කවුද යකො වැන් ගිනි තිබ්බේ..
බුජ්ජම්පොල වෑන් රියේ මරණ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කෙරෙයි
දන්කොටුව බුජ්ජම්පොල ප්‍රදේශයේ ගිනි බත් වූ වෑන් රථයකින් එලියට ගනු ලැබූ මරණ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබ ඇත.
බුජ්ජම්පොල-ඉරමැදගම අතුරු මාර්ගයේ පිහිටි කොස්හේන වත්ත ප්‍රදේශයෙනි පිළිස්සුන වෑන් රථය සහ මළ සිරුරු හමු වී තිබෙන්නේ.
දැවී ගිය වෑන් රථය තුලින් එලියට ගනු ලැබුන පස් දෙනකුගේ සිරුරු හඳුනා ගැනීමට බැරි තරම් පිළිස්සී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ.
මෙය සැක කටයුතු සිද්ධියක් වන බවත් සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.
විශාල ජනකායක්
දැවී ගිය වෑන් රථය තුළ තිබී තියුණු පිහියක් වැනි අවියක් සහ ජංගම දුරකතන තුනක් හමු වූ බව එම ස්ථානයට ගිය ප්‍රාදේශීය වාර්තාකරු ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න පවසයි.
රජයේ රස පරීක්ෂකවරයා එම ස්ථානයට ලඟා වූ අතර ඔහු සිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් ප්‍රාදේශීය වාර්තාකරු පවසයි.
සිද්ධිය වාර්තා වීමෙන් අනතුරුව මාරවිල අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන එම ස්ථානයට පැමිණ අධිකරණ විභාගයක් ආරම්භ කළේය.
මේ වනවිට ප්‍රදේශය අවට ජනතාව දස දහස් ගණනින් සිද්ධිය වූ ස්ථානයට ලඟා වී සිටින අතර ඔවුන් හැසිරවීම සඳහා පොලිසියට බලවත් උත්සාහයක් දැරීමට සිදු විය.
ප්‍රදේශවාසීන් පවසන්නේ 1988-89 වසර වලින් අනතුරුව තමන් මෙවැනි සිද්ධියක් දුටු පළමු අවස්ථාව මෙය වන බවයි.
http://www.bbc.com/sinhala/sri_lanka/2016/03/160311_ug_dankotuwa_van