හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මගේ සාහිත්‍ය දැනුම සීමා සහිතයි. ඒත් මම මේ ගීතය අහල විඳපු දේ මෙහෙම බෙදාගන්න හිතුව. මේ හුය ආපහු පටන් ගැනේවා. වැරදි ඇතොත් සමා වෙලා නිවැරදි කරත්වා.

සෝමතිලක ජයමහ සූරීන්ගේ ළයාන්විත හඬින් ගැයෙන මේ ගීයට මම මහත් සේ ඇළුම් කරමි.

නියමයි සහෝ දිගටම ලියමු.

සාහිත්‍යයට ලැදි උඹලා වෙනුවෙන්ම අපේ ගීත සහ කාව්‍ය සාහිත්‍යය පෝශණයවුනු ආකාරය ගැන විස්තර සහිත ත්‍රෙඩ් කීපයක් දාන්න ඉන්නේ.

මෙන්න එයින් පළවෙනි ත්‍රෙඩ් එක:
පද රුත් රස: සඳවතhttp://www.elakiri.com/forum/showpost.php?p=19862794&postcount=1
 
Last edited:

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
විජය කුමරණතුංගයන්ගේ ගීත අතරින් මගේ ප්රියතම ගීතය මෙයයි. අපරිමිත දයාර්ද, ගැඹුරු කටහඩක් හිමි එතුමා තම මෑණියන් වන බ්රියට්රිස් කුමාරණතුංග මහත්මියට ඉතා සමීපතාවයක් පෙන්වූ අයෙකි. මිය යන දිනයේ උදයේද එතුමා තම මෑණියන් දක්නට හලාවත ගොස් ඇත. ජීවමානව එතුමා දැකීමට භාග්යයක් මට නොවීය. එනමුත් හිස වසන ලද එතුමාගේ මෘත දේහයට පැය 16ක් පෝලිමේ හිද අවසන් ගවුරව දැක්වීම අවස්තාව මට හිමිවිය.
තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න
මගෙ රත්තරන් අම්මේ
මං පඩි අරන් අද හෙට එනතුරු ගමට
තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි උඹට

[/COLOR]​

බොහොම ස්තුතියි. මිණිමුතු සොයුරා මෑත කාලයේ කළාතුරකින් අසන්නට ලබෙන ගීයක් ගැඹුරින් විචාරය කරල තියෙනව. විජය කුමාරතුංග මහතාගේ ගීත වල පවා දේශපාලණය සහ එතුමා තුළ තිබූ මානුශීය ගුණාංගයන් ගැබ් වෙලා තියෙනව කියන්න මේ ගීතය හොඳම උදාහරණයක්. මේ ගීය එතුමා විසින්ම ලියපු එකක් වෙන්න බැරිද?

ගීතයට සමගාමීව මිණිමුතු සොයුරා ඉදිරිපත් කර ඇති සමාජ ආර්ථික විග්‍රහය ඉතා ඉහළයි. ඒ
කියවත්දී මට මගේ ළමා කාලය මතක් වුනා. අද දරුවන්ට ඒවගේ ළමා කාළයක් නෑ. :(

ගීත විචාරය තුළින් මිණිමුතු සොයුරා ගීතයේ සංවේදී
ව ලස්සනට මතුකරල පෙන්නනව. මේ තරම් සංවේදීව ගීතයක් විඳින පුළුවන් වීම භාග්‍යයක්. සිංහල අපේ ගැමි ජීවිතයේ මේ අත්දැකීම් නැති තරුණ පරපුරක් අද ඉන්නව නේද කියන දුක හිතට බරක්. :(
 
  • Like
Reactions: RIDER89

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මෙම හුය ජනගත කර ඇති බැවින් පිස්සු මැට්ටා (හේ නම නම් ඔහුට ගැලපෙන්නේ නැති සෙයකි!) සොයුරා ගේ ලියවිලි කියවමින් විදිමන් සිටිමි.
අපට පසුව ඔබ ලිවිය යුතුය. මම නම් නිහඩ ඒ සදහා ය. අප දිගින් දිගටම මෙය කරතොත් ඔබ ලියන්නේ නැත.
ඉදින්, ඔබ ලිවිය යුතුය. අපි ඒ බලා සැනසිය යුතුය.
පැරනි මළවුන් අලුත් මලවුන්ට ඉඩ දිය යුතුය යන සුසානයේ ධර්මතාවය මම පිළිගන්නෙක් මි!

