java web development 10 කොටස - Maven install කරලා configure කරමු

J Sparrow

Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    java web development 10 කොටස - Maven install කරලා configure කරමු

    හරි! කට්ටියම වරෙල්ලා. :D:D

    මම කලින් lesson එකෙදී කිව්වා වගේ අද කියලා දෙන්න යන්නේ Maven configure කරගන්නේ කොහොමද කියලා.

    මුලින්ම අපි බලමු මොකද්ද මේ Maven කියන්නේ කියලා.

    apache_maven_l5hy2n.png



    Maven කියන්නේ ඇත්තටම project build process එක simplify කරන්න use කරන build automation tool එකක්. ඒ වගේම තමයි දැන් මේක ගොඩ දෙනෙක් use කරනවා dependency management tool එකක් විදියටත්. ඉස්සරහට අපි projects කරද්දී බොලාලටම බලාගන්න පුළුවන් වෙයි. :yes:

    වැඩි විස්තර මෙතනින් බලාගන්න පුළුවන්.


    මෙන්න තියෙනවා download site එක.

    https://maven.apache.org/

    එකට ගියාම ඔය පහල තියෙනවා වගේ page එකක් තමයි display වෙන්නේ.

    pqslvoT.png


    ඔය mark කරලා තියෙන Download link එකට ගිහිල්ලා, ඔය පහල පෙන්නලා තියෙන link එකෙන් download කරගන්න.

    4PfmOfD.png


    Okay! Then, ZIP file එක download උනා නේ?

    ඊට පස්සේ ඕක උඹලා කැමති තැනකට extract කරගනිල්ලා!


    N3xz0rx.png


    ඔය තියෙන්නේ? ඔහොම තමයි පෙන්නේ.

    හරි! then, අපි මුල්ම lesson වල ඉගෙන ගත්තනේ system environment variables හදන්න? මතක ඇතිනේ?


    y2gqWu7.png


    අපි අලුත් System variable එකක් හදාගන්න ඕනේ Maven වලට.

    MAVEN_HOME කියලා variable name එක දීලා, අපි Maven extract කරගත්ත location එක variable value එකට දෙන්න.

    **මගෙ තියෙන්නේ Maven ටිකක් විතර පරණ version එකක්. එක ගැන හිතන්න එපා.

    right!!, then තව වැඩක් තියෙනවා...

    ඇයි? Path variable එක set කරන්නේ නැද්ද? කරන්න ඕනේ!!!!!
    :dull:

    ogDgTIZ.png


    ඔය system variables define කරලා තියෙන තැනම තියෙනවා තව Path කියල variable එකක්. ඔව්ව අපි කලිනුත් කරලා තියෙනවා.

    ඔව්! ඔව්! java install කරලා එහෙම අපි ඔය Path හැදුවා. :angry:

    හරි!

    දැන්, Path variable එක select කරලා, edit button එක ඔබපල්ලා.

    දැන් එකට අපි අලුත් variable එකක් Add කරන්න යන්නේ. ඔතන (Path variable එකට set වෙලා තියෙන ) තියෙන අනිත් values delete කරන්නනම් එපා පුතේ! හුකෑස් තමයි
    . :frown:

    Variable values එක set කරලා තියෙන තැනට ගිහිල්ලා ඒකේ අන්තීමටම, semicolon ( ; ) එකක් නැත්තන් semicolon mark එකක් තියලා, අපි extract කරගත්ත Maven folder එකේ bin folder එක ඇතුලට point කරගන්න

    ZbM54ak.png


    දැක්කනේ? අන්න එහෙම!

    දැන් තියෙන ලට පට ඔක්කොම OK කරලා, close කරපල්ලා!

    හරි! අපි Maven install කළා. දැන් බලමු මේක වැඩද කියලා.

    CMD එක open කරලා mvn -version කියලා type කරපල්ලා!


    KSvIZHn.png


    ඔන්න Maven uncle ගොඩ! ඊළඟට අපි projects හදන්නේ Maven use කරලා. උඹලටම තේරුම් යයි මේක කොච්චර වටිනවද කියලා.

    හරි! උඹලට තව Industry critical advanced framework එකක් configure කරගන්න හැටි කියල දුන්නා.

    Next time අපි මේක use කරලා web application එකක් හදනවා.

    මේකට උඹලගේ කැපවීම අනිවාර්යයි! මට පුලුවන් බොලාට මඟ පෙන්නන්න විතරයි!
    එහෙනම් හැමෝටම ජය!

    කලින් lessons දැකපු නැති කට්ටියට! :dull:

    java web development පළමු කොටස
    java web development දෙවෙනි කොටස - Application server එක configure කරමු.
    java web development 3 කොටස - IDE එක configure කරමු
    java web development 4 කොටස - simple java web project
    java web development 5 කොටස - JSP
    java web development 6 කොටස - DB handling
    java web development 7 කොටස - JSTL
    java web development 8 කොටස - Hibernate
    java web development 9 කොටස - Hibernate with annotations
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    niyamai rep+
    You must spread some Reputation around before giving it to J Sparrow again.
     
    Last edited:

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    Bookmarked


    11.gif
    11.gif
    11.gif

    You must spread some Reputation around before giving it to J Sparrow again.


    pattaa... thanksss



    You must spread some Reputation around before giving it to J Sparrow again.

    Thanks machanlaaa! :)