ආවර්ජනා

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    iTHURU TIKATH DAAMU

    දිගටම දාපන් මචං නැත්නම් යට යයි..පට්ට ස්ටොරියක් වගේ :):)

    Wow pattaii ne


    පට්ට පට්ට දාපන් ඔක්කොම

    ♥-Aurora-♥;20112797 said:
    Nice! :cool:
    10+ ~♥~

    ado meke ithuru tika daamu ikmanata.

    rep+++

    බොහොම ස්තූතියි දිරිගැන්වීම් වලට. හැමදාම රෑ 7-8ත් අතරේ අලුත් කොටස එකතු කරන්නම්.
    කතාව නවතින්නේ නෑ මග. සම්පූර්ණයෙන්ම ලියලා ඉවරයි මේක ;););)
    බලාගෙන ඉන්න. :yes::yes::yes:
     
    • Like
    Reactions: wije99000

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    අඩේ මරුනෙ බං මේක. කවුද උබද ලියන්නෙ. නියමට ලියල තියෙනව කවුරු උනත්. සුපිරි බං. කෝ අනිත් ටික ඉකමනට දාපං බං දැන් හදිසිය අල්ලල තියෙන්නෙ....​
     
    • Like
    Reactions: dakshinasd

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    4+
    digatama liyapan machan
    patta

    Digatama dapan

    අඩේ මරුනෙ බං මේක. කවුද උබද ලියන්නෙ. නියමට ලියල තියෙනව කවුරු උනත්. සුපිරි බං. කෝ අනිත් ටික ඉකමනට දාපං බං දැන් හදිසිය අල්ලල තියෙන්නෙ....​

    වෙන කවුරු ලියන්නද මචං? :yes::yes::yes:


    Ela ela Bump


    බොහොම ස්තූතියි හැමෝටම. අනිත් කොටස අද රෑට දානවා..
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    අගෝස්තු [FONT=Iskoola Pota, serif]14 ([/FONT]ඉහත සිදුවීමෙන් දින දෙකකට පසු[FONT=Iskoola Pota, serif])[/FONT]
    පෙ[FONT=Iskoola Pota, serif].[/FONT][FONT=Iskoola Pota, serif]4.25[/FONT]
    මහනුවර ශික්ෂණ රෝහල

    දැඩිසත්කාර ඒකකයේ රෝගීන් පරීක්ෂා කිරීමට පැමිණි වෛද්‍ය දේශබන්දු තම අවධානය යොමු කළේ අංක තුන ඇඳෙහි සිටි[FONT=Iskoola Pota, serif], [/FONT]දින කීපයකට පෙර වෙඩි වැදී රෝහල වෙත ගෙන ආ පුද්ගලයා වෙතය[FONT=Iskoola Pota, serif]. [/FONT]මහනුවර රෝහලේ ජ්‍යෙෂ්ඨතම ශල්‍ය වෛද්‍යවරයෙක් වන ඔහු සාමාන්‍යයෙන් මේ වෙලාවේ ලෙඩුන් පරීක්ෂා කිරීමට පැමිණෙන්නේ නැත[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත් වීරවර්ධන අමාත්‍යවරයා පෞද්ගලිකවම කතාකොට ඉල්ලූ උපකාරයක් වූ බැවින්ද[FONT=Iskoola Pota, serif], [/FONT]මීට පෙර කිහිප වතාවක්ම තමා හට විවිධ මට්ටමේ උපකාරයන් ඇමතිවරයා විසින් සිදුකර තිබුණත්[FONT=Iskoola Pota, serif], [/FONT]ඔහු විසින් උපකාරයක් තමාගෙන් ඉල්ලා සිටි ප්‍රථම අවස්ථාව වූ බැවින් ද මේ ඉල්ලීම අහක දමන්නට හැකියාවක් වෛද්‍යවරයා සතු නොවීය[FONT=Iskoola Pota, serif].

    [/FONT] මේ වනතෙක් ඇමති නිවසින් ලැබුණ තොරතුරු වලට අමතරව රෝගියා හඳුනා ගැනීම සඳහා කිසිදු හෝඩුවාවක් ලැබී නොතිබුණ බව වෛද්‍යවරයා හට රෝහල් පොලීසියෙන් දැනගන්නට ලැබී තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]ගතවූ දින කිහිපයේදී අතුරුදහන් වූ පුද්ගලයින් කිහිප දෙනෙකුම රෝහල වෙත පැමිණ සිටියත්[FONT=Iskoola Pota, serif], [/FONT]ඒ කිසිවෙකු හට මෙම රෝගියා හඳුනාගත නොහැකි විය[FONT=Iskoola Pota, serif]. [/FONT]එසේම රෝහල් පොලීසිය මහනුවර පොලීසිය හා එක්ව රෝගියාගේ පවුලේ විස්තරයක් දැනගැනීමට උත්සාහ කලත් එයද සාර්ථක නොවීය[FONT=Iskoola Pota, serif].

