ඔව් මචං බොහෝ වෙලාවට වෙන්නේ පාලකයන්ගේ පෞද්ගලික න්යාය පත්‍ර වලට මිනිස්සු වැඩකරන එක.
එක නැවතෙන්න තියෙන එකාම මග මිනිස්සු උගත්කමින් හා බුද්දියෙන් අනුන වෙන එක.
එක තමයි අමාරු.හා කාලයකට වෙන්නේ නැති
ඒකාධිපති පාලනයේ ඉදන් එකපාරට ප්‍රජාතන්ත්‍රවාදයට වැටිච්ච එකත් හේතුවක් වෙන්නෙති.
මිනිස්සු පරණ පුරුද්දටම හා නොදැනීම හින්දම දේශපාලකයා රජෙක් දෙයියෙක් විදියට සැලකුව.
එක එදා ඉදන් අද වෙනකන් එහෙමමයි.
නමුත්
මේ යන ක්‍රමය වාසි අවාසි දෙකම තියෙනවා.
රජ්වරුන්ට සැප දෙන්න තමන්ගේ ජීවිත කාලෙම අඹු දරුවොත් එක්ක ලෙවකකා ජීවත් වෙන මිනිස්සු...........!!!
Ela machan
9+


අපේ කලින් පරම්පරාවලට වඩා අපි අඩියක් ඉදිරියට යන්නම ඕනි මචෝ!
මට නම් හිතෙන්නේ අපි කලින් පරම්පරා වලට වඩා එන්න එන්න පස්සට යනවා කියල මචන්. ඉස්සරට වඩා අපේ අනිත් ජාතින් එක්ක සම්බන්ධකම් අඩුයි. දෙමල, මුස්ලිම් කියන්නේ වෙනම ජීවින් කොටසක් වගේ කොන් කරනවා. ඊට පස්සේ රට බෙදන්න යනවා කියලා කෑ ගහනවා.
![]()
ඉතින් හිස්ටරිය කොහොම රිපීට් වුණත් එකයි..........!!!

බොරැ කියන්න එපා සහෝදරයා. සිංහල දේශපාලකයෝ ජාතිවාදී දේශපාලනයක් කලේ නෑ. දෙමළ දේශපාලුවෝ තමා සිංහලයන්ව පාගා ගෙන දේශපාලනය කරන්න හැදුවේ... ඒකට ඉඩක් නැති බව තේරැනාම වෙනම රටක් ඉල්ලන්න ගත්තෙ. සිංහල දේශපාලනය හැමවෙලේම ප්රති උත්තර දීපු එකක් විතරයි උනේ දෙමළ තර්ජනයට.
සිංහල මිනිස්සු වැරදි නෑ. තනිකර වැරැද්ද දෙමළ මිනිස්සු අත තියෙන්නෙ.




bump


එතකොට අර යටත් උනට පස්සෙ මරල පුච්චපු පොලිසියෙ 600 දෙනා ගෑන, යුද්දෙ අන්තිම දවස්වල කොටි මරල පුච්චපු POWල 11 දෙනා ගෑන, සටනෙ යටත් උනාට පස්සෙපනපිටින් බඩවල් කපල රහසග කපල කටෙ ගහල මරපු මිනිස්සු උබෙ මොන ගුරුගොල චිත්‍රෙටද ගෑලපෙන්නෙ.එව ගෑන කතා කරල වෑඩක් නෑ නෙද? මොකද එවා වල ලොකු මානුශික go එකක් නෑ නෙද?
කෝකටත් එක්ක මැච් කරලා බලපන්කෝ!!!!
)අවුරුදු 30ක යුද්දයක් කියන්නෙ ලොකු පින්තුරයක් කියල හිතුවොත් උබ ඔය ලොකයා වෙත විහිදුන මනුශ්යත්වයෙන් බලන ඉසෙප්‍රියා බාලච්න්ඩ්‍රන් වගෙ සිද්දි ත් මම පස්සෙ කියපු සිද්දිත් පොඩි තිත් විතරඊ.ඔය තිතක් දිහා බෑලුවට ලොකු පින්තුරෙ පෙනෙන්නෙ නෑ. එක නිස තිතක් දිහා බලාගෙන පින්තුරෙ විස්තර කරන්න යන්න එපා.
යුද්දෙදි හෑමොටම වෑරදීම් වෙනව ඒ වගෙ සිද්දි කරෙ තියගෙන කවුද වෑරදි කියලා හොයලා වෑඩක් නෑ එවා අඉති අතිතයට අපි ඉන්න ඔනෙ අතිතයෙ නෙවේඊ වර්තමානයෙ යන්න ඔනෙ අනාගතයට ආපහු අතිත්යට් නෙවේඊ.
යුද්දෙ කරපු හමුදාවත් කොටිත් දෙගොල්ලොම තමන් හිසෙ තියාගෙන් ආපු බර පොට්ටනි බිම දාල ඉස්සරහට ගිහිල්ලා ඉවරඊ උබල එවා අහුලලා කරෙ තියාගෙන එන්න එපා. මොකද ඊලඝ යුද්දෙ මූලබීජ වෙන්නෙ ඔය වගෙ අතිතයෙ වෙච්ච දෙවල් වල පොට්ටනි ඔලුවෙ තියාගෙන එන උබල වගෙ උන්. උන් කරන්නෙ ඔය පරන අතිතය වෙච්ච වෑරදි ආපහු යුද්දයක් ඈතිවෙනකම් අරගෙන යන එක.
ඊලඟ යුද්ධයේ මූල බීජ මේ වගේ ලිපියක් හරහා එන්න කිසිම හේතුවක් නෑ බන්. මොකද, ඒවා තාම නිෂ්ක්‍රීය වෙලා නැති නිසා. රට ආපහු යුද්ධෙකට අරන් යන්නේ ප්‍රශ්නයක් දිහා තුන්වෙනි ඇහැකින් බලලා සාමකාමී රටකට විසඳුම් හොයන අපි ද? නැත්නම් "යුද්ධෙන් පස්සේ ඔක්කොම ඉවරයි" කියන ෆුල් ආෂික් මානසිකත්වයෙන් ඉන්න උඹලා වගේ මිනිස්සු ද??

