රටකින් එහා ඉගිළී...

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    රටකින් එහා ඉගිළී...


    qo7o1y.jpg


    හැමදාම වගේ කොහෙ හරි දුරක ගිහින් ආවොත් ගමන් විස්තරේ එලකිරියත් එක්ක බෙදා ගන්න පුරුදු උනේ ගොඩ කාලෙක ඉඳලයි..
    ඉතින් මේ පාරත් ටිකක් වෙනස් විදිහෙ සංචාරයක් ගැන විස්තර ටිකක් එලකිරි සාමාජිකයෝ එක්ක බෙදා ගන්න හිතුනා...:cool:

    රසමුසු තැන් වගේම සංවේදී හැඟීම් ගොඩක් එක්කයි මේ පාර ගමන පටන් ගත්තේ.. දෙමව්පියෝ, නෑදෑයෝ යාලුවෝ හැමෝම අත ඇරල දාල ආව ගමනක් නිසා හිත ඇතුළෙ ලොකු දුකක් රැඳිල තිබුණ ගමන පුරාවටම...:(

    කටුනායක ගුවන්තොටුපළින් ඩුබායි රටට ඉගිලෙන්න බලාගෙන "Fly-Dubai" ගුවන් යානයකට හා හපුරා කියලා මමත් ගොඩ උනා..

    9run8h.jpg


    පැය 6 ක විතර ගුවන් ගමනක් නිසා වැඩි සැපපහසුකම් නැතුව සාමාන්‍ය ගුවන් සේවයක් තමයි මමනම් තෝර ගත්තේ..:yes: හොඳම සීන් කෝන් එක උනේ මම ටිකට් එක බුක් කරපු දවසේ ඒක බුක් කරල පැය දෙකක් යන්න කලින් මේ ගුවන් සේවයටම අයිති ප්ලේන් එක
    ක් කඩන් වැටිච්ච එක..:shocked: ප්ලේන් එක දැක්ක වෙලාව ඉඳල ඔය විකාර අදහසත් මගේ ඔලුවෙ වැඩ කළා..:baffled: ඒ මදිවට මට හම්බ උනේ ටිකක් විතර පරණ ප්ලේන් එකක්..:sorry: හරියටම කියනවනම් ලොකු සීට් හයි කරපු පරණ ලේලන්ඩ් බස් එකක් වගේ එකක්.. ඒ වගේම ඒක ටිකක් විතර හඩු පාටයි.. සීට් එහෙමත් හෙන පරණ පාටයි..:rofl: මොනව නැතත් එයා හෝස්ටස්ලනම් ගොඩක් අලුත් පාටට හිටියා අවුරුදු ගාණක් දුවල පරණ වෙලා හිටියත්..:P (ඕකනේ ඉතින්... මම කිව්වේ ගොඩක් රට රටවල් වල දුවපු ඒ අයගෙ එක්ස්පීරියන්ස් එක ගැන..:rolleyes:)

    කටුනායකින් ගමන පටන් අරන්, මත්තලත් ගොඩ බැහැල ඊලඟට කෙළින්ම අපේ ගමනාන්තෙ උන ඩුබායි බලා පිටත් උනා.. :cool:

    ඔන්න කටුනායක ගුවන්තොටුපළින් අහසට නැගපු හැටි..

    nbte87.jpg


    2vbvfo3.jpg


    28w03rd.jpg


    im2utz.jpg


    2h6y16a.jpg


    2ia7qx5.jpg


    අපේ රටේ වලාකුලු උඩින් ඇවිත් මත්තලට ගොඩ බැස්සා...

    zv5xso.jpg


    2m3nuaq.jpg


    මත්තල බෑවට පස්සෙ තෙල් ටිකකුත් ගහ ගත්ත..

