ජපන් එනවද? එන්න ඕනෙද?

අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ජපන් එනවද? එන්න ඕනෙද?

    ඔන්න කොල්ලනේ තවත් ලංකාවේ කොල්ලෙක් ගොඩ දාන්න තමයි යන්නේ.

    අපේ කොම්පැනියට Accountant කෙනෙක් Marketing Officer කෙනෙක් සහ Logistics officer කෙනෙක් ගන්න යන්නේ. බොසා ඉන්දියන් එවුන් ගන්න කියල හිටියේ මොකද අපේ ඩුබායි ඔෆිස් එකේ ඉන්නේ ඔක්කොම ඉන්දියන් කාරයෝ.. පස්සේ මම බොසාට ඉන්දියන් ඉන්දියාවේ Education System එක සහ University Rankings ගැන කියල උන්ටික බාල්දු කරලා දැම්ම :lol::lol::lol::lol:

    ඊට පස්සේ පොර කිව්වා, එහෙනම් ඔයා කැමති දිහාවකින් ගෙන්න ගන්න කියල. මම මගේ යාලුවෙක්ට මාකටින් ඔෆිසර්ගේ චාන්ස් එක දෙනවා. ඉතින් අනිත් තනතුරු දෙකටත් මම ලංකාවෙන්ම ගෙන්න ගන්න කියල තමයි හිතුවේ.

    මෙන්න මේ පහලින් කියන සුදුසුකම් තියන කොල්ලෝ ඉන්නවනම් මට කියන්න..

    අවුරුදු 25 - 32 අතර වෙන්න ඕන..
    විෂයට අදාලව පිළිගත් විශ්ව විද්‍යාලයකින් උපාධියක් තියෙන්න ඕන.
    විෂයට අදාල වෘත්තීය සුදුසුකම්
    මනා ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිරවීම
    ERP මෘදුකාංග භාවිතය පිලිබඳ දැනුම

    ජපන් භාෂාව අවශ්‍ය නැත. මාත් එක්ක වැඩ කරන්න තියෙන්නේ.. :lol::lol:(පුළුවන් නම් හොඳයි)

    ඔය කියන දේවල් තියනවා නම්, අවරුදු 5 -10 ජපානේ වැඩ කරන්න කැමතියි නම් පහල තියන ඇඩ්‍රස් එකට CV එක දාන්න. මොකද කොම්පැනිය බලාපොරොත්තු වෙන්නේ මැනේජ්මන්ට් එකට යනකන් යන්න පුළුවන් එවුන්. එකයි අවුරුදු 5-10 විතර කිව්වේ.

    Mail ඇඩ්‍රස් එක මෙතන දාන්න එපා කියල කිරියේ ජෙෂ්ටයෙක් කිව්වා. ඒක නිසා PM එකක් දාන්න.

    මේක මගේ ඔෆිස් මේල් එක. ඒක නිසා වෙන මගුලවල් කියල නම් මේල් දාන්න එපා.. සුදුසුකම් නැත්නම් දාන්නත් එපා. උඹල ගැන සම්පුර්ණ විශ්වාසය තියල තමයි මේක මෙතන දැම්මේ.

    ජුනි මාසේ මැද මමයි බොසයි ලංකාවට එනවා ඉන්ටර්විව් කරන්න. එහෙම නැති උනොත් ස්කයිප් වලින් මුල්ම ඉන්ටර්විව් එක තියල සිලෙක්ට් කරගන්න දෙතුන්දෙනාට බහරේන් වල අපේ ඔෆිස් එකට යන්න වේවි ෆයිනල් ඉන්ටර්විව් එකට. ගමන් වියදම් ඔක්කොම කොම්පැනියෙන් දෙනවා..

    ඔන්න අන්තිමට කියන්නත් දෙයක් තියනවා. මට මේක වාසියක් කරගෙන ලක්ෂ 5, 10 අරගෙන මට කැමති එකෙක් ගෙන්න ගන්න පුළුවන්. එත් මට ඕන වෙන්නේ සුදුසුකම් තියන විශ්වාසයෙන් වැඩ කරන්න පුළුවන් හොඳ personality එකක් තියන අයව. මම අඩුම තරමේ අපේ නෑදෑයෙකුටවත් මේ ගැන කියල නෑ. මේ ඔක්කොම කරන්නේ නොමිලේ. සත පහක් ඕන නෑ.

    හැබැයි පුතෝ, අන්තිමට මටත් කෙල වේවිදෝ කියන බයත් එක්ක තමයි මේ දාන්නේ.. මට මෙහෙ ඉන්න යාලුවෙක් කිව්වා, අපෝ මචන් උඹ කොහෙන් ගෙනාවත් ලංකාවෙන් නම් ගෙන්න එපා, උඹටත් කෙලවල තමයි නවතින්නේ කියල. එත් ඉතින් ලංකාවේ ඉපදිලා හැදුන වැඩුන නිසා එහෙම හිතෙන්නේ නෑ.. මට ඕක කිව්වා එකාත් කිරියේ ඉන්නවා, දැන් ඉතින් අමතයි ඇවිල්ල.;);)

    එහෙනම් කොල්ලනේ ඉතින් අපි ගියා....

    ප.ලි... PM දානකොට උබලගේ වයස, Degree එක, සහ තනතුර දාල එවපල්ලා, නිකන්ම ඉමේල් ඉල්ලන්නේ නැතුව..
     
    Last edited:

    naweej

    Junior member
  • Jan 27, 2010
    163
    24
    18
    12'o clock of Ur CP
    අවදානමක් අරගෙන ඔබතුමා ලංකාවේ එකෙක් වෙනුවෙන් කරන මේ උපකාරයට ගොඩාක් ස්තූතියි සහෝදරයා ...

    ඔබට ජයෙන් ජය !


    මමත් කිහිප දෙනෙකුටම පණිවිඩය දුන්නා.
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    අවදානමක් අරගෙන ඔබතුමා ලංකාවේ එකෙක් වෙනුවෙන් කරන මේ උපකාරයට ගොඩාක් ස්තූතියි සහෝදරයා ...

    ඔබට ජයෙන් ජය !


    මමත් කිහිප දෙනෙකුටම පණිවිඩය දුන්නා.

    බොහොම ස්තුතියි මචන්..
     
    • Like
    Reactions: Phenol

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    එල කොල්ලෙක්.එකෙන්ම උබට හරියන්න ඕනා... :yes::yes:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,764
    1
    9,559
    113
    colombo
    උඹ නම් එළ පොරක් බන් ගොඩක් එවුන් රට රවල් වලට ගිහාම තව එකෙක් උන් වගේ හම්බ කරනවට කැමති නෑ, ඒත් උඹ නම්... උඹට අනිවා හරි යනවා