නිවන් ලබා ගෑනීමට සතර සතිපට්ටානය හෑර වෙනත්
නිවන් ලබා ගෑනීමට තිබෙන එකම ක්‍රමය සතර සතිපට්ටානය පමනක්ද? නත් නම් ඒ හෑර වෙනත් ක්‍රමයක් තිබේද?
නිවන් ලබා ගෑනීමට තිබෙන එකම ක්‍රමය සතර සතිපට්ටානය පමනක්ද? නත් නම් ඒ හෑර වෙනත් ක්‍රමයක් තිබේද?
නිවන් ලබා ගෑනීමට තිබෙන එකම ක්‍රමය සතර සතිපට්ටානය පමනක්ද? නත් නම් ඒ හෑර වෙනත් ක්‍රමයක් තිබේද?
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වූ මුල් කාල වකවානුවේ හෙළබිමේ සෑම ප්‍රදේශයකම පාහේ ධ්‍යාන ලැබූ අය විශාල ප්‍රමාණයක් වාසය කළ නිසා ඔවුන්ටද පහසු වන ආකාරයට උන්වහන්සේ ධ්‍යාන සම්පූර්ණ කර නිවන් අවබෝධ කරගතහැකි ක්‍රමයක් වන කායගතාසතිය දේශනා කළා.
නමුත් පසු කාලයේදී බුදුරජාණන් වහන්සේද යම් ආකාරයක පරිණත භාවයකට පත්ව සිටි නිසා උන්වහන්සේ සෑම විටම පාහේ දේශනා කලේ ධ්‍යාන වලින් තොරව නිවන ලබා ගත හැකි මාර්ගය වන සතර සතිපට්ඨානයයි."ඒකායනෝ මග්ගෝ විමුත්තියා" ආදී වශයෙන් ඒකායන මාර්ගය ලෙස උන්වහන්සේ පසුකාලයේ හැමවිටම නිර්දේශ කලේ සතර සතිපට්ටානයයි.ඒ අනුව නිවනට කෙටිම හා පහසුම මාර්ගය සතර සතිපට්ඨානය පූර්ණය කර ගැනීමයි
සතර සතිපට්ටානය තුල ඉන්න එක පියාගේ දේශය තුල ඉන්නවා වගේ කිවේ එහෙම ඉද්දි භවය සකස්කරන ක්‍රියා වෙන් නැති නිසා ..මම දන්නා තරමින් අනිච්චතාවය හේතු පල දහම සම විටම දකිමින් නිවන කරා යන්න පුළුවන් ..සම දෙයක්ම ට්‍රිලක්ෂණයට ගලපා චතුරාර්ය සත්‍ය දකින්න (මෙය කිසිම කෙනෙකුගේ දේශනාවක් නොවන බව කරුණාවේ ස්කයිලාක් ඇතුළු මඩ ගැසීමේ මණ්ඩලය කරුණාවෙන් සලකන්න )නිවන් ලබා ගෑනීමට තිබෙන එකම ක්‍රමය සතර සතිපට්ටානය පමනක්ද? නත් නම් ඒ හෑර වෙනත් ක්‍රමයක් තිබේද?
මෙන්න මේ වගේ දේවල් අපි කතා කරමු ..මොනවාද සත්තිස් බෝධි පාක්ෂික ධර්ම..මටකියා දෙන්නසත්තිස් බෝධි පාක්ෂික ධර්ම වඩන්න ඕනේ
මෙන්න මේ වගේ දේවල් අපි කතා කරමු ..මොනවාද සත්තිස් බෝධි පාක්ෂික ධර්ම..මටකියා දෙන්න
නිසි ආකාරයෙන් සතර සතිපට්ඨානය වඩන විට සත්තිස් බෝධි පාක්ශික ධර්ම සියල්ල ඉබේම පූර්ණය වන බව බුදුරජානන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ පැහැදිලිව පෙන්වා වදාරල තියෙනව.
නමුත් සතර සතිපට්ටානයට ගැන සම්පූර්ණ බුද්ධ දෙශනාව ක් නොමැත එක නිසයි කිසි කෙනෙකුට සතර සතිපට්ටානය වඩන්න දුශ්කර වෙලා තියෙන්නෙ අනිත් දෙ කෙතරම් නාම රුප ගැන භාවනා කරත් පටිච්ච් සමුප්පාදය ගැන ගැඹුරු වැටහීමක් නැත්තං පල ලබන්නේ බැ
නිසි ආකාරයෙන් සතර සතිපට්ඨානය වඩන විට සත්තිස් බෝධි පාක්ශික ධර්ම සියල්ල ඉබේම පූර්ණය වන බව බුදුරජානන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ පැහැදිලිව පෙන්වා වදාරල තියෙනව.

නමුත් සතර සතිපට්ටානයට ගැන සම්පූර්ණ බුද්ධ දෙශනාව ක් නොමැත එක නිසයි කිසි කෙනෙකුට සතර සතිපට්ටානය වඩන්න දුශ්කර වෙලා තියෙන්නෙ අනිත් දෙ කෙතරම් නාම රුප ගැන භාවනා කරත් පටිච්ච් සමුප්පාදය ගැන ගැඹුරු වැටහීමක් නැත්තං පල ලබන්නේ බැ
ගෞතම බුදු රජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා නිවන් මගට යොමු කරවීමට දේශනා කල ධර්මයේ ගැඹුරැම දේශනා මාලාව නම් මේ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම (37) විස්තරයයි. ගෞතම බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මයේ ගැඹුරැම අභිධර්ම තිබෙන්නේ සූත්‍ර පිටකයේ ඇතුලත් වන මෙම සත්තිස් බෝධි පාක්ෂික ධර්ම නම්වූ නිවන් මගටම මුල්වූ අභිධර්ම විස්තරයයි.