දත්කිඹුලයියේ මේ මොනව කියනවද? ඇවිත් මේ විචාරයන්ට සහභාගී වෙන්න. ඔබ නැතුව මේ ත්‍රේඩ් එක ලුණු නැති හොද්දක් වෙනවා.

දවසේ විඩාව ගීතයෙන්, විචාරයෙන් දියකරල යවමු.
 
Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
දවසක් තියේවී වෙන්වුණු ඔබ මා :(

බොහෝම මෑතක භෞතිකව අපෙන් වෙන්වුන ,සරළවම කිව්වොත් මියැදුන ආචාර්ය අජන්තා රණසිංහ විසින් රචිත ,ස්ටැන්ලි පීරිස් අතින් සංගීතවත් උන මේ නිර්මාණය විරහවේ පරම කටහඩට උරුමකම තියෙන මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා අතින් ගීතවත් වෙන්නේ ගීතයට උපරීම සාධාරණයක් වෙන විදිහට

නියමයි සහෝ දිගටම ලියමු.
11.gif
 
Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
සුවිසල් මැදුරේ විදුලි ආලෝකයෙන් පළාතම එළියවී ඇත .. කලකට ඉහත ඉතා දුගී ජිවිතයක් ගතකල මුදලාලි දැන් වියාපාරික ලොවේ දැවැන්තයෙක් වී හමාරය . එය ඔහුගේ කැපවීම සහ වාසනා ගුණයේ ප්‍රතිපලයකි . කොතරම් ඉහල තලයක සිටියත් නිතරම මොහු පැදුරු සජ්ජ කණ්ඩායම්. නිවසට ගෙන්වා සාජ්ජ පැවැත්වීම පුරුද්දක් කරගෙන සිටියේය. ඒ මොහු ඉතාම තදින් සංගීතයට ඇලුම් කල බැවිනි .. එබැවින් සතියකට සැරයක්වත් මෙම නිවසේ පැදුරු සජ්ජයක්‌ පැවැත්වීම අනිවාර්යයෙන් සිදුවිය...

මිණිමුතු මෝරාණෙනි, මේ විස්තර හුයට එක්කළ ඔබට තුති මල්!
 
Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
දත්කිඹුලයියේ මේ මොනව කියනවද? ඇවිත් මේ විචාරයන්ට සහභාගී වෙන්න. ඔබ නැතුව මේ ත්‍රේඩ් එක ලුණු නැති හොද්දක් වෙනවා.

දවසේ විඩාව ගීතයෙන්, විචාරයෙන් දියකරල යවමු.

:yes:
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අවපස අහසට තරු ලකුණක්‌ සේ​
    මමත් කැමතිම ගීතයක් ගැන පොඩි වියමනක් ලියන්නම්.
    මේ ගීතයේ හැම වචනයක්ම, තනුව, කටහඩ බොහෝම තදින් හිතට දැනෙනවා. මේක ලියලා තියන්නේ කුලරත්න ආරියවංස මහත්තයා. ගායනය සුනිල් එදිරිසිංහ මහත්තයා. සංගීතය රෝහණ වීරසිංහ මහත්තයගේ කියලා අහනකොටම දැනෙනවා.

    අවපස අහසක තරු ලකුණක් සේ
    අපමණ සයුරක තුරු දසුනක් සේ
    දිගු දිවි ගමනේ
    ඉම ඔබ රැඳුණේ //

