පින්වතුනි මෙය බුද්ධ භාෂිතයක් නොවේ. බුද්ධ භාෂිතයක් නම්, මෙම පිරිත ත්‍රිපිටකයේ සඳහන් ස්ථානය කියනු මැනවි.දැන් බලපන් ජය පිිරිතෙහි අඩංගු පහත කොටස
"සබ්බේ තේ රෝගා සබ්බේ තේ භයා සබ්බේ තේ අන්තරායා සබ්බේ තේ උපද්දවා සබ්බේ තේ දුන්නිමිත්තා සබ්බේ තේ අවමංගලා විනස්සන්තු - ඔබගේ සියළු රෝග බිය අන්තරායන් උවදුරු අසුභ නිමිති ද අවමංගල්‍යයන් ද විනාශ වේවා,
ආයුවඩ්ඪකෝ ධනවඩ්ඪකෝ සිරිවඩ්ඪකෝ යසවඩ්ඪකෝ බලවඩ්ඪකෝ වණ්ණවඩ්ඪකෝ සුඛවඩ්ඪකෝ හෝතු සබ්බදා - අයු වැඩේවා, ධනය දියුණු වේවා, සිරිය වැඩි වේවා, යසස බලයද දියුණු වේවා, පැහැය වැඩිවේවා, සැපය තව වැඩි වේවා නිදුක් බව වේවා, සදා කල්හිම ජයම වේවා,
දුක්ඛ රොග භයාවේරා සොකා සබ්බබේ උපද්දවා අනේකා අන්තරායාපි විනස්සන්තුච තේජසා - සියලු දුක් රෝ බිය සෝක උවදුරු වෛරය අනතුරු අනේකය දුරුව යේවා ලැබී සාමය,
ජයසිද්ධි ධනං ලාභං සොත්ථිභාග්‍යං සුඛං බලං සිරියායුච වණ්ණෝ ච භොග වුද්ධිංච යසවා සතවස්සෝච ආයු චජිවසිද්ධිච හොතු තේ - ජය ධන ලාභ යහපත වාසනාව ද, සැප බල සිරිය ආයුෂ සිරුර පැහැය ද, සම්පත් යසස දියුණුව ලබමින් නොම ද, සියවස් ආයු ලැබ ඔබ සැරදේ නිබඳ
"
දැන් මෙහිදි කියවෙන්නේ ත්‍රවිධ රතනයේ ඒඒ ලක්ශණයන් ගේ ආනුභාවයෙන් ඉහත සඳහන් අවසනාවන්ත තත්වයන් ගෙන් මිදී ආයුෂ ධනය බලය වාසනාව ආදිය වැඩේවා යන්නයි. නමුත් බුදුන්වහන්සේ, ආයු වර්ණ සැප බල ප්‍රඥාව ආදිය වර්ධනය කරගැනීමට දේශනා කල ක්‍රමය මෙය නොවේ.