ගෞතම බුදු රජාණන් වහන්සේ විසින් ආකාර තිස් හතකින් විග්‍රහ කල නිවන් මගටම මුල්වූ ඒ මහා අනර්ඝ පැහැදිලි කිරීම බුදු දහමේ මූලික හරයයි මූලික ඉලක්කයයි.
මහ රහතන් වහන්සේලා බිහි උනෙත් මේ ධර්මය අනුගමනය කිරීමෙන්මයි. මාර්ගඵල ලාබී අනෙකුත් ගිහි පැවිදි ශ්‍රාවකයන් බිහි උනේද මේ ධර්මය අනුගමනය කිරීමෙන්මයි. ජය ශ්‍රී මහා බෝධි මූලයේදී ගෞතමයන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කලේද මේ ධර්මය අනුගමනය කිරීමෙන්මයි..
ඉතින් මේ තමයි බුදු රජාණන් වහන්සේ දේශනා කල නිවන් මගට උපකාර කරන්නාවූ අවබෝධ කල යුතුවූ ගැඹුරැ ධර්මය.
සතර සති පට්ඨානය
1.කායානු පස්සනා සතිපට්ඨානය
කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව කෙලෙසුන් ප්‍රහානය කිරීමේ නුවනින් යුතුව මනා සිහි නුවනින් කය පිලිබඳව සිහිය යොමා ගෙන වාසය කිරීම නැතහොත් කයට අනුව සිහිය පිහිටුවීමයි.
2. වේදනානු පස්සනා සතිපට්ඨානය
සැප විඳීම දුක්විඳීම උපේක්‍ෂා විඳීම අනිත්‍ය බව අවබෝධයෙන් යුතුව වටහා ගෙන විඳීමට නොඇලී වාසය කිරීමයි
3. චිත්තානු පස්සනා සතිපට්ඨානය
දුක් දොම්නස් වලින් අත් මිදීම පිනිස චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිනිස අමා මහ නිවන සාක්‍ෂාත් කිරීම පිනිස සිත මෙහෙයවීම
4. ධම්මානු පස්සනා සතිපට්ඨානය
ධර්මයන් කෙරෙහි යෝනිසෝ මනසිකාරය කරමින් ඒ ඒ ධර්මයන් පිලිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දැකීම.
සතර සම්‍යක් ප්‍රධාන වීර්යය
1.නූපන් අකුසල ධර්මයන් නූපදවීම පිනිස කරන වීර්ය
2.උපන් අකුසල ධර්මයන් ප්‍රහානය කිරීම පිනිස කරන වීර්ය
3.නූපන් කුසල ධර්මයන් උපදවා ගැනීම පිනිස කරන වීර්ය
4.උපන් කුසල ධර්මයන් වැඩි දියුනු කිරීම පිනිස කරන වීර්ය
සතර සෘද්ධි පාද
1.ඡන්ද සෘද්ධි පාදය
ධර්මය ඇසීමටත් ධර්මයේ හැසිරීමටත් ඇති බලවත් කැමැත්ත ඡන්ද සමාධි පදාන සංකාර සමන්නාගත සෘද්ධි පාදයයි.
2.චිත්ත සෘද්ධි පාදය
අරහත්වීමේ අධිෂ්ඨානය මුල් කරගෙන සතර සතිපට්ඨානයේ මනා කොට සිහිය පිහිටුවා ගෙන සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුතුව චිත්ත සමාධිය වැඩීම චිත්ත සමාධි පදාන සංකාර සමන්නාගත සෘද්ධි පාදයයි.
3.විරිය සෘද්ධි පාදය
අරහත්වීමේ අධිෂ්ඨානය මුල් කරගෙන සතර සතිපට්ඨානයේ මනා කොට සිහිය පිහිටුවා ගෙන සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුතුව වීර්ය සමාධිය වැඩීම වීර්ය සමාධි පදාන සංකාර සමන්නාගත සෘද්ධි පාදයයි.
4.වීමංසා සෘද්ධි පාදය
අරහත්වීමේ අධිෂ්ඨානය මුල් කරගෙන සතර සතිපට්ඨානයේ මනා කොට සිහිය පිහිටුවා ගෙන සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුතුව වීමංසා සමාධිය වැඩීම වීමංසා සමාධි පදාන සංකාර සමන්නාගත සෘද්ධි පාදයයි. වීමංසා කියන්නෙ විමසිමයි
පංච ඉන්ද්‍රිය
1.ශ්‍රද්ධා ඉන්ද්‍රිය
ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන්නෙ බුදු රජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමයි.. ස්‍රද්ධාති තථාගතස්ස බෝධිං.
බුදු රජාණන් වහන්සේ ගැන ඇතිවන නොසෙල්වෙන පැහැදීම.
ශ්‍රි සද් ධර්මය ගැන ඇතිවන නොසෙල්වෙන පැහැදීම.
ආර්ය මහා සංඝයා ගැන ඇතිවන නොසෙල්වෙන පැහැදීම.
2.විරිය ඉන්ද්‍රිය
නූපන් අකුසල ධර්මයන් නූපදවීම පිනිසත්, උපන් අකුසල ධර්මයන් ප්‍රහානය කිරීම පිනිසත්, නූපන් සීල සමාධි ප්‍රඥා උපදවා ගැනීම පිනිසත්, උපදවා ගත් සීල සමාධි ප්‍රඥා වැඩි දියුනු කර ගැනීමටත් යෙදන බලවත් වීර්යයි.
3.සති ