තල් වැටෙන් ඔබ්බට - (සංවාදයට විවෘතයි.)

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    දෙමළා යනු සිංහලයාගේ අනෙකා නොවේ!!! - මැඩියා

    sbtwnm.jpg


    මචන් සෙල්වම්,

    උපන්තේකට ඇයි හොඳැයියක් නැති මනුස්සයෙක්ගෙන් ආපු ලියුම් කරදහියක් දැකලා උඹ කලබල වෙන එක අහන්න දෙයක් නෙමෙයි. දකුණේ ඉපදිච්ච, සිංහල ලේ ගෑවුණ, ("සිංහ ලේ" නෙමෙයි.) උඹලගේ බාසාවෙන්ම කිව්වොත් "සිංගල කාරන්" කෙනෙක්ගේ වචන මේ. එහෙමයි කියලා උඹ මේ ලියුම ලිපට දාලා අළු කරන්නවත්, නොකියවා හරවලා එවන්නවත් එපා. මට උඹෙන් කිසිම දෙයක් උදුරගන්න බැහැ. (උඹට දෙන්නයි කියලා මගේ ලඟ අල්පෙනෙත්තක දෙයක් ඇත්තෙත් නෑ.) මොකද, අපි අපෙයි කියලා හිතාගෙන ඉන්න මේ කිසිම දෙයක් උඹේවත් මගේවත් නොවෙන හින්දා......!:no::)

    "අම්මා අප්පා සනීපෙන්ද?" කියලා අහලා උඹේ හිත රිද්දන්න මට උවමනාවක් නැහැ. දන්න කියන කාලේ ඉඳලා අනුන්ට යවපු/ගෙදරට ආපු හ්ම ලියුමකම පාහේ උඩින්ම දාන ඔය වට්ටෝරු ප්‍රශ්නෙට ඇත්තම උත්තරේ දෙන්නේ එහෙමත් මිනිහෙක් බව මැඩියා දන්නවා. යන්තම් ඇහැක් ඇරලා ලෝකය දිහා බලපු කාලයේ පටන්ම නිදහසක් කියලා නාමයක් නොදැක්ක උඹලා අපිට අහවල් සනීපයක් ද බන්???:dull: .....හෝව්!:frown: "යුදෙධෙට මැදි වුණේ අපි! වෙඩි කාලා මලේ අපි!! බෝම්බ වලට අහුවෙලා කුඩු පට්ටම් වුණේ අපි!! අද උන්හිටි තැන් අහිමි වෙලා දුක් විඳින්නේත් අපි!!! වද වින්දේත්, විඳින්නේත් අපි මිසක් උඹලා නෙවෙයි නේ....?! මෙතනට අපි කියලා කෙනෙක් ආවේ කොහොමද......??":angry: උඹේ ප්‍රශ්නය සාදාරණ වෙන්න පුලුවන්. ඒත් මචන් දැනගනින්, තල් වැටෙන් මෙහා දකුණේ මිනිස්සුන්ගේ තත්ත්වයත් (උඹලා තරම්ම නොවුණත්) මහාලොකු වෙනසක් නැති බව උඹ මේ ලියුම අවසානයේ වටහා ගනීවි.:rolleyes:

    1983%20rioters%20fire.jpg

    පොඩ්ඩක් ප්‍රශ්නේ මුලටම ගිහිල්ලා බැලුවොත් 83 ජූලි මාසේ දවසක, ඒ කාලේ ඒතරම්ම සංවිධානාත්මක මට්ටමක නොතිබුණු කොටි සංවිධානය යුධ හමුදා සෙබලු 13ව ඝාතනය කරනවා. සිද්ධියෙන් කෝපයට පත්වෙන පලාලි, ගුරුන්ගර් යාපනය වගේ හමුදා කඳවුරු වල හිටපු සෙබළුන්ගේ ඉවක් බවක් නැති වෙඩි තැබීම් වලින් සාමාන්‍ය මිනිස්සු සිය ගණනකගේ ජීවිත අහිමි වෙනවා. ඔය අතරේ කොටි ප්‍රහාරයෙන් මරණයට පත් වුණ සෙබළු 13දෙනාගේ දේහයන් ඒ අයගේ ඥාතීන්ට බාර දෙනවා වෙනුවට ඒ අයගේ අවසන් කටයුතු බොරැල්ල සුසාන භූමියේ සිද්ධ කරන්න යෙදෙනවා. ඉතින් අර මියගිය අයගේ ඥාතීන් බොරැල්ල පොදු සුසාන භූමියට ඇවිත් තමන්ගේ පුතාට/සැමියාට/සහෝදරයාට අවසන් ගෞරව දක්වන්න සූදානම් වෙලා ඉන්නවා. මේ වෙනකොට මරණය වෙලා දින 2ක් විතර ගතවෙලා. (ඝාතනය වුණේ ජූලි 23. අවසන් කටයුතු යෙදුණේ 25 දා) වෙලාව රාත්‍රී 7ට ආසන්න වුණත් තවම මෘත දේහ වලට වෙච්ච දෙයක් නෑ.:frown: ඔය අතරේ ආරංචියක් එනවා, අවමංගල්‍ය ශාලාවට ගෙනාපු මෘත දේහයන් 13 සුසාන භූමියට ගේනවා වෙනුවට හමුදා මූලස්ථානයට අරන් ගියා කියලා. සිද්ධියෙන් කුපීත වෙන මිනිස්සු තමන්ගේ අත්වලින්ම පස් දාලා අර මිනී වලවල් වහලා දානවා. මේ අතරේ තව කොටසක් කොලඹ නගරයේ දෙමළ මිනිස්සුන්ට අයිති කඩ සාප්පු වලට ගහන්න පටන් ගන්නවා. තව පිරිසක් ඡන්ද නාමලේඛන වල තොරාතුරු දෙමළ මිනිස්සුන්ගේ දේපල ගිණිබත් කරලා දානවා. ඔය අතරේ තව සමහරු ඒ ගෙවල් වල බඩු භාණ්ඩ කොල්ල කනවා. දෙමළ අම්මෙක් අප්පෙක්ට දාව ඉපදුන කරුමය ගෙවන්න මිනිස්සු දාහස් ගාණක් හන්දි ගානේ බල්ලෝ බලල්ලු ගාණට මැරිලා පිච්චෙන්න ගන්නවා.:dull: ධර්මද්වීපයක් පුරාම මූසලකම ඔඩු දුවලා යක්ෂයා කැරලි ගහන අතරේ කෝලහාල මැඩ පවත්වන්න ඕනි උත්තමයා ජාතික ආරක්ෂාව බල්ලට දාලා තපෝ වනයට වඩිනවා. ආත්ම විමුක්තිය හොයාගෙන.:angry:

