කවුද යකො වැන් ගිනි තිබ්බේ..

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
කවුද යකො වැන් ගිනි තිබ්බේ..

බුජ්ජම්පොල වෑන් රියේ මරණ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කෙරෙයි

160311101536_dankotuwa_van_prasad_police_lanka_512x288_bb_nocredit.jpg
දන්කොටුව බුජ්ජම්පොල ප්‍රදේශයේ ගිනි බත් වූ වෑන් රථයකින් එලියට ගනු ලැබූ මරණ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබ ඇත.
බුජ්ජම්පොල-ඉරමැදගම අතුරු මාර්ගයේ පිහිටි කොස්හේන වත්ත ප්‍රදේශයෙනි පිළිස්සුන වෑන් රථය සහ මළ සිරුරු හමු වී තිබෙන්නේ.
දැවී ගිය වෑන් රථය තුලින් එලියට ගනු ලැබුන පස් දෙනකුගේ සිරුරු හඳුනා ගැනීමට බැරි තරම් පිළිස්සී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ.
මෙය සැක කටයුතු සිද්ධියක් වන බවත් සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.
විශාල ජනකායක්

දැවී ගිය වෑන් රථය තුළ තිබී තියුණු පිහියක් වැනි අවියක් සහ ජංගම දුරකතන තුනක් හමු වූ බව එම ස්ථානයට ගිය ප්‍රාදේශීය වාර්තාකරු ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න පවසයි.
රජයේ රස පරීක්ෂකවරයා එම ස්ථානයට ලඟා වූ අතර ඔහු සිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් ප්‍රාදේශීය වාර්තාකරු පවසයි.
සිද්ධිය වාර්තා වීමෙන් අනතුරුව මාරවිල අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන එම ස්ථානයට පැමිණ අධිකරණ විභාගයක් ආරම්භ කළේය.
මේ වනවිට ප්‍රදේශය අවට ජනතාව දස දහස් ගණනින් සිද්ධිය වූ ස්ථානයට ලඟා වී සිටින අතර ඔවුන් හැසිරවීම සඳහා පොලිසියට බලවත් උත්සාහයක් දැරීමට සිදු විය.
ප්‍රදේශවාසීන් පවසන්නේ 1988-89 වසර වලින් අනතුරුව තමන් මෙවැනි සිද්ධියක් දුටු පළමු අවස්ථාව මෙය වන බවයි.

http://www.bbc.com/sinhala/sri_lanka/2016/03/160311_ug_dankotuwa_van
 
neyohk

Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    ප්‍රදේශවාසීන් පවසන්නේ 1988-89 වසර වලින් අනතුරුව තමන් මෙවැනි සිද්ධියක් දුටු පළමු අවස්ථාව මෙය වන බවයි.:shocked:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ප්‍රදේශවාසීන් පවසන්නේ 1988-89 වසර වලින් අනතුරුව තමන් මෙවැනි සිද්ධියක් දුටු පළමු අවස්ථාව මෙය වන බවයි.:shocked:
    මටත් නිවුස් එක දකිද්දි හෙනම අප්සෙට් ගියේ ඔය ටිකට.. අපො ඒ කාලේ නම් ආයේ එන්න එපා. මේකනම් මට පේන්නේ එහෙම කේස් එකක් නෙමෙයි පෞද්ගලික සීන් එකක් වගේ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්‍රදේශවාසීන් පවසන්නේ 1988-89 වසර වලින් අනතුරුව තමන් මෙවැනි සිද්ධියක් දුටු පළමු අවස්ථාව මෙය වන බවයි.:shocked:

    මුන්ට පිස්සු. ඒ කාලෙ ටයර් දාලනෙ ගිනි තිබ්බෙ.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනියම් සින් , සුදුව ,නය තුරුස් සම්බන්ද දෙකට තමා ඔය පැත්ත කොහොමත් මරා ගන්න සිද්දි වෙනවාමයි
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සොහොන;19843184 said:
    අනියම් සින් , සුදුව ,නය තුරුස් සම්බන්ද දෙකට තමා ඔය පැත්ත කොහොමත් මරා ගන්න සිද්දි වෙනවාමයි
    සල්ලි කේස් නම් වෙන්න බැ, එහෙනම් මේ වගේ ලක්ශ 50-60ක වාහනයක ගිනි තියන එකක් නැ. මට හිතෙන්නේ පලිගැනීමක්. පස් දෙනෙක්ව මරලා ගිනිතියන්න තරම්.. මීට කලින් උඩතලවින්නේ ඔහොම කේස් එකක් උනා. රත්වත්තේ පවුල තමා වැඩේ කලේ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    වෑන් එක ගිණි තියපු එකත් එන්න ඇති බලලා යන්න. :no:
    අනිවර්යෙන්ම.. ඔය බලන්න ආපු සෙට් එකේ ඌත් ඉන්න ඇති. ඔය වගේ කේස්වලදි අනිවාර්යෙන් පසු විපරමක් කරන්න එනවා අදාල පුද්ගලයො.. මට පේන්නේ සහෙන පාලු පැත්තක්. නැත්තම් ගින්නක් නොදකින්න තරම් ගමක මිනිස්සු නැති වෙන්න බැනේ.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සල්ලි කේස් නම් වෙන්න බැ, එහෙනම් මේ වගේ ලක්ශ 50-60ක වාහනයක ගිනි තියන එකක් නැ. මට හිතෙන්නේ පලිගැනීමක්. පස් දෙනෙක්ව මරලා ගිනිතියන්න තරම්.. මීට කලින් උඩතලවින්නේ ඔහොම කේස් එකක් උනා. රත්වත්තේ පවුල තමා වැඩේ කලේ..

    සර්ච් කරලා බලන්න ගුගල් එකේ එකම පවුලේ දුව ,පුතා ,අම්මා ,තාත්තා මැරුවා නයිනමඩම හන්දියේ මරලා මට්ට වලට දාලා ගියා මුරකාරයා එකම පැත්තේ තමා දැන් ඕකත් උනේ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සොහොන;19843268 said:

    සර්ච් කරලා බලන්න ගුගල් එකේ එකම පවුලේ දුව ,පුතා ,අම්මා ,තාත්තා මැරුවා නයිනමඩම හන්දියේ මරලා මට්ට වලට දාලා ගියා මුරකාරයා එකම පැත්තේ තමා දැන් ඕකත් උනේ
    ඒ මුරකාරයා පොඩි කෙල්ලව දුශනය කරලා නේද අන්තිමට. ඔක්කොමව මුරකුටියට එක එකා එක්ක ගිහින් මරලා අන්තිමට කෙල්ලව ගේ ඇතුලේ මරලා තිබ්බේ. ගමේ යන්න වෙලපහින් පඩිය ඉල්ලුවට ගෙදර එකා දීලා නැ. ඒ තරහට නේද කරලා තිබ්බෙ. අන්තිමට ඌත් කොච්චිකඩේ පාලමෙන් පැනලා මැරුන කියලා තමා ආරන්චිය පොලිසියට මාට්ටු වෙලා
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඒ මුරකාරයා පොඩි කෙල්ලව දුශනය කරලා නේද අන්තිමට. ඔක්කොමව මුරකුටියට එක එකා එක්ක ගිහින් මරලා අන්තිමට කෙල්ලව ගේ ඇතුලේ මරලා තිබ්බේ. ගමේ යන්න වෙලපහින් පඩිය ඉල්ලුවට ගෙදර එකා දීලා නැ. ඒ තරහට නේද කරලා තිබ්බෙ. අන්තිමට ඌත් කොච්චිකඩේ පාලමෙන් පැනලා මැරුන කියලා තමා ආරන්චිය පොලිසියට මාට්ටු වෙලා

    ඔය එකක් විතරයි තව මිල්රෝයි කාරයාගේ හොර ගැනු ගෙනාව මිල්රෝයිගේ නෝනා පණපිටින් පිච්චුවා natandiyedi දී තව තියනවා ඔය වාගේ බර සිද්දි මිඩියා උන් නොදන්න
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සොහොන;19843311 said:
    ඔය එකක් විතරයි තව මිල්රෝයි කාරයාගේ හොර ගැනු ගෙනාව මිල්රෝයිගේ නෝනා පණපිටින් පිච්චුවා natandiyedi දී තව තියනවා ඔය වාගේ බර සිද්දි මිඩියා උන් නොදන්න
    ඒ සීන් එකට සාක්ශි දුන්නේ ඒ වෙලාවේ පොල් ගහක් උඩ හිටපු එකෙක් නේද? ඒක ගැනු කෙනාට සමාව හම්බ උනා නේද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොනව වුනත් නරක ම දේ ආයේ අපරාධ රැල්ලක් මතුවෙලා තියන එක......
    මෙව්වා පුරුද්දට ගියොත් හරි බයානකයි බන්. මේක ඉක්මනට අහු උනොත් හොදා. නැත්තම් සාක්ශි නැති කරන්න කියලා මිනිස්සුන්ව වාහනවලට දාලා ගිනි තියයි..
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ප්‍රදේශවාසීන් පවසන්නේ 1988-89 වසර වලින් අනතුරුව තමන් මෙවැනි සිද්ධියක් දුටු පළමු අවස්ථාව මෙය වන බවයි.:shocked:

    Yahapalanaya Coming slowly, but deadly.. that's why we said, "Thereyi.... Kalyayi...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    CCTV footage thyna kathawak thbb neh oya wahane...
    Marunu kawruwath identify krlath nadda?
    van eke aithikaraya kollupitiye kiwwane, miniha jeewathun atharada danne nah?