ආදරය යනු පැහැදිලිවම බොරුවකි. මානව වර්ගයාම අත් විදින මුළාවකි. මන්ද ඇත්ත වශයෙන් ම ආදරය කියා දෙයක් නොමැත. මා එසේ පවසන්නේ ඇයි? මෙහිදී ආදරය යන නිර්වචන ගැහැණියකගේ ආදරය සහ පිරිමියෙකුගේ ආදරය ලෙස ආකාර දෙකකට හදුනා ගත හැකි වීම ආදරය යනු හිතලුවක් බවට තහවුරු කීරීමට ඇති පළමු සාක්ෂිය සපයයි. Because if there is love is true ,, there has to be only one meaning . there hasn’t to be double meaning for single world. So then it shows this love is just a myth it’s just an imagination of human mind and not a reality . love is not exist . look at the following two explanations .
• සමාජ තත්ත්වය ( බලය , ප්‍රසිද්ධිය යන සාධක මත ගොඩනැගෙන සමාජ තත්ත්වය මින් අදහස් වේ. )
• සුව පහසු ජීවිතය ( ධනය )
• ඉහත කරුණු දෙක ඒකරාශී වීමෙන් තමා තුල ගොඩ නැගෙන අභිමානය
• ලිංගික ආශාව
යන කාරණා සාක්ෂාත් කර ගැනීම අරමුණු කර ගනිමින් ගැහැණිය “ ආදරය “ යන වචනය භාවතා කරමින් පිරිමියෙකු වෙත සමීප වීම ආදරය ලෙස හදුනා ගත හැක.
ඉහත අංග අවශේෂ වශයෙන් ප්‍රත්‍ය විම හෝ නොවී ප්‍රධාන වශයෙන් ලිංගික ආශාව මුදුන් පණුනුවා ගැනීමේ අරමුණින් පිරිමියෙකු “ආදරය” යන වචනය භාවිතා කරමින් ගැහැණිය වෙත සමීප විම පිරිමියෙකු සතු ආදරය ලෙස හදුනා ගත හැක.
දෙවන සාක්ෂිය.
තරුණ කාලයේ මහත් වූ ස්නේහයකින් බැදී සිටියත් විවාහ වසරින් වසර දෙදෙනා අතර ඇදහිය නොහැකි සිදුවන දුරස් භාවය . එය එසේ සිදුවන්නේ ඇයි ද යන්න ඉතාම අපැහැදිලි කාරණයකි. එයට ප්‍රධාන හේතුවක් ලෙස ඉහත ආදරය ඇති වීමට පදනම් වූ යම් ඒක හේතුවක හෝ දුර්වල වීමක් ඇති වුව හොත් එම බැදීම අඩපන වීම සිදු වීම දක්නට ලැබේ. ආදරය ලෙස දෙදෙනකු අතර ඇති වන්නේ ඇත්ත ලෙසම ආදරයක් නොව ඉහත අවශ්‍යතාවයන් සපුරා ගැනීමේ අරගලයක් නිසාය මෙවන් වූ ඉරණමක් සෑම අදරයකටම අත්වන්නේ. ඉහත සාධක වලින් ස්වායත්තව දෙදෙනෙකු අතර යම් බැදීමක් හට ගත්තේ නම් එය මෙසේ කෙලවර නොවනු ඇත.
එසේ නම් සත්‍ය වශයෙන්ම ආදරය වශයෙන් දෙයක් දෙදෙනකු අතර ගොඩ නැගීම සිදු නොවන්නක් ද?
පිළිතුර නම් සිදුවේ. එවන් වූ ආදරයක පැවැත්මක් ලෝකයේ පවතී. මෙතනින් එහා කියවීමට පෙර ඔබ මදක් නැවතී සිතා බලන්න. එවන් ආදරයක් පිළිබඳ ඔබට සිතා ගත හැකිද කියා.
දෙමව්පියන් තම දරුවන් උදෙසා දක්වන ආදරය සත්‍ය වශයෙන්ම ලෝකයේ පවතින් ආදරයට හොදම උදාහරණයකි. මදක් සිතා බලන්න.දෙමාපිය ආදරය ඉහත කි එකදු අරමුණක් හෝ සාක්ෂාත් කර ගැනීම උදෙසා ඇති වන්නක්ද? නැත. එය හුදෙක් දරුවාගේ සතුට ඔහුගේ යහපත ම පමණක් අරමුණු කර ගනිමින් ඔවුන්ගේ සිත තුල ගොඩනැගෙන ලද හැගීමක්ම පමණි.
ඔබට සත්‍ය වශයෙන්ම ආදරය යනු කෙබඳු දෙයක් ද යන්න වටහා ගැනීමට අවැසි නම් ලෝකය පුරා ආදරය යනු කුමක්දැ යි කියා සෙවීමට වෙගෙස විය යුතු නොවේ. ගෙදර සිටින ඔබගේ මව දෙස බලන්න. පියා දෙස බලන්න.ඔවුන් ඔබට ආදරය කරන්නේ ඔබගෙන් කුමක් බලාපොරොත්තු වද? ඔබ මොන වරද කලත් ඔවුන් ඔබව කිසිම දාක අත් හරිනවා ද? ඔබට ඇරෙන්න වෙන දරුවෙකු සොයා යනවා ද ? ඔබට ආදරය කරන එක නවතනවා ද? කවදා හෝ දිවියෙන් සමු ගන්නා තුර ඒ ආදරය අංශු මාත්‍රයක හෝ වෙනසක් කාලයත් සමග සිදු වනවා ද? පිළිතුරැ සෙවීම ඔබට බාරය. ආදරයේ නියම අරුත එම පිළිතුරු අතර සැඟවී පවතින බව ඔබට වැටහෙනු ඇත. සත්‍ය ආදරය නම් එයයි. ඔබත් සත්‍ය ලෙසම ආදරය කරන පුද්ගලෙකු වන්න. මවක හා පියෙකු මෙන් ආදරය කරන්න. එම ආදරය තුල කිසිවෙකු කිසිදාක හුදකලා නොවනු ඇත.