    EconomistOct301982Jayawardene_000.JPG


    "ඉතින් හරි නේ..! උඹලගේ මිනිස්සු තමයි අපේ මිනිස්සුන්ට ගැහුවේ. ඊට පස්සේ අපේ මිනිස්සු ගහනකොට මෙන්න කොටි හු@නෝ කියලා කෑ ගහන්න පටන් ගත්තා.":angry: නෑ මචන්! එදා ඒ කළු ජූලිය පටන් ගන්න කලින් ජාතිවාදයේ නාමයෙන් බඩ වියත රැක ගත්තු කාලකන්නි දේශපාලු රැලක් උතුරේ වගේම දකුණේත් හිටියා.:yes: ඔය අතරින් උතුරේ හිටපු ජාතිවාදී බලකණු බහුතරයක් පස්සේ කාලේක කොටි අතින් ඝාතනය වුණා. (ඒ අතින් බැලුවත් උඹලා වාසනාවන්තයි බන්. අපේ බෙදුම්වාදී පරයොන්ව එලොව යවන්න ප්‍රභාකරන් කෙනෙක් තියා අඩුම තරමේ නාවල නිහාල් කෙනෙක් ඒ තියා මරදානේ චොප්පේ කෙනෙක්වත් නෑ.:lol:) ඉතින්, අද වගේ තාක්ෂණය ඒතරම් දියුණු මට්ටමක නොතිබුණු කාලෙක මේ වගේ ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් රට පුරාම පැතිරිලා ගියේ කොහොමද? ඒකට උත්තරේ දකුණේ දෙමළ මිනිස්සු ඉන්න ගම්වලට පහර දෙන්න මැරයෝ එවපු ලොකු ලොක්කොන්ගේ හෘද සාක්ෂිය හොඳාකාරවම දන්නවා.:rolleyes: මතක තියාගනින්, කළු ජූලියෙන් අවතැන් වෙච්ච මිනිස්සුන්ව තමන්ගේ ගෙවල් වලට ගෙනිහින් හංගලා තියා ගත්තේත් සිංහල මිනිස්සු බව.....! මෘගයෝ ගානට හැසිරුණ 5%ක විතර "සිංහල ත්‍රස්ථවාදී" (ඔව්! එදා කළු ජූලියේ යකා නටපු හැම පරයෙක්ම ත්‍රස්ථවාදියෙක් තමයි.) සුලුතරයත් එක්ක මනුස්සකමට ආදරය කරන 95%ක "සිංහල මිනිස්සු" බහුතරය පටලවා ගන්න එපා. (උන් රහසින්වත් පව් නොකරන දෙවිවරු කියනවා නෙමෙයි. නමුත්, උන් උඹලා හිතන තරම්ම තිරිසන්නු නෙමෙයි. උඹලා වගේම උනුත් ඉන්නේ පාට පාට කණ්ණාඩි දාගත්තු ලෝකෙක වැනි වැනී ඉන්න ජාතියක් විතරයි.:rofl::yes:)

    කොහොමින් කොහොම හරි මැඩියා ඉපදෙනකොටත් යුද්ධය පටන් අරන් දහ අවුරුද්දකටත් වැඩියි මයෙ හිතේ. අරෙහේ බෝම්බ පිපිරුනා. මෙහේ මෙච්චර ගාණක් මලා. හමුදාව, කොටි, සාමය, පරෙවියෝ,ඔය එකී මෙකී හැම වචනයක්ම මැඩියා ඇතුලු මේ වෙනකොට පරිණත අවධියේ පසුවෙන හැම පරානයකටම හොඳට හුරු පුරුදු වචන වෙලා තිබුණේ. කොටින්ම කිව්වොත් පත්තරයක් අතට ගත්තොත් ඕකේ කොහේ හරි තැනක බෝම්බයක් ගැන තියෙනවා මයි. හිටපු ගමන් දන්න අඳුරන පවුලක මාමා කෙනෙක්, අයියා කෙනෙක් යුද්ධෙදි මැරෙනවා. ගමේම ඉන්න හැමෝම පාහේ ජාති බේදයකින් තොරව තමන්ගේ ඥාතියාට අසල්වැසියාට සමු දීලා එනවා. ඉති, ඊලඟ හත් දවසෙයි, තුන්මාසෙයි "සෙබලාණනේ ඔබ මැරුණා නොවේ" "රණබිම මැරුණේ සිංහලයෙකු නම්" සින්දුවලින් ගම දෙවනත් වෙන්න ගන්නවා. ආයෙමත් තව මාස කිහිපයකින් එන ඒ වගේම මරණයක් නිසා අර කලින් මරණය යටපත් වෙලා යනවා.:( මිනිස්සුන්ටත් යුද්ධෙන් මැරෙණ එක අන්තිම සරල දෙයක් බවට පත් වෙනවා. ඔය කොහොම නමුත් අපිට ළමා කාලයක් කියලා දෙයක් නොතිබුණා නෙමෙයි.:yes::yes:



    TRCSS519.jpg

    නමුත්, උඹේ තත්ත්වය මීට වඩා හාත්පසින්ම වෙනස් බව මම දන්නවා. හවසට වැඩ ඇරිලා එන ගමන් ටොෆි/බිස්කට් අරන් එන්න තියා හවසට කසිප්පු බීගෙන ඇවිත් අම්මාට තඩි බාන්න වත් උඹට තාත්තෙක් ඉතිරි වෙලා නොහිටින්න ඇති.:sorry: දවල් දවසේ පැල් කොටේට ඇවිල්ලා පුලුවන් හැටියකට බඩගින්න නිවාගෙන ඇඳිරි වැටෙනවාත් එක්කම ආපහු කැලෑ වැදුණ උඹට හවසට පුටුව උඩ නැගගෙන කාටුන් බලන්න නොලැබෙන්න ඇති. ෂෙල් උණ්ඩ වලින් ගෙවල් දොරවල් සුණු විසුණු වෙලා යන හැටි ඇස් දෙකෙන්ම දැකපු උඹෙන් සෙල්ලම් ගෙවල් ගැන අහන්න තරම් මැඩියා මෝඩ වෙන්නේ නැහැ. උඹේ ළමා කාලයයි මගේ ළමා කාලයයි ගව් ගාණක් දිග පළල ඇති, විසාල ප්‍රාකාරයකින් වෙන්වුණ පෙඩරල් රාජ්‍ය දෙකක් බව අමුතුවෙන් කියන්න ඕනි නැහැ.:dull::dull:

    jaffna-2.jpg

    පස්සේ කාලෙක සටන් විරාමයක් එනවා. "ඔන්න සාමය ආවෝ කියාගෙන" අපේ කට්ටිය නිලාවේලි, නල්ලූර් බලන්න බස් පිටින් එනවා. යාල් දේවියෙන් බැහැපු උතුරේ සංචාරකයොන්ගෙන් දකුණ පිරෙනවා. විදේශිකයෝ නොවුණාට උඹලාට දකුණේ භාෂාව තේරෙන්නේ නැහැ. එහෙන් මෙහෙන් ගැටගහ ගත්තු ඉංගිරිසි සිංහල වචන හස්ත සංඥා ආධාරයෙන් උඹලා වැඩ කටයුතු කරගන්නවා. හැටන් නුවර එලිය වගේ ප්‍රදේශ වලින්
    පු දෙමළ මිනිස්සුන්වයි උඹලාවයි පටලවා ගන්න අපේ දකුණේ මිනිස්සු සුපුරුදු සිංහලෙන්ම උඹලත් එක්ක කතා කරනවා. උඩබිම බලන උඹලා එක පාරටම "ජැෆ්නා! ජැෆ්නා!!" ගානකොට මෙහේ මිනිස්සු උතුරයි දකුණයි අතර පවතින පලවෙනි බාධකය සහසුද්දෙන්ම අවබෝධ කරගන්නවා...........!!!:confused::P
    (ඒ ආපු සංචාරක පවුලක් කොලඹදි මුහුදට ගහගෙන ගියපු දුක්බර ඛේදවාචකයක් මැඩියාට මතක් වෙනවා. ටොපික් එකෙන් පිට යන නිසා මම ඒ ගැන නොකියා ඉන්නම්. කොතනදි නැති වුණත් ජීවිතයක් කියන්නේ ජීවිතයක්!!!:sorry:)

    FilmArchive159imageja.jpg

    ඒ වෙනකොටත් මැඩියා ප්‍රාථමික පන්තියක ඉගෙන ගන්න ළමයෙක්. ටීවී එකේ පරෙවියෝ පියාඹනවා. සාමය ගැන සින්දු හැදෙන්න පටන්ගන්නවා. "සරෝජා" "පුංචි සුරංගනාවි" වගේ යුද්ධය තේමා කරගත්තු සිනමා නිර්මාණ සුපර් හිට්ස් වෙනවා. හමුදා සොල්දාදුවෝ කොටි සෙබලියෝ අතර ආදර කතා, සිංහල කෙල්ලෙක්ට ආදරය කරන දෙමල කොල්ලන්ගේ කතා වලින් සෙනසුරාදා ඉරිදා දවස් පිරිලා යනවා. ඔය සබ්ජෙක්ට්ම පාදක කරගත්තු නවකතා එහෙමත් උණු කැවුම් වගේ විකිණෙනවා.:rolleyes: කාලයත් එක්කම යුධ උණුසුම වගේම අර ආවයි කියපු සාමයේ උණුසුමත් පහවෙලා යනවා. කියන්න අමතක වුණා! ඔය කාලේ වෙනකොට නම් දකුණේ කාටවත් යුද්ධයක් ගැන මෙලෝ මෙවුවා එකක් තිබුණේ නැහැ. (මම කියන්නේ මේ සාමාන්‍ය ජනතාව.) ඉතින් ළමයි වෙච්චි අපිටත් යුද්ධය කියන්නේ කොහේදෝ ග්‍රහලෝකෙක සිද්ධවෙන දෙයක් ගාණටම ගියා.:rofl::rofl: ඔහ්හොම්මම අවුරුදු කිහිපයක් ගෙවිලා යනවා.



    මැඩියා ටික ටික ගැටවර වයසට එනවා. නිල්පාට කොට කලිසමෙන් සුදුපාට දිග කලිසමට බැහැලා. (එච්චර කාලයක් ඉන පිහිටලා තිබුණේ හරියටම බඩට පහලින් වුණාට ඔය වයසට එනකොට ඉනේ පිහිටීම අර කලින් තිබුණ හරියට වඩා අඟල් කිහිපයකින් පහතට එන්න ගන්නවා.:rofl:) මේ අතරේ පන්තියේ හිටපු තුනී ලෑලි සංස්ථාවේ අවසන් සාමාජිකාවෝ ටිකත් හිටි ගමන් අතුරුදහන් වෙලා, සතියකට එකහමාරකට පස්සේ ඉතින් කැවුම්, කේක් එහෙම අරගෙන ආපහු එනවා.:P ඉස්කෝලේ පොත්කවර අස්සේ ඔය ළමා චිත්‍රපටි, කාටුන් වගේ සී.ඩී තැටි එහෙමත් හුවමාරු වෙන්න පටන් ගන්නවා. පස්සේ දවසක ආයෙමත් කස්ටිය එකට එක්කහු වෙලා අර බලපු චිත්‍රපටිවල හිටපු නළුනිලියන්ගේ දක්සතා ගැන එහෙමත් විමර්සනයක යෙදෙනවා.:lol: තව ඉතින් තව තව දේවල් තියෙනවා.. කොහොම හරි මචන් අපේ ගැටයෝ කාලෙත් කියන්න තරම් කිසිම අඩුවක් පාඩුවක් තිබුණේම නැති තරම්. (මේක උඹේ ගැටවර අවධියත් එක්ක කොහොම ගැලපෙනවාද කියන්න මැඩියා දන්නේ නැහැ මචන්....!:sorry:) මෙන්න මේ කාලෙදි තමයි එල්.ටී.ටී.ඊ එකෙන් අර "මාවිල් ආරු" සොරොව්ව වහන්නේ. මේ සිදුවීම වෙලා බොහෝම කෙටි කාලයක් ඇතුලත ආයෙමත් යුද්ධය පටන් ගන්නවා. දකුණේත් නගරයක් නගරයක් ගානේ මරාගේන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වෙනවා. ඇමතිවරු මැරෙනවා. කොළඹ වගේ නගරබද පැතිවල වගේම කැබිතිගොල්ලෑව වගේ අන්ත පිටිසර පලාත්වලත් බස්බෝම්බ පුපුරන්න ගන්නවා. උතුර හා සමානව දකුණේත් මරන බිය ඇතිවෙන්න ගන්නවා. "මේ ප්‍රශ්නවලට යුද්ධයෙන් තොර විසඳුමක් නැහැ"යි කියන මතයකට දකුණේ මිනිස්සුත් ඉබේම තල්ලු වෙනවා.:dull::dull:

    9.jpg


    මේත් එක්කම මෙන්න ආයේ පාරක් ටී.වී එකේ පරෙවියෝ පියාබන්න පටන් ගන්නවා. විනාඩියෙන් විනාඩියට "අපි වෙනුවෙන් අපි" ඇඩ් එක දානවා. ලන්කාදීප පත්තරේ යුධ සිතියමක් දාලා යුද්ධයේ ලකුණු පුවරුව දාන්න පටන් ගන්නවා. (අනිත් පත්තර වලත් විස්තරේ නැගලාම යන්න ඇති.) රෑ හතේ නිවුස් වලට අලුත් සෙග්මන්ට් එකක් ඇඩ් වෙනවා. පත්තර වලින් සතිය ගානේ ස්කෝර්බෝඩ් එක අප්ඩේට් කරද්දි ටී.වී එකෙන් දවස ගානේ අප්ඩෙට් කරනවා. "අහවල් මෙහෙයුමෙන් අරුන්ගේ 600ක් මලා. අපේ 200යි මළේ!! 400ක් ලාබයි." ඔන්න ඔය ටයිප් එකේ ෆුල් ආෂික් යුධ වාර්තාකරණ වලින් අපේ සුවහසක් ප්‍රේක්ෂක ප්‍රජාව අමන්දානන්දයට පත් කරන්න අපේ ජනමාධ්‍ය දෙවිවරු අමතක කලේ නැහැ....!!!:no::frown:
    පුනරින් අත්පත් කරගැනීම, ඊලඟට තොප්පිගල, අලිමංකඩ, කිලිනොච්චිය මේ හැම ජයග්‍රහණයක්ම ඉදිරියේ රූපවාහිනී වල දේශාභිමානී ගීත උතුරනවා. රැවුල් වවාගත්තු නාකි පප්පලාගේ අතීතකාමී ටෝක්ස් වලින් කන් පිරෙනවා. එදා දවසම වෙන කිසිම දෙයක් පෙන්නනේම නැති තරම්.....! (මැඩියාගේ හිතේ අපේ රණවිරුවෝ ගැන ලොකු ආදරයක් තියෙනවා. ඒ වගේම සීතල කාමරවල ඉඳගෙන තවුසන් ටෝක්ස් දෙන පුහු යුධ වීරයෝ ගැන කිසිම පැහැදීමකුත් නැහැ බන්.:rolleyes:)

    0704wk0134srilanka.jpg


    කොහොමින් කොහොම හරි මීට අවුරුදු හයකට කලින් ඊයේ වගේ දවසක යුද්ධය අවසන් වුණා. පාරවල් පුරාම රතිඤ්ඤා ටොන් ගනන් පතු වෙන්න ගත්තා. ජාතික කොඩි ලෙල දුන්නා. උතුරේ යුද්ධයට මැදිවුණු අපේම සහෝදරයො පවුල් පිටින් චප්ප වෙලා උන්ගේ අතුණුබහන් බල්ලෝ බලල්ලු ගාණට විසිරෙද්දි දකුණේ අපි පාරක් පාරක් ගාණේ කිරිබත් හදාගෙන කෑවා.:angry::frown: (මම මේ කතා කරන්නේ කොටි ගැනවත් හමුදාව ගැනවත් නෙමෙයි මචන්. යුද්ධෙට මැදිවෙලා මැරිලා ගියපු දහස් ගාණක් අහිංසක මිනිස්සු?? හැම මගුලටම සුදු කොඩි දාපු අපිට ඒ ජීවිත ගැන අදටත් වගේ වගක් නැහැ බන්!:):))


    1362625180.jpg


    ඊලඟ ජනාධිපතිවරණය ආවා. යුද්ධෙට උරදීපු ප්‍රධාන පෙලේ හමුදා නායකයෙක් විපක්ෂයෙන් ඉල්ලුවා. අන්න! මිනිස්සු එච්චර කාලයක් පලැඳගෙන හිටපු "ශ්‍රී ලාංකේය" කණ්නාඩිය බල්ලාට දාලා, ආයෙමත් අර සුපුරුදු පාට කණ්ණාඩියම පැලැඳගත්තා. "යුද්ධ කලේ හමුදාව! හමුදාව මෙහෙයුවේ අපේ සපුමල් කුමාරයා!!" කොටසක් කිව්වා. "අහවල් තුමා එච්චර කාලයක් හමුදාවේ හිටපු එකේ යුද්ධේ ඉවර කරන්න තිබුණා නෙවැ! යුද්ධේ ඉවර කරන්න පුලුවන් වුණේ අපේ මහ රජ්ජුරුවොන්ගේ එඩිතර නායකත්වය නිසා!!" අනිත් කොටස කීව්වා....!!! කොහොමින් කොහොම හරි රජ්ජුරුවෝ දින්නා. සපුමල් කුමාරයා හිරේ ගියා. උඹලා එතකොට පවුල් පිටින් කඳවුරු වල...!:(
    war-victory-parade-sri-lanka.jpg


    අයිෆා තිබ්බා. වර්ල්ඩ් කප් තිබ්බා. ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තිබ්බා. එතකොටත් උඹලා කඳවුරුවල...!!

    අධිවේගී මාර්ග ඉදිවුණා. පාරවල් කොන්ක්‍රීට් වුණා. එයාපෝර්ට් හැදුණා. වරායවල් හැදුණා. නෙලුම්පොකුණ හැදුණා. එතකොටත් උඹලා කඳවුරු වල...!!!:sorry::sorry:

    "මාතා" බැලුවා. "ගාමනී" බැලුවා. "සෙල්වම්" බැලුවා. ඒවා බ්ලොක්බස්ටර් වුණා. එතකොටත් උඹලා කඳවුරු වල......!!!:dull::dull::dull:


    14213337035_869eb67eab_o.jpg


    ඊලඟට, එච්චර කාලයක් හැංගිලා තිබුණු ෆොටෝස් වීඩියෝ එලියට ආවා. එතකොටම, යුධ අපරාධ ගැන චෝදනා ආවා. බංකොලොත් වෙලා වැලේ වැල් නැතුව හිටපු සමහර තමිල්නාඩු දේශ්පාලකයොන්ටත් දෙයියනේ කියලා පොටක් පෑදුණා. (යුද්දේ දවස් වල අයිපීඑල් බල බලා ගෙවල් වලට වෙලා හිටපු ඇට්ටරයෝ උඹලාට ලංකාවේ ඊළමක් හදලා දෙන්න තමිල්නාඩුවේ ඉඳන් මහන්සි වෙනවා ලු. කාට කියන්නද බන්!) නමුත්, මේ ප්‍රවෘත්තිත් එක්ක උඹට සිංහල ජාතිය ගැන පාලනය කර ගන්න බැරි තරමේ කේන්තියක් ඇතිවෙන්න පුලුවන්! නමුත්, උඹේ හිතාගෙන ඉන්න විදිහේ කිසිම නිදහසක් දකුණේ මිනිස්සු විඳින්නේ නැහැ.

    "ඉසෙයිප්‍රියා ඝාතනය" සහ "මනම්පේරි ඝාතනය" කියන ගුරු ගෝල චිත්‍ර දෙක උඹේ ඉදිරියේ තිබ්බොත් උඹට හරිහමන් වෙනස්කම් 10ක් කියන්න පුලුවන් ද?

    "බාලචන්ද්‍රන් ඝාතනය" සහ "ත්‍රිමා විතාන ඝාතනය" කියන ගුරු ගෝල චිත්‍ර දෙක දුන්නොත්......??

    "විද්‍යා ඝාතනය"
    සහ "සේයා ඝාතනය" කියන ගුරු ගෝල චිත්‍ර දෙක ගැන මොකද කියන්නේ.......???

    බලවත් මිනිහගේ යකඩ සපත්තුවට පොඩි මිනිස්සු හැමදාම යටයි සෙල්වම්....!!! :sorry::(

    මේ ගඳ ගහන ඇත්ත තේරුම් නොගන්න තාක්කල් උඹ මොඩයෙක්! ඔව්, අපේ බහුතරය වගේම. :):yes:

    කලින් වතාවේ "දිනූ නිදහස් රැකගත්තා"යි කියපු මිනිස්සු මේ පාර නිදහස ගෙනාවා'යි කියපු "දියසේන කුමාරයා"ගේ xxx පයින් ගහලා, අලුත් දියසෙන් කුමාරයෙක්ව රජකමට පත් කරගෙන. දකුණේ දේශපාලනය ඇතුලේ "යුද්ධය" කියන වචනය තව දුරටත් මාකට් වෙන්නේ නැති අවලංගු කාසියක් බවට පත් වෙලා. නමුත්, උතුරේ තත්වය එහෙම නැති බව නම් හොඳාකාරවම පේනවා. හේතුව, උතුරේ එදා පටන් හිට්යේ දෙමළු. ඒ දකුණේ එහෙම නෑ මචන්. මේක බහු වාර්ගික කලාපයක්. ඒ කිව්වේ සිංහල/ දෙමළ/ මුස්ලිම් එහෙම නෙමෙයි. දැන් මෙහේ ඉන්නේ "ටොයියෝ" "බයියෝ" "ජෙප්පෝ" "වහල්ලු" "කොලු කාරයෝ" ඔන්න ඔය වගේ අමුතුම සෙට් එකක්. (ඒකට ජාති ආගම් බේදයක් නෑ මචන්. ඔය හැම කැටගරි එකේම හැම ආගමකටම අයිති එවුන් ඉන්නවා. හැබැයි එතකොට නම් ආපහු අර "ශ්‍රී ලාංකේය" ඔරිජින් එක අයෙමත් පණ ගහලා එනවාද මන්දා!!!:rofl::lol:)

    1420525850867.jpg


    එක්සයිස් පොතක කොලේක ලියන්න හදපු ලියුම් කරදහිය ෆුල්ස්කැප් කොලයක් තරමට දික් වෙයි කියලා මැඩියා කීයටවත් හිතුවේ නෑ ඕන්!
    කොහොම නමුත්, කුලල් කා ගැනිලි අදටත් ඉවර වෙලා නෑ. මිනිස්සු අදටත් එක එක පාට කණ්ණාඩි දාගෙන තම තමන්ගේ පක්ෂ වෙනුවෙන් කඩේ යනවා. මැරෙනකම්ම පක්ෂ දේශපාලනය වෙනුවෙන් ඇනකොටාගෙන තමන්ගේ පටු ආකල්ප ඇතුලේ හිරකාරයෝ විදිහට ජීවත් වෙලා හිරකාරයෝ විදිහටම මැරිලා යනවා.:rolleyes:

    380419.png


    මම අර කලින් කිව්වා වගේ අපි හොයන්නේම දියසෙන් කුමාරයෝ. මොකද, අපේ ආත්ම විමුක්තිය අපේ දෑතින්ම ලබා ගන්න තරම් ආත්ම ශක්තියක් අපිට නැහැ. ඉතින් අහස පලාගෙන හෝ දියසේන කුමාරයෙක් එන්නම ඕනි. ලංකාව සුරපුරයක් කරලා, ස්වයංපෝෂිත කරන්න පුලුඅන් දියසෙන් කුමාරයෙක් ගැන අපි හීන දකිනවා වගේම, උතුර දකුණින් වෙන් කරලා, ලොවෙත් නැති සුපිරි සිහින රාජ්‍යයක් ගොඩනගලා දෙන්න පුලුවන් දියසේන කෙනෙක් ගැන හීනයක් උඹටත් තියෙන බව මම දන්නවා. ලොතරැයි මානසිකත්වයේ ගිලිලා ඒ ඇතුලේ තමන්ගේ ජීවිතය දිය කරලා දාන බහුතරයගේ සුරංගනා කතාවලට රැවටෙනවා නම්, කැවුම් නොකෑවත් උඹත් මෝඩයෙක්ම තමයි.....!!!:frown: උඹ එහෙම නොවෙයි කියන විශ්වාසය මැඩියාට තදින්ම තියෙනවා.:)

    මග ඇරුණ දේවල් තව ගොඩාක් ඇති. හැබැහින් උඹව දකින දාකට ඒ දේවල් අපි මතක නොකර ඉමු...
    :yes:

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි.

    උතුරේ කොටි නිල ඇඳුමට අපි වෛර කරන තරමටම දකුණේ හමුදා නිල ඇඳුමට උඹලා වෛර කරන්න ඇති.....!

    හැම යුධ සෙබලෙක්ම අපිට වීරයෙක් වෙනකොට ඉරි ඉරි කොටි ඇඳුම ඇඳපු කොටි සෙබලා උඹට විමුක්තිකාමියෙක් වෙන්න ඇති....!!

    ඒ නිසාම - මියගිය සොල්දාදුවා වෙනුවෙන් අපි "රණවිරු සැමරුම" කරද්දි ඒ පොලොවෙම මියගිය උඹේ වීරයා වෙනුවෙන් උඹට "මහවිරු දිනයක්" සමරන්න හිතෙනවාත් ඇති.....!!!

