ලෝකයේ වටිනාම දේ හෙවත් ANTIMATTER ගැන,,,,,,,

ලෝකයේ බිහිවූ විද්‍යාඥයින් විසින් විශ්වයේ ආරම්භය ,පැවත්ම ,හා අනෙකුත් සංතතික ක්‍රියාවලීන් පිලිබඳව නොයෙකුත් මතවාද ඉදිරිපත් කරනවා... මේවා ගණිතමය වශයෙන් සෛද්ධාන්තිකව ඔප්පු කලත් බොහොමයක් මතවාද විද්‍යාත්මක පරීක්ෂණ හා නිරීක්ෂණයන් තුලින් නිවැරදි බවට තහවුරුකරගෙන නැහැ....
ඒකට හේතුව මේ මතවාද නිවැරදි යැයි තහවුරු කිරීමට අවශ්‍ය පරීක්ෂණ කිරීමට තරම් දියුණු තාක්ෂණයක් තවම බිහිවී නොතිබීම වෙන්න පුලුවන්.....
සමහර මතවාද සෑහෙන කලෙකට පස්සෙ නිවැරදියි කියලා තහවුරු වෙනවා ...ඒකට හොඳම උදාහරණය තමයි ගුරුත්වාකර්ෂණ තරංග පවතින බවට අයින්ස්ට්යින් ප්‍රකාශ කරපු මතය වසර 100 ට පස්සෙ නිවැරදි යැයි විද්‍යාඥයො පසුගිය February 11 වෙනිදා ප්‍රකාශ කරපු එක..
කොහොම වුනත් මම දැන් කියන්න යන්නෙ ඒ විදියට ගණිතඥයෙක් ප්‍රකාශ කරපු මතයක් වැඩිකල් නොගොස් නිවැරදි යැයි ප්රායෝගිකවම ඔප්පු වීමක් ගැන... වෙනත් විදියකින් කීවොත් මිනිසා විසින්ම බිහිකරපු ලෝකයේ එදා මෙදාතුර වැඩිම වටිනාකමක් හිමිවන දේ ගැන.....ඒ තමයි ප්‍රතිපදාර්ථ හෙවත් Antimatter පැවත්ම ගැන
මොනවාද මේ Antimatter කියන්නේ..... ඒක මෙහෙමයි....අපි දන්නවා අපි සහ අපේ විශ්වයේ පවතින සියුලුම දේ එක්කො පදර්ථ එහෙම නැත්නම් ශක්තීන් (තරංග ) යන කොටස් දෙකින් එකකට අයිති වෙන බව...මේවායින් පදාර්ථ කියන්නෙ ඝන,ද්‍රව,වායු,යන අවස්ථා තුනේ පවතින සියලුම දේ....මේ පදාර්ථ හැදිලා තියෙන කුඩාම ඒකකය විදියට අපි ඉගෙන ගෙන තියෙනවා පරමාණු හෙවත් Atoms ගැන...
අපි ඉගෙන ගෙන තියෙන පරමාණුව කොයි වගේ එකක්ද? අපි දන්න පරමාණුව ධන ආරෝපිත න්‍යෂ්ටියක් වටා ඍන ආරෝපිත ඉලෙක්ට්‍රෝන ගමන් ගන්නා structure එකක් තමා තියෙන්නෙ,,,
අපි දන්න විශ්වයේ පවතින සියලුම මූලද්‍රව්‍ය මේ ආකරයේ පරමාණු වලින් හැදුනු පදාර්ථයි....නමුත් ප්‍රතිපදාර්ථ මේකින් වෙනස් වෙන්නෙ කොහොමද......? ප්‍රතිපදාර්ථ කියන්නෙ මේ structure එක අනිත් පැත්ත හරවපු පදර්ථවලටයි......!
එනම් ඍණ ආරෝපිත න්‍යෂ්ටියක් වටා කැරකෙන ධන ආරෝපිත ඉලෙක්ට්‍රෝන වලින් සමන්විත පරමාණුවලින් හැදුනු පදාර්ථවලටයි...කොටින්ම කිව්වොත් පදාර්ථ හා ප්‍රතිපදාර්ථ වල වෙනස ඇත්තේ එහි ඇති අංශුවල විද්‍යුත් ආරෝපණයේ ඇති වෙනසයි....(electric charge)
උදාහරණයක් ගත්තොත් සරලම පරමාණුව වන Hydrogen ගැන හිතන්න....එහි ඇත්තේ එක් ඉලෙක්ට්‍රෝනයක් පමණයි.එය ධන ආරෝපිත එක් ප්‍රෝටොනයක් හා ආරෝපණ රහිත නියුට්රෝණයක් ඇති න්‍යෂ්ටිය වටා චලනය වෙනවා...මේ පරමාණුවේ Antimatter එක මොකක් වගේද >>>?
එහි ඇත්තේ ඍණ ආරෝපිත න්ය්ෂ්ටියක් වටා යන ධන ආරෝපිත පොසිට්රෝනයකුයි....ඉලෙක්ට්‍රෝණයේ ප්‍රතිඅංශුව හෙවත් ප්‍රතිපදාර්ථය තමයි පොසිට්‍රෝනය... මේ පරමාණුවේ ප්‍රතිපදාර්ථ වලින් හැදුනු antihydrogen වායුව විදියට හඳුන්වනවා....
මේ ආකරයට hydrogen ,Helium, Ferrous වගේ මූලද්‍රව්‍ය විතරක් නෙවෙයි එම පරමාණුවලින් හැදුනු අණු පවා තියෙන්න පුලුවන් එඊකිය්න්නේ අපි දන්න ජල අණු වෙනුවට ප්‍රථි ජල ඇණු (Antiwater )තියෙන්න පුලුවන්
තවත් ඉදිරියට ගියොත් Antimatter අංශු වලින් හැදුනු සංකීර්ණ සංයෝග ග්‍රහලෝක පවා තියෙන්න පුලුවන්... සෞරග්‍රහ මණ්ඩල ඇතැම් විට මන්දාකිණි පවා තියෙන්න පුලුවන්....
Antimatter ගැන මුල්ම මතය ඉදිරිපත් කලේ භෞතික විද්‍යාඥයෙකු හා ගණිතඥයෙකු වන Paul Dirac විසින් 1928 දී...
ඔහු නිවැරදි බව තහවුරු වුනේ ඊට වසර 4 කට පස්සේ Carl Anderson විසින් ඉලෙක්ට්‍රෝනයේ ප්‍රති අංශුව වන පොසිට්‍රෝනය සොයා ගැනීමත් සමගයි...
අද වන විට විද්‍යාඥයින්ට හැකිවෙලා තියෙනවා පරීක්ෂණාගාර තුළ ප්‍රතිපදාර්ථ නිපදවීමට...
සෛද්ධාන්තිකව ,,,,විද්‍යාඥයො කියන විදියට විශ්වය බිහිවීම හෙවත් මහාපිපුරුමේදී සමාන ප්‍රමාණවලින් පදාර්ථ හා ප්‍රතිපදාර්ථ බිහිවිය යුතුයි..නමුත් අපට නිරීක්ෂණය කළහැකි විශ්වයේ ප්‍රතිපදාර්ථ ඇත්තේ පදාර්ථවලට සාපේක්ෂව ඉතා කුඩා ප්‍රමාණයක් ...මේ අපි දකිනපදාර්ථ වල ප්‍රතිපදාර්ථ හරියටම සමාන ප්‍රමණයක් මේ විශ්වයේ අපි නොදකින කොහේ හෝ කෙළවරක තියෙන්න පුලුවන්...
Matter හා Antimatter වල පැවත්ම ගැන ප්‍රකාශ කරන්න හේතුවුනේ අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයෙන් කියැවුනු E=MC2 කියන ශක්තිය හා ස්කන්ධය ( පදාර්ථ )අතර පවතින සම්බන්ධයයි,,,
Paul Dirac පැවසුවේ යම් ස්කන්ධයක් කිසිම පදාර්ථයක් ඉතිරි නොවී පූර්ණවශයෙන් ශක්තියක් බවට පරිවර්ථනය වීමට නම් එම ස්කන්ධය එහි ප්‍රතිපදාර්ථය සමග ක්රියාකලයුතු බව හෙවත් ගැටීමට සැලස්වියයුතු බවයි...
එවිට මහා පිපුරුමක් ඇතිවී සියලුම පදාර්ථ නැතිවී ගොස් සියල්ල ශක්තිය බවට පරිවර්ථනය වෙනවා...
දැනට මේ Antimatter නිපදවා තියෙන්නේ යුරෝපානු න්‍යෂ්ටික පර්යේෂණ ආයතනය හෙවත් CERN
එමගින් නිපදවා තියෙන්නේ ප්‍රති හ්ය්ඩ්රජන් පරමණු මුලින්ම 1995දී ...නමුත් Antimatter නිපදවීම කියන්නෙ අපි හිතන තරම් ලේසිදෙයක් නොවේ...
දැනට Antimatter හදලා තියෙන්නෙ ඉතාම සුලු ප්‍රමාණයක් එම ප්‍රමාණය එක්ක matter ගැටීමට සැලැස්වුවොත් ලැබෙන ශක්තිය ප්‍රමාණවත් වෙන්නේ සාමාන්‍ය බල්බයක් මින්ත්තු කීපයක් දැල්වීමට පමණයි....
බැලූන් එකක් පිරවීමට තරම් පරමාණු නිපදවීමට අද තියෙන තාක්ෂණයෙන් අවුරුදු මිලියන ගණනක් ගතවෙනවලු.....!
අද තියෙන තාක්ෂණයෙන් ANTIMATTER නිපදවීම ඉතාම අසීරු කරුණක්...ANTIMATTER නිපදවීමට යොදවන ශක්තියෙන් 1/10000000000 ප්‍රමාණයක් තමා ආපහු ඉතිරිවෙන්නෙ...ඉතිරි සියල්ලම අපතේ යනවා...
ඇයි මෙච්චර ANTIMATTER නිපදවීමට වෙහෙසෙන්නෙ... ඒකට හේතුව තමා ANTIMATTER කියන්නෙ MATTER එක්ක ක්රියාකලොත් අපිට හිතා ගන්න බැරි තරම් ශක්තියක් ජනනය කරන පදාර්ථයක් වීම නිසා...ඒ කියන්නෙ අපිට හිතාග්න්න බැරි තරම් ශක්තිය නිපදවන ශක්ති ප්රභවය තමා ANTIMATTER
Antimatter ග්රැම් 1ක් matter එක්ක ක්‍රියා කලොත් ලැබෙන ශක්තිය හිරෝශිමා බෝම්බය වගේ 2 ගුණයක්
අවසාන වශයෙන් කියන්නම් ලෝකෙ වටිනාම දේ කියන්නෙ ඇයි කියලා ඒකට හේතුව තමා ඇන්ටිමැටර් නිපදවන්න යන අධික වියදම....කොච්චරද කියනවානම් මිලිග්‍රෑම් 1ක් US Dollar බිලියන 100 ක්වෙනවා.... Antihydrogen ග්‍රෑම් 1ක් US Dollar ට්‍රිලියන (trillion ) 62.5 වෙනවා...

Last edited: