හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
මෙම හුය ජනගත කර ඇති බැවින් පිස්සු මැට්ටා (හේ නම නම් ඔහුට ගැලපෙන්නේ නැති සෙයකි!) සොයුරා ගේ ලියවිලි කියවමින් විදිමන් සිටිමි.
අපට පසුව ඔබ ලිවිය යුතුය. මම නම් නිහඩ ඒ සදහා ය. අප දිගින් දිගටම මෙය කරතොත් ඔබ ලියන්නේ නැත.
ඉදින්, ඔබ ලිවිය යුතුය. අපි ඒ බලා සැනසිය යුතුය.
පැරනි මළවුන් අලුත් මලවුන්ට ඉඩ දිය යුතුය යන සුසානයේ ධර්මතාවය මම පිළිගන්නෙක් මි!

පරිනත බුද්ධියක් ඇති, බහුශැතයින්ගෙන් ඇගයීම්, විවේචන නැත්නම් මේ හුය පවත්නේ නැත. කාර්යබහුල දිවියෙන් මොහොතක විරාමයක් ලද මොහොතක, ඉඳහිට හෝ මෙහි පැමිණ අපේ අඩුපාඩු පෙන්නා දෙන්නේ නම් එය අප කාටත් මහත් වූ ධෛර්‍යය ගෙනදෙන්නකි. අපේ දැනුමේ අඩුපාඩු නිසාම නොතේරෙන, නැත්නම් වරදවා වටහාගන්නා ගීත බොහෝය. ඒ නිවැරදි කරගන්නටත්, නොදුටු අරුත් දැකගන්නටත් අත්වැලක් අත්‍යවශ්යය. බහුශැතයින් මළමිනී ලෙස සැලකිය නොහේ, බහුශැතයින් ආධුනිකයන්ට අත්වැලක් වන්නේ නම් මැනවි.


එළකිරියේ සිංහල ගීතයට රිසි සියළු සහෘදයන් වෙත මෙසේ ගෞරවයෙන් ආරාධනා කර සිටින්නේ සිංහල ගීත රසවිඳින්නටයි. ඔබේ දැකීම්, අත්දැකීම්, වින්දනය එළකිරියන් සමඟ බෙදාහදාගන්නටයි.

'මැට්ටා' යනු මා විදුපියසේදී ලද අනවරත නාමයකි. පසුව සමීපතමයන් අතර මා 'පිස්සු මැට්ටා' වූයේ හිතන විදිහ ක්ලික් එකේ අනෙත් උන්ට වඩා වෙනස් වූ බැවිනි. ඉලක්කම් අතර අනෙත් මිතුරන්ගේ මොලය කරවෙද්දී, මගේ මැටි මොලය නොපිච්චී බේරුනේ හෙළ සාහිත්‍යයෙන් පෝශණය වූ සුබාවිත සිංහල ගීයට පින් සිදුවන්නටය. ඒ ගීත නොමැරී පැවතීම අනාගතයේ බිහිවන මා වැනි මැට්ටන්ට මහෝපකාරී වනු ඇත.
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කාලයා ඉඩදෙන මොහොතකදී මෙම හුයට ගොඩවදින්නට බලාපොරොත්තු වෙමි. හෙට දින නිදහස්යැ.
    එසේ නම් මුල සිට ම කියවීම යහපති.
    සමහර සගයෝ දින ගනන් නිවාඩු දමා මෙය කියවූ බව ද මෙහි මැ සදහන් කොට තිබේ.
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    එසේ නම් මුල සිට ම කියවීම යහපති.
    සමහර සගයෝ දින ගනන් නිවාඩු දමා මෙය කියවූ බව ද මෙහි මැ සදහන් කොට තිබේ.

    මුලසිට කියවමි. හෙට නිවාඩු දිනකි:)
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    කාලයා ඉඩදෙන මොහොතකදී මෙම හුයට ගොඩවදින්නට බලාපොරොත්තු වෙමි. හෙට දින නිදහස්යැ.

    සබඳ ඔබේ පැමිනීම අපට ශක්තියකි.
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    එසේ නම් මුල සිට ම කියවීම යහපති.
    සමහර සගයෝ දින ගනන් නිවාඩු දමා මෙය කියවූ බව ද මෙහි මැ සදහන් කොට තිබේ.

    වරක් කියවා ඇත්තෙමි. නමුත් නැවත කියවන්නට සිත්විය. මෙහි ඉගෙන ගන්නට දේ බොහෝයැ. :yes: සිය වරක් කියවුවද ඉගෙනගන්නට ඇති දෑ තවත් ඉතිරි වනවා මිස අවසනක් නොවේ.
     
    • Like
    Reactions: twisted

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කිඹුලාණනි හුය මැදක් තැන් දක්වා කියවා ඇත්තේය. අද දින මේ දක්වා අන්කිසි කටයුත්තක නොයෙදුණෙමි. මෙහි මුල් හුය කියවන තෙක් සිටියහොත් ඉතා කල් ගත විය හැක්කේය. එබැවින් මෙම හුය කියවා නිමැවීමෙන් පසු විචාර විවේචන දකවීමට සිතමි. මුල් හුයේ ඇති ගී නැවත ප්‍රති විචාරය වේදෝහෝයි කුකුසක්ද නැත්තේ නොවේ. තෙපගේ අදහස් නොවලහා කියව.
     
    • Like
    Reactions: Pissu_Matta

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලාණනි හුය මැදක් තැන් දක්වා කියවා ඇත්තේය. අද දින මේ දක්වා අන්කිසි කටයුත්තක නොයෙදුණෙමි. මෙහි මුල් හුය කියවන තෙක් සිටියහොත් ඉතා කල් ගත විය හැක්කේය. එබැවින් මෙම හුය කියවා නිමැවීමෙන් පසු විචාර විවේචන දකවීමට සිතමි. මුල් හුයේ ඇති ගී නැවත ප්‍රති විචාරය වේදෝහෝයි කුකුසක්ද නැත්තේ නොවේ. තෙපගේ අදහස් නොවලහා කියව.
    විචාරය කෙරෙන්නේ පුද්ගලානුබද්ධව වන නිසා දෙවනි වතාවට යම් ගීයක් වෙනත් දුහුනෙකු විසින් විචාරයට ලක්වේ නම් වඩා යහපත් අදහස් මතුවන බව මාගේ මහා පොදු පිළිගැනීමයි.
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    නිහඬ කල්පනා ~ එඩ්වඩ් ජයකොඩි

    මෙය එඩ්වඩ් ජයකොඩි ගායනා කරන තරමක වේග රිද්ම ගීතයකි.එම වේග රිද්මයෙන් සුනුල් ධර්මසේන උත්සාහ කරන්නේ තරුණයාගේ චිත්ත වේග පිලිඹිබු කිරිමට බව මට හැඟේ. එසේම හේමසිරි හල්පිටයන්ගේ ගීත වල සුවිශේෂ ලක්ෂණය වනුයේ සරළ බස් වහරයි. නමුත් එම සරළත්වය යටින් එක්තරා කතාවක් විචිත්‍රණය කිරිම ඔහුගේ බොහෝ ගීත වල දක්නට ලැබේ.එය මෙමෙ ගීත්යෙත් මනාව විශද කරයි.

    Nihada%2BKalpana%2BLowaka%2BThaniwela%2BLyrics%2BEdward%2BJayakody%2BLyrics.jpg


    ගායනය-එඩ්වඩ් ජයකොඩි
    පද රචනය-හේමසිරි හල්පිට
    තනුව-සුනිල් ධර්මසේන

    මෙම ගීතය පුරාවට දැක්වෙන්නෙ පෙම්වතා පෙම්වතියෙන් සිදු කරන ආයචනයකි.ඔවුන් අතිතයේ සමීප පෙම්වතුන් ලෙස සිට ඇත.නමුත් එය වර්තමානයේ ගිලිහෙමින් පවති.නමුත් එයට හේතුව කුමක්දයි පෙම්වතා නොදනි.ඔවුන් මල් උයනක,වෙරල කොනක අත් වැල් පටලා මුමුන මුමුන එකට ඇවිද යන්නට ඇත.නමුත් අහ එම ජීවිතය පෙම්වතාට අහිමිය.පෙම්වතිය ඔහොට විවිධ චෝදනා ඉදිරිපත් කර කල්පනා ලොව නිමග්නව මුනිවත ආරක්ෂා කරයි.


    නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි
    කරන චෝදනා මොනවදෝ කියා නොමතැවෙයි
    නැඟෙන වේදනා තුරුණු මා වියෙ අපමණයි
    අචල ආදරේ රැදුනේ ඔබ කෙරේ එලෙසමයි


    පෙම්වතිය වෙනයම් කිසිවෙකු සමඟ ඇසුරක පැටලිද යන්න ඔහු හරිහැටි නොදනි.ඔහු එය පෙම්වතියගෙන් විමසයි.


    ඉවත පාවෙලා යන්න හිතුනෙදෝ මා කෙරෙන්
    වෙන අයෙක් කෙරෙ බැඳුනදෝ ඔයා ආදරෙන්
    සිහිනයක් ලෙසින් බොඳ වෙලා නොයන් මා සිතින්
    හිනැහිලා බලා සනසවන්න මා ඔය නෙතින්


    මෙයින් පෙම්වතාගේ ඇති අසරණභාවය මනාව විශද කරයි.ඔහු ඇයට කිසිම වරදක් කර නොමැත.නමුත් ඔහු ඇයගෙන් සමාව ආයාචනා කරයි.අතීත සුන්දර ප්‍රේමය ආදර නටඹුමක් හෝ ස්වප්නයක් පමනක් වීමට ඉඩහැර බලා සිටිමට තරම් අද ඔහු අසරණ වී ඇත.


    අසරණයි මෙමා වැරදි නැ කරේ කිසිදිනේ
    ඔබෙ සිතෙ සමා දෙනු මැනේ ලඳේ පා සෙනේ
    හදවතින් බිඳි වේදනා සුසුම් පාවුනේ
    නැතිවදෝ අපෙ සිත් එදා ලෙසින් යාවුනේ




    ලිව්වේ ලකිඳු අෂාන් පීරිස්
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.



    එඩ්වඩ් ජයකොඩි යනු කලක් තරුණ සිත් සතන් ඇද බැද ගත් සිහින කුමරා බව සිහිගන්වනු වටී.
    ගීය විවරණය කල බැලුවහොත් මෙම ගීය මගෙ පුද්ගලික මතය අනුව නම් තරමක් (ඔහුගේ නිදි යහනේ ලණු ඉහිරී , කැරකෙන රෝදේ, කොපර කොපර ) තරමක් අවර ගනයේ ගීතයක් බව කිව යුතුය.
    හේමසිරිගේ කුදු මහත් නව පරපුරේ ගීතයන්හි දක්නට ලැබේ කලබලකාරී බව හා අසංවරය මෙම ගීතයේ දක්නට ලැබේ. පැහැදිලිව නොදන්න මුත් බොහෝ දුරට තනුව මුලින් පිලියෙල කල ගීතයක් වීමට ඉඩ තිබේ.
    මෙම ගීතයේ එන පෙම්වතුන් දෙදෙනා අතර පවතිනුයෙ එතරම් මුහුකුරා නොගිය බොලද ප්‍රේමයකැයි සිතේ. දෙදෙනා අතර අන්යෝන්ය අවබෝධය වෙනුවට සැක සංකා බහුය. එය ප්‍රේමයේ පොදු ධර්මතාවයක් වුවත්, ඉන් ඔබ්බට ගිය බොලද්ත්වය්ක් දිස් වේ.
    මෙම ගීතයේ දක්නට ලැබෙන අචල ආදරේ, චෝදනා, වේදනා, සිහිනයක්, ඔයා, අසරණයි, සමා, සුසුම් ආදී වදන් හේමසිරිගේ බොහෝ ගීතයන්ට පොදුය. (නාමල් උඩුගමගේ ගීත සලකා බලන්න )
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    එඩ්වඩ් ජයකොඩි යනු කලක් තරුණ සිත් සතන් ඇද බැද ගත් සිහින කුමරා බව සිහිගන්වනු වටී.
    ගීය විවරණය කල බැලුවහොත් මෙම ගීය මගෙ පුද්ගලික මතය අනුව නම් තරමක් (ඔහුගේ නිදි යහනේ ලණු ඉහිරී , කැරකෙන රෝදේ, කොපර කොපර ) තරමක් අවර ගනයේ ගීතයක් බව කිව යුතුය.
    හේමසිරිගේ කුදු මහත් නව පරපුරේ ගීතයන්හි දක්නට ලැබේ කලබලකාරී බව හා අසංවරය මෙම ගීතයේ දක්නට ලැබේ. පැහැදිලිව නොදන්න මුත් බොහෝ දුරට තනුව මුලින් පිලියෙල කල ගීතයක් වීමට ඉඩ තිබේ.
    මෙම ගීතයේ එන පෙම්වතුන් දෙදෙනා අතර පවතිනුයෙ එතරම් මුහුකුරා නොගිය බොලද ප්‍රේමයකැයි සිතේ. දෙදෙනා අතර අන්යෝන්ය අවබෝධය වෙනුවට සැක සංකා බහුය. එය ප්‍රේමයේ පොදු ධර්මතාවයක් වුවත්, ඉන් ඔබ්බට ගිය බොලද්ත්වය්ක් දිස් වේ.
    මෙම ගීතයේ දක්නට ලැබෙන අචල ආදරේ, චෝදනා, වේදනා, සිහිනයක්, ඔයා, අසරණයි, සමා, සුසුම් ආදී වදන් හේමසිරිගේ බොහෝ ගීතයන්ට පොදුය. (නාමල් උඩුගමගේ ගීත සලකා බලන්න )

    :yes: ඒ එසේමය. මේ ගීතය අසන විට කසුන් කල්හාරයන් ගයන 'ඇරඹුමම කඳුලක් වෙලා' ගීතය සිහියට නැඟුනේ මේ ගීත දෙකේදීම කියැවෙන ප්‍රේමය බොළඳ නිසාදෝ හැඟේ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes: ඒ එසේමය. මේ ගීතය අසන විට කසුන් කල්හාරයන් ගයන 'ඇරඹුමම කඳුලක් වෙලා' ගීතය සිහියට නැඟුනේ මේ ගීත දෙකේදීම කියැවෙන ප්‍රේමය බොළඳ නිසාදෝ හැඟේ.
    ඒ පිළිබද ව මාගේ විරෝධය පළ කරමි.:yes:
    ඇරඹුම ම කදුළක් වෙලා යනු එඩ්වඩ් ගයන මේ ගීතයට ගව් ගානක් ඉදිරියෙන් පවතින්නකි. මදක් සළකා බලන්න. ඔබ එය විදින්නේ ප්‍රේමයෙන් නිර්විමුක්ත වූවෙකු ලෙසටය. ඒ ලෙස වින්ද ද, ඒ තුල ඇති අවසානයට පෙර ඈ ගියා වැනි යෙදුම් ද, දුක්බර ම කවියක් ලියා-එහි පද ලෙපලක් අඩුවෙන් තියා - අරුත පසිද්නින්ට කියා අවසානයට පෙර ඈ ගියා වැනි යෙදුම් ද, විරහවේ ආත්ම කථනය ගෙන එන පද වැල ය. ඒ විරහව පැත්තෙනි.

    මේ ගීය පෞද්ගලිකව කසුන් විදි අත්දැකීමක් වන මෑණියන් අහිමිව යාම ගැන යයි මා යෝජනා කළහොත්, ඔබ එයට පවසන්නේ කුමක් ද?

    මා පෞද්ගලිකව අදහන ලෙසට මාලනී නිමැවු විශිෂ්ඨතම නිර්මාණය නමින් කසුන් කල්හාර නම් වෙයි.නමුත් ඔහු හෙළ සුභාවිත ගීතයේ තිර්ථ යාත්‍රිකයා වවන තෙක් ඇය ජීවත් වූයේ නැත.
    අවසානයට පෙර ම ඇය ගොසිනි.......


    පරිසමාප්ත කලා කෘතිය අටවක් මැණිකක් ලෙස මා නම් කරමි. ඒ ඒ දෙස නොයෙක් දෙසින් බලන විට විවිධ වූ රටා මැවෙන හෙයිනි. කලාකෘතිය විද ගත යුත්තේ අත්දැකීම් අනුසාරයෙනි. ඇරඹුම ම කදුළක් වෙලා ද එවැන්නකි.

    මාගේ විරෝධයේ පදනම ඔබට වැටහ් යයි සිතමි.

    ප.ලි.
    අද දින ජාලගත වන්නට නියමිත මා ඉදිරිපත් කරන සසල හද විල් තෙර නම් සංගීතමය වැඩසටහන එළකිරි රේඩියෝවෙන් රසවිදින ලෙස ඔබට ඇරියුම් කරමි!
    යොමුව - http://radio.elakiri.com/index.php?q=high
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එසේ නම් මුල සිට ම කියවීම යහපති.
    සමහර සගයෝ දින ගනන් නිවාඩු දමා මෙය කියවූ බව ද මෙහි මැ සදහන් කොට තිබේ.

    මම එලකිරි එන්න එක හේතුවක් තමයි මේ ත්‍රෙඩ් එක.කඳුළු පුරෝගෙන මේ ත්‍රෙඩ් එක කියෙව්වා මතකයි.ඉස්සර ගෙදර ආවාම ඉස්සෙල්ලාම බලන ත්‍රෙඩ් එක තමයි මේක
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මම එලකිරි එන්න එක හේතුවක් තමයි මේ ත්‍රෙඩ් එක.කඳුළු පුරෝගෙන මේ ත්‍රෙඩ් එක කියෙව්වා මතකයි.ඉස්සර ගෙදර ආවාම ඉස්සෙල්ලාම බලන ත්‍රෙඩ් එක තමයි මේක

    අද මේ හුය කියවා නිමවා මිස නොනිදමි!:yes:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කලක් සාහිත්ය කටයුතුවලින් ඈත්ව සිට කරන මුල්ම විචාරය කොතරම් සාර්ථක වේදැයි නොදනිමි. මෙහි සිටින් විද්වත් ජනයා වැරදි ඇත්නම් පහදා දේයැයි උදක්ම අපේක්ෂා කරමි.

    මේ වනවිට සිංහල ගී කෙතේ ජනප්රියම ගායකයා එච්.ආර්. ජෝතිපාලයන් යන්න අවිවාදාත්මකය. මෑතකදී කල සමීක්ශනයකින්ද ඒ බව තහවුරු වී තිබේ. සාමාන්යයෙන් තරමක් ජනප්රිය ආරේ ගීතයන්ට වෙසෙසක් උසුලන එතුමාණන්ගේ හඩ පරාසයත්, ස්වර පරාසයත් මොනවට විදහා දැක්වෙන ගීතයක් දන්නා අයුරින් විචාරය සදහා තෝරා ගතිමි.

    පෙම්වතියකගේ වියෝව , මියයෑම පෙම්වත්කුට කෙතරම් වේදනාභරිත දැයි අමුතුවෙන් කිවයුතු නොවේ. මෙම නිමිත්ත මුල් කරගත් ගීත සිංහල ගීත සාහිත්යය තුල අහුලව දක්නට ලැබේ.ඉතා ප්රබුද්ධ ගනයේ ගීත මෙන්ම අවර ගනයේ ගීතද ඒ අතර වෙත්. උපාලි ධනවලවිතානයන් පද පෙල ගැස්වූ, කේ.ඩී.කේ. ධර්මවර්දනයන් තනු නිර්මාණය කල ජෝතිගේ මෙම ගීතය එම ගීත ගොන්න අතර සුවිශේෂය. මුලින්ම ගීතයේ පද පෙල ඉදිරිපත් කරමි.

    පහන් ටැඹ යට සොහොන් කොත ළග
    කවුද කාටද අත වනන්නේ
    දෑස නිදි නැති රෑක මැදියම
    ඔබේ ඉකි හඩ දෝ ඇසෙන්නේ... ඇසෙන්නේ....

    ඔබ වියෝවෙන් වේදනාවෙන්
    හීන් හිරිපොද වැටුණු දවසක
    නෑසියන් හා කරපිටින් මා
    ගෙනගියා ඔබ සොහොන් පිටියට ....

    පහන් ටැඹ යට සොහොන් කොත ළග ……

    ඒ සොහොන් කොත පෙනෙන මානේ
    පුංචි කුටියක කවුළුවක් ලග
    බලා ඉන්නෙමි සිතින් හමුවී
    කියාගන්නට සිතක බැදි පෙම ....
    පහන් ටැඹ යට සොහොන් කොත ළග ……


    තම ආදරවන්තිය මිය ගිය මුත්, පෙම්වතාට එය නොදැනේ. ඔහුට ඇය තවමත් ජීවමානය. ඇගේ වියෝවෙන් විරහව අත්දකින ප්රේමවන්තයා ජීවත් වනුයේ ඇගේ සොහොන් කොත පෙනෙන මානයේ කුටියයකය. නිදි දෙව් දුව ඔහු සොයා නො එන මැදියම් රැයක, සොහොන් කොත සෙසින් ඇගේ ඉකි හඩ ඇසේ. ඇය එහි සිට ඔහුට අතවනනු පෙනේ.

    සමාන්යයෙන් යමෙක් මිය ගිය පසු නැවත් අ නෝන බව පොදු දහම වුවත්, ආදරය වැනි සංවේදී හැගීමකදී මිනිස් සිතට එය නොසිතේ. තමන් ආදරය කල ඇය සිහිනයක හෝ වෙලී නැවත තමන් වෙත ඒ යැයි සිතේ. එය අවිහිංසක ප්රාර්තනාව ප්රේමය මිය ගිය අයෙක්ගේ චිත්ත සන්තානයෙන් ඉවත් වන්නේ බොහෝ කලකට පසුවය. (පවුද්ගලිකව අත්දැක ඇත. එම විස්තර මෙහි නොලියමි )

    පහන් ටැඹ යට සොහොන් කොත ළග
    කවුද කාටද අත වනන්නේ
    දෑස නිදි නැති රෑක මැදියම
    ඔබේ ඉකි හඩ දෝ ඇසෙන්නේ... ඇසෙන්නේ....


    ඇය වියෝවූ දිනසිට පෙම්වතාට මුලු විශ්වයම ඔහු සමග දුක් වන්න සේ පෙනෙයි. ඇය සොහොන් පිටියට කැන්දාගෙන යද්දී වියෝ දුකින් හීන් හිරි පොද වැටේ. ජීවිත අරණේ තනිවූ ඔහුට හුදෙකලාව උපරිමයෙන් දැනේ.

    ඔබ වියෝවෙන් වේදනාවෙන්
    හීන් හිරිපොද වැටුණු දවසක
    නෑසියන් හා කරපිටින් මා
    ගෙනගියා ඔබ සොහොන් පිටියට ....
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ප්රේමය අසීමාන්තිකය. පවසා නිම කල නොහැක. සිතේ බැදි පෙම කියා නිම කර ගන්නට පෙර ඇය නික්ම ගියා නොවේදැයි පශ්චත්තාප වේ. අනේ ..ආයෙත් හමුවී එක පාරක් ආදරේ කියන්න ඇත්නම් යන්න ඔහුගේ ඒකායන, අහිංසක පැතුමයි.

    ඒ සොහොන් කොත පෙනෙන මානේ
    පුංචි කුටියක කවුළුවක් ලග
    බලා ඉන්නෙමි සිතින් හමුවී
    කියාගන්නට සිතක බැදි පෙම ....


    මේ ගීතයේ මියුරු, සෝ බර සංගීතය විරහ වේදනා දනවන සුළුය. බටනලාවේත්, සිතාරයේත් මියුරු ශෝකී රාවය විරහව උපරිමයෙන ජනනය කරවයි. සද ඇති රැයෙක, විදුලි එලි නැති නලා හඩ නැති පරිසරයක මේ ගීතය විද බලන්නැයි ඉල්ලමි.

    මුල් ගායනය පහතින්.