    [/FONT] දේශබන්දු රෝගියාගේ ඇඳ ඉහපත් වාර්තාව පරීක්ෂා කොට බලන්නට විය[FONT=Iskoola Pota, serif]. [/FONT]එහි සටහන් වූ කරුණු නිසා ඔහුගේ මුහුණෙහි දැඩි බැරෑරුම් බවක් ඇතිවිය[FONT=Iskoola Pota, serif]. [/FONT]රෝග විනිශ්චයට අනුව උදරයේ යටි පෙදෙසින් ඇතුලුවූ වෙඩි උණ්ඩය වම් පෙනහල්ල සිදුරු කරගෙන ගොස් හෘදය වස්තුව ආසන්නයේ නතර වී ඇත[FONT=Iskoola Pota, serif]. [/FONT]වඩාත් සංකීර්ණ වූ කාරණය වූයේ සිරුරට ඇතුලු වූ වෙඩි උණ්ඩය කොටස් කිහිපයකට කැඩී සිරුර අභ්‍යන්තරයේ විවිධ තැන් වල තැන්පත් වී තිබීමය[FONT=Iskoola Pota, serif]. [/FONT]සියලු වෙඩි උණ්ඩ කොටස් ඉවත් කර තිබුණත්[FONT=Iskoola Pota, serif], [/FONT]හෘදය වස්තුව ආසන්නයේ තිබූ වෙඩි උණ්ඩ කොටස ඉවත් කළ නොහැකි වූයේ මේ වන විට රෝගියා සිටි තත්වය එතරම් ස්ථායී නොවූ බැවිනි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ සඳහා වන්නා වූ පැය හයක් පමණ වන්නා වූ ශල්‍ය කර්මය ඉතා සියුම් එකක් වන්නා සේම[FONT=Iskoola Pota, serif], [/FONT]ඒ සඳහා මේ රෝගියාගේ ශරීර සෞඛ්‍යයද ප්‍රමාණවත් නොවන බවද වෛද්‍යවරයාට ක්ෂණයෙන් අවබෝධ විය[FONT=Iskoola Pota, serif].

    [/FONT] එසේම මේ වන විටද රෝගියා සිටියේ සිහිසුන්වය[FONT=Iskoola Pota, serif]. [/FONT]තව දිනක් ඇතුළත ශල්‍යකර්මය සිදුකොට වෙඩි උණ්ඩයේ ඉතුරු කොටසද ඉවත් නොකළහොත් එය රෝගියාගේ ජීවිතය කෙරෙහි සෘජුවම බලපාන බවද ඔහුට වැටහෙන්නට විය[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත්[FONT=Iskoola Pota, serif], [/FONT]ඔහුට පැන නැගි ප්‍රශ්නය වූයේ ශල්‍ය කර්මය සිදුකරන තෙක් හෝ රෝගියාගේ ජීවිතය පවත්වාගත හැකිවේදැ යි යන්නය[FONT=Iskoola Pota, serif]. [/FONT]පෙනහල්ලට සිදුවූ දරුණු තුවාලය නිසා මේ වන විටද ඔහුගේ ශ්වසන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම වාගේ යන්ත්‍රයකට බාර කර තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]අවසානයේ රෝගියාගේ තත්වය පිළිබඳ වෛද්‍යවරයාගේ නිගමනය වූයේ ජීවත් වීමේ සම්භාවිතාව [FONT=Iskoola Pota, serif]5% [/FONT]පමණ වනු ඇති බවය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඊටත් වඩා ඔහු කනස්සලු වූයේ මෙම ආරංචිය තමා විසින්ම ඇමතිවරයා වෙත ලබාදිය යුතුවූ නිසාය[FONT=Iskoola Pota, serif].[/FONT]




    අගෝස්තු [FONT=Iskoola Pota, serif]1[/FONT][FONT=Iskoola Pota, serif]5[/FONT]
    පෙ[FONT=Iskoola Pota, serif].[/FONT][FONT=Iskoola Pota, serif]10.00[/FONT]
    ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලය

    කලින් කතා කරගත් පරිදි අසේල හා ආසිරි නියමිත වේලාවටම බාලිකා විද්‍යාලය වෙත පැමිණුනේ එහි විදුහල්පතිනියව සිටි කන්‍යා සොයුරිය මුණ ගැසී ඡායාරූපය පිළිබඳව හෝඩුවාවක් ලබා ගැනීමටය[FONT=Iskoola Pota, serif]. [/FONT]කලින් දන්වා නොපැමිණි නිසා දෙදෙනාටම ඇයව මුණ ගැසිය හැකිවේදැයි යන්න ප්‍රශ්නයක් ව තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත් වාසනාවකට මෙන් ඇය විදුහලේ සිටි අතර ඉතා ඉක්මණින් දෙදෙනාටම ඇයව හමුවීම සඳහා අවකාශ සැලසුණි[FONT=Iskoola Pota, serif].

    [/FONT] මීට පෙර ඔවුන් දෙදෙනා විද්‍යාලයේ ශත සංවත්සරය වෙනුවෙන් මෙහි පැමිණ සිදුකළ මෙහෙය වෙනුවෙන් නැවතත් විදුහල්පතිනියගේ නොමද ප්‍රශංසා වලට ලක් වීමට අසේලටත්[FONT=Iskoola Pota, serif], [/FONT]ආසිරිටත් සිදුවිය[FONT=Iskoola Pota, serif]. [/FONT]දෙදෙනාම මේ ප්‍රශංසා විඳ දරා සිටයේ තමන් කතාකරන්නට පැමිණි මාතෘකාවට මෙය හොඳ ආරම්භයක් ලබාදෙන්නක් වූ බැවිනි[FONT=Iskoola Pota, serif].

    [/FONT] එදිනෙදා කතාබහ ඉවර වූ පසු අසේල හෙමින් සීරුවේ තමාගේ මාතෘකාව වෙත ප්‍රවිශ්ඪ විය[FONT=Iskoola Pota, serif].

    [/FONT] “සිස්ටර්[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි දෙන්නා ආවේ මේ[FONT=Iskoola Pota, serif]... [/FONT]පොඩි උදව්වක් සිස්ටර්ගෙන් ඉල්ලන්න කියලා[FONT=Iskoola Pota, serif].“

    [/FONT] “කියන්න බලන්න මිස්ටර් රුවන්පුර[FONT=Iskoola Pota, serif]. [/FONT]කරන්න පුලුවන් උදව්වක්නම් මගේ උපරිම දායකත්වය මම දෙන්නම්[FONT=Iskoola Pota, serif].“

    [/FONT] “ලොකු දෙයක් නම් නෙවේ සිස්ටර්[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි මේ දවස් වල පොඩි රිසර්ච් එකක් කරනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒකෙදී හම්බවුන ෆොටෝග්‍රාප් එකක් ගැන පොඩ්ඩක් විස්තර දැනගන්න ඕනේ[FONT=Iskoola Pota, serif]. [/FONT]මෙන්න මේකයි ෆොටෝග්‍රාප් එක[FONT=Iskoola Pota, serif].“ [/FONT]යැයි කියූ අසේල තම බෑගයේ වූ ඡායාරූපය කන්‍යා සොයුරිය අත තැබීය[FONT=Iskoola Pota, serif].

    [/FONT] තම උපැස් යුවළද පැළඳගත් කන්‍යා සොයුරිය අසේලගෙන් ලැබුණ ඡායාරූපය මේසය මත තබා ඒ වෙත නැමුණේ අවධානය යොමු කිරීම සඳහාය[FONT=Iskoola Pota, serif].

    [/FONT] මද වේලාවක් ඡායාරූපය වෙත නැඹුරුව සිටි කන්‍යා සොයුරිය නැවත අසේල සහ ආසිරි වෙත හැරුණේ විමසිලිමත් දෑසකිනි[FONT=Iskoola Pota, serif].

    [/FONT] “මේ ෆොටෝග්‍රාප් එක කොහෙන් ලැබුණ එකක්ද කියලා මං ඇහුවට කමක් නැද්ද මිස්ටර් රුවන්පුර[FONT=Iskoola Pota, serif]?“

    [/FONT] මේ ප්‍රශ්නයත් සමග අසේල තරමක් දෙගෙඩියාවකට පත්විය[FONT=Iskoola Pota, serif]. [/FONT]විදුහල්පතිනිය වෙත තමාට බොරුවක් කිව නොහැක[FONT=Iskoola Pota, serif]. [/FONT]එසේම ඇමතිවරයා වෙත ලබාදුන් පොරොන්දුව කඩ කළද නොහැක[FONT=Iskoola Pota, serif]. [/FONT]අන්තිමට දෙපාර්ශවයම බේරෙන පරිදි පිළිතුරක් ලබාදීමට අසේල තීරණය කළේය[FONT=Iskoola Pota, serif].

    [/FONT] “සිස්ටර්[FONT=Iskoola Pota, serif]. [/FONT]අයි ඈම් රියලි සොරි[FONT=Iskoola Pota, serif]. [/FONT]මට ඒකටනම් පිළිතුරක් දෙන්න බෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]මොකද මේ රිසර්ච් එකේ එක කන්ඩිෂන් එකක් මේ සම්බන්ධව කිසිම දෙයක් එළියට නොකියන්න[FONT=Iskoola Pota, serif]... [/FONT]මං හිතනවා සිස්ටර් ටත් ඒ දේ තේරෙනවා ඇති කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]මොකද කිහිප දෙනෙකුගේ හුඟක් පෞද්ගලික දේවල් සම්බන්ධ තොරතුරු මේ රිසර්ච් එකට අදාළයි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒනිසා ඒ තොරතුරු එළියට නොයන්න මට විශේෂයෙන් පරිස්සම් වෙන්න වෙනවා[FONT=Iskoola Pota, serif].“

    [/FONT] අසේල දෙස මද වේලාවක් බලා සිටි විදුහල්පතිනිය හිස සැලුවේ ඔහු පත්ව සිටි තත්වය තේරුම් ගත්තාක් මෙනි[FONT=Iskoola Pota, serif].

    [/FONT] “මට තේරෙනවා මිස්ටර් රුවන්පුර[FONT=Iskoola Pota, serif]. [/FONT]ජර්නලිස්ට්ලා උනාම සමහර දේවල් සම්බන්ධයෙන් කන්ෆිඩෙන්ෂියලටි එක තියාගන්න ඕනේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒක ඔයාලගේ ප්‍රොෆෙෂන් එකේම එන දෙයක්[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ නිසා ඒ ගැන මගේ කිසිම අමනාපයක් නෑ[FONT=Iskoola Pota, serif]... [/FONT]මම මේ සම්බන්ධයෙන් තොරතුරු කීපයක් මිස්ටර් රුවන්පුරට දෙන්නම්[FONT=Iskoola Pota, serif]. [/FONT]හැබැයි ඒවා කොයිතරම් දුරට ඔයාගේ රිසර්ච් එකට උදව්වක් වේවිද කියන්න දන්නේ නෑ[FONT=Iskoola Pota, serif]...“

    [/FONT] එසේ පැවසූ විදුහල්පතිනිය[FONT=Iskoola Pota, serif], [/FONT]ඉඳ සිටි පුටුවෙන් නැගිට ගොස් ආසන්නයේ වූ පොත්පත් හා ලිපිගොනු පිරවූ රාක්කයක් තුළ යමක් සොයන්නට වූවාය[FONT=Iskoola Pota, serif]. [/FONT]විනාඩි පහක් පමණ පොත්පත් තෝරමින් යමක් සෙවූ ඈ හට අවසානයේ සෙවූ ලිපිගොනුව හමුවිය[FONT=Iskoola Pota, serif]. [/FONT]එය රැගෙන නැවත මේසය වෙත එමින් ඈ අසේල සමග කතා කරන්නට වූවාය[FONT=Iskoola Pota, serif].

    [/FONT] “ගියපාර හන්ඩ්‍රඩ්ත් ඉයර් ඇනිවසරි එකට අපි ලොකු සෙරමොනි එකක් කලා මිස්ටර් රුවන්පුරට මතක ඇති[FONT=Iskoola Pota, serif].“ [/FONT]අසේල තමාට එය මතක බැව් පෙන්වීමට හිස සැලුවේය[FONT=Iskoola Pota, serif].

    [/FONT] “ඒකෙදී අපි කොලේජ් එකේ ඇනිවසරි එක වෙනුවෙන් මුල ඉඳලම කොලේජ් එකේ හිස්ටරි එක හොයලා පොතක් ගැහුවා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ පොතේ මේන් එඩිටර් විදිහට කටයුතු කළේ මම[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ නිසා කොලේජ් එකට අදාල පරණ පොත්පත් අවුස්සලා බලන්න සිද්ධ වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ හොයද්දී ඔයා මේ පෙන්නුව ෆොටෝග්‍රාප් එකට සම්බන්ධ දෙයක් හම්බවුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ දවස් වලත් මට ඒක ටිකක් කුතුහලයක් ඇතිකලත්[FONT=Iskoola Pota, serif], [/FONT]හෙමින් සැරේ අමතක වෙලා ගියා[FONT=Iskoola Pota, serif]. [/FONT]මට ඒක ආයෙත් මතක්වුනේ අද මේ ෆොටෝග්‍රාප් එක පෙන්නනකොට[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ බලන්න[FONT=Iskoola Pota, serif]...“ [/FONT]යැයි පැවසූ විදුහල්පතිනිය ඈ අත වූ ලිපිගොනුවෙන් ඡායාරූප දෙකක් ගෙන පෙන්වූවාය[FONT=Iskoola Pota, serif].

    [/FONT] එය දැකීමෙන් අසේල කෙතරම් විමිතියකට පත්වීද යත් ඔහුට හිඳසිටි අසුනෙන් ඉබේම නැගිටුනි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඡායාරූප දෙකම පැරණි ඒවා වූ අතර එකම කාලයකදී ගත් ඒවා බව පෙනෙන්නට විය[FONT=Iskoola Pota, serif]. [/FONT]එක් ඡායාරූපයක් සමූහ ඡායාරූපයක් වූ අතර[FONT=Iskoola Pota, serif], [/FONT]විද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ල ඉදිරියේ ලබාගත්තක් විය[FONT=Iskoola Pota, serif]. [/FONT]දෙවැන්න අසේල අත පැවති ඡායාරූපයේම පිටපතක් විය[FONT=Iskoola Pota, serif].

    [/FONT] “සිස්ටර්[FONT=Iskoola Pota, serif].... [/FONT]මේ මං ගාව තියෙන එකමනේ[FONT=Iskoola Pota, serif]... [/FONT]කොහොමද මේක සිස්ටර්ලගේ ෆයිල් වලට ආවේ[FONT=Iskoola Pota, serif]..?“

    [/FONT] “ඔය අනිත් ෆොටෝග්‍රාප් එක අරන් තියෙන්නේ අපේ මේන් හෝල් එකේ ඕපනින් එක දවසේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ දවස් වල මෙහෙ ප්‍රින්සිපල් වෙලා හිටියේ එංගලන්තෙන් ආපු සිස්ටර් කෙනෙක්[FONT=Iskoola Pota, serif]. [/FONT]සිස්ටර් ඇන්ජලීනා[FONT=Iskoola Pota, serif]. [/FONT]එයා ඔය ගෘප් ෆොටෝ එකේ මැද ඉන්නවා[FONT=Iskoola Pota, serif]. [/FONT]දැන් මිස්ටර් රුවන්පුර බලන්න එයාට දෙපැත්තෙන් ඉන්නේ කවුද කියලා[FONT=Iskoola Pota, serif]..“ [/FONT]යැයි කියමින් විදුහල්පතිනිය අසේලගේ අවධානය සමූහ ඡායාරූපය වෙත යොමු කළාය[FONT=Iskoola Pota, serif].

    [/FONT] අසේලට වැඩි අපහසුවකින් තොරව සමූහ ඡායාරූපයේ විදුහල්පතිනිය දෙපසින් සිටින්නේද අනෙක් ඡායාරූපයේ සිටිනා යුවල බව හඳුනාගත හැකි විය[FONT=Iskoola Pota, serif]. [/FONT]එසේනම් මේ යුවළ විද්‍යාලයට යම්කිසි ආකාරයකින් සම්බන්ධතාවයක් ඇති අයවලුන් විය යුතුය[FONT=Iskoola Pota, serif].

    [/FONT] “සිස්ටර්[FONT=Iskoola Pota, serif]... [/FONT]මේ දෙන්නා කවුද කියලා දන්නවද[FONT=Iskoola Pota, serif]?“

    [/FONT] “රෙකෝඩ්ස් වල තියෙන්නේ මේ බෝයි ගේ නම ජයතිස්ස ආරච්චි කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ගර්ල් ගේ නම සේපාලි සූරියආරච්චි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත්[FONT=Iskoola Pota, serif]... [/FONT]මට අයිඩියා එකක් නෑ මේ අය කවුද කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේබී දීස් ගයිස් හෑව් හෙල්ප්ඩ් ටු බිල්ඩ් ද මේන් හෝල්[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ හින්දා මිස්ටර් රුවන්පුර[FONT=Iskoola Pota, serif]... [/FONT]වැඩි විස්තරයක් නම් කියන්න දන්නේ නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]මොකද මමත් මේ කොලේජ් එකට ඇවිත් තාම අවුරුදු විස්සකට වඩා නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ කියන කාලේ මීට අවුරුදු හැත්තෑවකට එහා කාලයක්නේ[FONT=Iskoola Pota, serif]... [/FONT]හැබැයි[FONT=Iskoola Pota, serif]....“ [/FONT]යැයි පැවසූ විදුහල්පතිනිය මදක් කල්පනා කරන්නට වූවාය[FONT=Iskoola Pota, serif].

    [/FONT] “එක්කෙනෙක් ඉන්නවා මිස්ටර් රුවන්පුරට හෙල්ප් එකක් ගන්න පුලුවන් වෙන[FONT=Iskoola Pota, serif]. [/FONT]අපේ රිටයර්ඩ් බෙල් මෑන්[FONT=Iskoola Pota, serif].“

    [/FONT] “බෙල් මෑන්[FONT=Iskoola Pota, serif]...?“

    [/FONT] “යර්ස්[FONT=Iskoola Pota, serif]... [/FONT]එයාගේ නම පොඩිහාමි[FONT=Iskoola Pota, serif]. [/FONT]පොඩිහාමි හුඟ කාලයක් කොලේජ් එකේ වැඩ කළා[FONT=Iskoola Pota, serif]. [/FONT]බෙල් එක ගහන එක තමයි එයාගේ මේන් ඩියුටි එක වුනේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒකයි එයාට බෙල් මෑන් කියන්නේ[FONT=Iskoola Pota, serif]. [/FONT]දැන්නම් සෑහෙන්න වයසයි[FONT=Iskoola Pota, serif]. [/FONT]මම කොලේජ් එකට ආපු කාලෙම වගේ තමයි රිටයර් වුනේ[FONT=Iskoola Pota, serif]. [/FONT]මම මෙහෙට එනකොටත් මෙයාගේ සර්විස් එක අවුරුදු පනහකට කිට්ටුයි කොලේජ් එකට[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි හන්ඩ්‍රඩ්ත් ඉයර් සෙලිබ්‍රේෂන් එකේදි පොඩිහාමිට අවෝඩ් එකකුත් දුන්නා සර්විස් එක ඇප්‍රෂියේට් කරලා[FONT=Iskoola Pota, serif]. [/FONT]දැන් එයා ඉන්නේ කුණ්ඩසාලේ එයාගේ ග්‍රෑන්ඩ්සන් කෙනෙක් එක්ක[FONT=Iskoola Pota, serif]. [/FONT]මෙයාට මතකයක් ඇති සමහරක් විට මේ දෙන්නා කවුද කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]මොකද මේ කියන කාල වකවානුවේ පොඩිහාමි කොලේජ් එකේ ඉඳලා තියෙනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]බට් කාන්ට් ප්‍රඩික්ට්[FONT=Iskoola Pota, serif]. [/FONT]බෙටර් ට්‍රයි යුවර්සෙල්ෆ්[FONT=Iskoola Pota, serif]. [/FONT]දන්නවනේ වයසට ගියහම අමතක වෙන ගතියක් හුඟක් අයට තියෙනවානේ[FONT=Iskoola Pota, serif]. [/FONT]මට පුලුවන් මිස්ටර් රුවන්පුරට ඇඩ්‍රස් එක දෙන්න[FONT=Iskoola Pota, serif].“[/FONT]
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කතාව ගොඩක් හොදයි මචං. පි එම කිරීම ගැනත් බොහොම ස්තුතියි
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,368
    113
    අඩෝ ජයතිස්ස ආරච්චිව මරන්න නම් එපා :shocked: අපි උගෙන්ම ඇත්ත දැනගමු. :P :rofl:


    උබ එලට ලියනවා. :yes:
    11.gif
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    කතාව ගොඩක් හොදයි මචං. පි එම කිරීම ගැනත් බොහොම ස්තුතියි
    Thanks machan

    අඩෝ ජයතිස්ස ආරච්චිව මරන්න නම් එපා :shocked: අපි උගෙන්ම ඇත්ත දැනගමු. :P :rofl:


    උබ එලට ලියනවා. :yes:
    11.gif
    Thank you machan

    sure ekata vedi vadichcha dial eka marenava onna balapanko
    Api balamu neh?

    Thanks machan

    +7
    digatama liyanna
    Thank you :)
     
    • Like
    Reactions: ROMid