අපේ ජාතිය වෙනුවෙන් නැගී හිටපු , කතා කරපු , මිනිසුන්ගේ දෑස් පාදන්නට ජිවිත කැප කරපු අවසන් නායකත්වය



සෝම හිමියන්ගේ අපවත් වීම අහලා ලංකාවේ කියක් අම්මලා දුක් වෙන්න ඇතිද කඳුළු සලන්න ඇතිද මේ අහස පොළව නුහුලන
මේ මහා පාපකර්මයට අත ගහපු පාපතරයින්ට අද වෙද්දී මේවා පඩිසන් දීලා ඇති කියලා මන් විශ්වාස කරනවා..

දැයම පුබුදුවාලූ නිමල පහන නිවුනා
අවිදු අදුර දුරලු නුවන පහන නිමුනා
සසුනඹර දිලුන අප සෝම සමිද ඔබ
රහසෙම නික්මී තිබුනා...!!!

