බෞද්ධ ශ්‍රාවකයාට හිමි දෙව්ලොව

16412

Member
Apr 12, 2016
23
12
0
බෞද්ධ ශ්‍රාවකයාට හිමි දෙව්ලොව

:)කියවන්න. බෙදා ගන්න.!!:)

heaven.jpg

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වී දෙවියන්ටත්, මිනිසුන්ටත් සසරින් එතෙරවෙන මාර්ගය පෙන්වා වදාළාහ. උන්වහන්සේ දෙව් මිනිසුන්ගේ එකම ශාස්තෘන්වහන්සේ යි. මිනිස් ලොවදී සේකබල වඩමින් බොහෝ පින්කර ගන්නා උදවිය දෙවියන් අතර උපදින බව භාග්‍යවතුන් වහන්සේ වදාළාහ. බෞද්ධ ශ්‍රාවකයාට දෙව්ලොව හිමිවන ආකාරය ඉතාමත් ප්‍රශංසනීයයි.

භාග්‍යවතුන් වහන්සේ වැඩවසන සමයේ දී එක් දිනක මහානාම ශාක්‍යයා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ වැඳ නමස්කාර කර අහනවා ‘ස්වාමිනී! අපට නිතර නිතර ඔබ වහන්සේ මුණ ගැසීමට එන්න කාලයක් නැහැ. නමුත් ඔබවහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් ලෙස අපි කළයුත්තේ කුමක් ද?’
භාග්‍යවතුන් වහන්සේ වදාළා පින්වත් මහානාම! ඔබ කරුණු හයක් තමන්ගේ ජීවිතයට පුරුදු කරමින් නිතර නිතර ඒ ගැන සිහි කරන්න. ඒ තමයි, ඔබ භාග්‍යවතුන්වහන්සේ ගැනත්, ශ්‍රී සද්ධර්මය ගැනත්, සඟ පිරිස ගැනත් , තමා සමාදන් වූ සීලය ගැනත් සිහි කරන්න. ඒ වගේම තමා දෙනු ලබන දන් පින් ගැනත් සිහි කරන්න. පින්වත් මහනාම, ඔබ දෙවියන්ගේ ගුණ සිහිකරමින් දේවානුස්සතී භාවනාවේ යෙදෙමින් වාසය කරන්න යැයි වදාළා.