    dw786.jpg


    මත්තලනම් මොකට ලෑන්ඩ් කළාද දන්නෙ නෑ.. කොහොම උනත් මත්තල එයා පෝට් එකනම් සෑහෙන පාලුයි වගේ පෙනුන..:dull: එයා පෝට් එකක් උනත් ප්ලේන් ඇවිත් තියෙනව නම් දැක්කෙ නෑ ඇත්තටම..:no: ඒ වගේම ප්ලේන් එක නග්ගන්න කලින් තුවක්කුවක් ගත්ත කෙනෙක් එක්ක ජීප් එකකුත් යනව රන වේ එක අයිනෙන්.. ඒ කුරුල්ලොන්ගෙන් කරදර වෙන නිසාද කොහෙද.. තව
    එකෙක් බයික් එකකත් යනව දැක්ක.. මටනම් ඒක ටිකක් නුහුරු දර්ශනයක් උනා විතරක් නෙමෙයි මත්තලින් නග්ගද්දි කුරුල්ලො එන්ජිම අස්සෙ රිංගයි කියල පොඩි බයකුත් දැනුනා..:eek:

    2iky7pv.jpg


    242euu0.jpg


    මේ හරියෙදි මටත් නොදැනිම මගේ ඇස් දෙක තෙත් උනා...:(

    2w2105t.jpg


    මට මගේ කියල තිබුණ හැම දේකින්ම ඈත් වෙනව නේද කියල දැනුන අපේ රට ටිකෙන් ටික ඈත් වෙනහැටි උඩ ඉඳල බලන් ඉන්නකොට.. මගේ ආදරණීය දෙමවුපියෝ, නෑදෑයෝ, යාලුවො හැමෝගෙන්ම සෑහෙන කාලෙකට ඈත් වෙලා යන මොහොත නේද
    මේ කියල හිතුනා.. :sorry:

    2vd1n3q.jpg


    egza5t.jpg


    jrct91.jpg


    ජනේලෙ අයිනෙම සීට් එකක් වෙන් කර ගත්තට ගොඩබිමින් ඈත් උන වෙලාවෙ ඉඳලම ලොකු දුකක් හිතේ හිරවෙලා තිබුණා.. එදා මම වීදුරුවට ඔලුව තද කරන් හිස් බැල්මකින් සෑහෙන වෙලාවක් ඔහේ පහළ බලන් හිටිය හැටි මට තාම හොඳට මතකයි...:dull:

    vnnms8.jpg


    මෙතනින් එහාට මට අපේ රට ආයෙත් පෙනුණෙ නෑ.. මුහුද උඩින්, වලාකුලු උඩින් ගිහින් අවසාන ගමනාන්තෙ උන ඩුබායි වලට ගොඩ බැස්ස..:)

    පොළොවට පය ගහල "හිටං" නවතැන්පොළට පිටත් උනා..

    n6q0qd.jpg


    පහු වෙනිද මෙහෙ නිවාඩු දවසක් නිසා ලංකාවෙම අයිය කෙනෙකුගෙ අනුග්‍රහය ඇතුව ටිකක් ඇවිදින්න ගියා.. මගේ අවාසනාවට, මෙහෙ අයගෙ වාස
    නාවට, මම ආව වෙලාවෙ ඉඳලම මෙහෙට වැස්ස..:dull:

    dfg674.jpg


    බර්ජ් කලීෆා.. මම හිතන්නෙ උසම බිල්ඩිමද කොහෙද.. මේක හැම තැනටම පේන බිල්ඩින් එකක්..

    mspea.jpg


    rkwp5i.jpg


    මම ගිය නගර ගැන නම්
    මට කිසිම අවබෝධයක් තිබුණෙ නෑ..ඒත් කිලෝ මීටර් ගණන් ගියත් කොහෙදි හරි මේ බිල්ඩිම පේනවමයි...

    260tk4k.jpg





     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේ රටවල ගොඩනැගිලි හදන්නෙ තරඟෙකට වගේ.. එකකට එකක් වෙනස්ම විදිහට.. පේනවනේ.. මේ බිල්ඩිම හදාගෙන යන්නේ ඇදේට...:baffled: (ජංගමේ පික්සල් ගාණ මදි නිසා ෆොටෝස් නම් පැහැදිලි නෑ..:no:)

    f9jaz5.jpg


    16hvqtx.jpg


    2vb0buw.jpg


    2hi593d.jpg


    බීච් එකට ආවත් වාහනෙන් බහින්න ලැබුණේ නෑ වැස්ස නිසා.. මගේ වෙලාව තමයි ඉතින්..:(

    296p6bm.jpg


    jjybyv.jpg


    aya877.jpg


    2qwekvk.jpg


    මේව දැකල උඹ ෂොපින් කළාද මචන් කියල අහල මාව අපහසුතාවයට පත් නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි..:rofl:



    3tv88.jpg


    2ymeiv8.jpg


    e0pvtx.jpg


    241o5jp.jpg


    2i8g30m.jpg


    swweww.jpg


    359zja1.jpg


    පෙට්ටි කඩ මෙහෙත් තියෙනෙව.. හැබැයි කන්ටේනර් පෙට්ටි..:P ඒ වගේම ඒව සුඛෝපභෝගී ඒවා..:cool:

    1zvwcuc.jpg


    ඔය පහළින් තියෙන කාර් ටික දැකල කෑ ගහන්න ගිහින් කුණුහරුපෙකුත් අහ ගත්තා..:(

    msccx0.jpg


    අපේ රටේ හෝල්ට් වලින් පිටත් වෙන බස් වලට වැඩිය ලඟ ලඟ මෙහෙ ප්ලේන් නග්ගනව එයා පෝට් එකෙන්..:shocked: මේ කලර් ලයිට් එකේ හිටිය විනාඩි 2කට ප්ලේන් 6ක් විතර එහාට මෙහාට ගියා..:cool:

    v9z7d.jpg


    ht8ajl.jpg


    2zgdq1k.jpg


    මෙහෙ කවුරුවත් හෝන් ගගහ වාහන එලවන්නෙ නෑ.. ඒ වගේම තැඹිලි වැටුනාම හයියෙන් යන්නෙත් නෑ කලර් ලයිට් එකෙන් පනින්න බලාගෙන...:) කොළ පාට එළිය නිවි නිවි පත්තු වෙනව තැඹිලි පාට පත්තු වෙන්න කලින්.. තැඹිලි වැටෙනකොටම වාහන නවත්තල ඉවරයි.. පාර මාරු වෙන්නෙත් නෑ කවුරුත් හිතුණු හිතුණු විදිහට.. හැමදේම පිළිවෙලක් ඇතුවයි වෙන්නේ.. ඒ වගේම පදිකයින්ට මුල් තැන දෙනව මෙහෙ ගොඩක් රියදුරෝ.. අපේ රටවල් අය මෙහෙ නීති තදයි කිව්වත් නීති නිසාම මෙහෙ නගර ගොඩක් පිළිවෙලයි..:yes: (අනවශ්‍ය නීති රීති නැතුවම නෙමෙයි.. කාලයක් මෙහෙ හිටිය අය ඒව ගැන දන්නව ඇති නේහ්..:baffled:)