    අවපස හෙවත් සද නැති පාලු අහසේ පායන තරුවකින් ලැබෙන්නේ අමුතුම සුන්දරත්වයක් නොවේද. ඉමක් කොනක් නැති සයුරක ඔබ නැවකින් සැරිසරන්නේ නම්, ඈත පෙනෙන ගොඩබිමක දර්ශනය සිතට කෙබදු හැගීමක්, අස්වැසිල්ලක් පමණක් නොව අගනා බවක් දැනෙන්නේද. දෑස් වසා තරමක් සිතින් සිතා බලන්න. එම සිතුවිල්ල වුවද කෙතරම් චමත්කාරජනකද?
    මගේ දිවි ගමනට ඔබ පැමිනියේ ඒ ආකාරයේ චමත්කාරයක්. අගයක් එක් කරමින්ය. ඔබ පැමිණුන දා පටන් මගේ දිවියේ තිබුනු ඒකාකාරි බව පාළුව නැතිවූයේ ජීවිතයට නැව්ම් සැම දෙයක්ම එක්කරමින්ය. මෙවැනි හැගිමක් තරුණයෙකුට, තමන් ආදරය කරන තරුණිය මුණු ගැසුනු යුගයේ ඇති වෙන්නට පුළුවන්. මටත් එසේමයි. මගේ මුල්ම පෙම්වතිය වූ වර්තමානයේ මගේ දයාබර බිරිද වෙන ඇය මුල් වරට මුන ගැසැනු කාළයේ පටන් තවමත් එවැනි නැව්ම් හැගිමක් සිතට දැනෙන බව නම් ඔබට නොකියාම බැරිය.

    මාවත අවහිර නිමවා
    දළ රළ පෙල සැතපෙනවා
    සැළමුතු සෙනෙහස මඳ පවනක් වී
    ගැඹරේ නිම මුමුණනවා

    ඈත පෙනුන ගොඩබිමට ලගාවෙත්ම චන්ඩ රල පෙල සියුම්වී ගොඩබිම මත සෙමෙන් වැතිරේ. ඒ වගේ ඔබෙන් මා ලබන සෙනෙහස හමුවේ ජීවිතයේ ඇති ප්‍රශ්න වේදනා තුනීවී සැනසුම ලැබෙනවා. ඔබෙන් ලැබෙන සෙනෙහස මගේ ජීවිතයේ සෑම අස්සක් මුල්ලක්ම පාසාම ගමන් කර ජීවිතය සනසාලනවා.

    දෝතක අසෙනිය ගවසා
    ඔබ පෙරමඟ හිනැහෙනවා
    විකසිත සිහිනේ සුබ කවියක් වී
    දෙනෙතේ සිත ලියැවෙනවා

    සෑම සාර්ථක මිනිසෙකු පිටුපසම කාන්තාවක් සිටී යන කියමන සත්‍යයැයි හැගෙන්නේ ඔබ වැනි අය නිසාය. ජීවිතයේ සෑම දෙයක් සඳහාම ඔබ පෙරමග සිටින්නේ, ඒ කරුණු සුභ කිරීමට දැතට අසෙනිය මල් ගවසාගත්තා මෙන්ය. මගේ සිතේ උපදින සිහින සැබෑ කර ගන්නට සුබ ලකුණක් වී මග පාදන්නේ ඔබය. සැමදා ජීවිතයට සොදුරු ලකුණු එක් කරමින් ඔබ ප්‍රමුඛ අපගේ ආදර කතාව සුන්දරව ඉදිරියට ලියැවෙනවා.

    කිඹුල් තුමෝ..
    පුළුවන් නම්, විවේකයක් ඇති විට, මේ ගීතයේ මුල් පටිගත කිරිම උඩුගත කරලා දෙන්නැයි ඉල්ලමි.

    SaraDil

    Member
    Jan 25, 2015
    458
    16
    0
    on my mac

    “දිනක රන්සළු පලදා සද නැගී හෝරාවෙන් ....
    පැමිණ ඔබ ගෙන යමි කුමරියේ පෙම් දෝලාවෙන් ......................”

    :):)

    “ මධු මල ලෙස මුදු මගේ ප්‍රියදර මිහිරාවිය වෙතටයි ...
    ඔබ සිහි කර කර ..ඔබට ලියන ඒක මට ඇති ඒක සතුටයි ....

    :):)
     
    ediri123

    Junior member
  • Jan 13, 2009
    116
    5
    18
    hadawila kalambala gee jala reakaha

    Interesting thread. make note of reference to read later When time permits. Thanks for the contributors -
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අවපස අහසට තරු ලකුණක්‌ සේ​
    මමත් කැමතිම ගීතයක් ගැන පොඩි වියමනක් ලියන්නම්.
    මේ ගීතයේ හැම වචනයක්ම, තනුව, කටහඩ බොහෝම තදින් හිතට දැනෙනවා. මේක ලියලා තියන්නේ කුලරත්න ආරියවංස මහත්තයා. ගායනය සුනිල් එදිරිසිංහ මහත්තයා. සංගීතය රෝහණ වීරසිංහ මහත්තයගේ කියලා අහනකොටම දැනෙනවා.

    අවපස අහසක තරු ලකුණක් සේ
    අපමණ සයුරක තුරු දසුනක් සේ
    දිගු දිවි ගමනේ
    ඉම ඔබ රැඳුණේ //

    අවපස හෙවත් සද නැති පාලු අහසේ පායන තරුවකින් ලැබෙන්නේ අමුතුම සුන්දරත්වයක් නොවේද. ඉමක් කොනක් නැති සයුරක ඔබ නැවකින් සැරිසරන්නේ නම්, ඈත පෙනෙන ගොඩබිමක දර්ශනය සිතට කෙබදු හැගීමක්, අස්වැසිල්ලක් පමණක් නොව අගනා බවක් දැනෙන්නේද. දෑස් වසා තරමක් සිතින් සිතා බලන්න. එම සිතුවිල්ල වුවද කෙතරම් චමත්කාරජනකද?
    මගේ දිවි ගමනට ඔබ පැමිනියේ ඒ ආකාරයේ චමත්කාරයක්. අගයක් එක් කරමින්ය. ඔබ පැමිණුන දා පටන් මගේ දිවියේ තිබුනු ඒකාකාරි බව පාළුව නැතිවූයේ ජීවිතයට නැව්ම් සැම දෙයක්ම එක්කරමින්ය. මෙවැනි හැගිමක් තරුණයෙකුට, තමන් ආදරය කරන තරුණිය මුණු ගැසුනු යුගයේ ඇති වෙන්නට පුළුවන්. මටත් එසේමයි. මගේ මුල්ම පෙම්වතිය වූ වර්තමානයේ මගේ දයාබර බිරිද වෙන ඇය මුල් වරට මුන ගැසැනු කාළයේ පටන් තවමත් එවැනි නැව්ම් හැගිමක් සිතට දැනෙන බව නම් ඔබට නොකියාම බැරිය.

    මාවත අවහිර නිමවා
    දළ රළ පෙල සැතපෙනවා
    සැළමුතු සෙනෙහස මඳ පවනක් වී
    ගැඹරේ නිම මුමුණනවා

    ඈත පෙනුන ගොඩබිමට ලගාවෙත්ම චන්ඩ රල පෙල සියුම්වී ගොඩබිම මත සෙමෙන් වැතිරේ. ඒ වගේ ඔබෙන් මා ලබන සෙනෙහස හමුවේ ජීවිතයේ ඇති ප්‍රශ්න වේදනා තුනීවී සැනසුම ලැබෙනවා. ඔබෙන් ලැබෙන සෙනෙහස මගේ ජීවිතයේ සෑම අස්සක් මුල්ලක්ම පාසාම ගමන් කර ජීවිතය සනසාලනවා.

    දෝතක අසෙනිය ගවසා
    ඔබ පෙරමඟ හිනැහෙනවා
    විකසිත සිහිනේ සුබ කවියක් වී
    දෙනෙතේ සිත ලියැවෙනවා

    සෑම සාර්ථක මිනිසෙකු පිටුපසම කාන්තාවක් සිටී යන කියමන සත්‍යයැයි හැගෙන්නේ ඔබ වැනි අය නිසාය. ජීවිතයේ සෑම දෙයක් සඳහාම ඔබ පෙරමග සිටින්නේ, ඒ කරුණු සුභ කිරීමට දැතට අසෙනිය මල් ගවසාගත්තා මෙන්ය. මගේ සිතේ උපදින සිහින සැබෑ කර ගන්නට සුබ ලකුණක් වී මග පාදන්නේ ඔබය. සැමදා ජීවිතයට සොදුරු ලකුණු එක් කරමින් ඔබ ප්‍රමුඛ අපගේ ආදර කතාව සුන්දරව ඉදිරියට ලියැවෙනවා.