‘දේවානුස්සතී’ භාවනාවේ යෙදෙමින් වාසය කරන්න කියා වදාළේ, තමා තුළ තිබෙන ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඤ්ඤා කියන සේකබල ධර්ම තමා තුළ ඇතිකරගෙන ඒ ධර්ම දියුණු කළ අය තමයි දෙවියන් තුළ උපදින්නේ. ඒ දෙවියන් තුළ තිබෙන සේකබල මිනිසුන් තුළ තිබෙනවා. මිනිසුන් අතර තිබෙන යහගුණ දෙවියන් අතර තිබෙනවා යැයි සිතමින් වාසය කිරීමයි. අංගුත්තර නිකායේ සඳහන් වෙන සෝතානුධත සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ වදාළා, සද්ධා සීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඤ්ඤා කියන සේඛබල දියුණු කළ ශ්‍රාවකයා මරණින් මතු දෙවියන් අතර උපදිනවා කියලා. නමුත් දෙවියන් අතර ඉපදුන සැනින් ඔහු ධර්මය අවබෝධ කරගන්නවා කියා සිතන්න අමාරුයි. ඔහු දිව්‍ය ලෝකයේ වාසය කරමින් සිටිද්දී අනෙක් දෙවිවරු පවසනවා පින්වත් දෙවිය, අද ශ්‍රාවකයන් වහන්සේ නමකගේ ධර්ම සාකච්ඡාවක් තිබෙනවා, එය ශ්‍රවණය කරන්න යමු කියා. එයින් අපට පැහැදිලියි සෘද්ධිසම්පන්න අරහත් භික්ෂූන් වහන්සේ ධර්මය දේශනා කරන්න දෙව්ලොවට වැඩි බව.
මුගලන් මහරහතන් වහන්සේ නිතර නිතර දිව්‍ය ලෝකයට වැඩම කරමින් දෙවිවරු මුණ ගැසී දෙවිවරුන්ගේ තොරතුරු විවර කළා. ඒ වගේම දෙවියන්ට ධර්මය දේශනා කරලත් තිබෙනවා. ඉතින් එහෙම ධර්මය දේශනා කරද්දී මිනිස් ලොවදී ධර්මය පුරුදු කළ දෙවිවරුන්ට මේ ධර්මය අසන විට සිතෙනවා මම මේ කලින් අසා තිබෙන ධර්මයක් තමා කියාදෙන්නේ. මම පින්කළ නිසයි මේ ආකාරයට සැප විඳින්නේ, මේ ධර්මය මට ඒකාන්තයෙන්ම සැප පිණිස පවතිනවා යැයි සිතමින් ධර්මය පුරුදු කරනවා. නමුත් සමහර අවස්ථාවක සෘද්ධිමත් භික්ෂූන් ධර්මය දේශනා කරන්න වඩින්නේ නැහැ. එවැනි වෙලාවක මාර්ගඵල දෙවිවරු ධර්මය දේශනා කරනවා. එක් දේශනාවක සඳහන් වෙනවා දෙවි පිරිස එකතුවෙලා තම තමන්ගේ ජීවිතවල තොරතුරු කියන්න පටන් ගන්නවා. එවිට දෙවියන්ට මතක්වෙනවා ඒ අය මනුස්ස ලෝකයේ ගතකළ ජීවිත පිළිබඳව. තම තමන් සිදුකරගත් පින් ඔවුන්ට මතක් වී බොහෝ පී‍්‍රතියට පත්වෙනවා.

සංකාරුප්පත්ති සූත්‍රයේ සඳහන් වෙනවා ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඤ්ඤා සේඛබල වඩන කෙනෙක් අධිෂ්ඨානයක් ඇතිකර ගතහොත් මම මරණින් පස්සේ අසවල් අසවල් ලෝකවල ඉපදෙනවා කියලා එයාට ඒ ආකාරයට ඉපදෙන්නට හැකියාව තිබෙනවා. මිනිස් ලොව ඉන්න පුද්ගලයෙකුට දෙවියන් අතරත් ඒ ආකාරයට ඉපදෙන්න හැකියාව තිබෙනවා.
ජනවසභ සූත්‍රයේ සඳහන් වෙනවා ජනවසභ දිව්‍ය රාජ්‍යයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිත් කියනවා ‘ස්වාමිනී! දිව්‍ය ලෝකයේ විශාල පී‍්‍රති ඝෝෂාවක් පවතිනවා මේ බුද්ධ ශාසනය බබළන කාලයට දෙව්ලොව පිරෙනවා. අසුර ලෝකය පිරිහෙනවා එය සත්‍යයක්මයි කියලා’ එයින් පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේ නමක් නැති කාලයේ දී මිනිසුන් වැඩිපුර නිතරම ධර්මයේ තිබෙන ආශ්චර්යට ප්‍රශංසා කරමින් වර්ණනා කරනවා. ඒ අය ගුණ කියනවා. ‘සුගතයන් වහන්ස ශාසනයේ බඹසර හැසිරිලා දැන් මෙහි පැමිණෙන දෙවිවරු කලින් දෙවිවරුන්ටත් වඩා ආලෝකයෙන් බබලනවා. වර්ණයෙන්, සැපයෙන්, තේජසින් බබලමින් වාසය කරන්නේ. මහානුවණැති බුදුරදුන්ගේ ශ්‍රාවක වූ විශේෂ අධිගමනයට පැමිණි ඔවුන් දිව්‍ය ලෝකයට පැමිණිලා අන් දෙවිවරුන් ඉක්මවා බබලනවා කියලා. එයින් පැහැදිලි වන්නේ මාර්ගඵලලාභී ශ්‍රාවකයන් සියලුම දෙනාවාගේ දෙව්ලොව තමයි උපත ලබා තිබෙන්නේ. දිව්‍ය ලොව ඉපදෙන දෙවිවරු ඒ දෙව්ලොව වර්ණනා කරමින් එහි ගුණ කියනවා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ සඟරුවනේ ගුණ කියමින් පී‍්‍රති ඝෝෂා කරනවා යැයි පවසනවා.

