සරුවත් සිරප් එක සාදා ගැනීම
අවශ්‍ය ද්‍රව්‍ය
සීනි 500 g
වතුර ලීටර් 1
වැනිලා ස්වල්පයක්
සාදන ක්‍රමය
සීනි හා වතුර ලිප තබා භාගෙට භාගයක් වන තෙක් හැදි ගාමින් උනු කර ගන්න. එයට වැනිලා ද එකතු කරන්න.
අන්නාසි සරුවත්
අවශ්‍ය ද්‍රව්‍ය
සිනි ග්‍රෑම් 500
වතුර ලීටර් 1
ඉදුනු අන්නාසි ග්‍රෑම් 250
දෙහි ගෙඩි 1
සාදන ක්‍රමය
අන්නාසි ගෙඩියේ පොතු ඉවත් කර කපා එහි නාරටියද ඉවත් කර ගන්න.
පසුව අන්නාසි සිහින් කැබලිවලට කපා එහි ඉස්ම මිරිකා පෙරා ගෙන පසෙකින් තබන්න.
සීනි හා වතුර භාජනයක දමා ලිප තබා භාගයට අඩුවන තෙක් හැඳිගාමින් සිඳුවා ලිපෙන් ඉවතට ගෙන නිවෙන්නට තබන්න.
දැන් මෙයට අන්නාසි ඉස්ම එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
මෙය ශීතකරණයේ තබා පිළිගන්වන විට අන්නාසි කැබලි, අයිස් කැට හා කස කසා ඇට(පොගවා ගත්) දමා පිළිගන්වන්න.
අන්නාසි කපා යුෂ ලබාගන්නවා වෙනුවට ඔබට මෙහිදී අන්නාසි රස කාරක හා කහ පැහැති වර්ණකාරක යොදා ගැනීමටද පුළුවනි.
දොඩම් සරුවත්
පෙර ආකාරයටම සිනි හා වතුර ලිප තබා සකස් කොට එය නිවූනු පසු මිරිකා ගත් දොඩම් ඉස්ම කළවම් කොට ශීතකරණයේ තබා අවශ්‍ය විට අයිස් කැට,කස කසා ඇට යොදා බීමට ගන්න.
(මෙහිදීද ඔබට අවශ්‍යනම් ස්භාවික දොඩම් වෙනුවට රසකාරක හා වර්ණ යොදා ගත හැක.)
මේ ආකාරයට ඔබට සරුවත් සිරප් එක යොදා ගනිමින්,
නෙල්ලි සරුවත්, දෙහි සරුවත්, අඹ සරුවත් වැනි ඔබ කැමති සරුවත් වර්ගයක් සාදා ගත හැකිය.
උපුටා ගැනිමකි