වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් බිළිදෙකුග
වෛද්‍යවරුන්ට පවුද්ගලික රෝහල් වල වැඩ කටයුතු තියනවා. මේ වගේ පොඩි පොඩි දේවල් ගැන අවදානය යොමු කරන්න වෙලාවක් නැහැ.
වීරකැටිය හකුරැවෙල මැදගොඩ ප්‍රදේශයේ බිළිදෙකු වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් මිය ගොස් ඇතැයි තොරතුරු වාර්තාවනවා.
පසුගිය 30 වනදා තංගල්ල රෝහලේදී මව විසින් මෙම දරුවා ප්‍රසුත කර තිබුණා. යම් රෝගී තත්වයක් පෙන්නුම් කිරීම හමුවේ 31 වනදා බිළිදා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර තිබුණේ ඉන් අනතුරුවයි.
කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේදී බිළිදා සැත්කමකටද භාජනය කර තිබෙනවා. සිය දරුවාගේ මුඛයෙන් යම් ශ්රාවයක් පිට වන බව තමන් වෛද්‍යවරුන්ට දන්වා තිබුණද ඔවුන් ඒ පිළිබද වැඩි අවධානයක් යොමු නොකල බවයි මිය ගිය දරුවාගේ මව ප්‍රකාශ කලේ.
කෙසේ වෙතත් පසුගිය 14 වනදා බිළිදා මිය ගොස් තිබෙනවා. මරණ පරික්ෂණයේදී අනාවරණ වී ඇත්තේ මෙම මරණය වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා සිදුව ඇති බවයි
වෛද්‍යවරුන්ට පවුද්ගලික රෝහල් වල වැඩ කටයුතු තියනවා. මේ වගේ පොඩි පොඩි දේවල් ගැන අවදානය යොමු කරන්න වෙලාවක් නැහැ.