    1z1qzi9.jpg


    කුණු දාන්න නියමිත තැන් තියල තියෙනව.. ඒවා වෙලාවට සුද්ද කරනව.. ඉතින් මිනිස්සු නිකම්ම කුණු ටික දාන්නෙ අදාළ තැනට.. කවුරුවත් ලේසියට බස් ටිකට් එක ගුලි කරල බිම දාන්නෙ නෑ මෙහේ.. එහෙම දාන්න හිතෙන්නෙත් නෑ..:cool: (ආහ් පුරුද්දට එහෙම කිය උනාට මෙහෙ බස්වල ටිකට් ගන්නෙ නෑ.. ඉලෙක්ට්‍රොනික් කාඩ් එකක් ටොප් අප් කරන එකයි කරන්නේ.. ඒ නිසා බස්වල කොන්දොස්තරල නෑ.. ඒ නිසාම මගීනට එක එක නොසණ්ඩාල වැඩ වෙන්නෙත් නෑ.. ඩ්‍රයි
    වර්ල සල්ලි වලට මරා ගන්නෙත් නෑ.. ඒ අයට පඩි හම්බ වෙන්නෙ බස් සමාගම් වලින් මිසක් මිනිස්සුන්ගෙන් නෙමෙයි..ඉතින් මිනිස්සුන්ගෙන් සල්ලි එකතු වෙනකන් පැය ගණන් කොට කොට යන්නෙත් නෑ.. බස් රියදුරන් ඇත්තටම මහත්තුරු විදිහට ඉඳගෙන වගකීමක් ඇතුව සේවයක් කරල වැටුපක් උපයනව..)

    iem4w9.jpg


    2v2v80w.jpg


    අපි අනිත් රටවල් වලින් හැම කුණු ගොඩම කොපි කරනව.. ඒත් මේවගේ වැදගත් දෙයක් කොපි කර ගන්නෙ නැති හැටි අම්මපා..:dull:

    bff677.jpg


    ඔය තියෙන්නෙ මගේ මුල් නවාතැන් පොළේ ඉඳල ගත්තු ෆොටෝ ටිකක්..

    fp9qoh.jpg


    2wcmcz4.jpg


    2yx2erk.jpg


    මේ ලඟ පාතම එයාපෝට් එකක් තියෙන නිසා මේ බිල්ඩින් වටේටම ප්ලේන් කැරකෙනව ඉවරයක් නැතුව.. එක පාරකට 7ක් 8ක් විතර අහසෙ තියෙනවා..:shocked:

    11qivyg.jpg



    ඔෆිස් එකේ වැඩ කර කර ඉන්න ගමන් එළියට ආව වෙලාවක අපිත් එක්කම වැඩ කරන අයිය කෙනෙක් මාව පුංචි බෝට්ටු සවාරියක් එක්ක ගියා ගිණි දවාළේම..:dull:

    rrqbkx.jpg


    2csgw42.jpg


    2kj6lf.jpg


    24xfksy.jpg


    mvnvdd.jpg


     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පේනවනේ.. වතුරෙ එක ෂොපින් බෑග් එකක්වත් පේන්න තියෙනවද කියල පා වෙවී..
    මෙහෙ ඒ වගේ වැරදි කළොත් දඩ ගහනව.. ඇයි ඉතින් නීති තදයි නේ.. ඒත් ඒව රකින්න අමාරු නීති නෙමෙයි නේද..? බලන්න ඒකෙ ප්‍රතිඵලේ කොච්චර වටිනවද කියල..:)

    3442qhg.jpg


    2zyh534.jpg


    බේරෙ වැවේ එහෙම දෙයක් කළොත් කී දෙනෙක් උද්ඝෝෂණ කරයිද..?:baffled:
    se7uyd.jpg


    1zw2ckh.jpg


    15yxfn6.jpg


    fnbij7.jpg


    fe4gt0.jpg


    මේ හරියනම් ටිකක් විතර පිටකොටුව වගේ..:oo: බලෙන් රෙද්ද ඇඟට දාල ගාණ කියන සීන් එකක් තියෙන්නේ..:baffled: බිස්නස් කරන්නේ ගොඩක් ඉන්දියා පකිස්තාන් වගේ රටවලින් ආව අය..
    අනික මේ හරියෙ වැඩි හරියක් මම වගේ ටුවරිස්ලනේ ඉන්නේ..:rofl:

    s1orqq.jpg


    rckitz.jpg


    2uj1tm0.jpg


    1fjqti.jpg


    15s556f.jpg


    149uv02.jpg


    t7fqy0.jpg


    n8e2q.jpg


    පාවෙන හෝටල්... (දැන් ඉතින් කෑවෙ නැද්ද කියල අහන්න ඔට්ටු නෑ හොඳේ..:lol:)

