අගෝස්තු [FONT=Iskoola Pota, serif]14 ([/FONT]ඉහත සිදුවීමෙන් දින දෙකකට පසු[FONT=Iskoola Pota, serif])[/FONT]
පෙ[FONT=Iskoola Pota, serif].[/FONT]ව [FONT=Iskoola Pota, serif]4.25[/FONT]
මහනුවර ශික්ෂණ රෝහල
දැඩිසත්කාර ඒකකයේ රෝගීන් පරීක්ෂා කිරීමට පැමිණි වෛද්‍ය දේශබන්දු තම අවධානය යොමු කළේ අංක තුන ඇඳෙහි සිටි[FONT=Iskoola Pota, serif], [/FONT]දින කීපයකට පෙර වෙඩි වැදී රෝහල වෙත ගෙන ආ පුද්ගලයා වෙතය[FONT=Iskoola Pota, serif]. [/FONT]මහනුවර රෝහලේ ජ්‍යෙෂ්ඨතම ශල්‍ය වෛද්‍යවරයෙක් වන ඔහු සාමාන්‍යයෙන් මේ වෙලාවේ ලෙඩුන් පරීක්ෂා කිරීමට පැමිණෙන්නේ නැත[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත් වීරවර්ධන අමාත්‍යවරයා පෞද්ගලිකවම කතාකොට ඉල්ලූ උපකාරයක් වූ බැවින්ද[FONT=Iskoola Pota, serif], [/FONT]මීට පෙර කිහිප වතාවක්ම තමා හට විවිධ මට්ටමේ උපකාරයන් ඇමතිවරයා විසින් සිදුකර තිබුණත්[FONT=Iskoola Pota, serif], [/FONT]ඔහු විසින් උපකාරයක් තමාගෙන් ඉල්ලා සිටි ප්‍රථම අවස්ථාව වූ බැවින් ද මේ ඉල්ලීම අහක දමන්නට හැකියාවක් වෛද්‍යවරයා සතු නොවීය[FONT=Iskoola Pota, serif].
[/FONT] මේ වනතෙක් ඇමති නිවසින් ලැබුණ තොරතුරු වලට අමතරව රෝගියා හඳුනා ගැනීම සඳහා කිසිදු හෝඩුවාවක් ලැබී නොතිබුණ බව වෛද්‍යවරයා හට රෝහල් පොලීසියෙන් දැනගන්නට ලැබී තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]ගතවූ දින කිහිපයේදී අතුරුදහන් වූ පුද්ගලයින් කිහිප දෙනෙකුම රෝහල වෙත පැමිණ සිටියත්[FONT=Iskoola Pota, serif], [/FONT]ඒ කිසිවෙකු හට මෙම රෝගියා හඳුනාගත නොහැකි විය[FONT=Iskoola Pota, serif]. [/FONT]එසේම රෝහල් පොලීසිය මහනුවර පොලීසිය හා එක්ව රෝගියාගේ පවුලේ විස්තරයක් දැනගැනීමට උත්සාහ කලත් එයද සාර්ථක නොවීය[FONT=Iskoola Pota, serif].
[/FONT] දේශබන්දු රෝගියාගේ ඇඳ ඉහපත් වාර්තාව පරීක්ෂා කොට බලන්නට විය[FONT=Iskoola Pota, serif]. [/FONT]එහි සටහන් වූ කරුණු නිසා ඔහුගේ මුහුණෙහි දැඩි බැරෑරුම් බවක් ඇතිවිය[FONT=Iskoola Pota, serif]. [/FONT]රෝග විනිශ්චයට අනුව උදරයේ යටි පෙදෙසින් ඇතුලුවූ වෙඩි උණ්ඩය වම් පෙනහල්ල සිදුරු කරගෙන ගොස් හෘදය වස්තුව ආසන්නයේ නතර වී ඇත[FONT=Iskoola Pota, serif]. [/FONT]වඩාත් සංකීර්ණ වූ කාරණය වූයේ සිරුරට ඇතුලු වූ වෙඩි උණ්ඩය කොටස් කිහිපයකට කැඩී සිරුර අභ්‍යන්තරයේ විවිධ තැන් වල තැන්පත් වී තිබීමය[FONT=Iskoola Pota, serif]. [/FONT]සියලු වෙඩි උණ්ඩ කොටස් ඉවත් කර තිබුණත්[FONT=Iskoola Pota, serif], [/FONT]හෘදය වස්තුව ආසන්නයේ තිබූ වෙඩි උණ්ඩ කොටස ඉවත් කළ නොහැකි වූයේ මේ වන විට රෝගියා සිටි තත්වය එතරම් ස්ථායී නොවූ බැවිනි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ සඳහා වන්නා වූ පැය හයක් පමණ වන්නා වූ ශල්‍ය කර්මය ඉතා සියුම් එකක් වන්නා සේම[FONT=Iskoola Pota, serif], [/FONT]ඒ සඳහා මේ රෝගියාගේ ශරීර සෞඛ්‍යයද ප්‍රමාණවත් නොවන බවද වෛද්‍යවරයාට ක්ෂණයෙන් අවබෝධ විය[FONT=Iskoola Pota, serif].
[/FONT] එසේම මේ වන විටද රෝගියා සිටියේ සිහිසුන්වය[FONT=Iskoola Pota, serif]. [/FONT]තව දිනක් ඇතුළත ශල්‍යකර්මය සිදුකොට වෙඩි උණ්ඩයේ ඉතුරු කොටසද ඉවත් නොකළහොත් එය රෝගියාගේ ජීවිතය කෙරෙහි සෘජුවම බලපාන බවද ඔහුට වැටහෙන්නට විය[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත්[FONT=Iskoola Pota, serif], [/FONT]ඔහුට පැන නැගි ප්රශ්නය වූයේ ශල්‍ය කර්මය සිදුකරන තෙක් හෝ රෝගියාගේ ජීවිතය පවත්වාගත හැකිවේදැ යි යන්නය[FONT=Iskoola Pota, serif]. [/FONT]පෙනහල්ලට සිදුවූ දරුණු තුවාලය නිසා මේ වන විටද ඔහුගේ ශ්වසන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම වාගේ යන්ත්‍රයකට බාර කර තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]අවසානයේ රෝගියාගේ තත්වය පිළිබඳ වෛද්‍යවරයාගේ නිගමනය වූයේ ජීවත් වීමේ සම්භාවිතාව [FONT=Iskoola Pota, serif]5% [/FONT]පමණ වනු ඇති බවය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඊටත් වඩා ඔහු කනස්සලු වූයේ මෙම ආරංචිය තමා විසින්ම ඇමතිවරයා වෙත ලබාදිය යුතුවූ නිසාය[FONT=Iskoola Pota, serif].[/FONT]
අගෝස්තු [FONT=Iskoola Pota, serif]1[/FONT][FONT=Iskoola Pota, serif]5[/FONT]
පෙ[FONT=Iskoola Pota, serif].[/FONT]ව [FONT=Iskoola Pota, serif]10.00[/FONT]
ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලය
කලින් කතා කරගත් පරිදි අසේල හා ආසිරි නියමිත වේලාවටම බාලිකා විද්‍යාලය වෙත පැමිණුනේ එහි විදුහල්පතිනියව සිටි කන්‍යා සොයුරිය මුණ ගැසී ඡායාරූපය පිළිබඳව හෝඩුවාවක් ලබා ගැනීමටය[FONT=Iskoola Pota, serif]. [/FONT]කලින් දන්වා නොපැමිණි නිසා දෙදෙනාටම ඇයව මුණ ගැසිය හැකිවේදැයි යන්න ප්‍රශ්නයක් ව තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත් වාසනාවකට මෙන් ඇය විදුහලේ සිටි අතර ඉතා ඉක්මණින් දෙදෙනාටම ඇයව හමුවීම සඳහා අවකාශ සැලසුණි[FONT=Iskoola Pota, serif].
[/FONT] මීට පෙර ඔවුන් දෙදෙනා විද්‍යාලයේ ශත සංවත්සරය වෙනුවෙන් මෙහි පැමිණ සිදුකළ මෙහෙය වෙනුවෙන් නැවතත් විදුහල්පතිනියගේ නොමද ප්‍රශංසා වලට ලක් වීමට අසේලටත්[FONT=Iskoola Pota, serif], [/FONT]ආසිරිටත් සිදුවිය[FONT=Iskoola Pota, serif]. [/FONT]දෙදෙනාම මේ ප්‍රශංසා විඳ දරා සිටයේ තමන් කතාකරන්නට පැමිණි මාතෘකාවට මෙය හොඳ ආරම්භයක් ලබාදෙන්නක් වූ බැවිනි[FONT=Iskoola Pota, serif].
[/FONT] එදිනෙදා කතාබහ ඉවර වූ පසු අසේල හෙමින් සීරුවේ තමාගේ මාතෘකාව වෙත ප්රවිශ්ඪ විය[FONT=Iskoola Pota, serif].
[/FONT] “සිස්ටර්[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි දෙන්නා ආවේ මේ[FONT=Iskoola Pota, serif]... [/FONT]පොඩි උදව්වක් සිස්ටර්ගෙන් ඉල්ලන්න කියලා[FONT=Iskoola Pota, serif].“
[/FONT] “කියන්න බලන්න මිස්ටර් රුවන්පුර[FONT=Iskoola Pota, serif]. [/FONT]කරන්න පුලුවන් උදව්වක්නම් මගේ උපරිම දායකත්වය මම දෙන්නම්[FONT=Iskoola Pota, serif].“
[/FONT] “ලොකු දෙයක් නම් නෙවේ සිස්ටර්[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි මේ දවස් වල පොඩි රිසර්ච් එකක් කරනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒකෙදී හම්බවුන ෆොටෝග්‍රාප් එකක් ගැන පොඩ්ඩක් විස්තර දැනගන්න ඕනේ[FONT=Iskoola Pota, serif]. [/FONT]මෙන්න මේකයි ෆොටෝග්‍රාප් එක[FONT=Iskoola Pota, serif].“ [/FONT]යැයි කියූ අසේල තම බෑගයේ වූ ඡායාරූපය කන්‍යා සොයුරිය අත තැබීය[FONT=Iskoola Pota, serif].
[/FONT] තම උපැස් යුවළද පැළඳගත් කන්‍යා සොයුරිය අසේලගෙන් ලැබුණ ඡායාරූපය මේසය මත තබා ඒ වෙත නැමුණේ අවධානය යොමු කිරීම සඳහාය[FONT=Iskoola Pota, serif].
[/FONT] මද වේලාවක් ඡායාරූපය වෙත නැඹුරුව සිටි කන්‍යා සොයුරිය නැවත අසේල සහ ආසිරි වෙත හැරුණේ විමසිලිමත් දෑසකිනි[FONT=Iskoola Pota, serif].
[/FONT] “මේ ෆොටෝග්‍රාප් එක කොහෙන් ලැබුණ එකක්ද කියලා මං ඇහුවට කමක් නැද්ද මිස්ටර් රුවන්පුර[FONT=Iskoola Pota, serif]?“
[/FONT] මේ ප්‍රශ්නයත් සමග අසේල තරමක් දෙගෙඩියාවකට පත්විය[FONT=Iskoola Pota, serif]. [/FONT]විදුහල්පතිනිය වෙත තමාට බොරුවක් කිව නොහැක[FONT=Iskoola Pota, serif]. [/FONT]එසේම ඇමතිවරයා වෙත ලබාදුන් පොරොන්දුව කඩ කළද නොහැක[FONT=Iskoola Pota, serif]. [/FONT]අන්තිමට දෙපාර්ශවයම බේරෙන පරිදි පිළිතුරක් ලබාදීමට අසේල තීරණය කළේය[FONT=Iskoola Pota, serif].
