* ෂර්ලොක් හෝම්ස් * මුට්ටියේ අභිරහස........ Episode 02

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    * ෂර්ලොක් හෝම්ස් * මුට්ටියේ අභිරහස........ Episode 02

    "මේකයි හෝම්ස් මහත්මයා මං කලින් කිවුවා වගේ මං තමයි හන්දියේ කිතුල මදින්නේ.පෙරදා උදේ මල කපලා මුට්ටිය එල්ලලා මම ගියා මහත්මයා ගෙදරට. අද උදේ මං කඩේට යන්න කියලා එලියට ඇවිත් ගහ යටින් යද්දි උඩ බැලුවා. අම්මට හු#න්න හෝම්ස් මහත්මයා මං උඩ බලද්දී මුට්ටිය තිබුනේ නෑ. මොකෙක් හරි වේ$# පුතෙක් මුට්ටිය උස්සලා. හැබැයි හෝම්ස් මහත්තයා මුට්ටිය හම්බ වුනේ නැත්තම් මං සීනිගම ගිහිල්ලා අර මාටියගේ වත්තෙන් කඩාපු හොර පොල් ගෙඩියක් ගහනව හොරා මඩු වලිගෙකින් තැලිලම මැරෙන්න අම්මපා" අමුත්තා කීවේ මඳක් ආවේගයෙනි.
    "හරි හරි මහත්තයා කලබල වෙන්න එපා අපි කොහොමහරි මුට්ටිය හොයලා දෙන්නම්. මහත්තයා දැක්කම මට කියන්න පුලුවන් මහත්තයා අපිටත් හොඳ රා බෝතලයක් අරන් ඇවිත් තියෙන ව්ත්තිය." හෝම්ස් කීවේ මල් සිනාවක් පාමිනි.
    "අම්මා ගහයි ඇඳ පොල්ලෙන් කිවුවලු හෝම්ස් මහත්තයා කොහොමද ඒක දැන ගත්තේ" නිව්ටන් ඇසුවේ විශ්මයට පත්වීය.

    "අනේ ප# උඹට ඒකෙන් වැඩක් නෑනේ උඹට මුට්ටිය හොයලා දෙන්නනේ ඕනේ. ඕන් නැති කතා අහන්නැතුව බෝතලයයි ඇඩ්වාන්ස් පාරකුයි අත උඩ තියලා මාරු වෙයන් මුට්ටිය හොයලා දෙන්නම්" හෝම්ස් පඩ ලයින් පාරක් දැම්මේය.
    "අඩෝ කැ$ ආතල් තියා ගන්ඩ එපා මම හංදියේ නිව්ටන්. කපනවා බෙල්ල කිතුල අදිනවා වාගේ. කියපිය තෝ කොහොමද මම බෝතලයක් අරන් ආපු විත්තිය දැන ගත්තේ." නිව්ටන් හෝම්ස්ට බොක යන ආකාරයේ නිගක් දම්මේය.
    "හරි හරි කියන්නම් ඔබතුමා කලබල වෙන්න එපා. ඔබතුමා දැන් ඇතුලට ඇවිදගෙන ආවේ බොහොම පරිස්සමෙන්. ඒ කියන්නේ ඔබතුමා ඉන්නේ මොකකට හරි බයෙන්. නැත්තන් මොකක් හරි පරිස්සම් කරගත යුතු දෙයක් ඔබතුමා ගාව තියෙනවා. ඒත් ඔබතුමා හංදියේ පොරක් කිවුව නිසා මොකකට හරි බයෙන් ඉන්නේ කියන එක අපිට අමතක කරන්න පුලුවන්. එතකොට ඔබතුමා ගාව මොකක් හරි පරිස්සම් කරගත යුතු දෙයක් තියෙනවා කියන එක තමා ඉතුරු වෙන්නේ. නිව්ටන් රා මදින්නෙක් නිසා ඔය පරිස්සම් කරන දෙය රා බෝතලයක් කියලා මම අනුමාන කරා ඒක හරි ගියා" හෝම්ස් විගහට කියා දැම්මේය.
    මට ඉහිලුම් නොදෙන දැඩි සතුටක් ඇති වුනි. සිරකරගත් හිනාව නිසා සුලු මොහොතකින් දවාලේ වනපු කොත්තුවේ රැස් පලාතටම දෙන ආකාරයේ පඩයක් යෑමට ඉඩ තිබූ මුත් මා එය ආයාසයෙන් රඳවා ගත්තෙමි.
    "අන්න එහෙම එන්න හෝම්ස් මහත්තයා." යනුවෙන් පැවසූ අමුත්තා ලැජ්ජාවෙන් තුන්කාලක් පමන පෙනෙන සේ සරම උස්සා අමුඩ පටියට හිරකර තිබූ රා බෝතලය එලියට පැන්නූයේ හීන් හිනාවක් පාමිනි.
    "අනේ යකෝ තෝ මොකටද ඕක ඔතන ගහගෙන ආවේ හිතපන්කෝ අපි කොහොමද ඕක කට තියලා බොන්නේ කියලා" හෝම්ස් කීවේ දැඩි අප්‍රසාදයෙනි.

    "අවුලක් ගන්ඩ එපා හෝම්ස් මහත්තයා. ඇඹිලිපිටියේ පීසී ලා දෙන්නෙක් පැට්‍රෝල් පාරක් දදා ඉන්නවා දැක්කා උන් දෙන්නා මුලිච්චි වෙන්ඩ ඉස්සෙල්ලා බෝතලේ අස්සට දාගත්තා නැත්තන් හෙට කිතුලෙන් වැටිලා තමයි මැරෙන්ඩ වෙන්නේ" යි අමුත්තා කීවෙන් අපේ අප්‍රසාදය දුරු විය.ඔහු කීවේ සත්‍යයකි ඒ බෝතල් ලඟ තබා ගත්ත වුන් කවර හෝ උසකින් බිමට ඇද වැටී මරනයට පත් වූ සමයකි. නන්නාදුනන කල්ලියක් විසින් සිදු කරන ලද මේ ක්‍රියාවලට ඇඟිල්ල දික් වූයේ අහින්සක ඇඹිලිපිටියේ පොලීසියේ මහත්වරුන්ට බව හෝම්ස් මීට පෙර කල පරීක්ශනයකදී හෙලි කරගෙන තිබු නමුත් අයුතු ජන රාශියක් සිදුවේයැයි බියෙන් ඒ හා සම්බන්ද සියලු ලිපිගොනු මගේ අධි ආරක්ශිත ලිපිගොනු අඩංගු පෙට්ටගමට දමා සුරක්ශිතාගරයේ තබන ලෙසට දැනුම් දුන්නේ හෝම්ස් විසින්මය.
    "ඒක ඇත්ත මාට්ටු උනානම් අපිට බෝතලෙත් නෑ කේස් එකත් නෑ හරි දැන් මහත්මයා යන්න. පස්සේ ඕන වුනොත් කියලා අපට මහත්මයාගේ ලිපිනය දීලා යන්න" හෝම්ස් කීවේ ඉහත සොයාගැනීම තව දුරටත් රහසක්ව තබා ගත යුතු නිසා යැයි මට වැටහුනි.
    "ඒක ප්‍රශ්නයක් නෑ හෝම්ස් මහත්තයා හංදියට ඇවිල්ලා නිව්ටනයාගේ ගෙදර කොහෙද කියලා ඕන එකෙක්ගෙන් අහන්න මහත්තයට අපේ ගෙදරටම ආවහැකි.එහෙනම් හෝම්ස් මහත්තයා අපි ගියා" යැයි කියමින් අමුත්තා පිටවී ගියේය.
    " හෝම්ස් මොකක්ද මේ කේස් එක ගැන හිතන්නේ" අමුත්තා පිටවී ගිය පසු මම හෝම්ස් ගෙන් විමසුවෙමි.

    "අපිට තාම හරියට තොරතුරු ලැබිලා නෑ වොට්සන්. ඉස්සෙල්ලා අපි මේ නිව්ටන් කියන එකා ගැන විස්තර ටිකක් හොයා ගන්න ඔනේ. වොට්සන් ඔය රාක්කේ උඩම තියෙන චරිතාපදාන විශ්වකෝශය අරගෙන බලන්න මේ මිනිහා ගැන මොනාද සඳහන් වෙන්නේ කියලා" හෝම්ස් කියද්දී මා සිටියේ හෝම්ස් ඉදිරියේ බැබලි බැබලී තිබූ රා බෝතලය දෙස බලාගෙනය.
    "මා දෙස හා බෝතලය දෙස මාරුවෙන් මාරුවට කිහිප වරක් බැලූ හෝම්ස් කින්ඩි හිනාවක් පා "නෑ නෑ බොට හොඳ නෑ බොට සීනි" යැයි කියද්දී මට ඉහිලුම් නැති විය.
    "ඈ හෝම්ස් දැන් උඹද මෙතන ඩොකා මමද. උඹ ඕකෙන් බාගයක් දුන්නැත්තන් උඹවත් තල්ලු කරනවා මේ උඩ තට්ටුවෙන් පල්ලෙහාට." කියමින් මම පොත් රාක්කය දෙසට ගියෙමි.

    "හරි හරි වොටා උඹ කලබල වෙනවනේ. හොඳ අම්මා වාගේ මට අරූගේ විස්තර ටික හොයලා දියන්කෝ කොල්ලෝ" හෝම්ස් කීවේ නිවුනු ස්වරයකිනි.
    "මේ මිනිහා ගැන මේකෙ මුකුත් නෑ හෝම්ස් පොඩ්ඩක් බලන්න" යැයි කියමින් මම ඔහුට පොත දුන්නෙමි.
    කෝ බලන්ඩ යැයි පොත අතට ගත් හෝම්ස්ගේ මුවින් කුනුහරුප වැලක් පිට විය.
    "අනේ කැ@ වේ%ගේ වාසුවා. තොගෙ මොලේ ගූද. ගොබ්බ රිලවා මගේ කාලේ කෑවා" හෝම්ස් කතා කරේ දැඩි ආවේගයකිනි.
    "ඇයි හෝම්ස් මොකක්ද ප්‍රශ්නේ" මම ඇසුවේ කුතුහලයෙනි.

    "අනේ ගොනෝ තොට ගහන්නත් කලින්ම බඩුද නැත්තං තොට ඉංග්‍රීසි බැරිද. තෝ මේ උස්සන් ඇවිත් තියෙන්නේ මලලසේකර ඩික්ශනරියනේ. මෙකේ කොහෙද නිව්ටන් ගැන විස්තර මගේ කාලේ කෑවා" හෝම්ස් කීවේ කෝපයෙනි.
    "සමාවෙයං මචං ඉඳහන් මං හරි පොත අරන් එන්නම්" යනුවෙන් පවසා සිටගැනීමට සූදානම් වූ මා හෝම්ස් විසින් වලකා ලීය.
    "කමක් නෑ වොට්සන් උඹ වැඩක් කරොත් නැට්ටේ ඉඳන් ගොම කියලා මම දන්නවානේ.ඒක නිස මංම හොයාගන්නම්" යැයි පවසමින් හෝම්ස් නැගිට්ටේය.
    හෝම්ස් සම්ඟ ඇතිවූ තරහා නිසාම ඌ සමඟ ගෝරියක් ඇද ගැනීමට මට සිත් වූ නමුත් පුටුව පල්ලේ තිබූ රා බෝතලය දුටු මට ක්ශණික අදහසක් පහල විය.
    "මූ අර පොත හොයන අතරේ ගින්දර වගේ ශොට් දෙකක් අමුවෙන්ම දා ගන්ඩ ඕනෙ
    ." යැයි මම සිතුවෙමි.

    "හරි හෝම්ස් එහෙනම් උඹම ඕක හොයා ගනින් මම තාම අද පත්තර ටික බැලුවෙත් නෑ. ඇඟටත් අමාරුයි. පත්තර ටික බැලුවා නිදා ගත්තා" කියමින්ම මම හෝම්ස්ගේ පුටුවේ වාඩි වූයේ යටි අරමුණ සාක්ශාත් කර ගැනීම උදෙසාය.
    හෝම්ස් පොත හොයන අතරේ මම බෝතලය ඇර උගුරු දෙකක් දා ගත්තෙමි. කීං ගානට රත් වීගෙන එන වගක් දැනුනු නිසා බෝතලය පසෙක තබා ශපාන් එකේ හෝම්සයාගේ පුටුවේම ඇලවුනෙමි.
    පාඨක ඔබ හමුවේ තැබිය නොහැකි තරමේ අසභ්‍ය වචන වලින් බැන වදිමින් මා වෙත කඩා පැනි හෝම්ස් බෝතලයේ ඉතිරියෙන් තුන්කාලක්ම එක හුස්මට ඇද දැමුවේ මගේ දෑස කැඳුලෙන් තෙත් කරමින්.
    "උඹට භාගයක් දෙන්න හිටියේ උඹ හොරෙන් ගහපු නිසා මේ ඉතුරු ටික විතරයි දෙන්නේ" කියමින් හෝම්සය මට බෝතලය දික් කලේය.
    "අනේ උඹේ අම්මට...." යැයි කියමින් කාල ගසා මම දහවලේ සිට තිබු ඇඟේ අමාරුව යන්නට ඇඳට වටුනෙමි. ඇඳට වැටුනු සැණින් මට නින්ද ගියේය.
    පහුවදා උදේ මා අවදි වෙන විට හොඳින් ඇඳ පැලඳගෙන සිටි හෝම්ස් උදේ ආහාරය ගනිමින් සිටියේය

    (තෙවන කොටසින් හමුවෙමු).........

    මරිජුවානා ෆීලිංග්ස්
     

    sat_12

    Well-known member
  • Sep 2, 2015
    2,234
    345
    83
    Kuliyapitiya
    11.gif
    11.gif

    11.gif