ඉන්දික තොටවත්ත ගැන මට හිතෙන හැටි

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉන්දික තොටවත්ත ගැන මට හිතෙන හැටි

    මම කාලයක් තිස්සේ ඉන්දික තොටවත්ත ගැන අවදානයෙන් බලන් හිටපු කෙනෙක්. මට ඔහු ගැන හිතෙන දේ කියන්න ඕනේ කියලා හිතුණා.

    මම දකින විදියට නම් ඉන්දික තොටවත්ත කියන්නේ උපතින් අන්ධයෙක් වුවත් අසාමාන්‍ය බුද්ධිමතෙක්. ඒ බුද්ධිය පාවිච්චි කරලා තමන්ගේ පැවැත්ම තහවුරු කර ගත්තු කෙනෙක්.

    ඉන්දික තොටවත්ත විවාදෙක කතා කරන විදිය බලාගෙන හිටියොත් තේරුම් ගන්න පුළුවන් ඔහු අසාමාන්‍ය මතකයක් වගේම ඉක්මනින් දෙයක් තේරුම් අරන් ක්ෂණිකව ඊට ගැලපෙන උත්තර ගලපලා දෙන්න පුළුවන් පුද්ගලයෙක් බව. ඒ හැකියාව ගැන ඔහුට විශ්වාස නිසා තමයි බය නැතුව විවාදවලට එන්නේ ඇස් පේන රටේ නමගිය උගත් පුද්ගලයින් එක්ක. මුලින්ම නොපෙනෙන ලෝකය එකේ විද්‍යා කුලපති එක්ක විවාද කළා. ඒ වගේම ලඟදි මනෝ වෛද්‍ය විශේශඤක් එක්කත් විවාද කළා. ඒ දෙකම සාර්ථක ලෙස ගොඩ දැම්ම කියල බලන් ඉන්න අයට පේනවා.

    නිකමට හිතපන් ඇස් පේන්නේ නැති අන්ධයෙක් විදියට ඉපදුනු අසාමාන්‍ය බුද්ධිමත් පුද්ගලයෙක් ගැන. ඔහු මොනවා කරයිද?

    රස්සාවක් කරන්න බෑ. වැඩිම වුනොත් අන්ධ විද්‍යාලයක ගුරුවරයෙක් වගේ වෙන්න පුළුවන්. නැත්නම් ඉතින් ජීවිත කාලෙම අනුන්ගෙන් යැපෙන්න වෙන්නේ පොඩි පොඩි දේවල් කළා වුනත්. කවදාවත් 'පොරක්' වෙන්න ලැබෙන්නේ නෑ.

    ඒත් ඉන්දික තොටවත්ත කියන්නේ එහෙම ඉන්න කැමති වෙච්ච එකෙක් නෙමෙයි. ඒත් කවදාවත් ලොකු රස්සාවක් කරන්න ඩොකෙක් වෙන්න, ඉංජිනේරුවෙක් වෙන්න, සමාජයේ ලොකු පිළිගැනීමක් තියෙන කෙනෙක් වෙන්න කවදාවත් ඔහුට බෑ ඔහු අන්ධයෙක් නිසා.

    ඒ වෙනුවට ඔහු කලේ ඔහුගේ බුද්ධිය පාවිච්චි කරලා ඔහුට කරන්න පුළුවන් සුදුසුම රැකියාව තෝරා ගත්තු එක. ජෝතිෂ්‍ය.

    ලංකාවේ ඉන්න ජෝතිෂ්‍ය කාරයෝ පච වෙලා කුජීත වෙච්ච කාලෙක විද්‍යා දැනුමත් එක්ක එකට එකතු කරලා ජෝතිෂ්‍ය තුලින් මිනිස්සු අතරට යන්න මොහු උත්සාහ කළා. (පිටිදුවේ සිරිදම්ම හාමුදුරුවෝ විද්‍යාවත් එක්ක බණ කිව්වා වගේ). ඒ වැඩේ සාර්ථක කර ගන්න ඔහුගේ අසාමාන්‍ය බුද්ධිය, කථන හැකියාව, විවාද කිරීමේ හැකියාව සහ පොත පතින් ලබාගත් මහා දැනුම උපකාරී කර ගත්තා. ජෝතිෂ්‍ය වෙනස්ම විදියකට අර්ථ දක්වන්න පටන් ගත්තා. ඒ ජෝතිෂ්‍ය ඇත්ත නිසා නෙමෙයි. මොහුට ගොඩ යන්න තියෙන මාර්ගය ඒක නිසා. ඒ නිසා රටේ ලොකු ලොකු සංවාදවලට එකතු වුණා. බුද්ධිය පාවිච්චි කරලා අනාවැකි කිව්වා. (මහින්ද පරදින එක වගේ). ඉතින් අන්තිමට ඔහු රටේ හිටපු ජනාධිපති ජෝතිෂ්‍ය කාරයෝ හිටන් පරාජය කරලා ලංකාවේ ඉන්න සුපිරිම ජෝතිෂ්‍ය වේදියා වුණා.

    මම නම් හිතන්නේ ඔහු පවා දන්නවා ඔහු කරන්නේ බොරුවක් බව. නමුත් ඔහු බුද්ධිමත් නිසා ගේම ගහගෙන යනවා. ඒ ඔහුගේ පැවැත්ම වෙනුවෙන්. දැන් ඔහුව මුණ ගැහෙන්නවත් බෑ සාමාන්‍ය පුද්ගලයෙකුට. ඔහු අනාවැකි කියන්නේ ප්‍රභූ වරුන්ට විතරයි.

    ඉතින් මම නම් හිතන්නේ ජෝතිෂ්‍ය කෙසේ වෙතත් ඉන්ද්ක තොටවත්ත කියන්නේ තමන්ගේ බුද්ධිය සුපිරි ලෙස පාවිච්චි කරලා ජීවිතේ ජයගත්තු පුද්ගලයෙක් කියලා. උපන් දා ඉඳලා ඇස් දෙක පේන්නේ නැතුව ලෝකේ මොන වගේද කියලා දකින්නේවත් නැතුව සාමාන්‍ය මිනිහෙකුටත් වඩා හොඳින් ඉගෙනගෙන දැනුම රැස් කරගෙන ඒ දේ තමන්ගේ ඉලක්කය ජය ගන්න මෙහෙයවලා ජය ගත්තු කෙනෙක්. තමන්ගේ දුර්වලකම් ගැන දුක් වෙවී ලත වෙවී ඉන්න අයට ආදර්ශයට ගන්න පුළුවන් දක්ෂයෙක්. :yes::yes::yes:

    (ජෝතිෂ්‍ය කියන්නේ ඔහු ගොඩ යන්න පාවිච්චි කරපු මාර්ගය. මම නම් ජෝතිෂ්‍ය විශ්වාස කරන්නේ නෑ.)

    - මේ ඔක්කොම මොහු ගැන මට හිතුනු දේවල්. මේවා ඇත්ත වෙන්න හෝ නොවෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: DAMER

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    mama jothishyaga gana liyapu atikal eka balapan ,oya dokata oyita wada gahannapoint eke thiyenawa
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ජෝතිෂ්‍යය මොන බන්බුවක්ද ??????????
    http://www.elakiri.com/forum/showthread.php?t=1715706
    විෂය ක් හරිද වැරදි ද කියන්න එක හදාරන්න ඕනේ ,එතකොට ඇත්ත තේරෙනවා ,අතක් පාතක් නැති උන් පොතක් කියවල නමක් ගහගෙන ජෝත්ර් වේදීන් කියල මින්ස්සු රැවටීම නිසා විෂය හැල්ලු වෙනවා,මිනිස්සු රැවටෙනවා .එනිසා යි මෙහෙම වෙන්නනේ ,එක විෂය වැරැද්ද නෙමේ ,ප්‍රමිතියකින් තොර විදිහට විෂය බාවිතය හා නියාමනයක් නැති එක :cool::cool::cool:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කෝ කෝ? :nerd:
    මේ ලිපියෙත් පොඩි පොඩි අඩු පාඩු කීපයක් තියෙනවා ,එක පස්සේ අහගත්තෙ ,එත් මේක විෂය ගැන අදහසක් ගන්න වැදගත් වෙයි කියල හිතනවා ,ඉන්දිකගේ නිර්බිත විදිහට විෂය නිවැරදි බාවය වෙනුවෙන් පෙනී සිටීම අගය කරනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    ඇත්ත මචන්. සහජ හැකියාවක් තියෙනවා. මට හිතෙනවා මෙයා තුන්වෙනි පාර්ශවයක් එක්ක නිතර නිතර ගනුදෙනු කරනවා කියලා. ඒ කිව්වේ නොපෙනෙන බලවේගයක් එක්ක. වයසට සාපේක්ෂව කරුනු ගොඩක් දන්නවා. ඒ කරුනු අන්ධ අයට කියවන පොත්වලින් ලබා ගත්තු දැනුම වෙන්න බෑ. කවුරු හරි උදව් කරනවා. හැබැයි ඒව නම් ලොකු වැඩ නෙවෙයි. මොකෙක් හරි බැඳ ගත්තට පස්සෙ ඕන තරම් වැඩ ගන්න පුළුවන්. ඩොකා කතා කරපු විදිය නම් අන්තිමයි. අහිංසකයෙක් නිසා ගරු කරලා කතා කරන්න ඕනේ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජෝතිෂ්‍යය මොන බන්බුවක්ද ??????????
    http://www.elakiri.com/forum/showthread.php?t=1715706
    විෂය ක් හරිද වැරදි ද කියන්න එක හදාරන්න ඕනේ ,එතකොට ඇත්ත තේරෙනවා ,අතක් පාතක් නැති උන් පොතක් කියවල නමක් ගහගෙන ජෝත්ර් වේදීන් කියල මින්ස්සු රැවටීම නිසා විෂය හැල්ලු වෙනවා,මිනිස්සු රැවටෙනවා .එනිසා යි මෙහෙම වෙන්නනේ ,එක විෂය වැරැද්ද නෙමේ ,ප්‍රමිතියකින් තොර විදිහට විෂය බාවිතය හා නියාමනයක් නැති එක :cool::cool::cool:

