රටකින් එහා ඉගිළී...
හැමදාම වගේ කොහෙ හරි දුරක ගිහින් ආවොත් ගමන් විස්තරේ එලකිරියත් එක්ක බෙදා ගන්න පුරුදු උනේ ගොඩ කාලෙක ඉඳලයි..
ඉතින් මේ පාරත් ටිකක් වෙනස් විදිහෙ සංචාරයක් ගැන විස්තර ටිකක් එලකිරි සාමාජිකයෝ එක්ක බෙදා ගන්න හිතුනා...
රසමුසු තැන් වගේම සංවේදී හැඟීම් ගොඩක් එක්කයි මේ පාර ගමන පටන් ගත්තේ.. දෙමව්පියෝ, නෑදෑයෝ යාලුවෝ හැමෝම අත ඇරල දාල ආව ගමනක් නිසා හිත ඇතුළෙ ලොකු දුකක් රැඳිල තිබුණ ගමන පුරාවටම...
කටුනායක ගුවන්තොටුපළින් ඩුබායි රටට ඉගිලෙන්න බලාගෙන "Fly-Dubai" ගුවන් යානයකට හා හපුරා කියලා මමත් ගොඩ උනා..
පැය 6 ක විතර ගුවන් ගමනක් නිසා වැඩි සැපපහසුකම් නැතුව සාමාන්‍ය ගුවන් සේවයක් තමයි මමනම් තෝර ගත්තේ..
හොඳම සීන් කෝන් එක උනේ මම ටිකට් එක බුක් කරපු දවසේ ඒක බුක් කරල පැය දෙකක් යන්න කලින් මේ ගුවන් සේවයටම අයිති ප්ලේන් එකක් කඩන් වැටිච්ච එක..
ප්ලේන් එක දැක්ක වෙලාව ඉඳල ඔය විකාර අදහසත් මගේ ඔලුවෙ වැඩ කළා..
ඒ මදිවට මට හම්බ උනේ ටිකක් විතර පරණ ප්ලේන් එකක්..
හරියටම කියනවනම් ලොකු සීට් හයි කරපු පරණ ලේලන්ඩ් බස් එකක් වගේ එකක්.. ඒ වගේම ඒක ටිකක් විතර හඩු පාටයි.. සීට් එහෙමත් හෙන පරණ පාටයි..
මොනව නැතත් එයා හෝස්ටස්ලනම් ගොඩක් අලුත් පාටට හිටියා අවුරුදු ගාණක් දුවල පරණ වෙලා හිටියත්..
(ඕකනේ ඉතින්... මම කිව්වේ ගොඩක් රට රටවල් වල දුවපු ඒ අයගෙ එක්ස්පීරියන්ස් එක ගැන..
)
කටුනායකින් ගමන පටන් අරන්, මත්තලත් ගොඩ බැහැල ඊලඟට කෙළින්ම අපේ ගමනාන්තෙ උන ඩුබායි බලා පිටත් උනා..
ඔන්න කටුනායක ගුවන්තොටුපළින් අහසට නැගපු හැටි..
අපේ රටේ වලාකුලු උඩින් ඇවිත් මත්තලට ගොඩ බැස්සා...
මත්තල බෑවට පස්සෙ තෙල් ටිකකුත් ගහ ගත්ත..
මත්තලනම් මොකට ලෑන්ඩ් කළාද දන්නෙ නෑ.. කොහොම උනත් මත්තල එයා පෝට් එකනම් සෑහෙන පාලුයි වගේ පෙනුන..
එයා පෝට් එකක් උනත් ප්ලේන් ඇවිත් තියෙනව නම් දැක්කෙ නෑ ඇත්තටම..
ඒ වගේම ප්ලේන් එක නග්ගන්න කලින් තුවක්කුවක් ගත්ත කෙනෙක් එක්ක ජීප් එකකුත් යනව රන වේ එක අයිනෙන්.. ඒ කුරුල්ලොන්ගෙන් කරදර වෙන නිසාද කොහෙද.. තව එකෙක් බයික් එකකත් යනව දැක්ක.. මටනම් ඒක ටිකක් නුහුරු දර්ශනයක් උනා විතරක් නෙමෙයි මත්තලින් නග්ගද්දි කුරුල්ලො එන්ජිම අස්සෙ රිංගයි කියල පොඩි බයකුත් දැනුනා..
මේ හරියෙදි මටත් නොදැනිම මගේ ඇස් දෙක තෙත් උනා...
මට මගේ කියල තිබුණ හැම දේකින්ම ඈත් වෙනව නේද කියල දැනුන අපේ රට ටිකෙන් ටික ඈත් වෙනහැටි උඩ ඉඳල බලන් ඉන්නකොට.. මගේ ආදරණීය දෙමවුපියෝ, නෑදෑයෝ, යාලුවො හැමෝගෙන්ම සෑහෙන කාලෙකට ඈත් වෙලා යන මොහොත නේද මේ කියල හිතුනා..
ජනේලෙ අයිනෙම සීට් එකක් වෙන් කර ගත්තට ගොඩබිමින් ඈත් උන වෙලාවෙ ඉඳලම ලොකු දුකක් හිතේ හිරවෙලා තිබුණා.. එදා මම වීදුරුවට ඔලුව තද කරන් හිස් බැල්මකින් සෑහෙන වෙලාවක් ඔහේ පහළ බලන් හිටිය හැටි මට තාම හොඳට මතකයි...
මෙතනින් එහාට මට අපේ රට ආයෙත් පෙනුණෙ නෑ.. මුහුද උඩින්, වලාකුලු උඩින් ගිහින් අවසාන ගමනාන්තෙ උන ඩුබායි වලට ගොඩ බැස්ස..
පොළොවට පය ගහල "හිටං" නවතැන්පොළට පිටත් උනා..
පහු වෙනිද මෙහෙ නිවාඩු දවසක් නිසා ලංකාවෙම අයිය කෙනෙකුගෙ අනුග්‍රහය ඇතුව ටිකක් ඇවිදින්න ගියා.. මගේ අවාසනාවට, මෙහෙ අයගෙ වාසනාවට, මම ආව වෙලාවෙ ඉඳලම මෙහෙට වැස්ස..
බර්ජ් කලීෆා.. මම හිතන්නෙ උසම බිල්ඩිමද කොහෙද.. මේක හැම තැනටම පේන බිල්ඩින් එකක්..
මම ගිය නගර ගැන නම් මට කිසිම අවබෝධයක් තිබුණෙ නෑ..ඒත් කිලෝ මීටර් ගණන් ගියත් කොහෙදි හරි මේ බිල්ඩිම පේනවමයි...

)කටුනායකින් ගමන පටන් අරන්, මත්තලත් ගොඩ බැහැල ඊලඟට කෙළින්ම අපේ ගමනාන්තෙ උන ඩුබායි බලා පිටත් උනා..

බලෙන් රෙද්ද ඇඟට දාල ගාණ කියන සීන් එකක් තියෙන්නේ..
)

+++