕක මගෙ බන්..වෙන ඕනැ එකක් ගනින්.මම සල්ලි දෙන්නම්..
    දිමුතුවා ..මට අනිත් ඒවා interest නෑ බන්..අරක නම් මරු..
    හ්ම්ම් ..කමක් නෑ..මම වෙන එකක් උස්සන්නම්...උබ ගනින් ඕක..
    .....................................
    ඇය කාමරේට ගියපසු මට දෑත් එක්කර වැන්දේය..
    මහත්තයෝ අනේ පිංසිද්ද වෙනවා.මහත්තයෝ ගොඩක් මහන්සි වෙන්න නම් බෑ..ඒත් මම මහත්තයට සලකන්නම්..
    ඇය බ්ලවුස් එක කරෙන් පන්නමින් කීවාය..
    එපා නංගි...ඔයා නිදාගන්න..
    අනේ මහත්තයා ..එහෙම හරි නෑනෙ..ඔයාගෙ සල්ලි අපරාදේ.හාරදාහක් නෙ.ඒත් අපිට හම්බවෙන්නෙ කොමිස් එකක් මහත්තයා ..මේ මහත්තයා එක්ක අද ආපු තුන්වෙනියා..දවසකට 5ක් එක්ක හිටියොත් 2000ක් දෙනවා..නැත්තම් එක්කෙනෙක් එක්ක හිටියොත් අටසීයයි මහත්තයා ..
    මහත්තයා ...බේත් බීලා චුට්ටක් හිටියාම උන අඩුවෙයි..කලින් අපු මිනිහා මාව මැරුවා මහත්තයා ..ඒකයි උන වැඩි උනේ..තාත්තා වගේ ඒ මිනිහා..ඒත් පුදුම වදයක් දුන්නෙ..මහත්තයා විනාඩි 10නිදාගන්නම්.ඇහැරලා ඕනෑ දෙයක් දෙන්නම්.
    මොකුත් එපා..නංගි නිදාගන්න ..
    ඔලුව රිදෙනවා මහත්තයා ගොඩක් ..
    නිදාගන්න මම නින්ද යනකන් ඔලුව අත ගාන්නම්..
    මගේ ඇගිලි තුඩු ඇගේ හිසකේ අතර දීවෙමි..ඇගේ ඇස් වලින් කදුලු බිදු වැටිනි..
    ඇයි අමාරුයි ද නංගි..
    නෑ මහත්තයෝ ..මමත් ලේ මස් වලින් හැදුනු කෙල්ලක් මහත්තයෝ ..කවදාවත් කවුරුවත් ඇවිත් ඔහොම ඔලුව අතගාල නෑ..මාම පොඩි කාලේ ආදරේ කියලා රැවටිලා මිනිහෙකුට මෙහෙම උනේ..එදා ඉදන් එක එක මිනිස්සු මගෙ ඇග උඩ නැග්ගා.මගෙ ඇගේ හැම සිදුරක්ම උන්ගේ කුනු යවාගන්න පාවිච්චි කලා.මහත්තයා ඔලුව අත ගාද්දී මටත් ආදරේ චුට්ටක් දැනුනා...ඒක මට නුහුරුයි.ඒත් මට ගොඩක් වටිනවා..
    මගේ පපුව හිරවිය..මම අපුලක් නැතිව ඇය තුරුලුකරන් හිස අත ගෑවෙමි.
    මහත්තයෝ ...ගොඩක් පිං...අයේ කවදාවත් මේ වගේ තැනකට එන්න එපා..
    එපා මහත්තයා කියන්න .අයියා කියන්න ..මම කවදාවත් ඇවිත් නෑ..යාලුවා බල කරපු හින්දා ආවේ..
    මට දැනුනා මහත්තයා .නුහුරුවට අල්ලද්දී.
    මේ ජීවිතෙන් යන්න ඔයා නංගි ..
    බෑ මහත්තයා ..නංගිට ලියුකේමියාව..එයාගේ බේත් වලට ගොඩක් සල්ලි ඕනෑ..
    මම නිරුත්තර විය..
    මහත්තයා ....
    කියන්න නංගි..
    අයේ දවසක මේ පැත්තේ ආවොත් ..අනේ ..මම යද්දී සල්ලි දෙන්නම්.මෙහෙම තුරුල් කරන් ඉදලා යන්න.
    (රෑ 12.17.නිදිමතයි....එපා කවදාවත් බඩු පොට් එකකට යන්න..ඒ කාගෙ හරි දුවක් ,සහෝදරියක් ,අම්මෙක්..දවසක එවැනි කනෙකට අවංකකම ආදරය කරන්න.ජීවිතය දෙන්න..)