    උඹ මේ දේ හරියට ඉගෙන ගන්න උනන්දු වෙච්ච එකම වටිනවා මචන්. මම නම් ජෝතිෂ්‍ය පිළිගන්නේ නැත්තේ ලෝකයේ වැදගත් සිදුවීම් කිසිම දෙයක් ජෝතිෂ්‍ය හරහා අනාවැකි කියලා නැති නිසා කවදාවත්.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    උඹ මේ දේ හරියට ඉගෙන ගන්න උනන්දු වෙච්ච එකම වටිනවා මචන්. මම නම් ජෝතිෂ්‍ය පිළිගන්නේ නැත්තේ ලෝකයේ වැදගත් සිදුවීම් කිසිම දෙයක් ජෝතිෂ්‍ය හරහා අනාවැකි කියලා නැති නිසා කවදාවත්.
    අනාවැකි ගන්න සැහෙන මීටරයක් ඕනේ බන් ,අනික නිවැරදි දත්ත ඕනේ ,ප්‍රදාන නායකයන්ගේ වගේ අයගේ හරිම වෙලාව නැ ,දල වෙලාවල් තියෙන්නේ ,එනිසා තොරතුරු තිනවන්ම් ,දක්ෂ තාවය ,නිවැරදි ගුරු උපදේශය ,හා පළපුරුද්ද තුල අනාවැකි කියන්න පුළුං
    ඉන්දියාවේ කොචර ජෝතිෂ්‍ය පර්යේෂන ලිපි යනවද ,පර්යේෂන කරනවද ?
    අපේ එවුන් මිනිස්සු රැවටීම හැර මොනවද කරන්නේ
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඇත්ත මචන්. සහජ හැකියාවක් තියෙනවා. මට හිතෙනවා මෙයා තුන්වෙනි පාර්ශවයක් එක්ක නිතර නිතර ගනුදෙනු කරනවා කියලා. ඒ කිව්වේ නොපෙනෙන බලවේගයක් එක්ක. වයසට සාපේක්ෂව කරුනු ගොඩක් දන්නවා. ඒ කරුනු අන්ධ අයට කියවන පොත්වලින් ලබා ගත්තු දැනුම වෙන්න බෑ. කවුරු හරි උදව් කරනවා. හැබැයි ඒව නම් ලොකු වැඩ නෙවෙයි. මොකෙක් හරි බැඳ ගත්තට පස්සෙ ඕන තරම් වැඩ ගන්න පුළුවන්. ඩොකා කතා කරපු විදිය නම් අන්තිමයි. අහිංසකයෙක් නිසා ගරු කරලා කතා කරන්න ඕනේ.
    අන්ද කෙනෙක් අපිට වඩා උනන්දුයි බන් ,එයාට නුවන ඇසෙන් විතරයි ලෝකය දකින්න පුළුවන් ,සැබවින් බැ ,එනිසයි දැනුම තුලින් ලෝකය දකින්නේ ,කව්රු හරි උදව් කරනවා කියන එකත් වෙන්න පුළුවන්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අන්ද කෙනෙක් අපිට වඩා උනන්දුයි බන් ,එයාට නුවන ඇසෙන් විතරයි ලෝකය දකින්න පුළුවන් ,සැබවින් බැ ,එනිසයි දැනුම තුලින් ලෝකය දකින්නේ ,කව්රු හරි උදව් කරනවා කියන එකත් වෙන්න පුළුවන්

    එහෙම කියන්න බෑ මචන්. එහෙම නම් අනිත් අන්ධ අයත් ඒ වගේ වෙන්න එපැයි. මම නම් දැකපු අන්ධ අයගෙන් වැඩි පිරිසක් හිඟා කන අය හරි පාරේ ටිකට් විකුණන අය. :yes::yes::yes:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    තමන්ගේ බුද්ධිය සුපිරි ලෙස පාවිච්චි කරලා ජීවිතේ ජයගත්තු පුද්ගලයෙක් කියලා. :yes:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    mata tiyana ekama awula machan moo poth wala cheeda pitin udaharana denawa.aspenne nathi porak kohomada ehema kiyawanne. mokada oya pora udaharanawalata ganna godak poth Bryle walin liyapuwa nemai
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පොර කොහොමද ඉගන ගත්තේ කියන එකයි බන් ප්‍රශ්නය
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    mata tiyana ekama awula machan moo poth wala cheeda pitin udaharana denawa.aspenne nathi porak kohomada ehema kiyawanne. mokada oya pora udaharanawalata ganna godak poth Bryle walin liyapuwa nemai

    මටත් ඕක හිතුණා. මම හිතන්නේ විවාදෙට එන්න කලින් පොර ඒ ඒ පොත්වල අවශ්‍ය කොටස් මතක තියන් එනවා ඇති බන් කාගෙන් හරි අහලා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    අන්ද කෙනෙක් අපිට වඩා උනන්දුයි බන් ,එයාට නුවන ඇසෙන් විතරයි ලෝකය දකින්න පුළුවන් ,සැබවින් බැ ,එනිසයි දැනුම තුලින් ලෝකය දකින්නේ ,කව්රු හරි උදව් කරනවා කියන එකත් වෙන්න පුළුවන්

    :yes::yes:
    අනිවා අපිට වඩා ලක්ෂ වාරයක් උනන්දු ඇති. ඒත් උනන්දුව තිබ්බ පලියට දැනුම ගන්න බෑනේ. අන්ධ අයට අතින් අල්ල අල්ල කියවන්න තියෙන පොත් සීමා සහිතයි. මෙච්චර දැනුමක් අහලා දැන ගත්තා කියනත් අමාරුයි. කාගෙන් හරි උදව් ලැබෙනවා. ඒ දැනුම තැන්පත් කරගෙන අවශ්‍ය වෙලාවට එලියට ගන්න සහජ හැකියාවක් තියෙනවා.

    ඇස් පේන අපි අන්ධ කෙනාගේ හැකියාවට ගරු කරන්න ඕනේ.
    ඉන්දිකත් ඒ ගරුත්වය අරක්ශා කරගෙන කතා කරන්න දැන ගන්න ඕනේ. ඉන්දිකත් ඩොකාව දෙකේ කොලේට දාල කතා කරේ. දෙන්නගෙම කිසිම මහත්මා ගතියක් නැහැ. ඉන්දික නොපෙනන කමට කියවනවා කියන්න පුළුවන්. ඩොකා නම් අන්තිමයි.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    එහෙම කියන්න බෑ මචන්. එහෙම නම් අනිත් අන්ධ අයත් ඒ වගේ වෙන්න එපැයි. මම නම් දැකපු අන්ධ අයගෙන් වැඩි පිරිසක් හිඟා කන අය හරි පාරේ ටිකට් විකුණන අය. :yes::yes::yes:
    සංසාරෙන් දැනුම එන්නේ ,එක මතු වීම තමයි වෙන්නේ ,දැනුමට බදා කරා මයි දැනුමට ප්‍රවේශ වීමේ ඇස නැති වෙන්නේ ,එත් බවුතික ඇස නැති වුනත් දැනුම නමැති ඇස පිබිදෙනවා
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    මටත් ඕක හිතුණා. මම හිතන්නේ විවාදෙට එන්න කලින් පොර ඒ ඒ පොත්වල අවශ්‍ය කොටස් මතක තියන් එනවා ඇති බන් කාගෙන් හරි අහලා.

    eth machan samahara ewa e welawe situation ekata dena uttharawalata oka galapanawa neee :frown::frown::frown: