රට යන්නේ ආර්ථික අපායකටද ?

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රට යන්නේ ආර්ථික අපායකටද ?

    ෆිච් ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව පහළට ඇද වැටෙයි

    ශ්‍යාම් නුවන් ගනේවත්ත

    රටක ආර්ථිකයේ හොඳ නරක විවිධ ආකාරයෙන් මනිනු ලබයි. එසේම ආර්ථිකයක යම් කරුණක්‌ හෝ කරුණු කිහිපයක්‌ සලකා බලා කරන ශ්‍රේණිගත කිරීම් ද තිබේ. මෙසේ රටේ තත්ත්වය අනුව ශ්‍රේණිගත කිරීම් ලබා දෙන අතර කලින් කල එම ශ්‍රේණිගත කිරීම්වල වෙනස්‌කම්ද සිදු වෙයි. ඒ අනුව රටක අදාළ ශ්‍රේණිගත කිරීම ඉහළට හෝ පහළට ගමන් කළ හැකිය. ෆිච් රේටින්ග්ස්‌ ආයතනයද එවැනි ශ්‍රේණිගත කිරීම් සිදු කරන සුප්‍රකට ගෝලීය මූල්‍ය පර්යේෂණ ආයතනයක්‌ වන අතර එම ආයතනය ලබා දෙන ශ්‍රේණිගත කිරීම් ෆිච් රේටින්ග්ස්‌ නැතහොත් ෆිච් ශ්‍රේණිගත කිරීම් ලෙස හඳුන්වයි. මේ ෆිච් රේටින්ග්ස්‌ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන විදේශීය සහ දේශීය ව්‍යවහාර මුදල් ණය පැහැර හැරීමේ අවදානම සම්බන්ධයෙන් වන ශ්‍රේණිගත කිරීමෙහි වෙනසක්‌ සිදු කර තිබේ. ඒ ගැන මේ වන විට රටේ ආර්ථික හා මුල්‍ය අංශවල කතා බහට ලක්‌ වෙමින් ද තිබේ. ඒ අනුව සිදුව ඇත්තේ අපගේ ශ්‍රේණිගත කිරීම හෙවත් ශ්‍රී ලංකාවේ දේශීය හා විදේශීය ණය ගෙවීමේ හැකියාව BB- සිට B +දක්‌වා පහත හෙළීමයි. එමෙන් ම එකී අගයන් stable (ස්‌ථාවර) සිට Negative (සෘණ) ලෙස පහළ දැමීමට ද එම ආයතනය කටයුතු කර තිබේ. මේ අනුව පැහැදිලි වන කරුණක්‌ වන්නේ වත්මන් යහපාලන රජයට ආර්ථිකයේ පැවති තත්ත්වය හෝ ඒ අයුරින් රැක ගැනීමට අපොහොසත් වී ඇති බවයි. වත්මන් යහපාලන රජය බලයට පත් වීමටත් පෙර පසුගිය රජයේ ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් නොයෙකුත් චෝදනා සහ අවලාද නැගු වත්මන් රජයේ ආර්ථික ඔස්‌තාර්ලාට, පැවති ආර්ථිකය නරක නම් එය හොද පැත්තට ගෙන යැමට හැකියාව තිබුණි. එහෙත් එවැන්නක්‌ සිදු වන බව හෝ සිදුව ඇති බවක්‌ අපට තවමත් පෙනෙන්නට නැත. මේ පසුබිම තුළ ෆිච් ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව පහළට ඇද වැටීම ගැන මේ ලිපියෙන් අවධානය යොමු කරමු.

    මෙතෙක්‌ කල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවති ෆිච් ශ්‍රේණි ගත කිරීම වූයේ 'BB-' ශ්‍රේණි ගත කිරීමයි. මේ ඉහළ ශ්‍රේණිගත කිරීම අපට ලැබුණේ වර්ෂ 2011 මැද භාගයේදීය. ඒ අවස්‌ථාවේ පැවති සාපේක්‌ෂව පහළ 'B+ ශ්‍රේණි ගත කිරීම 'BB-' දක්‌වා ඉහළ නංවා තිබුණි. දැන් සිදුව ඇත්තේ වසර පහකට පෙර තිබු 'B+ ශ්‍රේණි ගත කිරීම දක්‌වා ශ්‍රී ලංකාව පහතට ඇද වැටීමයි. මීට වසර පහකට පෙර BB- ශේ්‍රණිගත කිරීමක්‌ ලැබීම සම්බන්යෙන් එවකට ශ්‍රී ලංකා මහ බැංකුව කීවේ මෙවැනි කතාවකි.

    "ෆිච් (Fitch) සහ මූඩීස්‌ ආයතන ශ්‍රී ලංකාවේ ස්‌වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ නංවා ඇත.ෆිච් රේටින්ග්ස්‌ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන විදේශීය සහ දේශීය ව්‍යවහාර මුදල් ණය පැහැර හැරීමේ අවදානම සම්බන්ධයෙන් වන ශ්‍රේණිගත කිරීම 'B++ සිට 'BB-' දක්‌වා ඉහළ නංවන ලදී. මෙම ණය ශ්‍රේණිගත කිරීම තුළ ඉදිරි දැක්‌ම "ස්‌ථාවර" බවට තහවුරු කර ඇත. තවදුරටත් ෆිච් ආයතනය විසින් රටේ වර්ගීකරණය (Country celling) .B+ සිට 'BB-' දක්‌වා ඉහළ නංවන ලද අතර කෙටි කාලීන විදේශීය ව්‍යවහාර මුදල් ණය පැහැර හැරීමේ අවදානම සම්බන්ධයෙන් වන ශ්‍රේණිගත කිරීම. 'ඊ' මට්‌ටමේ සහතික කරන ලදී.

    මේ අතර මූඩීස්‌ ආයෝජක සේවා ආයතනය විසින් ශ්‍රී ලංකාවේ B1 මට්‌ටමේ පවතින විදේශීය ව්‍යවහාර මුදල් ස්‌වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම පිළිබඳ දැක්‌ම "ස්‌ථාවර" මට්‌ටමේ සිට 'ධනාත්මක' මට්‌ටම දක්‌වා ඉහළ නංවන ලදී. මූඩීස්‌ ආයතනය සිය ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීම පහත මූලික කරුණු සැලකිල්ලට ගෙන සිදුකර ඇත. එනම් සාමකාමී වාතාවරණය පිළිබිඹු කරමින් ඉහළ ගිය සාර්ව ආර්ථික හා මූල්‍ය ස්‌ථායිතාව සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමීපස්‌ථ ණය පහසුකම් හා අනුකූල රාජ්‍ය මූල්‍ය සහ ආර්ථික වර්ධන ප්‍රතිපත්ති සම්පාදනය, විදේශීය ගෙවීම් හැකියාව වර්ධනය වීම සහ 2009 වසරේ අභ්‍යන්තර ගැටුම් අවසන්වීමෙන් පසු දේශපාලන අවදානම් තත්ත්වය අවම වීම යන කරුණුය.

    ණය ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමට ෆිච් ආයතනය විසින් ගත් තීරණය ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම සහ ස්‌ථායි වීම මෙන්ම අය වැය හිඟය අඩු කිරීම සඳහා රජය ගනු ලැබූ පියවර මත පදනම් විය. උද්ධමනය පහළ යාම මෙන්ම ආයෝජකයන්ගේ විශ්වාසය තීව්‍ර වීම සහ ආයෝජන වැඩිවීම හේතුවෙන් මධ්‍යකාලීනව ආර්ථිකය සියයට 8-9 කින් පුළුල් වනු ඇතැයි අපේක්‌ෂා කරන බව මූඩීස්‌ ආයතනය ප්‍රකාශ කර ඇත. මෙම ණය ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීම ධනාත්මක වර්ධනයක්‌ ලෙස සලකන අතර පසුගිය වර්ෂ කිහිපය පුරා සාර්ව ආර්ථික ස්‌ථායිතාවය සහ ආර්ථික වර්ධනය වෙනුවෙන් ගනු ලැබූ පියවර ඉදිරි වර්ෂවලදී වඩාත් සතුටුදායක ප්‍රතිඵල ළඟා කර ගැනීම උදෙසා ඉවහල් වනු ඇතැයි විශ්වාස කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.'

    ඒ අප සඳහන් කළේ 2011 වසරේ දී පැවැති තත්ත්වයයි. දැන් මේ අවස්‌ථාවේ ෆිච් ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව පහළට ඇද වැටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව කුමක්‌ කියනවාදැයි අප හරියටම දන්නේ නැත. ඇතැම් විට කිසිවක්‌ නොකියා නිහඬව සිටීමටද බැරි නැත. එහෙත් එදා මහ බැංකුව කියූ අදහස්‌ අනුව ෆිච් ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව පහළට ඇද වැටීම හමුවේ එහි අනිත් පැත්ත අපට සිතා ගැනීමටද බැරි කමක්‌ නැත. එනම් ආර්ථිකය අස්‌ථායි වීම, අයවැය හිඟය ඉහළ යැම සහ උද්ධමනය ඉහළ යැම වැනි කරුණුය. කෙසේ වෙතත් මෙම සෘණ තත්ත්වයන් ඇති වීමට හේතු සාධක වූ කරුණු කීපයක්‌ම ෆිච් ආයතනය විසින් දක්‌වා ඇත. එහි පළමුවැන්න වන ප්‍රතිමූල්‍යකරණ අවදානම එනම් ණය නැවත ගෙවීමේ අවදානම සඳහා විශේෂයෙන් බලපා ඇත්තේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ පවතින අස්‌ථායි තත්ත්වයයි. පසුගිය කාලයේ රටේ ඉදිරි ආර්ථික දැක්‌ම පිළිබඳ කිසිවෙකුට නිශ්චිත ප්‍රතිපත්තියක්‌ හෝ දැක්‌මක්‌ නොතිබූ බව මෙහි අදහසයි. අනිත් කරුණ නම්, ලංකාව විසින් නොයෙක්‌ කාලවල ගත් බෝහෝ ණය 2016 වසරේ දී කල්පීරීම ය. සාමාන්‍යයෙන් එය ප්‍රශ්නයක්‌ නොවුණත්, මේ අවස්‌ථාවේ එය ප්‍රශ්නයක්‌ වන්නේ ආයෝජකයින් රටින් බැහැර වන පසුබිමක්‌ නිසාය. ෆිච් ආයතනය පවසන ලෙස 2015 වසරේ දී පමණක්‌ විදෙස්‌ ආයෝජකයින් ඇමරිකානු ඩොලර්. බිලියන 2 කට වඩා සිය ආයෝජන විකුණා දමා ගොස්‌ ඇත. මෙවන් තත්ත්වයක, ෆිච් ආයතනයට අනුව මේ වසරේ ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4 ක්‌ වුව ද අපගේ වත්මන් විදෙස්‌ සංචිතය වන්නේ ඇමරිකානු ඩොලර් බිලියන. 6.3 ක්‌ පමනකි. එකී ණය ගෙවූ පසු අපට ඉතිරි වන්නේ ඩොලර් බිලියන 2.3 ක්‌ වැනි ඉතා සුළු ප්‍රමාණයකි. එය දෙමසකුත් තව අඩකට පමණක්‌ ආනයන ආවරණය කර ගැනීමට සෑහේ. කෙසේ වෙතත්, රජයේ මූල්‍ය කළමනාකරන දුබලතා යම් පමණකට හෝ අද තත්ත්වයෙන් දරා සිටින්නේ ලෝක වෙළඳපොලේ බෙහෙවින් අඩු වී ඇති බොරතෙල් මිල විසින් නිසාය.

    මේ අතර, 2014 අග දී දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්‌ෂ ව සියයට 71 ක්‌ වූ ණය බර 2015 අග වන විට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 75 කට වඩා වැඩි වී තිබේ. එසේම 2014 වසරේ දී වූ සියයට 42 සිට, 2015 වසරේ දී සියයට 46 දක්‌වා රටේ විදෙස්‌ ණය බර ද වැඩි වීම ද සිදුව ඇත.
    ( යහපාලනකාරයෝ එදා කිව්වා මහින්ද රට සංවර්ධනය කලේ ණය අරගෙන කියල.. අපි ආවොත් ණය ගන්නේ නැතුව රට සංවර්ධනය කරනවා කිව්වා.. කොහොමද වෙනස?)

    මේ තත්ත්වය රුපියලේ අගය පහත යැමට විශේෂයෙන් බලපා ඇති බව ද ෆිච් ආයතනය පෙන්වා දෙයි.ශී්‍ර ලංකාව සම්බන්ධයෙන් වන ණය ශ්‍රේaණිගත කිරීම පමණක්‌ නොව මේ වන විට රජයට අනුබද්ධ ආයතන කිහිපයකම ණය ශ්‍රේණි ගත කිරීම්ද ෆිච් ආයතනය විසින් පහත හෙළා ඇත.

    විපක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පසුගිය දා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මේ ෆිච් ශේ්‍රණිගත කිරීම සම්බන්දයෙන් මෙසේ පැවසීය.

    මෑත ඉතිහාසයේ කිසිදිනක නොවුණු ආකාරයට ලංකාවේ මූල්‍ය කළමනාකරණය දරුණුතම නාය යාමකට ලක්‌ව ඇති බව ජාත්‍යන්තරව පිළිගත් ෆිච් රේටින් ආයතනය සිය මූල්‍ය විශ්ලේෂනයකින් හෙළිදව් කර තිබෙනවා මෙම හෙළිදරව්වට අනුව ලෝකයේ රටවල් වලට ඇති ණය ශේa්‍රණි 18 න් ශ්‍රී ලංකාව ණය ගෙවීමේ හැකියාව අතින් 14 වන ස්‌ථානයට පත්ව තිබෙනවා.

    මේ අනුව ලංකාව ණය ශ්‍රේණිගත කිරීමේදී තිබුණු තත්ත්වයට වඩා පහළට යමින් ඊ+ තත්ත්වයේ ඉතාම පහළ නිශේධනාත්මක ලැයිස්‌තුවට අයත් රටක්‌ බවට පරිවර්තනය වෙලා. එම වර්ගීකරණයට අනුව ලංකාව ජාත්‍යන්තරයේ ඉහළ අවදානම් සහිත රටක්‌ බවටද පත්ව තිබෙනවා.

    ලෝකය පුරා ඒ ඒ රටවල ආර්ථිකයන් පිළිබඳවත් රජයකට ණය ගෙවීමට තිබෙන හැකියාව පිළිබඳවත් විශ්ලේෂණාත්මක විග්‍රහයක යෙදෙන ජාත්‍යන්තර පිළිගත් ආයතනයක්‌ වන ෆිච්රේටින් ආයතනය ප්‍රධාන කරුණු හතක්‌ පදනම් කරගෙන මෙම ශ්‍රේණිගත කිරීම සිදු කරනවා. රටක දේශපාලන අවදානම රජයේ ආදායම හා ආර්ථික ව්‍යqහය, ආර්ථික වර්ධනය පිළිබඳ අනාගත අපේක්‌ෂාවන්, රජයේ ණය බර රජයේ බාහිර අසම්භාව්‍ය බැරකම්, විදේශ සංචිත රාජ්‍ය මූල්‍ය ස්‌ථාවරත්වය යන ප්‍රධාන කරුණු හත පදනම් කරගෙන මෙම ණය ශ්‍රේණිගත කිරීම සිදුකෙරෙනවා.'

    ඉහත ආර්ථික තත්ත්වයන් නිසා මතුවන ගැටලුවක්‌ නම් ඉතිරි විදෙස්‌ ආයෝජකයින් ද රටින් බැහැර වන වට පිටාවක නව ආයෝජකයින් රටට නොපැමිණීමට ඉඩ තිබීමයි. මෙවන් තත්ත්වයකට මුහුණ දීමට බෝහෝවිට අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් ණය පමසුකම් ගැනීමට සිදුවිය හැකිය. එහි දී සුබසාධන කප්පාදුව හා පඩි වැඩි නොකිරීම හා රැකියා නොදීම වැනි අහිතකර කොන්දේසිවලටද මුහුණ දීමට සිදුවිය හැකිය. මේ අතර, මූල්‍ය අරමුදල මගහැර වෙනත් ආයතනවලින් ණය ගතහොත් එහි දී ගෙවීමට ඇති පොළි අනුපාතය ඉතා අධික වීමටද පුළුවන. මේ සියල්ලේ අහිතකර ප්‍රතිපල භුක්‌ති විඳීමට සිදු වන්නේ යහපාලන රජය පත් කරගත් බහුතර මහජනතාවටමය.


    කොහොමද වෙනස පුටේ? අදිමුද තව අවුරුදු 5 ක්? රෙදි නැතුව තාමත් මුන්ට කඩේ යන උන් ඉන්නවා....

    "නළුවෙක් නොව මොලයක්" My Ass....

    රනිල්ගේ ලොල්ලා, බැදුම්කර වලින් කෝටි 7000 ක් හොරා කාපු එකම ඇති, මේ රටේ ආර්ථිකය වැටෙන්න..

    source : http://www.divaina.com/2016/03/06/economic05.html

    https://youtu.be/i791-zga42Q?t=6m2s
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සිරිසේන, උබට හොදක් වෙන්නේ නෑ... මේ රටට කරපු විනාසෙට..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    12802873_1728384074064140_3267715672465599808_n.jpg
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මොකක්ද විසදුම පොනිල් පබයා නැතුව මහරාජානෝ ද නැත්තම් ඩ්ල් දාන රතු අලියෝද
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජනවාරි 8 වැනිදා පොන්සිරාට චන්දෙ දුන්න උන්ට සාප වේවා.... කියල දැන් ගොඩක් දෙනෙක් කියනවා....
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සොහොන;19815844 said:
    මොකක්ද විසදුම පොනිල් පබයා නැතුව මහරාජානෝ ද නැත්තම් ඩ්ල් දාන රතු අලියෝද

    රතු අලියා කවදාවත් ආණ්ඩුවක් කරන්න බාරගන්නේ නෑ නේ.. ඉතින් ඉතුරු වෙන්නේ මහරජානෝ තමයි..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජනවාරි 8 වැනිදා පොන්සිරාට චන්දෙ දුන්න උන්ට සාප වේවා.... කියල දැන් ගොඩක් දෙනෙක් කියනවා....

    උබ එහෙම කියන්නේ නැද්ද.?
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Owa monawada? Umbalata atheethaya mathaka na neda? 2000 ganan wala mula rate economy - agayan giye. War eka thibuna kale kohomath oya ratings behela thibune. Ratata mokada wune? 'Salli thiena minihata hemadama thienawa. Nethiminihata hemadama na'
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    තවමත් මේවා තේරුම් ගන්න බැරි බත් බැලයෝ ටිකක් ඉන්නවානේ.. උන්ට මොලයක් නැති එකද මොලේ පාවිච්චි කරන්නේ නැති එකද කියලා තමයි ප්‍රශ්නේ
     
    • Haha
    Reactions: deanXX

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Owa monawada? Umbalata atheethaya mathaka na neda? 2000 ganan wala mula rate economy - agayan giye. War eka thibuna kale kohomath oya ratings behela thibune. Ratata mokada wune? 'Salli thiena minihata hemadama thienawa. Nethiminihata hemadama na'

    ඇත්ත... යුද්ධයක් වත් මොනවත් නැතුව හිටපු චන්ද්‍රිකාගේ කාලේ, රටේ ආර්ථිකය - ගිය විදිහ මතකයි... ඇයි දවසට පැය 4 ගානේ ලයිට් කපපු විදිහ කොහොමද? ඒ දවස් වල උන දේවල්, ගොඩක් උන්ට මතක නෑ...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    තවමත් මේවා තේරුම් ගන්න බැරි බත් බැලයෝ ටිකක් ඉන්නවානේ.. උන්ට මොලයක් නැති එකද මොලේ පාවිච්චි කරන්නේ නැති එකද කියලා තමයි ප්‍රශ්නේ

    මේකේ ඉන්නවා මාර ආර්ථික ඔස්තාර්ලා වගයක්... හර්ෂ ද සිල්වා කැලේ, උන්ගේ පඩි කමට... බැදුම්කර හොරකමක් උනේ නෑ ම කියල පොලවේ හැපෙන උන් ඉන්නවා මේකේ...
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේ පත්තරවල ලියැවෙන කතාව විතරයි.
    ඇත්තටම කිව්වොත් සැබෑ යතාර්ථය මීටත් වඩා දරුණුයි.
    මම හිතන්නේ තව මාස 5කට වගේ පස්සේ ආයෙත් මහින්දට දුන්නත් මේ රට ගොඩ ගන්න බෑ..ඒක සහතිකයි.

    යුද්ධය වෙනුවෙන් අතිවිශාල මුදලක් වැයකල 2007 වසරටත් වඩා අද වෙද්දි අපේ රට ආර්ථික අවපාතයක ඉන්නේ..
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ඇත්ත... යුද්ධයක් වත් මොනවත් නැතුව හිටපු චන්ද්‍රිකාගේ කාලේ, රටේ ආර්ථිකය - ගිය විදිහ මතකයි... ඇයි දවසට පැය 4 ගානේ ලයිට් කපපු විදිහ කොහොමද? ඒ දවස් වල උන දේවල්, ගොඩක් උන්ට මතක නෑ...

    apooooooo mahinda hora.....
    tajidin
    csn........

    mega deal...... rattaran ashwaya,,,,,,,


    :P:P:P:P:P:P

    dan eka seretama duwwala ewi sat eka betta kate hirakaragena :rofl::rofl:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රතු අලියා කවදාවත් ආණ්ඩුවක් කරන්න බාරගන්නේ නෑ නේ.. ඉතින් ඉතුරු වෙන්නේ මහරජානෝ තමයි..

    :lol:

    බහුදින ධීවර යාත‍්‍රා හිමියන්ගේ උද්ඝෝෂනයට එරෙහිව මැර ප‍්‍රහාරයක්


    ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් බහුදින යාත‍්‍රා හිමියන් සහ ඒවායෙහි වැඩ කරන ධීවරයන් විසින් 20 වෙනිදා ධීවර අමාත්‍යංශය ඉදිරිපිට පැවත් වූ සාමාකාමී උද්ඝෝෂනයට අමාත්‍යාංශය ඇතුලත සිට එල්ල කල ගල්මුල් ප‍්‍රහාරයකින් පස්දෙනෙක් තුවාල ලදහ. ඉන් දෙදෙනකුට රෝහල්ගතව ප‍්‍රතිකාර ගැනීමට සිදුවිය. ආමාත්‍යංශය ඇතුලතින් එල්ල වූ මෙම ප‍්‍රහාරය ධීවර ඇමති රාජිත සේනාරත්නගේ අනුදැනුම ඇතිව කෙරුනක් බව නිසැකය. ප‍්‍රහාරයෙන් පසුව ජල ප‍්‍රහාරක රථ සහ පොලිස් කොමාන්ඩෝ භටයන් ඇතුලුව සන්නද්ධ පොලිසිය කැඳවා තිබුනි.

    කල්පිටියේ සිට මීගමුව දක්වා වූ දහසක් පමන ධීවරයෝ ඊට සහභාගී වූහ. ලංකාවේ මත්ස්‍ය ආනයනය 2015 සිට නතර කිරීමට යුරෝපා සංගමය ගෙන ඇති තීන්දුව වෙනස් කිරීමට ආන්ඩුව මැදිහත් වී කටයුතු කිරීම, යාත‍්‍රා නිරීක්ෂන පද්ධති වෙලඳ පොලේ පවතින මිල ගනන් වලට අනුව සාධාරන මිලකට ලබාදීම, ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමට නීත්‍යානුකුල මුහුදු ප‍්‍රවේශ මාර්ගයක් ලබාදීම හා ඉන්දියානු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති ධීවරයන් හා යාත‍්‍රා නිදහස් කර දීම, විදේශ සමාගම් විසින් ලංකා මුහුදේ මසුන් ඇල්ලීම නතර කිරීම ඔවුන්ගේ ඉල්ලීම් වලට ඇතුලත් විය.

    උද්ඝෝෂකයන්ට එරෙහිව සැලසුම් සහගත ප‍්‍රකෝපකරනයක් නිර්මානය කිරීමෙන් අනතුරුව ඇමති සේනාරත්න මාධ්‍ය වලට ප‍්‍රකාශ කලේ උද්ඝෝෂකයන් විසින් ප‍්‍රහාර එල්ල කිරීම නිසා අමාත්‍යංශයේ රථ කිහිපයකට අලාභ වී ඇති බවත් පහර දුන් උද්ඝෝෂකයන් හඳුනා ගෙන ඇති බවත් ය. ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීම සඳහා පොලිසියට පැමිනිලි කරන බවද සේනාරත්න පැවසීය. රාජ්‍ය දේපොලවලට අලාභ හානි කිරීම ඇප දිය නොහැකි වරදක් බව ද ඔහු ප‍්‍රකාශ කර තිබුනි.

    මෙම තර්ජනය මගින් සේනාරත්න අපේක්ෂා කරන්නේ ධීවර ජනයාගේ ගැටලු විසඳා ගැනීම සඳහා කෙරෙන කවර හෝ විරෝධතා ව්‍යාපාරයක් වලකාලීමයි. මේ අතර ධීවර සංවිධාන එකමුතුව විසින් මාධ්‍ය ප‍්‍රකාශයක් නිකුත් කරමින් උද්ඝෝෂකයන්ට පහර දීම දැඩිලෙස හෙලා දැක ඇත.

    මෙය හුදෙක් ඇමති සේනාරත්නගේ හිතුවක්කාර පිලිවෙතක ප‍්‍රතිඵලයක් නොවේ. එය ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආන්ඩුව තම ජනතා විරෝධී පිලිවෙත් වලට එරෙහිව මතුවන විරෝධය මර්දනය කිරීම සඳහා අනුගමනය කරන මැර හා පොලිස් රාජ්‍ය විධික‍්‍රමයන්ගේ අත්‍යන්ත කොටසකි.

    ප‍්‍රහාරයෙන් ආන්ඩුව කෙරෙහි කුපිත වී සිටින ධීවරයන් අස්වසාලීම සඳහා ප‍්‍රහාරය සම්බන්ධව ඇමති සේනාරත්නගෙන් “වාර්තාවක්” කැඳවා ඇති බවත් අනතුරුව ඒ ගැන “පරීක්ෂනයක්” කරන බවත් නම් සඳහන් නොකල ආන්ඩුවේ ප‍්‍රකාශකයෙක් මාධ්‍යවලට කියා ඇත. ප‍්‍රහාරය සැලසුම් කල ධීවර ඇමතිගෙන් වාර්තා කැඳවීම හොරාගේ අම්මගෙන් පේන ඇසීමකි.

    ජනාධිපති සමග සාකච්ඡාවකට අවස්ථාවක් සලසා දෙන බව ද ප‍්‍රදේශයේ දේශපාලන නායකයන් විසින් කියා ඇත. මෙම මැර ප‍්‍රහාරය සහ ධීවර ජනයාගේ ප‍්‍රශ්න නොතකා හැරීම හේතුවෙන් උද්ගත වී ඇති තත්වය, ජනවාරි මාසයේදී පැවැත්වීමට බලාපොරොත්තුවන ජනාධිපතිවරනයේදී අවාසිදායක ලෙස බලපානු ඇතැයි ආන්ඩුව කල්පනා කරයි. වයඹ පලාත් සභා මැතිවරනයේ දී හා ඊට පෙර පැවති මැතිවරන වලදී ජනාධිපති රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුවේ මැති ඇමතියන් විවිධාකාර බොරු පොරොන්දු දුන් බව ධීවරයන් විසින් මතකයට නගා ගැනීම වැදගත් ය.

    ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කල බහුදින යාත‍්‍රා හිමියන් කිහිප දෙනෙක් යුරෝපා සංගමය විසින් ප‍්‍රකාශිත ආකාරයට එලඹෙන ජනවාරි මාසයේ සිට ලංකාවේ මාලු ආනයනය නතර කලොත් තමනට මුහන දීමට සිදුවන ගැටලු ගැන විස්තර කලහ. “සියයට 70 විතර අපේ මාලු අපනයනය කරන්නේ යුරෝපයට. ඒක නතර වුනොත් අපේ කර්මාන්තෙ මුලුමනින් ම කඩා වැටෙනවා. ආන්ඩුව සහ ධීවර ඇමතිගේ නොසැලකිල්ල නිසයි එහෙම වෙන්නේ. බෝට්ටු නිරීක්ෂන පද්ධති සවිකිරීම යුරෝපා සංගමයේ ප‍්‍රධාන ඉල්ලීමක්. 2012 ඉඳල යුරෝපා සංගමය ඒ ගැන අවධාරනය කරනවා. නමුත් ආන්ඩුව ඒක පැහර හැරලා. අපි කැමතියි නිරීක්ෂන පද්ධති සවිකරන්න. එතකොට අපේ බෝට්ටු තියෙන තැන නිවැරැදිව දැන ගන්න පුලුවන්.”

    වෙලඳ පොලේ ලක්ෂ තුනක් පමන වන මෙම උපකරනයක් ලක්ෂ 6 ට අලෙවි කිරීමට අමාත්‍යංශය උත්සාහ කරන බවට ඔවුහු චෝදනා කලහ. “ඇමතිවරයා කොමිස් ගහල අපට වැඩි ගානට විකුනන්න හදනවා. විදේශ නැව් ඇවිල්ලා අපේ මුහුදේ මාලු අල්ලන එක අපට ලොකු අවාසියක්. චීන, තායිලන්ත නැව් ලංකාවේ කොඩිය දාගෙන අපේ මුහුදු සීමාවේ මාලු අල්ලනවා. විදේශ සමාගම් තුනක් -ටොපික්, ග්ලෝබල් සහ ජෙසී- ලංකා මුහුදු සීමාවේ මාලු අල්ලනවා. ආන්ඩුව දැනුවත්වයි ඒක කෙරෙන්නේ. ඇමතිගේ ඥාතීන්ගේ නමින් නැව් අටක් විතර තියෙනවා. සාමාන්‍යයෙන් ටූනා කිලෝ එකක් රුපියල් 800 ක් පමන ගනනකට අලවි වෙනවා. නමුත් විදේශ නැව් මාලු ගෙනාපු දවස්වලට කිලෝවක මිල රුපියල් 350-400 පත වැටෙනවා.”

    එක් ගමන් වාරයකට සති තුනත් මාසයත් අතර කාලයක් වැය වන බවත් තෙල්, කෑම සහ මාලුන්ට දෙන ඇම සඳහා එක්වතාවකට රුපියල් ලක්ෂ පහලොවක් පමන අවශ්‍ය බවත් බහුදින යාත‍්‍රා හිමියෝ පැවසූහ. ශී‍්‍ර ලංකාවේ බහුදින යාත‍්‍රා 4,000 ක් පමන ඇති අතර 30,000 පමන දෙනා ඒවායෙහි සේවය කරති. යුරෝපයට කරන අපනයනය නතර වුවහොත් පවුල් 30,000 ක ජීවිතවලට එය ඍජුව ම බලපාන බව ඔව්හු කීහ. ශී‍්‍ර ලංකාව 2013 වසරේ දී යුරෝපයට මාලු ටොන් 7,400 ක් අපනයනය කිරීම මගින් යුරෝ මිලියන 74 ක ආදායමක් උපයා ඇත.

    ප‍්‍රහාරයේ දී එල්ල වූ ගල් පහරකින් දකුනු ඇසට ඉහලින් තුවාල ලැබූ 39 හැවිරිදි විවාහකයෙකු වූ සුරංග මෙසේ පැවසීය: “පවුලේ වියදම මාසෙකට 25,000 විතර යනවා. මාලු රට යවන එක නතර වෙලා රක්ෂාව නැති වුනොත් ජීවත් වෙන්න ක‍්‍රමයක් නැහැ.” ඔහුගේ දියනිය සාකච්ඡාවට එකතු වෙමින් පැවසුවේ “ප‍්‍රශ්නේ සාකච්ඡා කර විසඳනවා වෙනුවට ධීවරයන් ට ප‍්‍රහාරයක් එල්ල කිරීම වැරදි” බවයි. ප‍්‍රශ්නය හැම ධීවරයාට ම බල පාන බවත්. නමුත් “ප‍්‍රශ්නය විසඳ ගන්න ගියහම සිද්ධ වුනේ ගල් පාරවල් කන්න බවත් ඔහුගේ බිරිඳ කීවාය. මැරයන් පහර දෙද්දී පොලිසිය ඉවත බලාගෙන සිටි බව සුරංග පැවසුවේ ය.

    ලින්ටන් පෙරේරා 52 හැවිරිදි විවාහකයෙකි. ඔහුගේ දරුවන් තිදෙනොගෙන් පුතුන් දෙදෙනා ධීවරයන්ය. යුරෝපයට මාලු අපනයනය පිලිබඳ ගැටලුව නො විසඳුනහොත් තිදෙනාට ම රැකියා අහිමි වෙන බව පෙරේරා පැවසුවේය. “අපිට පිලිවෙලකට හදා ගත්තු ගෙයක්වත් නැහැ. රක්ෂාව නැති වුනොත් ගොඩ මුහුදේ මාලු අල්ලන බෝට්ටු, දැල් ආම්පන්න ගන්න අපිට සල්ලි නැහැ. අමාත්‍යංශයට ගියේ ගහ ගන්න නෙමෙයි. හරිම අසාධාරන විධිහට අපිට සැලකුවේ. මගේ දකුනු ඇහැට උඩිනුයි ගල වැදුනේ. ඇහැට වැදුනානම් ජීවිතේ ම කාලකන්නි වෙනවා. මේ ආන්ඩුවට නම් අපි ඡන්දෙ දෙන්නේ නැතැ” යි පෙරේරා කීවේය.

    “දැන් මේ පලාතේ ඉන්න මැති ඇමතිවරු අපෙන් සමාව ගන්න හදනව. අපි කොලඹ යන බව ඒ ගොල්ලන්ට කීවා. එතකොට කිව්වේ ගිහිල්ල කාල එන්න වෙයි කියල. ඒ කියන්නේ ඒගොල්ල දැනගෙන හිටිය අපිට ගහන්න සුදානමින් ඉන්න බව.” ඔහු වැඩි දුරටත් පැවසුවේ ය.

    ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ තරංග වයස අවුරුදු 31 ක තරුනයෙකි. ගල් පහරකින් ඔහුගේ ද දකුනු ඇසට උඩින් තුවාල වී ඇත. “දුර කතනයෙන් යමෙකු කතාකර කොලඹ ඇවිත් කට උත්තරයක් දෙන්න කිව්වා. තමන් කවුද කියල කිව්වේ නැහැ. පොලිසියෙන් ද කියල හරියට ම දන්නේ නැතිව යන්නේ කොහොම ද?”

    ධීවර ඇමතිට ප‍්‍රශ්න විසඳන්න බැරිනම් ඔහු ඉල්ලා අස්විය යුතු බව තරංග පැවසීය. “ධීවර ඇමති කතා කලේ අන්තිම කැත විදිහට. මුහුදේ දී අපට හිරහැර කරනවා. නැව්වලින් අපේ බෝට්ටු හප්පනවා. ලෝන් කපනවා. ධීවර ඇමති අපට එන්ජී ඕ කාරයෝ, ජේවීපී කාරයෝ කියල චෝදනා කලා. අපි ඒ එකකටවත් සම්බන්ධ නැහැ. අපිත් එක්ක ආන්ඩු පක්ෂයේ හිටපු ප‍්‍රාදේශීය සභා නියෝජිතයෝ හිටිය. ඒ ගොල්ල අපි වෙනුවෙන් වචනයක් වත් කතා කලේ නැහැ.”
    කෙසේ වුව ද ජනාධිපති සමග සාකච්ඡාවකින් ප‍්‍රශ්න විසඳා ගත හැකි වෙතැයි බහුදින යාත‍්‍රා හිමියන්ට මිථ්‍යාවක් ඇත. “ජනාධිපතිතුමා සමග සාකච්ඡාවක් ලැබුනොත් අපට මේ ප‍්‍රශ්න විසඳා ගන්න පුලුවන්” යයි සමස්ත ලංකා බහුදින යාත‍්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් මයාමි සමොල්කා ප‍්‍රකාශ කලා ය.

    විදේශ සමාගම් රැකීම හුදෙක් ඇමති සේනාරත්නගේ පිලිවෙතක් පමනක් නොවේ. ඇතැම් ධීවරයන් කල්පනා කරන විදිහට ධීවර ඇමති ඉල්ලා අස්වීමෙන් ප‍්‍රශ්නය නොවිසඳෙන අතර ඔහු වෙනුවට පත්වන නව ඇමතිවරයා ද අනුයන්නේ මෙම පිලිවෙතම ය. මක්නිසා ද යත් එය ජාත්‍යන්තර ප‍්‍රාග්ධනය විසින් මෙහෙයවනු ලබන රාජපක්ෂ ආන්ඩුවේ පිලිවෙත වන බැවිනි


    https://www.wsws.org/sinhala/2014/2014oct/slfi-25o.html
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ පත්තරවල ලියැවෙන කතාව විතරයි.
    ඇත්තටම කිව්වොත් සැබෑ යතාර්ථය මීටත් වඩා දරුණුයි.
    මම හිතන්නේ තව මාස 5කට වගේ පස්සේ ආයෙත් මහින්දට දුන්නත් මේ රට ගොඩ ගන්න බෑ..ඒක සහතිකයි.

    යුද්ධය වෙනුවෙන් අතිවිශාල මුදලක් වැයකල 2007 වසරටත් වඩා අද වෙද්දි අපේ රට ආර්ථික අවපාතයක ඉන්නේ..

    පොන්සිරා හදිසි රැස්වීමක් කැදවලා, රටේ ආර්ථිකයට මේ වෙන කෙල වීම ටිකක් හරි තේරිලා.. උට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නෑ.. මොකද රනිල්ට ඕන විදිහටයි රට යන්නේ.. පොන්සිරා පුට්ටලම් බූරුවෙක් වගේ වල්ගේ උස්සගෙන දගලුවට වැඩක් නෑ...