පාතාලය

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
රට වටේ තැන තැන ලොකු ගෙම් දුන්නු ‘‘පොඩි සාගර‘‘ නව පොලිස්පති පූජිත් පටන්ගත් මෙහෙයුමක් අතර වෙඩි තබාගෙන මියයයි - වීඩියෝ



9354-podi-sagara-killed-in-kurunegala261882331.jpg



අපරාධ රැසකට සම්බන්ධ දිවයිනේ නමගිය පාතාල නායකයෙකු වූ සුමිත් දයානන්ද හෙවත් ‘‘පොඩි සාගර‘‘ නැමති පුද්ගලයා අද (21) අළුයම කුරුණෑගල කුඹුක්ගැටේ පහළ මැදගම ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී පොලිසිය හා විශේෂ කාර්ය බලකයා විසින් එක්ව කළ වැටලීමකදී පලායෑමට කළ උත්සාහයක් වැරදී වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.


කටුනායක මාදූව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි මොහු සංවිධානාත්මක පාතාල ක්‍රියාකාරකයෙකු බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.



එමෙන්ම මොහු පසුගිය කාලයේ කටුනායක , ගම්පහ , සීදූව වැනි ප්‍රදේශවල සිදුකල මිනී මැරීම් , ස්ත්‍රී දූෂණ , මංකොල්ලකෑම් , කප්පම් ගැනීම් ආදී අපරාධ රැසකට සම්බන්ධ අයෙකු බවත් මීට මාස කිහිපයකට කලින් බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙක් හා සිරකරුවෙක් ඝාතනය කිරීමේ සිද්ධියෙහි ප්‍රධාන සැකකරුවෙක් බවත් පොලීසිය සඳහන් කර සිටිනවා.

වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා උතුර හා මධ්‍යම පළාත් භාර ජ්‍යෝෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කල කාලයේ පාතාලය මැඩලීමේ අරමුණින් පිහිටවූ නීතිය බලගැන්වීමේ ඒකකය මොහු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අරඹා තිබෙන්නේ මීට මාස දෙකකට පමණ පෙරයි.


ඒ අතරතුර ‘‘පොඩි සාගර‘‘ නැමැත්තා ඔහු අනියම් ඇසුරක් පවත්වන කුඹුක්ගැටේ මැදගම ප්‍රදේශයේ විවාහක කාන්තාවක් හමුවීමට ඇයගේ නිවසට පැමිණ සිටින බවට මීගමුව කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත එම නිලධාරීන් සහ කුරුණෑගල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් එක්ව ඊයේ(20) රාත්‍රී අදාල නිවස වැටලූ අවස්ථාවේ මොහු සිය පිස්තෝලයෙන් හිසට වෙඩි තබාගෙන ඇති බව පොලීසිය සඳහන් කර සිටිනවා.

පොලිස් නිලධාරින් විසින් අදාල නිවසේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වන විට නිවසේ පිටුපස දොරටුව අසල සිට පැනයාමට තැත්කල අදාල පාතාල සාමාජිකයා පොලිස් නිලධාරීන් විශාල පිරිසක් නිවස සම්පූර්ණයෙන්ම වටලා ඇති බව දැක මෙසේ හිසට වෙඩි තබා ගන්නට ඇතැයි සැක කරන බවයි පොලිසිය පවසන්නේ.


සිද්ධිය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව දේහය ඥාතීන්ට භාරදුන් බවටද වැඩිදුරටත් වාර්තා වෙනවා.






 
Last edited:
  • Like
Reactions: Welusumana

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මමනම් දන්නේ නැහැ පොලිසිය විසින් වෙඩි තිබ්බද නැතිනම් ඔහු විසින්ම වෙඩි තබාගෙන සිය දිවි හානි කරගත්තද කියලා.

අනිවාර්යයෙන්ම පාතාලය මර්ධනය කරන්න ඕනේ. එහෙත් පොලිසිය ට නිතිය ක්‍රියාත්මක කල හැකිද ?
 

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මේ චයරුප විශ්ලේෂණය කර බලන්න.

ඔහු විසින් තම පිස්තෝලය ආධාරයෙන් තම හිසට වෙඩි තබා ගත්තේනම් පිස්තෝලය මෙහෙම තියෙන්නේ කොහොමද ? තම උරහිසටත් පහලින් ඇඟට යටවී තියෙන්නේ කොහොමද ?



2vjd1eb.jpg


තමා විසින්ම වෙඩි තබාගත්තේ නම් ඔහුගේ ඇඟට තම අත් යටවී තියෙන්නේ කොහොමද ? අනෙක හරි සිරස්ව ශරීරය තියෙන්නේ කොහොමද. ඔහු ළඟ තියන කොස්ස හරියට කෙලින් තියනවා වැටිලා . එකත් අසාමාන්‍යයි.

scz9qv.jpg
 

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ඔහුගේ වෙඩි වැදුන ශරීරය , පිස්තෝලය සහ කොස්ස පිලිවලකට අඩුක් කර ඇත. මේය අසාමාන්‍ය තත්වයකි.
 
Last edited:

Dark M

Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    මොනා උනත් කමක් නෑ බන් පාතාලෙ උන් හොද වැඩ කරන උන් නෙමෙයිනෙ. මැරුවට කමක් නෑ මගෙ මතේනම්... ඔය මිනිහ මිනිස්සු කී දෙනෙක්ව මරල ඇත්ද... අන්න ඒක ගැන හිතන්නලා.....
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මොනා උනත් කමක් නෑ බන් පාතාලෙ උන් හොද වැඩ කරන උන් නෙමෙයිනෙ. මැරුවට කමක් නෑ මගෙ මතේනම්... ඔය මිනිහ මිනිස්සු කී දෙනෙක්ව මරල ඇත්ද... අන්න ඒක ගැන හිතන්නලා.....


    :eek:
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    මොනා උනත් කමක් නෑ බන් පාතාලෙ උන් හොද වැඩ කරන උන් නෙමෙයිනෙ. මැරුවට කමක් නෑ මගෙ මතේනම්... ඔය මිනිහ මිනිස්සු කී දෙනෙක්ව මරල ඇත්ද... අන්න ඒක ගැන හිතන්නලා.....

    vedi thibbath ekai
    thiyagaththath ekai