    කිඹුල් තුමෝ..
    පුළුවන් නම්, විවේකයක් ඇති විට, මේ ගීතයේ මුල් පටිගත කිරිම උඩුගත කරලා දෙන්නැයි ඉල්ලමි.

    ආ ටොම් අයියා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අවපස අහසක තරු ලකුණක් සේ
    අපමණ සයුරක තුරු දසුනක් සේ
    දිගු දිවි ගමනේ
    ඉම ඔබ රැඳුණේ //

    කිඹුල් තුමෝ..
    පුළුවන් නම්, විවේකයක් ඇති විට, මේ ගීතයේ මුල් පටිගත කිරිම උඩුගත කරලා දෙන්නැයි ඉල්ලමි.

    අන්තර්ජාලය තුළ මුල්පටිගතකිරීම පවතී.

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    විජය කුමරණතුංගයන්ගේ ගීත අතරින් මගේ ප්රියතම ගීතය මෙයයි. අපරිමිත දයාර්ද, ගැඹුරු කටහඩක් හිමි එතුමා තම මෑණියන් වන බ්රියට්රිස් කුමාරණතුංග මහත්මියට ඉතා සමීපතාවයක් පෙන්වූ අයෙකි. මිය යන දිනයේ උදයේද එතුමා තම මෑණියන් දක්නට හලාවත ගොස් ඇත. ජීවමානව එතුමා දැකීමට භාග්යයක් මට නොවීය. එනමුත් හිස වසන ලද එතුමාගේ මෘත දේහයට පැය 16ක් පෝලිමේ හිද අවසන් ගවුරව දැක්වීම අවස්තාව මට හිමිවිය.
    තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න
    මගෙ රත්තරන් අම්මේ
    මං පඩි අරන් අද හෙට එනතුරු ගමට
    තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි උඹට

    [/COLOR]

    විජය ගයන ලද පරිසමාප්ත ගීතය මෙය බව පැවසීම නම් මා ද අනුමත කරමි. එසේ ම විජය කලාකරුවෙකු ලෙස ඉතාම අගය කරමි. (දේශපාලන වශයෙන් නම් මා ඔහු දකින්නේ හුළං අස්පයෙකු ලෙසය, එය වෙන ම කතාවෙකි!)ඔහු ගේ රංගන ප්‍රතිභාවෙන් ද, ගායන ප්‍රතිභාවෙන් ද නියම වැඩක් ගැනීමට මේ රටේ සිනමා අධ්‍යක්ෂවරු ද, සංගීත අධ්‍යක්ෂවරු ද අසමත්වූහ.

    ගීතයේ විශේෂයෙන් ම ග්‍රාමීය ප්‍රාද්ශවල ඇති දරිද්‍රතාවය ද, මුදලට යට නොවන මාතෘ ප්‍රේමය ඈ මානව හැගීම් ද මතුකර පෙන්වීම ද, ඒ හරහා එය විදින මිනිසුන් වඩාත් මානුෂවාදී කිරීම ද සිදුවේ.

    ඉංගිරිසි දාර්ශනික රොබර්ට් ෆ්‍රෙෂ්ට් බැවසුවා සේමැ, කලාව මිනිසා ආනන්දයෙන් ප්‍රඥාව කරා එළඹවිය යුතුය. එසේ නොවන්නේ නම් ඒ කලාකෘතියෙන් ඇති ඵලය කිම? ප්‍රඥාව වෙත ඔසවා තැබීම යනු ජීවිත පරිවිඥාණය ලැබීම ද, එයින් මිනිසා මනුෂ්‍යයින් කිරීම ද වේ. එසේ කරන කලා කෘති පරම පූජනීය ද වේ.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    ඔබගේ අදහස් දැක්වීමට නොවක් තුති දත් කිඹුලාණෙනි !:)
     
    • Like
    Reactions: Mr.Tom