    ඒත් මතක තියා ගනින්, සිංහලයා කියන්නේ උඹේ අනෙකා නෙමෙයි!!!!
    :yes::yes:


    ~උඹට රත්නත්තරේ පිහිටයි~


    ඒකීය දේශයක සිහින
    දකින මම

    මැඩියා.:cool:

     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ප්‍රශ්නෙ තියෙන්නේ දෙමළ මිනිස්සුගෙවත්, සිංහළ මිනිස්සුන්ගෙවත් හිත් ඇතුලෙ නෙවේ..

    දේශපාළන අරමුණු දිනා ගන්න වළිකන දේසපාළුවො අතේ....

    උන්ට ඕන විදියට උඩ දදා ප්‍රශ්නෙ අඹනවා

    ඔය මට හිතෙන හැටි:dull:
     
    • Like
    Reactions: snm1990

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ්ම්.......
    කියන්න දේවල් බොහොමයි......නමුත් ඕව නොකිය ම ඉන්නං....
    මොකද ඒව නොකිය ඉන්න තරමට හොදයි.....

    නමුත් එකක් කියන්නං.

    ප්‍රශ්නය දෙමලාට අසාධාරණයක් වීමවත්, සිංහලයා මහා ජාතිය විමවත් නෙවෙයි.

    ප්‍රශ්නය කාළකන්නි සිංහලයො රැළක් අපේ, ඒ කියන්නේ සිංහලයන් ගේ නායකත්වයට පත්වීම සහ උන් නායකත්වයේ තියං ඉන්න තරං අපි නිවටයන් වීම.....

    ඒ වගේ ම,

    කාළකන්නි දෙමළු රැළක් දෙමළ සමාජයේ නායකත්වයට පත්වීම සහ අපේ දෙමල සහෝදරයන් උන්ව නායකත්වයේ තියං ඉන්න තරං අපි වගේ ම නිවටයන් වී සිටීම.

    වෙන මුකුත් නොකිය ඉන්නං.
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ගොඩක් දේවල් වලට එකඟයි.. එත් සමහර කරුණු වලට එකඟ වෙන්න අමාරුයි...
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ප්‍රශ්නෙ තියෙන්නේ දෙමළ මිනිස්සුගෙවත්, සිංහළ මිනිස්සුන්ගෙවත් හිත් ඇතුලෙ නෙවේ..

    දේශපාළන අරමුණු දිනා ගන්න වළිකන දේසපාළුවො අතේ....

    උන්ට ඕන විදියට උඩ දදා ප්‍රශ්නෙ අඹනවා

    ඔය මට හිතෙන හැටි:dull:
    ඔතන ප්‍රශ්නේ තියෙන්නේ මචන් අපේ මිනිස්සු ඔටුන්නක් කියලා හිතාගෙන මාරම ආඩම්බරෙන් පැලඳගෙන ඉන්න "පක්ෂ දේශපාලනය" අමු අං තට්ටුවක් බව තේරුම් නොගැනීම!!:no:

    උන්ට අනුකම්පා කරනවා හැර වෙන විකල්පයක් නෑ බන්!!:dull::dull:



    හ්ම්.......
    කියන්න දේවල් බොහොමයි......නමුත් ඕව නොකිය ම ඉන්නං....
    මොකද ඒව නොකිය ඉන්න තරමට හොදයි.....

    නමුත් එකක් කියන්නං.

    ප්‍රශ්නය දෙමලාට අසාධාරණයක් වීමවත්, සිංහලයා මහා ජාතිය විමවත් නෙවෙයි.

    ප්‍රශ්නය කාළකන්නි සිංහලයො රැළක් අපේ, ඒ කියන්නේ සිංහලයන් ගේ නායකත්වයට පත්වීම සහ උන් නායකත්වයේ තියං ඉන්න තරං අපි නිවටයන් වීම.....

    ඒ වගේ ම,

    කාළකන්නි දෙමළු රැළක් දෙමළ සමාජයේ නායකත්වයට පත්වීම සහ අපේ දෙමල සහෝදරයන් උන්ව නායකත්වයේ තියං ඉන්න තරං අපි වගේ ම නිවටයන් වී සිටීම.

    වෙන මුකුත් නොකිය ඉන්නං.

    අපේ රටේ මචන් බහුතරයක් සිංහල/දෙමල මිනිස්සු කතිරේ ගහන්න පක්ෂයක් තෝරගන්නේ පාරම්පරිකව එන අදහස්වලට අනුව මිසක් මතවාදීව නෙමෙයි....!!!:no:

    පවුලක සීයා කැපුවත් කොල නම්, තාත්තාත් කොල, පුතාත් කොල, මුණුපුරාත්....!:P

    පවුලක සීයා නිල් නම්...............!!:lol::lol:

    මේ කාලකන්නි සිස්ටම් එක භාවිතයේ තියෙන තාක්කල් ලංකාව මේ වැටිලා තියෙන ආගාධයෙන් ගොඩ ගන්න තව භද්‍ර කල්පයක් ගියත් බැහැ බැහැම තමයි මචන්!!!!:frown::angry:


    ගොඩක් දේවල් වලට එකඟයි.. එත් සමහර කරුණු වලට එකඟ වෙන්න අමාරුයි...

    තෑන්ක්ස් සුපුන්!:) මම උඹේ සම්පූර්ණ අදහස දැනගන්න කැමතියි!!! :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේ දවස්වල තියෙන යහපාලනය වැස්ස සීත කාලගුණය එක්ක හොඳට නින්ද යද්දී මේවගේ හීන දැන් ගොඩක් දෙනාට පේන එක සාදාරනයි.
    හැබැයි අවුල කවදාවත් මේ දකින හීන සැබෑ නොවෙන එකයි.

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මේ දවස්වල තියෙන යහපාලනය වැස්ස සීත කාලගුණය එක්ක හොඳට නින්ද යද්දී මේවගේ හීන දැන් ගොඩක් දෙනාට පේන එක සාදාරනයි.
    හැබැයි අවුල කවදාවත් මේ දකින හීන සැබෑ නොවෙන එකයි.


    කතාව මුල ඉදන් කියවලා බලන්න සහෝදරයා.
    මෙතන හීනයක් තියෙන බවක්නම් ම‌ට පේන්නේ නෑ.
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මිනිස්සු අදටත් එක එක පාට කණ්ණාඩි දාගෙන තම තමන්ගේ පක්ෂ වෙනුවෙන් කඩේ යනවා. මැරෙනකම්ම පක්ෂ දේශපාලනය වෙනුවෙන් ඇනකොටාගෙන තමන්ගේ පටු ආකල්ප ඇතුලේ හිරකාරයෝ විදිහට ජීවත් වෙලා හිරකාරයෝ විදිහටම මැරිලා යනවා
     
    • Like
    Reactions: M a d d i e
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කතාව මුල ඉදන් කියවලා බලන්න සහෝදරයා.
    මෙතන හීනයක් තියෙන බවක්නම් ම‌ට පේන්නේ නෑ.

    මේක එක විදියක කරුණු පැහැදිලි කිරීමක්
    ලියුමක් විදියටනේ ලියල තියෙන්නේ.

    හැබැයි මචෝ මේ පතන සාමය,සංහිදියාව නම් හීනයක්ම තමයි.
     
    • Like
    Reactions: M a d d i e

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මේ දවස්වල තියෙන යහපාලනය වැස්ස සීත කාලගුණය එක්ක හොඳට නින්ද යද්දී මේවගේ හීන දැන් ගොඩක් දෙනාට පේන එක සාදාරනයි.
    හැබැයි අවුල කවදාවත් මේ දකින හීන සැබෑ නොවෙන එකයි.

    මිනිස්සුන්ගේ සිතුවිලි වල පැහැදිලි වෙනසක් වෙන තාක් කල් ඒකට තියෙන ඉඩකඩ නම් අඩුයි තමයි.:):sorry:
    කතාව මුල ඉදන් කියවලා බලන්න සහෝදරයා.
    මෙතන හීනයක් තියෙන බවක්නම් ම‌ට පේන්නේ නෑ.
    :yes::yes::yes::yes::yes:
    ඔව් මචන්! අපිට මෙහෙම වෙලා තියෙන්නේ අපි අඩුම තරමේ වරදින්න වත් උත්සහා නොකරන හින්දායි....!
    මිනිස්සු අදටත් එක එක පාට කණ්ණාඩි දාගෙන තම තමන්ගේ පක්ෂ වෙනුවෙන් කඩේ යනවා. මැරෙනකම්ම පක්ෂ දේශපාලනය වෙනුවෙන් ඇනකොටාගෙන තමන්ගේ පටු ආකල්ප ඇතුලේ හිරකාරයෝ විදිහට ජීවත් වෙලා හිරකාරයෝ විදිහටම මැරිලා යනවා
    අපේ කලින් පරම්පරාවලට වඩා අපි අඩියක් ඉදිරියට යන්නම ඕනි මචෝ!:yes::yes:
    maddie kalekin
    kohe hitiye?
    චුට්ටක් බිසී වුණා මචන්........!!!:D:D
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    බම්ප්
    තෑන්ක්ස් ශමියා!!!:love::love:
    තෑන්ක්ස් නිසල!!!:love::love:
    මේක එක විදියක කරුණු පැහැදිලි කිරීමක්
    ලියුමක් විදියටනේ ලියල තියෙන්නේ.

    හැබැයි මචෝ මේ පතන සාමය,සංහිදියාව නම් හීනයක්ම තමයි.
    වෑයම් නොකරන තාක් කල්.........!!!:yes::yes:
    :):):)
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    හ්ම්.......
    කියන්න දේවල් බොහොමයි......නමුත් ඕව නොකිය ම ඉන්නං....
    මොකද ඒව නොකිය ඉන්න තරමට හොදයි.....

    නමුත් එකක් කියන්නං.

    ප්‍රශ්නය දෙමලාට අසාධාරණයක් වීමවත්, සිංහලයා මහා ජාතිය විමවත් නෙවෙයි.

    ප්‍රශ්නය කාළකන්නි සිංහලයො රැළක් අපේ, ඒ කියන්නේ සිංහලයන් ගේ නායකත්වයට පත්වීම සහ උන් නායකත්වයේ තියං ඉන්න තරං අපි නිවටයන් වීම.....

    ඒ වගේ ම,

    කාළකන්නි දෙමළු රැළක් දෙමළ සමාජයේ නායකත්වයට පත්වීම සහ අපේ දෙමල සහෝදරයන් උන්ව නායකත්වයේ තියං ඉන්න තරං අපි වගේ ම නිවටයන් වී සිටීම.

    වෙන මුකුත් නොකිය ඉන්නං.



    well said bro