Pay attention when pumping fuel at filling stations

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,624
    522
    113
    ලන්ඩන් වත්ත
    පේරාදෙණිය හන්දියේ(ගම්පොළ පාරේ) ඇති ඉන්ධන පිරවුම් හළේ මල්ලිලාගෙන් පරිස්සම් වන්න.
    අද(31) 9.45ට පමණ මගේ ඉස්කූටරයට පෙට්රල් ගහන්නට ගියා. එතකොට එතන බයික්, ත්‍රීවිලර් පිරිලා තිබුණා. පැන්ඩා කාර් එකක් ගම්පොළ පැත්තේ සිට ආවා. එයට ඉන්ධන මීටරේ පනෙන පරිදි නවත්තන්න ලැබුණේ නෑ. ඔවුන් රුපියල් 3000ක පෙටරල් ගහන්නැයි කිව්වා. නමුත් ගැහුවේ 1800ක. මට මේක පැහැදිලිව පෙනුණා. ඒ මම ඒ දෙස ඇහැ ගහගෙනම හිටි නිසයි. මම ඉස්කූටරයට පෙට්රල් ගසාගෙන අර කාර් එක හඹා ගොස් විස්තරේ කිව්වා.
    මේ වැඩේ කාර් එකක ආපු කාන්තාවකට වෙනවා මම මීට කලින් දැක්කා. එදත් මා ඒ කාර් එක හඹා ගියත් ඇයව නවතා ගන්න බැරි උනා.

    ඇයි මම මෙහෙම අවධානෙන් උන්නෙ? දවසක් මේක මටම උන නිසා. මගේ කාර් එකටත් දවසක් රුපියල්ල 2000 ක ගහන්න කිව්වම ගැහුවේ 1700ක. මේක මට කිව්වෙ අද මා කළා වගේම මා හඹා ආ මෝටර් බයිසිකල් මහත්තයෙක්.
    එදා සිට මම එක්කෝ පේරාදෙණියෙන් පෙට්රල් ගහන්නෑ. නැත්නම් වාහනෙන් බැහැල හරි මීටරේ බලනවා. මම නිතරම පාවිච්චි කරන්නේ ඉස්කූටරයෙක් නිසා එච්චර ඉන්ධන හොරකම්වලට අහුවෙන්නේ නෑ.
    එතන මේ වැඩේ වෙන්නෙ ඉතා සංවිධානාත්මකව. පොම්පය අරගෙන කාර් එක ළග එක මල්ලි කෙනෙක් පෙට්රල් ගහද්දි 1800 දි නවත්තන්න සංඥාව දුන්නෙ මීටරේ ළග මට පෙට්රල් ගහපු මල්ලි. ඔහු ටක්ගාලා 1800 මැකිලා යන්න මීටර් රිසෙට් කළා.
    මේ වගේ වැඩ ඉන්ධන පොම්ප අසල නිතර වෙනවා. ඉන්ධන පිරවුම්හලේ සියලු දෙනාම මේ හොරකමට සම්බන්ධද? එතන තදබදයක් හදපු ත්‍රීවීල් කාරයොත් මේකෙ කොටස්කාරයොද?
    පේරාදෙණියෙ ඉන්ධන පිරවුම් හළේ ඔක්කොම අය්යලා මල්ලිලා හොරු කියලා මට මේ අත්දැකීම් තුනෙන් කියන්න පුළුවන්. ඔවුන්ගෙන් පරිස්සම් වෙන්න.
    මේ සටහන කැරකිලා ගිහිල්ලා ඉන්ධන පිරවුම්හලේ කට්ටියටත් දකින්න ලැබුණොත් කියන අදහසින් මම නම සහ තනතුරත් මෙහි ලියනවා. මේ ගැන ඕනැ තැනක සාක්ෂි දෙන්න මම සූදානම්.
    ලියනගේ අමරකීර්ති
    මහාචාර්ය
    පේරාදෙණිය විශ්වවිද්‍යාලය

    copied from srilankan traffic violations fb page. thought of sharing with you guys.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,732
    113
    ow kawata hari oke ekala horata gahanne...... anika nuwara town eke army camp eka issaraha tiyena eka. eketh inne horu.........

    nuwarin gahanawa nam gannoruwa pare eka hodai. nettam smile eka, nettam kumara ge , owa hariyata gahanwa. one nam digital bill eka print ekak denawa.....
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,437
    17,414
    113
    Auckland
    මමත් මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්න කියල හිටියෙ. :angry:

    කටුගස්තොට IOC එකත් ඔහොමයි. පෙරේදා මම බයික් එකට 300ක් ගහන්න කියල මුඩිය අරිනකොටම අරූ පෙට්‍රල් පොම්පෙ එබුව. මම මීටරේ බලනකොට 120න් පටන් ගන්නව අතටම අහු උනා. ඊට පස්සෙ වැරදුනා අනන් මනන් බයිලයක් ගහල 420ක් ගැහුව. පට්ට හොරු ඉන්නෙ ඊට පස්සෙ මූට 500ක් දුන්නම 20ක් ඉල්ලනව. මම කිව ගැහුවෙ 300යිනෙ කියල. ඊට පස්සෙ 200ක් ඉතුරු දුන්න. ඔයිට කලිනුත් කීප වතාවක් කලින් මගෙ බයික් වල නොසිතූ විරූ ලෙස 35km/lක වැඩ කරන බයික් එක 15-18 කරල තිබ්බ. අපි නිකන් අපේ වාහන වලට බනිනව පෙට්‍රල් වැඩ නෑ කියල මේ හොර හැතිකරේ අඩුවෙන් ගහන ඒවට :angry::angry:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    මමත් මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්න කියල හිටියෙ. :angry:

    කටුගස්තොට IOC එකත් ඔහොමයි. පෙරේදා මම බයික් එකට 300ක් ගහන්න කියල මුඩිය අරිනකොටම අරූ පෙට්‍රල් පොම්පෙ එබුව. මම මීටරේ බලනකොට 120න් පටන් ගන්නව අතටම අහු උනා. ඊට පස්සෙ වැරදුනා අනන් මනන් බයිලයක් ගහල 420ක් ගැහුව. පට්ට හොරු ඉන්නෙ ඊට පස්සෙ මූට 500ක් දුන්නම 20ක් ඉල්ලනව. මම කිව ගැහුවෙ 300යිනෙ කියල. ඊට පස්සෙ 200ක් ඉතුරු දුන්න. ඔයිට කලිනුත් කීප වතාවක් කලින් මගෙ බයික් වල නොසිතූ විරූ ලෙස 35km/lක වැඩ කරන බයික් එක 15-18 කරල තිබ්බ. අපි නිකන් අපේ වාහන වලට බනිනව පෙට්‍රල් වැඩ නෑ කියල මේ හොර හැතිකරේ අඩුවෙන් ගහන ඒවට :angry::angry:

    :yes:
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Lankawe godak loku ewunge idan podi eka wenakanma horakan karanawa ban. Mama ex. ekak kiyannan umbala wahanayak agent lagata deela repair keruwath samahara wita kiyanna puluwan me parts aluthin danna ona kiyala.

    Godak aya vehicle eka hadanakan laga inne na ne. Eththatama umbala danne kohomada aluthma parts demme kiyala. Umbalata pennanna wena wahanayakin galawapu parana parts thienawa.
    :cool::P