රට වටේ තැන තැන ලොකු ගෙම් දුන්නු ‘‘පොඩි සාගර‘‘ නව පොලිස්පති පූජිත් පටන්ගත් මෙහෙයුමක් අතර වෙඩි තබාගෙන මියයයි - වීඩියෝ
අපරාධ රැසකට සම්බන්ධ දිවයිනේ නමගිය පාතාල නායකයෙකු වූ සුමිත් දයානන්ද හෙවත් ‘‘පොඩි සාගර‘‘ නැමති පුද්ගලයා අද (21) අළුයම කුරුණෑගල කුඹුක්ගැටේ පහළ මැදගම ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී පොලිසිය හා විශේෂ කාර්ය බලකයා විසින් එක්ව කළ වැටලීමකදී පලායෑමට කළ උත්සාහයක් වැරදී වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.
කටුනායක මාදූව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි මොහු සංවිධානාත්මක පාතාල ක්රියාකාරකයෙකු බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.
එමෙන්ම මොහු පසුගිය කාලයේ කටුනායක , ගම්පහ , සීදූව වැනි ප්‍රදේශවල සිදුකල මිනී මැරීම් , ස්ත්‍රී දූෂණ , මංකොල්ලකෑම් , කප්පම් ගැනීම් ආදී අපරාධ රැසකට සම්බන්ධ අයෙකු බවත් මීට මාස කිහිපයකට කලින් බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙක් හා සිරකරුවෙක් ඝාතනය කිරීමේ සිද්ධියෙහි ප්‍රධාන සැකකරුවෙක් බවත් පොලීසිය සඳහන් කර සිටිනවා.
වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා උතුර හා මධ්‍යම පළාත් භාර ජ්‍යෝෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කල කාලයේ පාතාලය මැඩලීමේ අරමුණින් පිහිටවූ නීතිය බලගැන්වීමේ ඒකකය මොහු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අරඹා තිබෙන්නේ මීට මාස දෙකකට පමණ පෙරයි.
ඒ අතරතුර ‘‘පොඩි සාගර‘‘ නැමැත්තා ඔහු අනියම් ඇසුරක් පවත්වන කුඹුක්ගැටේ මැදගම ප්‍රදේශයේ විවාහක කාන්තාවක් හමුවීමට ඇයගේ නිවසට පැමිණ සිටින බවට මීගමුව කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත එම නිලධාරීන් සහ කුරුණෑගල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් එක්ව ඊයේ(20) රාත්‍රී අදාල නිවස වැටලූ අවස්ථාවේ මොහු සිය පිස්තෝලයෙන් හිසට වෙඩි තබාගෙන ඇති බව පොලීසිය සඳහන් කර සිටිනවා.
පොලිස් නිලධාරින් විසින් අදාල නිවසේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වන විට නිවසේ පිටුපස දොරටුව අසල සිට පැනයාමට තැත්කල අදාල පාතාල සාමාජිකයා පොලිස් නිලධාරීන් විශාල පිරිසක් නිවස සම්පූර්ණයෙන්ම වටලා ඇති බව දැක මෙසේ හිසට වෙඩි තබා ගන්නට ඇතැයි සැක කරන බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව දේහය ඥාතීන්ට භාරදුන් බවටද වැඩිදුරටත් වාර්තා වෙනවා.

Last edited: