මෙ අර පොතෙ තිබුන කතා වලින් 2 වෙනි කතාව.පළවෙනි කතාව බලපු නැති අය පහල ලින්ක් එකෙන් ගිහිල්ල බලන්න.
මෙන්න මෙ කථා වල පළවෙනි කොටස.- http://www.elakiri.com/forum/showthread.php?p=20037650#post20037650
2. මරළුවාව
ලන්කාවෙ අන්තිමට සිටි මලියදේව මහ රහතන් වහන්සේ රහත් වුයේ කුරුනෑගලටත් වැල්ලවටත් අතර පිහිටි මරළුවාව යන ගමේය.පැවදි වුන මේ ස්වාමීන්වහන්සේ රහත් වනු පිනිස බණ බාවනා කරන්නේ මේ ගමේ වැඩ විසු සේක.
උන්වහන්සේ එක දවසක් බාවනාකරමින් සිටින්නේ,එදින රහත් බවට පැමිණෙන බව මාර දිව්‍ය පුත්‍රයා දුටුවේය.තෙරුණ් වහන්සේ රහත් බව ලබන්නේ බණ බාවනා කළොත් නොවේද ?එසේ හෙයින් මා ගොස් එයට බාධා කරමියි සිතා හෙතෙම ගවයෙක් සේ වෙස් ගෙන තෙරුන් වහන්සේ වැඩ සිටි ස්ථානයට පැමිණියේය.එවෙලෙහි තෙරුන් වහන්සේද තමා වැඩ සිටි මළුව අතු පතු ගා පිරිසිදු කොට බාවනා කිරීමට සූදානම් වූ මොහොතයි.එහි පැමිනි ගව වෙස් ගත් මාරයා මළුව හැමතැනම ඇවිද මළ මුත්‍ර පහ කොට එය අපිරිසිදු කලේය .එවිට තෙරුන් වහන්සේ නැවත හුන් තැනින් නැගිට මළුව පිරිසිදු කලේය.නැවතද බාවනාව පිණිස හිදුනා කල වදුරෙක් එහි පැමිණ ගස් වලට පනිමින් කොළ රොඩු බිමට හලමින් මළුව අවුල් කොට යන්නට ගියේය.නැවතද ස්වාමින්වහන්සේ නැවතද මළුව අතු පතුගා පිරිසිදු කොට බාවනාවට සැරසුනේය.නැවතද කොරෙක් එහි පැමිණ ඔහුගේ සැරටියෙන් හා කකුලෙන් එහි ඉරි ඇද ඒ බිම විරූපී කලේය.
මේ බාධා නිසා කල්පනා කරන තෙරුන් වහන්සේ වෙනදා කිසිම දවසක මට මෙසේ මාගේ බාවනාවේදී බාධාවක් ඇති නොවීය.නමුත් අද මේ ස්වල්ප වෙලවට මා ඉදිරියට බාධක තුනක්ම පැමිනියේය.මේ නම් අන් කිසිවකු නොව දෙවියෙක්ම විය හැකියැයි සිතා,කොරා අමතා ''තා කවරෙක්දැයි '' ඇසීය.''මම මාර දිව්‍ය පුත්‍රයා වෙමි'' ඔහු කීය.එවිට තෙරුන් වහන්සේ කියන්නේ,'' ඔබ මාර දිව්‍ය පුත්‍රයා බව කෙසේ පිලිගනිම්ද ?තා මෙ මොහොතේ බුදුන් වහන්සේගේ රූපය මැවුව හොත් ඔබ මාර දිව්‍ය පුත්‍රයා බව පිළිගනිමි'' යි කීය.
එවිට මාර දිව්‍ය පුත්‍රයා තමන්ට හැකි පමණ වෙර යොදා බුදු රුවක් මවන සැටියක් කල්පනා කළා මිස, ඉන්පසු එයින් වන යහපත හෝ අයහපත ගැන කල්පනා නොකලේය.මාරයාද මහැගි බුදු රුවක් ස්වාමින් වහන්සේ ඉදිරියේ මැවීය.
එවිටම ඒ බුදු රුව දකිනවාත් සමගම එතුමා රහත් වූ සේක.මාරයා ලජ්ජාවෙන් පලා ගියේය.
එදින පටන් ඒ ගම 'මාරයා දුරු කල ස්තානය'යන අර්ථය ඇති මරහළුව යන නමින් ප්‍රසිද්ධ විය.පසුව එයම මරළුවාව කියා සෑදිණි.
අනිත් කථා ටිකත් ටික ටික පුලුවන් වෙලාවට දාන්නම්.කොපි පේස්ට් නොවේ,මමයි ටයිප් කලේ.එහෙනම් බලන සැමටම ස්තුත්යි!
හොද ළමයි ටික වගේ බම්ප් එකක් වත් අඩුම ගනේ දාගෙන යන්න බම්ප් වෙවි ඉන්න .

