මෙම හුය ජනගත කර ඇති බැවින් පිස්සු මැට්ටා (හේ නම නම් ඔහුට ගැලපෙන්නේ නැති සෙයකි!) සොයුරා ගේ ලියවිලි කියවමින් විදිමන් සිටිමි.
අපට පසුව ඔබ ලිවිය යුතුය. මම නම් නිහඩ ඒ සදහා ය. අප දිගින් දිගටම මෙය කරතොත් ඔබ ලියන්නේ නැත.
ඉදින්, ඔබ ලිවිය යුතුය. අපි ඒ බලා සැනසිය යුතුය.
පැරනි මළවුන් අලුත් මලවුන්ට ඉඩ දිය යුතුය යන සුසානයේ ධර්මතාවය මම පිළිගන්නෙක් මි!
පරිනත බුද්ධියක් ඇති, බහුශැතයින්ගෙන් ඇගයීම්, විවේචන නැත්නම් මේ හුය පවත්නේ නැත. කාර්යබහුල දිවියෙන් මොහොතක විරාමයක් ලද මොහොතක, ඉඳහිට හෝ මෙහි පැමිණ අපේ අඩුපාඩු පෙන්නා දෙන්නේ නම් එය අප කාටත් මහත් වූ ධෛර්යය ගෙනදෙන්නකි. අපේ දැනුමේ අඩුපාඩු නිසාම නොතේරෙන, නැත්නම් වරදවා වටහාගන්නා ගීත බොහෝය. ඒ නිවැරදි කරගන්නටත්, නොදුටු අරුත් දැකගන්නටත් අත්වැලක් අත්‍යවශ්‍යය. බහුශැතයින් මළමිනී ලෙස සැලකිය නොහේ, බහුශැතයින් ආධුනිකයන්ට අත්වැලක් වන්නේ නම් මැනවි.
එළකිරියේ සිංහල ගීතයට රිසි සියළු සහෘදයන් වෙත මෙසේ ගෞරවයෙන් ආරාධනා කර සිටින්නේ සිංහල ගීත රසවිඳින්නටයි. ඔබේ දැකීම්, අත්දැකීම්, වින්දනය එළකිරියන් සමඟ බෙදාහදාගන්නටයි.
'මැට්ටා' යනු මා විදුපියසේදී ලද අනවරත නාමයකි. පසුව සමීපතමයන් අතර මා 'පිස්සු මැට්ටා' වූයේ හිතන විදිහ ක්ලික් එකේ අනෙත් උන්ට වඩා වෙනස් වූ බැවිනි. ඉලක්කම් අතර අනෙත් මිතුරන්ගේ මොලය කරවෙද්දී, මගේ මැටි මොලය නොපිච්චී බේරුනේ හෙළ සාහිත්‍යයෙන් පෝශණය වූ සුබාවිත සිංහල ගීයට පින් සිදුවන්නටය. ඒ ගීත නොමැරී පැවතීම අනාගතයේ බිහිවන මා වැනි මැට්ටන්ට මහෝපකාරී වනු ඇත.

සිය වරක් කියවුවද ඉගෙනගන්නට ඇති දෑ තවත් ඉතිරි වනවා මිස අවසනක් නොවේ.
