Private Campus vs Government Campus

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ou. Lankawe bahutara lamai pirisakata govt uni yanna beri nisa private university oone. mokatada gavt univsity wala facility wadi karala ena lamai gaana wadi karanna rajayak nikan invest karanna. wyaparika danuma tyena inestorsla iddi.
    govt university yana oyala wage aya thamai eeka hondatama danne. govt uni nogiya ayata kiya denna :)

    :yes:

    තව තව දේවල් තියෙනවා..අපිට වෙලාවකට හිනාත් යනවා..මම කැම්පස් ගියෙත් බෝට්ටුවකින්..මම වගේම තව බෝට්ටු වලින් ආපු එවුන් ප්‍රයිවට් කැම්පස් වහන්න කියල කෑගහද්දී අපිට නම් හිනාත් යනවා..උන් දැනගන්න ඕනේ උන්ට බෝට්ටුව ලැබුනේ වෙන එකෙක් Government University එකට ආපු නැති නිසා කියල..ඒ කියන්නේ ඒ ආපු නැති එකා බොහෝවිට ප්‍රයිවට් කැම්පස් එකක ඉගෙනගන්න ගිහින්..(මගේ යාළුවො කොච්චර ඉන්නවද එහෙම කරපු)..අන්න එතන ප්‍රයිවට් කැම්පස් එක නිසා තමයි අර මනුස්සයට බෝට්ටුව හරි ලැබුනේ..ඉතින් එහෙම එකා ගිහින් පිකටින් කරනවා ප්‍රයිවට් කැම්පස් වහන්න කියල :rofl: අනිත් එක, ඌට කැම්පස් යන්න ලැබුනේ බෝට්ටුවකින් කියන්නේ, ඌ නූලෙන් ගිහින් තියෙන්නේ..තව පොඩ්ඩක් මිස් උනා නම් ඌටත් ඉතින් ප්‍රයිවට් කැම්පස් එකක පිහිට තමයි :rofl:

    මම කියන්නේ, කවුරුහරි කොහෙන්හරි කොහොමහරි ඉගෙනගන්න එකයි වටින්නේ... :yes:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63

    private campus තියෙන එකත් එක වෙලාවකට හොදයි බං...නැත්තන් රජයේ කැම්පස් වල අපේ උන් ඩෙගා නටයි...:D
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සමහරක් නෙමෙයි බන්, බහුතරයක්! මම වගේ කිහිප දෙනෙක් තමයි ඔය විකාර වලින් මග ඇරිලා තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නේ :yes:

    උන්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ..උන්ට ඕනේ ප්‍රයිවට් කැම්පස් වහන්නම තමයි..මම දෙපැත්තම ගැන දන්නා නිසා කියන්නේ..උන්ගේ එක තර්කයක් තමයි ප්‍රයිවට් කැම්පස් යන ළමයින්ටත් රජයේ ඒවාට එන්න පුළුවන් වෙන විදියට නිදහස් අද්‍යාපනය ලබාදෙන එක තමයි උන්ගේ සටනේ අරමුණ කියල...උන්ගේ තර්ක ප්‍රැක්ටිකල් නැහැ බන්..හැබැයි උන් කෑගැහුව පලියට කවදාවත් ප්‍රයිවට් කැම්පස් වැහෙන්නෙත් නැහැ.. :yes: .....

    රෙප් කපන්නේ කිසිම මොලයක් නැති නුගත්තු මචං. ඒවා ගණන් ගන්න එපා.

    ඔයා කියලා තියෙන කතාව සහතික ඇත්ත. කොච්චරක් රජයේ විශ්ව විද්‍යාල ළමයි සහ මිනිස්සු ඉන්නවද අලුත් අදහස් තියන්, අලුත් දේවල් නිර්මාණය කරපු. කෝ ඒ එකෙක්ට රජයෙන්(මහින්ද හෝ රනිල්) සලකලා තියෙනවද තවත් R&D වලට? අර අණාරක්ෂිත දුම්රිය ගේට්ටු වලට, අලි ප්‍රශ්ණ වලට විවිද උපාංග නිර්මාණය කරපු මිනිස්සු කීයක් ඉන්නවද උන්ට ඉදිරියට යන්න කවුරුත් අත හිත දෙන්නේ නැතුව? හැම එකාම තමන්ට කීයද සාක්කුවට වැටෙන්නේ කියලා බලන්නේ. මම දැනට ඉන්නේ ලංකාවේ නෙවෙයි. මට රජයේ විශ්ව විද්‍යාල යන්න ලකුණුත් තිබ්බා හැබැයි ඉතින් සංචාරක කර්මාන්ත වගේ.. ඒක මගේ සබ්ජෙක්ටුව නෙවෙයි. ඉතින් මම "උපාධි කඩයකින්" පරිගණක උපාධියක් අරන් මගේ "තියරි" දැනුම වැඩි කරගන්නේ නැතුව "ප්‍රැක්ටිකල්" දැනුමත් වැඩි කරන්න මාස්ටර්ස් කරන්න එංගලන්තේ ට ආවා.

    මම ආණ්ඩුවේ කැම්පස් නොයන්න තීරණය කරන්න හේතු 3ක් තිබ්බා.
    1. මට ඕනා සබ්ජෙක්ටුව නොතිබීම (මගේ අවාසනාව)
    2. මගේ යහළුවෝ තවමත් කැම්පස් එකේ අන්තිම අවුරුද්ද කරද්දී මට ඊට වඩා ඉහල දැනුමක් ලැබීම.
    3. අඩුම අවුරුදු 4ක් වත් මගේ ජිවිතේ කැම්පස් රැග්, උද්ගෝෂණ නිසා නාස්ති කරගන්න අකමැති වීම.

    ඔහොම කලයි කියලා මට ඇති මහා ලොකු සල්ලියක් නෑ. අම්මයි තාත්තයි ලබන අවුරුද්දේ විශ්‍රාම යනවා(පැන්ෂන් නෑ). මට A/L කරන මල්ලි කෙනෙක් ඉන්නවා බලා ගන්න. අම්මලා එයාලාගේ ඔක්කොම වියදම් කරලා මට ඉගැන්නුවේ. හරි රසවත් ජිවිතයක් නෙවෙයි ඉතින් මෙහෙ ඉදන් ඉගෙන ගන්න මම ගත කරන්නෙත්. හරිම මහන්සි වෙලා වැඩ කරලා ඉගෙන ගන්නේ, අසයින්මන්ට් කරන්නේ, මොකෝ කඩ්ඩ උපතින් හම්බුනේ නැහැනේ ඒවත් manage කරන් සුද්දෝ එක්ක ආම්බන් වෙද්දී හොද ගණන්. නමුත් මම රට ගියේ මෙහේ තියෙන යුනිවර්සිටි වල තියෙන පහසුකම් වැඩි නිසා.

    57th UK ranking for 2017, 2016 Best university library facilities in UK, Top 50th percentile in Research Excellence Framework in 2010 and ascending. etc..

    කෝ අපි කවද්ද අහන්නේ මොරටු, ජපුර, කොළබ විශ්ව විද්‍යාල වල R&D වලට ආණ්ඩුවෙන් මෙච්චර මුදලක් වෙන් කළා, මෙන්න මේවයි ප්‍රතිපළ කියලා? මුදල් නම් වෙන් වෙන්න ඇති සාක්කු වලට. :rofl: මම මේ "private campus" වලට කඩේ යනවා නෙවෙයි. ආණ්ඩුවේ විශ්ව විද්‍යාල වල ගොඩක් අඩුපාඩු තියෙනවා. ඒවා හදන්න මුලින් අනික් ඒවා හොයන්නේ නැතුව. නැත්නම් කොහොමටත් හැමෝම ණය වෙලා පහසුකම් වැඩි තැන් වලට තමයි යන්නේ.

    ඉතින් ඉන්න උබලා ඒවා හදපල්ලා. ගොන් හැතිකරේට චන්දෙ දෙන්නත් එපා. හදන්න යනවයි කියලා පිකටින් කරන්නේ නැතුව සාමදානව ඔය ලෙක්චර්ස් එක්ක එහෙම කතා කරලා හැමෝගෙම සුබ සිද්දියට වැඩ කරමු. ඔය දෙගොල්ලොම එකට පිකටින් හෝ වර්ජනය කලොත් ගොඩක් ප්‍රතිපල හම්බෙයි කියලා මම හිතනවා. ඇයි ඉතින් ජැනිටර් ඇවිත් බල්ලන්ට උගන්නයැයි මොකෙක්වත් කැම්පස් එකේ නැතිකොට. :lol:

    11.gif
     
    Last edited:

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63

    ඉතින් ඉන්න උබලා ඒවා හදපල්ලා. ගොන් හැතිකරේට චන්දෙ දෙන්නත් එපා. හදන්න යනවයි කියලා පිකටින් කරන්නේ නැතුව සාමදානව ඔය ලෙක්චර්ස් එක්ක එහෙම කතා කරලා හැමෝගෙම සුබ සිද්දියට වැඩ කරමු. ඔය දෙගොල්ලොම එකට පිකටින් හෝ වර්ජනය කලොත් ගොඩක් ප්‍රතිපල හම්බෙයි කියලා මම හිතනවා. ඇයි ඉතින් ජැනිටර් ඇවිත් බල්ලන්ට උගන්නයැයි මොකෙක්වත් කැම්පස් එකේ නැතිකොට. :lol:

    11.gif
    :yes:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,494
    5,904
    113
    Rag Dena eka athal kiyanne maniska leddu..igena ganna giya Nam igena ganna ona... Campus eke un oya gon athal denne nathuwa hitiya Nam..amathi warun gen hondata Wada ganna thibaa..ona ma deyak illana kramayak thiyanawa....lankawe campus wala unge boodhaly wage ne Wada karanne..
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    රෙප් කපන්නේ කිසිම මොලයක් නැති නුගත්තු මචං. ඒවා ගණන් ගන්න එපා.

    ඔයා කියලා තියෙන කතාව සහතික ඇත්ත. කොච්චරක් රජයේ විශ්ව විද්‍යාල ළමයි සහ මිනිස්සු ඉන්නවද අලුත් අදහස් තියන්, අලුත් දේවල් නිර්මාණය කරපු. කෝ ඒ එකෙක්ට රජයෙන්(මහින්ද හෝ රනිල්) සලකලා තියෙනවද තවත් R&D වලට? අර අණාරක්ෂිත දුම්රිය ගේට්ටු වලට, අලි ප්‍රශ්ණ වලට විවිද උපාංග නිර්මාණය කරපු මිනිස්සු කීයක් ඉන්නවද උන්ට ඉදිරියට යන්න කවුරුත් අත හිත දෙන්නේ නැතුව? හැම එකාම තමන්ට කීයද සාක්කුවට වැටෙන්නේ කියලා බලන්නේ. මම දැනට ඉන්නේ ලංකාවේ නෙවෙයි. මට රජයේ විශ්ව විද්‍යාල යන්න ලකුණුත් තිබ්බා හැබැයි ඉතින් සංචාරක කර්මාන්ත වගේ.. ඒක මගේ සබ්ජෙක්ටුව නෙවෙයි. ඉතින් මම "උපාධි කඩයකින්" පරිගණක උපාධියක් අරන් මගේ "තියරි" දැනුම වැඩි කරගන්නේ නැතුව "ප්‍රැක්ටිකල්" දැනුමත් වැඩි කරන්න මාස්ටර්ස් කරන්න එංගලන්තේ ට ආවා.
    .....
    11.gif

    :yes::yes:

    සහතික ඇත්ත...රජයේ කැම්පස් වල අඩුපාඩු සෑහෙන තියෙනවා..මේවට රජය සම්පූර්ණයෙන් වගකියන්න ඕනේ..දියුණු රටවල් හැම එකම වගේ R&D වලට කොච්චර නම් වියදම් කරනවාද..එකට ලංකාව..

    මෙහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා..ලේක්චරර්ස්ලා කියන කතාව තමයි research කරනවා නම් සල්ලි ඕනේ තරම් තියෙනවා, එත් ළමයි කරන්නේ නැති එකයි ප්‍රශ්නේ කියල..ළමයි (ශිෂ්‍ය සංගම්) කියනවා Research කරන්න සල්ලි නැහැ කියල..මෙතන අවබෝධයේ ප්‍රශ්නයකුත් තියෙනවා..

    හරි ක්‍රමවේදයක් කොහෙවත් නැති එකයි ප්‍රශ්නේ...අන්තරේ එවුන් කවදාවත් කෑගහන්නේ නැහැ මේවයේ degree standards වැඩි කරන්න කියල...practical knowledge එක වැඩි කරන්න ක්‍රියාමාර්ග ගන්න කියල කියන්නේ නැහැ..දැන් කැම්පස් නිකන් ඉස්කෝල වගේ වෙලා..ළමයෙක්ට කරන්න වැඩක් නැහැ..ලෙක්චරර් නෝට් එක දෙනවා, අපි ලියාගන්නවා..අපිත් එකට හුරු වෙලා..අන්තිමට ළමයින්ට තියෙන්නේ පොතේ දැනුම විතරයි..කිසිම ප්‍රැක්ටිකල් දැනුමක් නැහැ.. :(

    රජයේ කැම්පස් වල ලේක්චරර්ස්ලා එක්ක සාමදානව ඕව කතා කරන්න බැහැ බන් මේ union වල විකාර අදහස් නිසා..උන්ට ඕනේ "අරගල" කරන්නමයි..පිස්සු යක්කු..

    ලංකාව හදන එක නම් හිතන්නවත් බැහැ..හැදුනොත් හොඳයි..හැදෙන්නේ නැති එකමයි කරුමේ....මිනිස්සුන්ට හරියට උගන්නන්න ඕනේ මොනවා කරනන්නත්...
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :yes::yes:

    රජයේ කැම්පස් වල ලේක්චරර්ස්ලා එක්ක සාමදානව ඕව කතා කරන්න බැහැ බන් මේ union වල විකාර අදහස් නිසා..උන්ට ඕනේ "අරගල" කරන්නමයි..පිස්සු යක්කු..

    ලංකාව හදන එක නම් හිතන්නවත් බැහැ..හැදුනොත් හොඳයි..හැදෙන්නේ නැති එකමයි කරුමේ....මිනිස්සුන්ට හරියට උගන්නන්න ඕනේ මොනවා කරනන්නත්...

    ඔන්න ඕකනේ කරුමේ බං. සමහර උන් රිසර්ච් කරනවා ඇති. ඒත් උන් අර අධි මානසික ටයිප් උන්. කිසිම සෝෂල් එකක් නැති කම්පියුටර් වගේ උන්. එහෙම උන් එක්ක වැඩ කරනවට වඩා හොදයි අර ජැනිටර් අයියට ඉදලින් සපෝර්ට් එකක් දෙනවා. හැබැයි ඉතින් එහෙම කරලා හරි ඕන එකා තවත් ඉගෙන ගන්නවා.

    ලේක්චරර්ස්ලාගෙන් කිසිම සපෝර්ට් එකක් නැත්නම් උන්ට පු* ගහගන්න කියලා උබලා මහන්සි වෙලා ඉගෙන ගනින්. හැබැයි කුප්පි වල මම දකින දෙයක් තියෙනවා. කිසිම සීනියර් එකෙක් නිකන් කුප්පි දෙන්නේ නෑමයි. එක්කෝ උන්ගේ මගුලකට එන්න ඕනා නැත්නම් උන්ට පක්ශාත් බාගය දීගෙන ඉන්න ඕනා. ඉගෙන ගන්න එකාට කොහොම හරි උදව් කරන එක මමනම් කරන දෙයක්. මෙහෙයි කියලා ලොකු වෙනසක් නෑ ඉතින්. අපත් ඉගෙන ගන්න දේට අමතරව(ගොඩක් අමතරව) ගූගල් දෙයියෝ තමයි ඉතින් ඉන්නේ. සමහර වෙලාවට සල්ලි ගෙවලා අර ඔන්ලයින් කෝස් බලලා ඇසයින්මන්ට් පාස් වෙන්නේ. මොකෝ මම ලක්ස 40ක් යට කළා කියලා මාව පාස් කරන්නේ නෑ ෆේල් උනොත්. රිපීට් තමා.
    දැනටනම් දෙවි පිහිටෙන් ඔක්කොම ගොඩ. අන්තිම රිසර්ච් එක යන්නේ. :cool:
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔන්න ඕකනේ කරුමේ බං. සමහර උන් රිසර්ච් කරනවා ඇති. ඒත් උන් අර අධි මානසික ටයිප් උන්. කිසිම සෝෂල් එකක් නැති කම්පියුටර් වගේ උන්. එහෙම උන් එක්ක වැඩ කරනවට වඩා හොදයි අර ජැනිටර් අයියට ඉදලින් සපෝර්ට් එකක් දෙනවා. හැබැයි ඉතින් එහෙම කරලා හරි ඕන එකා තවත් ඉගෙන ගන්නවා.

    ලේක්චරර්ස්ලාගෙන් කිසිම සපෝර්ට් එකක් නැත්නම් උන්ට පු* ගහගන්න කියලා උබලා මහන්සි වෙලා ඉගෙන ගනින්. හැබැයි කුප්පි වල මම දකින දෙයක් තියෙනවා. කිසිම සීනියර් එකෙක් නිකන් කුප්පි දෙන්නේ නෑමයි. එක්කෝ උන්ගේ මගුලකට එන්න ඕනා නැත්නම් උන්ට පක්ශාත් බාගය දීගෙන ඉන්න ඕනා. ඉගෙන ගන්න එකාට කොහොම හරි උදව් කරන එක මමනම් කරන දෙයක්. මෙහෙයි කියලා ලොකු වෙනසක් නෑ ඉතින්. අපත් ඉගෙන ගන්න දේට අමතරව(ගොඩක් අමතරව) ගූගල් දෙයියෝ තමයි ඉතින් ඉන්නේ. සමහර වෙලාවට සල්ලි ගෙවලා අර ඔන්ලයින් කෝස් බලලා ඇසයින්මන්ට් පාස් වෙන්නේ. මොකෝ මම ලක්ස 40ක් යට කළා කියලා මාව පාස් කරන්නේ නෑ ෆේල් උනොත්. රිපීට් තමා.
    දැනටනම් දෙවි පිහිටෙන් ඔක්කොම ගොඩ. අන්තිම රිසර්ච් එක යන්නේ. :cool:

    අපි නම් සීනියර්ස්ලට කියල කුප්පි දාගන්න යන්නේ නැහැ :D අපේ එකෙක්ගෙන් ඇහුවොත් ඌ කියල දෙනවා..ඒ ටික තමයි..නැත්තන් තමන්ම නෝට් එක රිෆර් කරලා ඉගෙනගන්න දෙයක් තමයි..මොකක්ද මචන් MSc එක? A/L Maths ද?

    ලංකාවට එන්න අදහසක් නැද්ද ආපහු?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අපි නම් සීනියර්ස්ලට කියල කුප්පි දාගන්න යන්නේ නැහැ :D අපේ එකෙක්ගෙන් ඇහුවොත් ඌ කියල දෙනවා..ඒ ටික තමයි..නැත්තන් තමන්ම නෝට් එක රිෆර් කරලා ඉගෙනගන්න දෙයක් තමයි..මොකක්ද මචන් MSc එක? A/L Maths ද?

    ලංකාවට එන්න අදහසක් නැද්ද ආපහු?

    A/L maths කරන්න තරම් ඉතින් රොකට් එකක් නෙවෙයි බ්‍රෝ. ;) MSc. Computer Science. මෙහෙ සෙටල් වෙන්නයි බලාපොරොත්තුව ඒ උනත් ජොබක් හම්බුනොත් විතරයි. නැත්නම් ඉතින් පොදි බැදන් අපහු එන්න වෙනවා. :sorry: එන්න අකමැති ලංකාවේ දේවල් අමතක හින්දා නෙවෙයි. ලංකාවේ වෙන දේවල් දැක්කහම මට ඔය ඇමතිවරු සොන්නයෝ ටික මරාගෙන මැරෙන්න තරම් කේන්ති. :growl::frown: නිකන් ලේ කෝප කරගන්නේ නැතුව මගේ පාඩුවේ වැඩක් බලන් ඉන්න කැමතියි. :nerd:

    ජිවිතේ ගොඩක් ලේසියි ඉතින් මෙහේ. බැංකුවට යන්නේ සල්ලි දාන්න විතරමයි. බිල් හැම එකක්ම එක්කෝ ෆෝන් එකෙන් නැත්නම් නිකන්ම මාසේ බැංකුවෙන් කැපෙන්න හදලා තියෙන්නේ. අනික් හැම එකම ගත්තා ෆෝන් එක එබුවා ඕන කරන ලින්කුව වැඩේ ෆිනිෂ්. :) ඔව්වා කවදා ලංකාවේ හැදෙයිද මන්දා. මට අදහස් ගොඩක් තියෙනවා ලංකාව දියුණු කරන්න. තනියෙම කරන්න බෑ බං. අනික ලොකු අත්තක් නැතුව ඔව්වා හැබෑ වෙන්නෙත් නෑ. :no:
     
    • Like
    Reactions: pranathlcp

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    A/L maths කරන්න තරම් ඉතින් රොකට් එකක් නෙවෙයි බ්‍රෝ. ;) MSc. Computer Science. මෙහෙ සෙටල් වෙන්නයි බලාපොරොත්තුව ඒ උනත් ජොබක් හම්බුනොත් විතරයි. නැත්නම් ඉතින් පොදි බැදන් අපහු එන්න වෙනවා. :sorry: එන්න අකමැති ලංකාවේ දේවල් අමතක හින්දා නෙවෙයි. ලංකාවේ වෙන දේවල් දැක්කහම මට ඔය ඇමතිවරු සොන්නයෝ ටික මරාගෙන මැරෙන්න තරම් කේන්ති. :growl::frown: නිකන් ලේ කෝප කරගන්නේ නැතුව මගේ පාඩුවේ වැඩක් බලන් ඉන්න කැමතියි. :nerd:

    ජිවිතේ ගොඩක් ලේසියි ඉතින් මෙහේ. බැංකුවට යන්නේ සල්ලි දාන්න විතරමයි. බිල් හැම එකක්ම එක්කෝ ෆෝන් එකෙන් නැත්නම් නිකන්ම මාසේ බැංකුවෙන් කැපෙන්න හදලා තියෙන්නේ. අනික් හැම එකම ගත්තා ෆෝන් එක එබුවා ඕන කරන ලින්කුව වැඩේ ෆිනිෂ්. :) ඔව්වා කවදා ලංකාවේ හැදෙයිද මන්දා. මට අදහස් ගොඩක් තියෙනවා ලංකාව දියුණු කරන්න. තනියෙම කරන්න බෑ බං. අනික ලොකු අත්තක් නැතුව ඔව්වා හැබෑ වෙන්නෙත් නෑ. :no:

    මගේ පලවෙනි රේප් එක කපල ගිහින් :lol: "j" කියල දාල rep කපල ගිහින් :lol:

    අපරාදේ මට ඉගෙනගන්න වියදම් කරන්න තිබුන Reputation Points ටික :(

    අපිත් ආසයි ඔය වගේ ලේසියෙන් ජීවත් වෙන්න..තව අවුරුදු සීයකින්වත් ලංකාව නම් හදන්න වෙන්නේ නැහැ. :no:
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    මගේ පලවෙනි රේප් එක කපල ගිහින් :lol: "j" කියල දාල rep කපල ගිහින් :lol:

    අපරාදේ මට ඉගෙනගන්න වියදම් කරන්න තිබුන Reputation Points ටික :(

    අපිත් ආසයි ඔය වගේ ලේසියෙන් ජීවත් වෙන්න..තව අවුරුදු සීයකින්වත් ලංකාව නම් හදන්න වෙන්නේ නැහැ. :no:

    දෙන්ට විදියක් නෑනේ..
    You must spread some Reputation around before giving it to pranathlcp again.

    නැත්නම් මේ ටික අරන් සරසවියෙන් පොතක් ගන්න තිබ්බා. :lol:;)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    සමහරක් නෙමෙයි බන්, බහුතරයක්! මම වගේ කිහිප දෙනෙක් තමයි ඔය විකාර වලින් මග ඇරිලා තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නේ :yes:

    උන්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ..උන්ට ඕනේ ප්‍රයිවට් කැම්පස් වහන්නම තමයි..මම දෙපැත්තම ගැන දන්නා නිසා කියන්නේ..උන්ගේ එක තර්කයක් තමයි ප්‍රයිවට් කැම්පස් යන ළමයින්ටත් රජයේ ඒවාට එන්න පුළුවන් වෙන විදියට නිදහස් අද්‍යාපනය ලබාදෙන එක තමයි උන්ගේ සටනේ අරමුණ කියල...උන්ගේ තර්ක ප්‍රැක්ටිකල් නැහැ බන්..හැබැයි උන් කෑගැහුව පලියට කවදාවත් ප්‍රයිවට් කැම්පස් වැහෙන්නෙත් නැහැ.. :yes:

    කලින් ආණ්ඩුවෙයි මේ ආණ්ඩුවෙයි ප්‍රයිවට් කැම්පස් ගැන තියෙන ප්‍රතිපත්තිවල සමානකමක් තියෙන එක සෑහෙන වටිනවා..

    රටක් දියුණු වෙන්නේ කොහොමද කියහන්කෝ ඉතින් තව එකෙක් සල්ලි දීල හරි ඉගෙනගන්න එක කඩාකප්පල් කරන්න හදනකොට..උගත්තු වැඩිවෙන තරමට රටට හොඳයි..ඉගෙනගත්තට විතරක් මදි, research කරන්න, factories open කරන්න රජයෙන් මීට වඩා දිරිමත් කරන්න ඕනේ..දැන් නම් දිරිමත් කරන්නෙම නැති තරම්..මේ සිස්ටම් එකේ අවුලක් බන් තියෙන්නේ..ලොකු මිනිහගේ ඉඳන් පොඩි මිනිහා දක්වා 95%කගේම ආකල්පවල අවුලක් තියෙන්නේ..

    දැන් කරන්න දෙයක් නැහැ..

    රජයේ විශ්වවිද්‍යාලයක ඉගෙනගන්න එකෙක් වශයෙන් මගේ මතය නම් ප්‍රයිවට් කැම්පස් තියෙන්න ඕනේ හැබැයි හොඳටම standards තියෙන්න ඕනේ..එත් එක්කම රජයේ ඒවයෙත් standards වැඩිවෙන්න ඕනේ..පුළුවන් තරම් තරඟයක් ඇති කරන්න ඕනේ..(ප්‍රයිවට් කැම්පස් එපා කියන බහුතරයක් අකමැතිම දෙය තමයි මේ තරඟය කියන සාධකය..හේතුව තාමයි භය)..එත් තරඟය නිසා පට්ට වැඩ්ඩො නොදැනුවත්වම තමන් තුලින් බිහිවෙනවා..

    තව එකක්..මනුස්සයෙක්ගේ peak point එක A/L නොවෙන්න පුළුවන්..වයස අවුරුදු 22-25 කාලය ඒ මනුස්සයාගේ ජීවිතේ academic peak point එක වෙන්න පුළුවන්..ඒ නිසා හැමෝටම සල්ලි දීල හෝ නැතුව හෝ අද්‍යාපනය ලබන්න අයිතිය තියෙන්න ඕනේ..මේකෙන් සිරා කොල්ලෝ කෙල්ලෝ රටට ගන්න පුළුවන්..සල්ලි ඉතුරු වෙනවා..

    අනිත් එක, NSBM, KDU, SLIIT වගේ ඒවායේ standards මම දන්නා තරමින් හොඳටම තියෙනවා..සමහරවිට සමහරක් රජයේ කැම්පස් වලට වඩා හොඳට ඇති..ඉතින් මේ වගේ ඒවාට උපාධි කඩ කියන එක කොයි තරම් අර්ථ ශූන්‍ය දෙයක්ද.. ;)

    දැන් ගොඩක් "උපාධි කඩ" තියෙනවා හන්දියකට ගියහම..පොඩි කඩ කෑල්ලක් අරගෙන කෙලින්ම නම දාන්නේ "------ Campus" කියල...කිසි දෙයක් හොයල බලන්නේ නැති ළමයි අමාරුවෙන් සල්ලි හොයාගෙන ඒ වගේ තැන්වලට දීල නන්නත්තාර වෙනවා..මේවට කෑගහන්නේ නැහැ කවුරුත්..

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි..දුප්පත් ළමයින්ට උසස් අද්‍යාපනය ලබන්න තියෙන්නේ එක option එකයි(Gov. Universities)...මධ්‍යම පන්තියේ ළමයෙක්ට options දෙකක් තියෙනවා..(1. Gov. Universities 2. Private Universities). මේකට විසඳුම තමයි සල්ලි නැති ළමයින්ට ඉගෙනගන්න බැංකුවලින් ලෝන් දෙන එක (දෙමාපියන්ගේ තරාතිරම නොබලා)..මේක දෙන්න ඕනේ ඉගෙනගෙන ඉවරවෙලා රස්සාවක් කරන කාලෙකට ආපහු ගෙවන්න පුළුවන් වෙන්න..

    දැන් ගොඩක් එවුන් මගේ රේප් කපයි..කමක් නැහැ බන්..මම කිව්වා වගේ, මම යන්නෙත් Government University එකකට..හැබැයි මම ප්‍රයිවට් කැම්පස් වෙනුවෙන් කතා කරන එකෙක්.. :yes:

    උබ වගේ හිතන එකෙක් හරි ඉන්න එක ගැන සන්තෝසයි...පුද්ගලික විශ්ව විද්‍යාල එක්කලා ඉරිසියාවේ පැලෙන්නේ පැහැදිලිවම වැඩ බැරි අදක්ෂයෝ...:yes::yes:

    ඔය කියන තරම් "කඩ" නම් ඔව්ව, ඕවට යන උන්ව ආයතන වලට සේවයට ගන්න තරම් සමාගම් මෝඩ වෙන්නේ නැහැනේ..එහෙම බිහිවෙන එකා මෝඩයෙක් නම්, ඌට රස්සාවක් කරන්නත් බැහැනේ..කොයි කම්පැනි එකේද වැඩ බැරි එවුන් තියාගන්නේ..හැමතැනම ප්රෝබේෂන් කියල එකක් තියෙනවනේ...ඊටත් එහා තාක්ෂණික සම්බන්ද රැකියානම් ටෙස්ට් කරලා ගන්නේ...නිකන් ගන්නේ නැහැනේ...ඉතින් පැහැදිලියි පුද්ගලික විශ්වවිද්‍යාල වලින් වැඩ කරුවෝ බිහිවෙනවා කියල...

    කෙලින්ම රජයේ විශ්වවිද්‍යාල වල වැඩ බැරි උන්ට (හැමෝටම නෙමෙයි, වැඩ බැරි උන්ට) තර්ජනයක් දැනෙන නිසා තමා මේ කෑගහන්නේ..;);)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    උබ වගේ හිතන එකෙක් හරි ඉන්න එක ගැන සන්තෝසයි...පුද්ගලික විශ්ව විද්‍යාල එක්කලා ඉරිසියාවේ පැලෙන්නේ පැහැදිලිවම වැඩ බැරි අදක්ෂයෝ...:yes::yes:

    ඔය කියන තරම් "කඩ" නම් ඔව්ව, ඕවට යන උන්ව ආයතන වලට සේවයට ගන්න තරම් සමාගම් මෝඩ වෙන්නේ නැහැනේ..එහෙම බිහිවෙන එකා මෝඩයෙක් නම්, ඌට රස්සාවක් කරන්නත් බැහැනේ..කොයි කම්පැනි එකේද වැඩ බැරි එවුන් තියාගන්නේ..හැමතැනම ප්රෝබේෂන් කියල එකක් තියෙනවනේ...ඊටත් එහා තාක්ෂණික සම්බන්ද රැකියානම් ටෙස්ට් කරලා ගන්නේ...නිකන් ගන්නේ නැහැනේ...ඉතින් පැහැදිලියි පුද්ගලික විශ්වවිද්‍යාල වලින් වැඩ කරුවෝ බිහිවෙනවා කියල...

    කෙලින්ම රජයේ විශ්වවිද්‍යාල වල වැඩ බැරි උන්ට (හැමෝටම නෙමෙයි, වැඩ බැරි උන්ට) තර්ජනයක් දැනෙන නිසා තමා මේ කෑගහන්නේ..;);)

    ඔව් බන් උඹේ කතාව සම්පූර්ණයෙන් හරි..හැබැයි මෙහෙම එකකුත් තියෙනවා...Moratuwa Engineering Faculty එකෙන් ප්‍රයිවට් කැම්පස් වලට කෑගහන්නේ නැහැ..එකෙන් අවුට් වෙනවා CSE සෙට් එකයි UCSC එකේ CS සෙට් එකයි ප්‍රයිවට් කැම්පස් වහන්න කියල කෑගහන්නේ නැහැනේ..උන්ට මේක තේරිලා තියෙන්නේ..IT Field එකේ විතරක් නෙමෙයි Moratuwen එන engineering කවුරුත් කෑගහන්නේ නැහැනේ..උන්ට අන්තරෙත් නැහැ..Rag නැහැ..ඉතින් ෆුල් ආතල් එකේ ඉන්නවා..

    ලංකාවේ නිදහස් අද්‍යාපනය තියෙන ගමන් ප්‍රයිවට් කැම්පස් ඉදිවෙන්න ඕනේ..ඔන්න ඕකයි මම කියන්නේ..

    තව දෙයක් තමයි, මොරටුවේ rag නැහැ..හැමෝම හොඳට ඉගෙනගන්නවා..හැබැයි ළමයි ළමයි අතර පට්ට තරඟයක් තියෙනවා..හැබැයි යාළුවො සෙට් වෙලා ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැතුව..

    එත් Rag තියෙන කැම්පස් වල මොකද වෙන්නේ..ළමයි අතර තරඟයක් හැදෙන්නේ නැහැ..වැඩ පුළුවන් එකා ඉස්සරහටම යනවා..වැඩ බැරි එකා ඉගෙනගන්න උත්සාහ කරන්නේ නැහැ...අනිත් එකාගේ පහනෙන් එලිය බලන්න හදනවා..ඕකෙන් වෙන්නේ "පට්ට මීටර්" හැදෙන එක නැතිවෙන එකයි..ළමයි අතර එකමුතුවක් තියෙන්න ඕනේ..එත් අවුරුදු 20 ක් තිස්සේ තමන්ට ඕනේ විදියට හිටපු, නිදහසේ අම්මල තාත්තල ළඟ හැදිච්ච ළමයින්ගේ ඩෙනිම් ගලවල සායවල්,ගවුම් විතරක් ඇන්දූවයි කියල (කොල්ලොන්ට නම් ජෙන්ටා) උන්ගේ ආකල්ප වෙනස් කරන්න හිතනවා නම් එක බොරුවක්..ඒ මාස තුනට(හෝ rag එකට අදාළ කාල සීමාව ඇතුලත) ව්‍යාජ සහෝදරත්වයක් විතරයි හැදෙන්නේ..Rag season එකෙන් පස්සේ ඇහුවොත් කටේ තියෙන්නේ සහෝදරත්වය..ඒ වුනාට කාමරේ එකට ඉන්න එකෙක් කාමරේ නැත්තන්, ඌ එන්න කලින් ටක්ගාල එවෙලෙට කාමරේ ඉන්න එවුන් ටික බත් ටික කන එකයි වෙන්නේ..ඔන්න ඕකයි අන්තිමට වෙන්නේ..මහා ලොකු බොක්කක් හැදෙන්නේ නැහැ ඕකෙන්..යාළුකම කොහොමත් හැදෙනවා rag උනත් නැතත්..
     
    :rofl::rofl::rolleyes:

    සහතික ඇත්ත.
     
    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    anikwa gana nam maath agree. kalisam scene eka policiyata giya ekath eeta yatin wistara karala tyena ewath ekka nammaath wiruddayi.

    namuth media wala yana hama dema wiswasa karala siddiya paata kannadiyen baluwama aththa penne thamange paatin.

    umbe example ekema wage anagathe umbe duwa campus gihin maasa 3k yanakota policiyen gedarata awith kellawa kudalan giyoth umbe hangeema hithapan. chodanawa karapu paliyata media loku akurin liwwta trust karanna epa. umbe duwath melo deyak nodana policiyata aran gihin nam ??? desapalaka hayiyata kellage nambuwa ballata daala kisi ahillak balillak natuwa adan giyoth??? Passe kiyai waradeemak kiyala//

    umbama kiyapan. kellek campus gihin maasa 3i. eyagema batch eke kellekwa RAG karana eka piliganna puluwanda?:lol:
    :lol::lol:

    ow ban, gon moral gahapu ewun ehema karanawa
     
    izuru_reloaded

    Active member
  • Dec 1, 2008
    590
    120
    43
    GAMPAHA
    මෝඩ යක්කු...රට හදන්න යනවා...රජයේ සල්ලි වලින් පවත්වාගෙන යන විශ්ව විද්‍යාලවලට ගිහින්, මහපොළ අරන්, ඉගෙන ගන්නේ නැතුව ඉන්න අනිත් උන්ටත් පව් දෙනවා...හැම එකාම නෙමෙයි...සමහරක්...:yes:

    uba 1-13 wenakam giye internatioal school da gono??
     
    Realtalk

    Member
    May 8, 2016
    2
    2
    0
    MAGE ACC EKA NEW EKAK UNATH MEKA YANA POST DEKALA ME TIKA KIYNNA ONA UNE MACHAN...!

    GOVERNMENT CAMPUS WALATA YANA UNGEN 99%YAKMA YANNE SCHOOL KALE PONNAYO WAGE EDAPU UN..O/L ,A/L KALEDI CLASS EKATA WELA GANU WAGE SIDE EKATA WELA PONNAYO WAGE IDAPU UN.AHALA BALAPAN OYA CAMPUS INNA KOLLONGE SCHOOL KALE YAALUWONGEN UNATH..
    SINDUWAK KIYALA ,DRAMAK GAHALA ,KOLLO SET EKA EKKA MATCH EKAK GAHALA ATAL EKE EDAPU 1KEKWATH CAMPUS YANNA NE GODAK DURATA..CLASS WALA ISSARAHA PELIYE PONNAYO WAGE EDAPU UN CAMPUS GEHIN LOKKO WENNA HADANAWA,,GODAKMA TIYENNA IRISIYAWA,,MOKADA SCHOOL KALEDI KON WECHCHA UN NISA...HODATA BALAPAN CAMPUS YANA KOLLO DIHA..UBALAMA HITHALA BALAPAN UBALAGE CLASS WALATH INNA ATHINA KANNADI DANA CLASS EKAMA IDAPU UN..! WALAK BEHALA ,SINDUWAK KIYALA IDAPU UN A/L KARALA PASS UNATH GODAK UN CAMPUS YANNA NE..

    HARI KOLLEKTA RAG DUNNANAM ATAPAYA KAPALA HIRE YANAWA CAMPUS PETTHAKA DALA..PONNA HETTHA HADAPU AMMALA APPALAGETH GARUTTWAYA NETHI KARANA WEDA KARANA.PENAWANA PARAK PARAK GANE HEMATHENAMA UTHGOSHANA..RS.30TA 40TA DENA BATH EKA KALA PINATA IGENA GANNA PONNAYO..DURA PALATH WALIN ENA AHINSAKA KELLONGE KOLLONGE LIFE EKAMA VINASA KARANAWA.OYA DURA PALATHWALIN ENA LAMAI GODAK DUK WIDALA ENNA.GODAK DUPPATH AYA.

    DENNA ONA OKUNTA KONAKA TIYALA KUDUWENNA..
    KOHOMATH WEDAK NE DEN ..GOVERMENT CAMPUS WALIN DEGREE GATTATH GODAK UNTA JOB NE.JOB DENNATH NE..SPECIALLY PRIVATE SECTION WALA JOB WALATA GOV..DEGREE TINA UN GANNA NE MEA HETHUWA NISA DEN..EKAI G.CAMPUS GIYATH JOB NETTHA GODAKMA UNTA...! ILLANEMA PRIVATE DEGREES..TAWAMA Colombo and moratuwata podi hari thenak tiyenawa echcharai..

    den methana ara mulin kiuwa wage o/l ,a/l kale ponnayo wage idapu un sadde dai words walin vitarak..lol..
    KOLLO wage edapu unta terei kiuwa eke attha..!
     
    • Like
    Reactions: ජොසී