    302bcxg.jpg


    fnslzl.jpg


    2r4lydh.jpg


    jff24m.jpg


    b6dlk2.jpg


    334rxuu.jpg


    34eq7tf.jpg


    21ad6qg.jpg


    2z9a177.jpg


    2dkek2u.jpg


    34qodww.jpg


    1zwnqq1.jpg


    ඉඳල ඉඳල පැනරෝම එකක් ගත්තා.. වෑනෙ එකේ ඉස්සරහ කෑල්ල නෑ.. :rofl:

    2h2qxc7.jpg


    මෙහෙ හැමදේම ගොඩක් වියදම් කරලයි කරන්නේ... මේ තියෙන්නෙ පළතුරු කඩයක්..:shocked:

    300qsgm.jpg


    alt15e.jpg


    nbrr5h.jpg


    2445pjq.jpg


    35cfqki.jpg


    2a5hijk.jpg


    4pv1b6.jpg


    5cg0v8.jpg


    28sslfa.jpg

    ඔක්කොම ටික ගන්න වගේ ඇතුළට ගිහින් ෆොටෝ ටික අරං එළියට බැහැල ආව මට නෙමෙයි වගේ...:P

    හරි එහෙනම්.. අදට ඔය මදෑ..:dull:
    කියන්න නම් තව තව කතන්දර ගොඩයි..:) ඒත් ඉතින් දැන් මගේ වෙලාව ගොඩක් සීමිතයි..:( වෙලා තියෙන හැටියට පුලුවන් උනොත් මේක මෙගා ත්‍රෙඩ් එකක් කරන්න බලන්නම්කෝ.. ඒකට ඉතින් ඕගොල්ලොන්ගෙ සහයෝගයත් ඕනෙ..:cool:
    (කලින් ත්‍රෙඩ් එකකදි ෆොටෝ එක පේනවද කියල අහන්න ගිහින් කට්ටිය මට ලොකුම ලොකු සහයෝගයක් දීල අන්තිමට ඒක නවත්ත ගන්නත් බැරි උනා...:rofl:)

    මම මෙහෙට තාම අලුත් නිසා මම කියන සමහර ඒවයෙ වැරදි එහෙම තියෙන්න පුලුවන්..:no: එහෙම ඒව තිබුණොත් දන්න අය ඒ වැරදි නිවැරදි කරයි කියල හිතනවා... :yes:

    එහෙනම්.. හැමදාම කියනව වගේ එලකිරියෙ හැමෝටම ජයවේවා..!
    ආයෙ දවසක හමු වෙමු..!!




    ;)
    හිත මිතුරු
    "RICH LIFE"

     
    • Like
    Reactions: hakalanmulla

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    • Like
    Reactions: sandaru d

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මමත් කාලයක් හිටියා බන්:cool:,ආයෙත් එන්න හිතෙනවා මේවා දකිද්දින්:(
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :cool::cool:

    supiri machan

    ස්තූතියි මචන්..

    ela machan TFS!!

    11.gif
    :):)
    11.gif


    මමත් කාලයක් හිටියා බන්:cool:,ආයෙත් එන්න හිතෙනවා මේවා දකිද්දින්:(



    මටනම් ඒකෙ අනිත් පැත්ත බන්..:dull:

    good post. tfs.

    Thanks..!:)

    fly Dubai wala yanawa nam kama ekak gedaren othagana geya nam hodai neda :P

    ඔව් ඔව්.. කෑමනම් අවුල් කියනවා..:baffled:
    මමනම් කෑම ඕඩර් කලේ නෑ.. මම ආව එකේ ගොඩක් අය කෑම ගත්තෙ නෑ..:dull:

    elaaaaaaaaa

    :D:D:D:D

    niyamai machan

    ස්තූතියි මචන්.

    patta :) +14

    11.gif
    :cool:
    11.gif



    :):)

    wht is yo profession? qs?

    Coordinate and administrate.. But still training..:(