සක්කපඤ්ඤ සූත්‍රයේ දී සක්දෙවිඳු භාග්‍යවතුන්වහන්සේ හමුවීමට ඇවිත් පවසනවා, යම් කලෙක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙනවද එවිට තමයි දිව්‍ය ලෝකය පිරෙන්නේ. අනෙක් කාලවලදී අසුර ලෝකය තමයි පිරෙන්නේ යැයි පවසනවා. මේ සියල්ලෙන්ම පැහැදිලි වන්නේ බෞද්ධ ශ්‍රාවකයාට තථාගතයන් වහන්සේ සරණ ගිහින් දෙව්ලොව ඉපදීමට අවස්ථාවක් තිබෙනවා. නමුත් අපට පේනවා කාලයක් මුළුල්ලේ සාම්ප්‍රදායිකව විශ්වාසයක් තිබුණේ ධර්මය අවබෝධ කරන්න මනුස්ස ලෝකයට පැමිණිය යුතුයි, මිනිස් ලොව පමණයි ධර්මය අවබෝධ කරන්න පුළුවන් කියලා. ඒ මතය බුද්ධ දේශනා අධ්‍යයනය නො කිරීමෙන් කරන ලද යම්කිසි වැරැදි සාවද්‍ය මතයක්. මේ මතය පිළිගත් මිනිසුන් පැවසුවේ දිව්‍ය ලෝකයේ පින් කරගන්න බැහැ. පින් කර ගන්නට මනුස්ස ලෝකයටම ආ යුතුයි කියා. එනිසාම ඔවුන් කරගත් පිනකුත් නැහැ. දිව්‍ය ලෝකයට යන්න තිබෙන පාරත් වළක්වා ගන්නවා. එනිසා මෙයින් අත්මිදිලා සුගතියට යන්න තිබෙන අවස්ථාව තමයි ගෞතම බුද්ධ ශාසනයේ නිසි ප්‍රයෝජන ගැනීම. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයාට ඒ දෙවියන් අතර උපදින දුර්ලභ අවස්ථාව ලැබී තිබෙනවා. දලිද්ද සූත්‍රයේ සඳහන් වෙනවා ‘මහණෙනි මෙය පෙර වූ දෙයක්. ඉතාමත් දුප්පත් අසරණ මනුස්සයෙක් වාසය කළා. ඔහු තථාගතයන් වහන්සේගේ ශාසනයේ ශ්‍රද්ධාවෙන් පැවිදි වුණා. ශීලය, ශ්‍රැතය, ත්‍යාගය, ප්‍රඥාවේ සමාදන් වුණා. ඒ පුද්ගලයා මරණෙන් පසු තවුතිසාවේ දෙවියන් අතර ඉපදුනා. ඒ දෙවියන් ශරීර වර්ණයෙන්, යසස් කීර්තියෙන් අනෙක් දෙවියන් ඉක්මවා බලසම්පන්න දෙවියෙක් වුණා. භාග්‍යවතුන් වහන්සේ වදාළා මහණෙනි, ඉතින් තවුතිසාවේ හිටපු පරණ දෙවිවරු මේ අලුත් දේවේන්ද්‍රයා දැක පැවසුවේ මේක හරිම පුදුම දෙයක්. හරිම අද්භූත දෙයක්. මේ පුද්ගලයා මිනිස් ලෝකයේ මහ දිළින්දෙක්. දුකසේ වාසය කළ කෙනෙක්. අසරණ පුද්ගලයෙක්. මෙවැනි පුද්ගලයෙක් දිව්‍ය සැපයෙන් දිව්‍ය ශරීරයෙන් බබලනවා. මෙය කොහොමද වුණේ කියා කථා වෙනවා. එවිට සක්දෙවිඳු කියනවා දෙවිවරුනි, මේ දිව්‍ය පුත්‍රයාට දොස් කියන්න එපා. මේ දේවේන්ද්‍රයා තථාගතයන් වහන්සේගේ ශාසනයේ ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඤ්ඤාවේ සමාදන් වෙලා හිටපු නිසා මනා ගති ඇති ස්වර්ග ලෝකයට පැමිණිලා අන් දෙවියන් අභිබවා වාසය කරන්නේ කියලා.

ඊළඟට සක් දෙවිඳුන් දෙවියන් සතුටු කරමින් මෙහෙම කියනවා. ‘යමෙකුට තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව නොසෙල්වී මැනවින් පිහිටා තිබේද, යමෙකුගේ යහපත් වූ සීලය ආර්යකාන්ත වූයේ පසන්නා ලද්දේ ද, යමෙකුට සංඝයා කෙරෙහි පැහැදීම ඇත්ද, සෘජු වූ ඤාණ දර්ශනයක් ඇත්ද, ඔහු දිළින්දෙක් නොවෙති. ඔහුගේ ජීවිතය හිස් නැත. එනිසා ප්‍රඥාවන්ත පුද්ගලයා බුදුරජාණන් වහන්සේගේ ශාසනය සිහි කරන්නේ ශ්‍රද්ධාවත්, සීලයත්, ප්‍රසාදයත්, ධර්මයත් දකී ද ඒ ආකාරයෙන් ඔහු ජීවිතය පිරිසුදු කර ගත යුතුයි. මෙයින් අපට පැහැදිලිව පේනවා ඉතාම දුකසේ හිටපු අය මරණින් මතු දිව්‍ය ලෝකයක උපත ලබා සැපසේ වාසය කරන බව.
බුද්ධ දේශනා පරිශීලනය කරනවිට වැටහෙනවා භාග්‍යවතුන් වහන්සේ කිසිම තැනක දිව්‍ය සම්පත් තුළ වාසය කිරීම හෙළා දැක නැහැ. නමුත් පසුකාලීනව දෙවියන්ව හෙළා දකිමින් දිව්‍ය ලෝක ගමන හෙළා දකිමින් මේ මාර්ගයේ යන්න තිබෙන සියලුම දොරටු වසාගන්න සමහර පුද්ගලයන් අවාසනාවන්ත වුණා.

එනිසා ඔබ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මනා පැහැදීමක් ඇතිකර ගන්න. මේ ගෞතම බුදුරජාණන්වහන්සේ ගේ ශාසනය තුළ අපට පිහිට පිළිසරණ ලබාගත හැකි ලෙස තවමත් ජීවමානව පවතිනවා. උන්වහන්සේ දෙවියන් මිනිසුන් උදෙසා මහ කරුණාවෙන් තමයි මේ ශාසනය පිහිටුවා වදාළේ. බුද්ධ ශාසනය පිහිටුවීමේ අර්ථය වන්නේ දෙවියන්ටත් මිනිසුන්ටත් සැප උදාකර ගැනීමයි කියා ඔබට දැන් වැටහෙනවා ඇති. එනිසා සැප අත්කර ගැනීම පිණිස සැපවත් ජීවිතයක් ගතකිරීම පිණිස බුදුරජාණන්වහන්සේ පෙන්වා දුන් ආකාරයට ඉගෙනගෙන දුක නැතිකර දැමිය යුතුය.
දුක හටගන්නා ආකාරය තෝරාගෙන, දුක හටගන්නා ආකාරය ඉගෙනගෙන, ඒ දුක හටගන්න හේතුවන කරුණු අපි බැහැර කරගතහොත් ඒ සමගම අපි සැප උපදවන්න උපකාර වන්නා වූ දේ පුරුදු කරන පිරිසක් බවට පත්වෙනවා. එවිට අපිට මේ දුකෙන් නිදහස්වීමට අවස්ථාව තිබෙනවා. මේ ආකාරයට දුකෙන් නිදහස්වීම පිණිසත් සැප උදාකර ගැනීම පිණිසත් තමයි භාග්‍යවතුන් වහන්සේ මේ ශාසනය පිහිටුවා වදාළේ.