2009 යුද්දෙ ඉවර උනට පස්සෙ උතුරෙ පුනුරුත්තාපනය වෙලා ආපු කොටි සාමජිකය් එකෙක් වත් ආපහු යුද්ද කරන්න හිතන්නෙවත් නෑ. ඒ මිනිස්සු තමන්ට දෙයක් කරගෙන පාඩුවෙ ජීවත් වෙනව. නමුත් උන්ට දෑන් තෙරිල තියනව උන් අහූන බොරුවෙ තරම. LTTE සමජිකයො ගොඩක් දෙනෙක් දෙමල සමාජයෙ පහත් කියල සලකන මල්මදින ,මලුමරන වගෙ කුලවල අය යුද්ද කාලෙ මෙ මිනිස්සුන්ගෙ අගය ඉහල තෑනක තිබුනා නමුත් දෑන් ඒමිනිස්සු පහතට වෑටිල (ඔක උතුරටා විතරක් නෙවේඑ දකුනටත් එහෙමම තමඊ).
ඒ තමයි මිනිස්සුන්ගේ හැටි.
පුනරුත්තාපනය වුණ එල්.ටී.ටී.ඊ සාමාජිකයාට වුණෙත් ඒ ටිකම තමයි. 
) 

දෑන් ඔය උතුරෙත් දකුනෙත් පරන මලමිනී උස්සගෙන සින්හනාද කරන්නෙ ජීවිතෙට යුද්දෙකට සහභාගි වෙන්න හිත්පුවත් නෑති එවුන්. උන් කරන්නෙ යුද්දෙ අවුලන එක විතරඊ ඊට පස්සෙ ඒකට බිලිවෙන්නෙ ඉස්සර වගෙම දුප්පත් මිනිස්සුන්ගෙ දරුවො විතරඊ. ඒකනිසා මචන් බොරුවට අතිතයෙ වෙච්ච එවා අවුස්සලා තවත් සන්හාරයක් පටන් ගන්නවට වඩා හොන්දඊ වෙච්ච වෑරදි දෙපෑත්තම අමතක කරලා ඉස්සරහට යන එක.




මට උබට කියන්න තව ලොකු දෙයක් තියනවා ඒක තමඊ දෑන් යුද්දෙ ඊවරඊ...


ඈයි බන් දෙමල්ලුන්ට නිදහස වැඩිවුනා දැන් රගනවා
(අන්තවාදීන්)


2009න් පස්සේ හොඳම ජැක්පොට් එක සෙට් වුණේ අන්තවාදින්ට මචන්........!




මොකද මිනිස්සුන්ගේ මනාපය ඕනම මොහොතක වෙනස් වෙන්න පුලුවන් බව දන්න නිසා.


මේකට විසදුම දෙන්න පුළුවන් දෙමළුන්ට නෙවෙයි මහා ජාතිය කියන සිංහලුන්ට. උන් සෙට්වෙලා මේ ජරාජීර්ණ දේශපාලනය වෙනස් කලොත් දෙමලුන්ගේ මුස්ලිමුන්ගේ අවස්ථාවාදී දේශපලයෝ නිකම්ම දොට්ට
චෙල්වනායගම් ලා අමිර්තලිංගම් ලා හිටපු රටේම නෙමෙයි ද බන් බණ්ඩාරනායකලා ජේ.ආර් ලා හිටියේ........??![]()
වර්තමානයේ වෙනසකට තියෙන්නේ උතුරේ දේශපාලකයා උගේ ජාතිවාදී දේශපාලනය අමුවෙන් කරද්දි දකුණේ (ඇතැම්) ජාතිවාදි දේශපාලකයෝ කොලේ වහගෙන ගේම ගහන එක මිසක් උන් යක්ෂයෝ වෙලා අපි සාමයේ පරෙවියෝ වුණ එක නෙමෙයි........!!!
අනිවාර්යයෙන්ම මේ තියෙනවාට වඩා පැහැදිලි වෙනසක් වෙනවා මයි.
හේතුව, මිනිස්සු තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම ගතානුගතික ආකල්ප මත කරන නිසා තමයි මචෝ දේශපාලුවෝ නීතිය බල්ලට දාලා හිතුමතේට අපිව නටවන්නේ.
තමන්ගේ ආසනේට වැඩක් කරන්න පුලුවන් මිනිහෙක් මොන පක්ෂෙන් ඉදිරිපත් වුණත් කතිරේ ගහන්න ඕනි. රජුන් තැනීම වෙනුවට "ජනතා සේවකයෝ" පත් කර ගැනීමට මුල් තැන දෙන්න ඕනි!
එදාට ඔය පාලකයොන්ගේ අතේ තියෙන ස්ටැටික්ස්, වාර්තා බොරු වෙනවා. මිනිස්සු කතිරේ ගහන්නේ තමන්ට වැඩක් කෙරෙන තැනට මිසක්, තමන්ගේ තාත්තා, සීයාගෙන් ආපු පක්ෂෙට නොවන බව තේරුණාම අද ඔය ලොකු පුටුවල මිනිස්සුන්ට වත් උන්ගේ පුත්තුන්ට වත් මේ නැටිලි නටන්න හම්බ වෙන්නේ නැහැ!!මොකද මිනිස්සුන්ගේ මනාපය ඕනම මොහොතක වෙනස් වෙන්න පුලුවන් බව දන්න නිසා.
අන්න! ඒ බය ආපු දාට තමයි මචන් මේ රටවල් හැදෙන්නේ.....!!!
මිනිස්සුන්ගේ මනාපය කියන දේ (vote), වර්තමාන බහුතරයක් දෙශපාලකයන්ට සහ දේශපාලනයට පිවිසීමට බලාපොරොත්තු වෙන උදවියට පවා වැදගත් වෙන්නේ, ඕන වෙන්නේ, වසර 5 කට සැරයක් විතරයි. උන්ගේම වචනවලින් කියනවානම් අවුරුදු පහකට ගියානම් ඇති පරම්පරාවටම ගොඩයන්න පුළුවන්. එහෙම උන්, කුඩු සල්ලි හරි, කසිප්පු සල්ලි හරි, සාදාරන නීත්‍යානුකූල නොවන ඕනෑම ක්‍රමයකින් උපයා ගන්න සල්ලි අතදිග ඇරලා වියදම් කරලා මැතිවරණ ව්‍යාපාරයේ නිරත වෙනවා. සමහරු මේක ආයෝජනයක් හැටියට සලකන්නේ. තියෙන දෙයක් විකුණලා චන්දෙ කරලා, දින්නට පස්සේ arrears එකත් එක්ක හම්බ කරනවා.
වර්තමාන මැතිවරණ ක්‍රමය තුල පවා (සමානුපාතික චන්ද ක්‍රමය), සාදාරන විදිහට මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන්නවත් අවශ්‍ය සාදක සම්පාදනය කරන්නේ නැහැ.