[/FONT] “සිස්ටර්[FONT=Iskoola Pota, serif]. [/FONT]අයි ඈම් රියලි සොරි[FONT=Iskoola Pota, serif]. [/FONT]මට ඒකටනම් පිළිතුරක් දෙන්න බෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]මොකද මේ රිසර්ච් එකේ එක කන්ඩිෂන් එකක් මේ සම්බන්ධව කිසිම දෙයක් එළියට නොකියන්න[FONT=Iskoola Pota, serif]... [/FONT]මං හිතනවා සිස්ටර් ටත් ඒ දේ තේරෙනවා ඇති කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]මොකද කිහිප දෙනෙකුගේ හුඟක් පෞද්ගලික දේවල් සම්බන්ධ තොරතුරු මේ රිසර්ච් එකට අදාළයි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒනිසා ඒ තොරතුරු එළියට නොයන්න මට විශේෂයෙන් පරිස්සම් වෙන්න වෙනවා[FONT=Iskoola Pota, serif].“
[/FONT] අසේල දෙස මද වේලාවක් බලා සිටි විදුහල්පතිනිය හිස සැලුවේ ඔහු පත්ව සිටි තත්වය තේරුම් ගත්තාක් මෙනි[FONT=Iskoola Pota, serif].
[/FONT] “මට තේරෙනවා මිස්ටර් රුවන්පුර[FONT=Iskoola Pota, serif]. [/FONT]ජර්නලිස්ට්ලා උනාම සමහර දේවල් සම්බන්ධයෙන් කන්ෆිඩෙන්ෂියලටි එක තියාගන්න ඕනේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒක ඔයාලගේ ප්‍රොෆෙෂන් එකේම එන දෙයක්[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ නිසා ඒ ගැන මගේ කිසිම අමනාපයක් නෑ[FONT=Iskoola Pota, serif]... [/FONT]මම මේ සම්බන්ධයෙන් තොරතුරු කීපයක් මිස්ටර් රුවන්පුරට දෙන්නම්[FONT=Iskoola Pota, serif]. [/FONT]හැබැයි ඒවා කොයිතරම් දුරට ඔයාගේ රිසර්ච් එකට උදව්වක් වේවිද කියන්න දන්නේ නෑ[FONT=Iskoola Pota, serif]...“
[/FONT] එසේ පැවසූ විදුහල්පතිනිය[FONT=Iskoola Pota, serif], [/FONT]ඉඳ සිටි පුටුවෙන් නැගිට ගොස් ආසන්නයේ වූ පොත්පත් හා ලිපිගොනු පිරවූ රාක්කයක් තුළ යමක් සොයන්නට වූවාය[FONT=Iskoola Pota, serif]. [/FONT]විනාඩි පහක් පමණ පොත්පත් තෝරමින් යමක් සෙවූ ඈ හට අවසානයේ සෙවූ ලිපිගොනුව හමුවිය[FONT=Iskoola Pota, serif]. [/FONT]එය රැගෙන නැවත මේසය වෙත එමින් ඈ අසේල සමග කතා කරන්නට වූවාය[FONT=Iskoola Pota, serif].
[/FONT] “ගියපාර හන්ඩ්‍රඩ්ත් ඉයර් ඇනිවසරි එකට අපි ලොකු සෙරමොනි එකක් කලා මිස්ටර් රුවන්පුරට මතක ඇති[FONT=Iskoola Pota, serif].“ [/FONT]අසේල තමාට එය මතක බැව් පෙන්වීමට හිස සැලුවේය[FONT=Iskoola Pota, serif].
[/FONT] “ඒකෙදී අපි කොලේජ් එකේ ඇනිවසරි එක වෙනුවෙන් මුල ඉඳලම කොලේජ් එකේ හිස්ටරි එක හොයලා පොතක් ගැහුවා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ පොතේ මේන් එඩිටර් විදිහට කටයුතු කළේ මම[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ නිසා කොලේජ් එකට අදාල පරණ පොත්පත් අවුස්සලා බලන්න සිද්ධ වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ හොයද්දී ඔයා මේ පෙන්නුව ෆොටෝග්‍රාප් එකට සම්බන්ධ දෙයක් හම්බවුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ දවස් වලත් මට ඒක ටිකක් කුතුහලයක් ඇතිකලත්[FONT=Iskoola Pota, serif], [/FONT]හෙමින් සැරේ අමතක වෙලා ගියා[FONT=Iskoola Pota, serif]. [/FONT]මට ඒක ආයෙත් මතක්වුනේ අද මේ ෆොටෝග්‍රාප් එක පෙන්නනකොට[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ බලන්න[FONT=Iskoola Pota, serif]...“ [/FONT]යැයි පැවසූ විදුහල්පතිනිය ඈ අත වූ ලිපිගොනුවෙන් ඡායාරූප දෙකක් ගෙන පෙන්වූවාය[FONT=Iskoola Pota, serif].
[/FONT] එය දැකීමෙන් අසේල කෙතරම් විමිතියකට පත්වීද යත් ඔහුට හිඳසිටි අසුනෙන් ඉබේම නැගිටුනි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඡායාරූප දෙකම පැරණි ඒවා වූ අතර එකම කාලයකදී ගත් ඒවා බව පෙනෙන්නට විය[FONT=Iskoola Pota, serif]. [/FONT]එක් ඡායාරූපයක් සමූහ ඡායාරූපයක් වූ අතර[FONT=Iskoola Pota, serif], [/FONT]විද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ල ඉදිරියේ ලබාගත්තක් විය[FONT=Iskoola Pota, serif]. [/FONT]දෙවැන්න අසේල අත පැවති ඡායාරූපයේම පිටපතක් විය[FONT=Iskoola Pota, serif].
[/FONT] “සිස්ටර්[FONT=Iskoola Pota, serif].... [/FONT]මේ මං ගාව තියෙන එකමනේ[FONT=Iskoola Pota, serif]... [/FONT]කොහොමද මේක සිස්ටර්ලගේ ෆයිල් වලට ආවේ[FONT=Iskoola Pota, serif]..?“
[/FONT] “ඔය අනිත් ෆොටෝග්‍රාප් එක අරන් තියෙන්නේ අපේ මේන් හෝල් එකේ ඕපනින් එක දවසේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ දවස් වල මෙහෙ ප්‍රින්සිපල් වෙලා හිටියේ එංගලන්තෙන් ආපු සිස්ටර් කෙනෙක්[FONT=Iskoola Pota, serif]. [/FONT]සිස්ටර් ඇන්ජලීනා[FONT=Iskoola Pota, serif]. [/FONT]එයා ඔය ගෘප් ෆොටෝ එකේ මැද ඉන්නවා[FONT=Iskoola Pota, serif]. [/FONT]දැන් මිස්ටර් රුවන්පුර බලන්න එයාට දෙපැත්තෙන් ඉන්නේ කවුද කියලා[FONT=Iskoola Pota, serif]..“ [/FONT]යැයි කියමින් විදුහල්පතිනිය අසේලගේ අවධානය සමූහ ඡායාරූපය වෙත යොමු කළාය[FONT=Iskoola Pota, serif].
[/FONT] අසේලට වැඩි අපහසුවකින් තොරව සමූහ ඡායාරූපයේ විදුහල්පතිනිය දෙපසින් සිටින්නේද අනෙක් ඡායාරූපයේ සිටිනා යුවල බව හඳුනාගත හැකි විය[FONT=Iskoola Pota, serif]. [/FONT]එසේනම් මේ යුවළ විද්‍යාලයට යම්කිසි ආකාරයකින් සම්බන්ධතාවයක් ඇති අයවලුන් විය යුතුය[FONT=Iskoola Pota, serif].
[/FONT] “සිස්ටර්[FONT=Iskoola Pota, serif]... [/FONT]මේ දෙන්නා කවුද කියලා දන්නවද[FONT=Iskoola Pota, serif]?“
[/FONT] “රෙකෝඩ්ස් වල තියෙන්නේ මේ බෝයි ගේ නම ජයතිස්ස ආරච්චි කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ගර්ල් ගේ නම සේපාලි සූරියආරච්චි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත්[FONT=Iskoola Pota, serif]... [/FONT]මට අයිඩියා එකක් නෑ මේ අය කවුද කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේබී දීස් ගයිස් හෑව් හෙල්ප්ඩ් ටු බිල්ඩ් ද මේන් හෝල්[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ හින්දා මිස්ටර් රුවන්පුර[FONT=Iskoola Pota, serif]... [/FONT]වැඩි විස්තරයක් නම් කියන්න දන්නේ නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]මොකද මමත් මේ කොලේජ් එකට ඇවිත් තාම අවුරුදු විස්සකට වඩා නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ කියන කාලේ මීට අවුරුදු හැත්තෑවකට එහා කාලයක්නේ[FONT=Iskoola Pota, serif]... [/FONT]හැබැයි[FONT=Iskoola Pota, serif]....“ [/FONT]යැයි පැවසූ විදුහල්පතිනිය මදක් කල්පනා කරන්නට වූවාය[FONT=Iskoola Pota, serif].
[/FONT] “එක්කෙනෙක් ඉන්නවා මිස්ටර් රුවන්පුරට හෙල්ප් එකක් ගන්න පුලුවන් වෙන[FONT=Iskoola Pota, serif]. [/FONT]අපේ රිටයර්ඩ් බෙල් මෑන්[FONT=Iskoola Pota, serif].“
[/FONT] “බෙල් මෑන්[FONT=Iskoola Pota, serif]...?“
[/FONT] “යර්ස්[FONT=Iskoola Pota, serif]... [/FONT]එයාගේ නම පොඩිහාමි[FONT=Iskoola Pota, serif]. [/FONT]පොඩිහාමි හුඟ කාලයක් කොලේජ් එකේ වැඩ කළා[FONT=Iskoola Pota, serif]. [/FONT]බෙල් එක ගහන එක තමයි එයාගේ මේන් ඩියුටි එක වුනේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒකයි එයාට බෙල් මෑන් කියන්නේ[FONT=Iskoola Pota, serif]. [/FONT]දැන්නම් සෑහෙන්න වයසයි[FONT=Iskoola Pota, serif]. [/FONT]මම කොලේජ් එකට ආපු කාලෙම වගේ තමයි රිටයර් වුනේ[FONT=Iskoola Pota, serif]. [/FONT]මම මෙහෙට එනකොටත් මෙයාගේ සර්විස් එක අවුරුදු පනහකට කිට්ටුයි කොලේජ් එකට[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි හන්ඩ්‍රඩ්ත් ඉයර් සෙලිබ්රේෂන් එකේදි පොඩිහාමිට අවෝඩ් එකකුත් දුන්නා සර්විස් එක ඇප්රෂියේට් කරලා[FONT=Iskoola Pota, serif]. [/FONT]දැන් එයා ඉන්නේ කුණ්ඩසාලේ එයාගේ ග්‍රෑන්ඩ්සන් කෙනෙක් එක්ක[FONT=Iskoola Pota, serif]. [/FONT]මෙයාට මතකයක් ඇති සමහරක් විට මේ දෙන්නා කවුද කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]මොකද මේ කියන කාල වකවානුවේ පොඩිහාමි කොලේජ් එකේ ඉඳලා තියෙනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]බට් කාන්ට් ප්‍රඩික්ට්[FONT=Iskoola Pota, serif]. [/FONT]බෙටර් ට්‍රයි යුවර්සෙල්ෆ්[FONT=Iskoola Pota, serif]. [/FONT]දන්නවනේ වයසට ගියහම අමතක වෙන ගතියක් හුඟක් අයට තියෙනවානේ[FONT=Iskoola Pota, serif]. [/FONT]මට පුලුවන් මිස්ටර් රුවන්පුරට ඇඩ්රස් එක දෙන්න[FONT=Iskoola Pota, serif].“[/FONT]