එනිසා ඔබත් කලකින් මුණගැහෙන මේ බුද්ධ ශාසනයෙන් උපරිම ඵල නෙලාගෙන, චතුරාර්ය සත්‍ය අවබෝධයට සිත පිහිටුවා ගන්න.


~~කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
සටහන – නයනා නිල්මිණි
‘බුදුසරණ’ පුවත් පතේ පළ වූ ලිපියක් ඇසුරෙන්
 

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ඔබත් කලකින් මුණගැහෙන මේ බුද්ධ ශාසනයෙන් උපරිම ඵල නෙලාගෙන, චතුරාර්ය සත්‍ය අවබෝධයට සිත පිහිටුවා ගන්න.
     

    16412

    Member
    Apr 12, 2016
    23
    12
    0
    ඔබත් කලකින් මුණගැහෙන මේ බුද්ධ ශාසනයෙන් උපරිම ඵල නෙලාගෙන, චතුරාර්ය සත්‍ය අවබෝධයට සිත පිහිටුවා ගන්න.

    aniwa bro! :yes:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    ඔබත් කලකින් මුණගැහෙන මේ බුද්ධ ශාසනයෙන් උපරිම ඵල නෙලාගෙන, චතුරාර්ය සත්‍ය අවබෝධයට සිත පිහිටුවා ගන්න.
     

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    ඇත්තටම හොද පොස්ට් එකක්..
    ඔබට මේ කල ක්‍රියාව ඒ උතුම් ධර්මයම අවබොධ වීමට හේතු වාසනා වේවා...
    තෙරැවන් සරණයි
     
    Last edited:

    16412

    Member
    Apr 12, 2016
    23
    12
    0
    Theruwan saranai....


    ඔබත් කලකින් මුණගැහෙන මේ බුද්ධ ශාසනයෙන් උපරිම ඵල නෙලාගෙන, චතුරාර්ය සත්‍ය අවබෝධයට සිත පිහිටුවා ගන්න.


    ඇත්තටම හොද පොස්ට් එකක්..
    ඔබට මේ කල ක්‍රියාව ඒ උතුම් ධර්මයම අවබොධ වීමට හේතු වාසනා වේවා...
    තෙරැවන් සරණයි

    "මනුස්සත්ත පටිලාභෝ පරම දුල්ලභෝ"

    sadhu sadhu



    Great machan. Reps geadara gihin dennan.


    thanks yaluwane. oyaalatat godak pin! :D
     
    • Like
    Reactions: sgrdk1

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    සැබෑ බෞද්ධයෝ ධර්මය ශ්‍රවනය කරන්නේ සත්යය අවබෝධ කරගන්න මිසක් දෙව්ලොව යන්න ආසාවෙන් නෙවෙයි
    සත්යය අවබෝධ කරගන්නවා කියන එකයි දෙව්ලොව යනවා කියන එකයි අහසයි පොලවයි වගේ

    මෝඩ මත වපුරන්න එපා

    බෞද්ධයා අතහරිනවා දිව්‍ය සම්පත් වල උනත් ඇලෙන්නේ නෑ