උදාහරණයක් විදිහට සමස්ත දිස්ත්‍රික්කයක්ම කවර් කරන්න යන මුදල, ආසන මට්ටමින් ගත්තොත් ඉලෙක්ෂන් හත අටකට (කොලඹ නම් ඉලෙක්ෂන් 15කට වියදම් කරන මුදල) වියදම් කරතහැකි. (වර්තමාන මැතිවරණ සිස්ටම් එකේ තියෙන ප්‍රභලම දුර්වලතාවය හැටියට මම දකින්නේ මේක, මේ නිසාම විකල්ප මැතිවරණ ක්‍රමයකට යායුතුයි කියන එක මගේ පෞද්ගලික මතය)
ඉතින් කරුණු කාරනා මෙහෙම තියෙද්දී මුලික සුදුසුකම වන "තමන්ගේ ආසනේට වැඩක් කරන්න පුලුවන් මිනිහෙක්" වීම නොමල ගෙයකින් අබ මිටක් හොයනවා වැනි කාරනාවක් වෙනවා නේද.
මොලයක් තියෙන නිසි අද්යාපන සුදුසුකමක් තියෙන මිනිහෙක්ට චන්දෙකට ඉල්ලන්න තරම්වත් වත්පොහොසත්කමක් තිබේවිද අපේ රටේ. (එක වෙනමම ආර්ථිකමය ගැටළුවක්). එහෙම සාදාරනව දෙයක් හරිහම්බ කරගත්ත මිනිහෙක් උනත් දේශපාලනයට ඇවිත් ප්‍රතිපත්තිමය දේශපාලනයක නිරත වෙන්න පුළුවන් වේවිද. BAR ලයිසන් එක ගන්නේ නැතුව, car permit එක විකුනන්නේ නැතිව. කොමිස් ගන්නේ නැතිව හෝ වෙනයම අයතා ක්‍රම වලින් නැතිව මංත්‍රී වැටුපෙන් දීමනා වලින් විතරක් ඔය මනුස්සය ගැට ගහගෙන ඉඳීවිද. හරි එහෙම පුළුවන් කියමුකෝ
එත් කීයෙන් කීදෙනෙක් ඔය කියන ගොඩට වැටේවිද. මම අහලා තියෙන විදිහට තුන්වෙනි ලෝකේ රටක දේශපාලකයෙකගෙන් මනුෂ්‍යත්වය ඉක්මවා ගිය දේවත්වයක් බලාපොරොත්තු වෙන්න එපා කියලයි කියන්නේ. චන්දදායකය අපේක්ෂකයා කාල බලල තීරණය කරන්නද කොයි ගොඩට යනවද කියලා. අපි හොඳ මනුස්සයෙක් (සාපේක්ෂව) තෝරලා පත්කර යැව්වත් කුණු අඹ ගොඩේ තියෙන එක හොඳ අඹේටත් පණුවෝ ගහනවා වගේ ඔය හොඳ මනුස්සයක් අනිත් පැත්තට පෙරළෙනවා කියන එකට උදාහරණ ඇත අතීත දේශපාලනෙන් වගේම මැත අතීතයෙනුත් කිලෝ ගානට ගතහැකි. (මම නම් කියන්න යන්නේ නැහැ, තම තමන් තම නැණ පමණින් තෝරා බේරා ගන්න,)
ඉතින දේශපාලකයන්ව වෙනස්කරනවා කියන එක සාපෙක්ෂව ගොඩක් අමාරු කර්තව්‍යයක් හැටියට තමයි මටනම් පෙන්නේ. එත් අපිට still බාවිතා කරන්න පුළුවන් අපිට තියෙන ප්‍රභලම භයානකම අවිය වන චන්දය නැත්නම් Vote එක කේවල් කිරීම සඳහා. එත් මේක සැහෙන්න මන්දගාමී slow අවියක්. කිසිම දේශපාලන පක්ෂයකට අති භහුතර බලයක් දෙන්නේ නැතිව. පාර්ලිමේන්තුව තුල සුළු බහුතරයකින් ආණ්ඩු කරගෙන යන්න කටයුතු සලස්වන්න ඕන. (අති බහුතරයකින් ආණ්ඩු බලය ලබාදීමෙන් සිදුවූ ව්‍යසන පිලිබඳ, මෑත මෙන්ම මදක් අතීතයෙනම බලාගන්න පුළුවන්.) මෙහිදී ප්‍රගතිශීලී (ඇත්තටම එහෙම උන් ඉන්නවද අපේ පාර්ලිමේන්තුවේ?) හෝ පුද්ගල හෝ පක්ෂ ඒකාධිපති බලවේග වලට විරුද්ද ප්‍රතිගාමී නියෝජනයක් වර්දනය කරන්න ඕන. (ඔබ ඔය මුලින් සඳහන් කරන කාරනාව "ඒ බය" කියන දේ ඒවිට අදාළ පුද්ගලයන්ගේ හදවතට දැනේවි). උදාහරණයක් විදිහට විදායක ජනාධිපති ක්‍රමයම අහෝසි කරනවා කියනවා වෙනුවට, ජනාධිපතිට ඕන ඕන වෙලාවට පාර්ලිමේන්තුව විසුරවීමේ බලය. කැමති කැමති උන්ට මන්ත්‍රී ධුර, ඇමති ධුර, සංස්ථා සභාපතිකම් නිලතල ආදිය ලබාදීම බලතල ආදී. එකාධිපතීත්වයකට සුළුවෙන හෝ පාර කපන නීති අනපනත් පරාජය කිරීමේ, අහෝසි කිරීමේ අවලංගු කිරීමේ බලයක් හඬක් ගොඩනැගෙන විදිහට එහෙම හඬක් ඇතිකරන නියෙජනයක් පාර්ලිමේන්තුව හෝ පළාත්සභා තුල පමණක නෙමේ පහලම ජනතා නියෝජනය තියෙන ප්‍රාදේශීය සභා තුලත් ඇති කරන්න ඕන. මම උදාහරණයක් හැටියට විදායක ජනාධිපති ක්‍රමය ගත්තත් ඊට වඩා පුළුල්ව මේක තියෙනවා.
"රජුන් තැනීම වෙනුවට "ජනතා සේවකයෝ" පත් කර ගැනීමට මුල් තැන දෙන්න ඕනි!" කියන දේ වර්තමාන සිස්ටම් එකේදී එච්චර ප්‍රැක්ටිකල් සිද්ද නොවුනට, මම කියන කාරණාව වර්තමානයේ සුළුවෙන් දකින්න පුළුවන්.
මේක ඉතාම මන්දගාමි ක්‍රියාන්විතයක්. ක්ෂණික ප්‍රතිපල නම් දකින්න වෙන්නේ නැහැ.
මොනතරම් "ජනතා සේවකයෝ" අපි පත්කරත්, ජනතාවට විශාල වගකීමක් තියෙනවා. අවුරුදු පහකට සැරයක් ගිහින් පැන්සලෙන් කතිරේ ගහල පෙට්ටියට දාල පහුවෙනිදට චන්දෙ දිනපු එක වෙනුවෙන් රතිඥා පත්තු කරලා නතර වෙන්නේ නැතිව. දිනුව හෝ පැරදුන උනත්. ඊළඟ චන්දයක් එනකම් කුසීතව බලාගෙන ඉන්නේ නැතුව. ඊළඟ චන්දෙදි උඹට වැඩේ දෙන්නම් එතකන් හිටහන් කියන්නේ නැතුව හඬක් නගන්න, පාරට බහින්න හා ක්‍රියාකාරී වෙන්න.
කවරෆ්දාකවත් එක මිනිහෙක් අතට අසිමිත් බලයක් දෙන්න හොද නැ. උ පුස්සු කෙලින්න් ගත්තහම ඉති අයි ක්කරන්න් දෙයක් නැ. උට පුළුවන් නම් පාර්ලිමේන්තුවේ කට්ටිය පාලනය කරන්න එකෙන් උට ඕන දෙයක් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න පුළුවන්.
මම දන්න විදියට කිව්බවේ තිය නියම සිස්ටෙම් එකක්. එකේ නියෝජිතෛන් පත්කරන්නේ පළමුව ගමේ කට්ටිය එකතුවෙලා එගොලන්ගේ පහලම පාලන ආයතනයක (එකියන්නේ අපු නගරසබා, ප්‍රදේශීය සබැ වගේ ) කට්ටිය පත්කරනවා. එගොලන්ගෙන් පාර්ලිමේන්තුව තුවට කට්ටිය තෝරලා යනවා. කස්ත්‍රෝ පවා පත්වෙන්න් එහෙමයි. ඊට පස්සේ එගොලන්ගේ පත්වීම් කාලය අතරතුර වසරකට එක වරක් වගේ කර්යසදනයක් තියනවා ප්‍රදේශයේ ජනතාවගෙන්. එතකොට තමන් යවපු කටයුතු නොකර පිස්සු කෙලින කට්ටිය කලින්ම ගෙදර තමයි. කස්ත්‍රෝ උනත් විප්ලවයේ නායකයා උනාට ඕනෑම වෙලාවක ගෙදර යවන්න පුළුවන් . කොහොම උනත් මේ හැම දේටම කලින් මිනිස්සු වෙනස් කරන්න ඕන.