    -උපුටා ගැනීමකී-
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    14.jpg


    මම මුකුත් කියන්නෙම නෑමයි. . හිත රිදෙන කතන්ද බෝමයි. .
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    ඇස් වලට කඳුළු ආව ඔයි
    කතාවක් උනත් ගොඩක් දුක හිතුන බන් සිරා :(:(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මිනිස් පරිනාමය , සංස්කෘතිය , ආගම් මේ හැම දෙයක්ම සකස් වෙලා තියෙන්නේ සමස්ත ජනග්‍රහණයෙන් 1% -5%ක් අතර පිරිසකට සැපවත් ජිවිත ලබා දෙන්න... අනිත් මිනිස්සු ඔය සැපවත් ජිවිත ගත කරන බලවත් කොටස ක්‍රියාත්මක කරලා තියන propaganda එකට රැවැටිලා මිරිගුවක් දෙසට ගමන් කරනවා...
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    දුක හිතුනට හිතට වැදුනා කතාව...
    ඔය ආකාරයේ කතා කිහිපයක්ම කියවලා තියනවා පත්තර සහ net එකෙන්. TFS.


    :yes: :yes: :yes:
    ඒත්, ඔය කෙල්ලෝ ගොඩක් වෙලාවට ඕවාට දන්නෙම නැතුව අහුවෙන්නේ...
    ඒ කියන්නේ හොඳ රස්සාවක් දෙන්නම් කියලා එක්ක ගිහින් බලෙන් තියාගෙන් ඉන්නවා කියලා ළඟදි ගිය news දෙක තුනකම තිබුණා... ඇත්ත වෙන්න ඇති...
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    අඩෝ ඇඟ සීතල වෙලා ගියා. සිරාවටම මෙහෙම සිද්ධි අනන්තවත් තියෙනව බං. හොට් ගර්ල්ස් වෝන්ටඩ් ෆිල්ම් එක මේ ලඟදි බැලුවා. පව් ඒ කෙල්ලො විඳින දුකක්. මෙහෙත් මොන තරම් කෙල්ලො ඊට අන්ත විදියට දුක් විඳිනව ඇද්ද. පිරිමි වුන අපිට මොන විසේ තිබ්බත් කෙල්ලෙක් කියන්නෙත් හැඟීම් දැනීම් තියෙන වේදනාව දුක දැනෙන කෙනෙක්නෙ. :(:( මට පට්ටම දුක හිතුනා බං මේක කියෝලා. මේක කතාවක් වුනත් නොවුනත් මේ වගේ කෙල්ලෝ ඕන තරම් සමාජේ ඉන්නවා. සමහර උන් ඉගෙනගන්න වියදම් කරන්න ඕක කරනවා. පව් අසරණ ජීවිත. කෙල්ලෙක්ට ඔහොම කරන උන්ට කර්මෙන් රිටන් එද්දි නම් කෙලෝලම යනව ඉතින් ලේසි වෙන්නේ නෑ. එතකොට විඳවන්නයි තියෙන්නේ අඬ අඬ. ඒ වගේම තමයි කොල්ලන්ගේ ජීවිත නැති නාස්ති කරන කෙල්ලොන්ටත්.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    14.jpg


    මම මුකුත් කියන්නෙම නෑමයි. . හිත රිදෙන කතන්ද බෝමයි. .

    පැනියගේ සමහර කතා පට්ට. එත් මේ කතාවේ පොඩි නොගැලපීමක් තියනවා.
    එත් ගණිකාවක් කියන තැනට වැටෙන්නේ ලස්සනක් යන්තම් හරි තියන නිසානේ.
    කරන්න පුළුවන් කෙනා කරනවා.
    එත් සමහරවිට හරි වයස පහු උනහම ඔය තැනට වැටෙන්න පුළුවන්.

    හැමෝම ඉලක්ක කරලා කියනවා නෙමෙයි.
    ආත්ම ගෞරවේ තියාගෙන රස්සාව කරන මිනිස්සු ඇති.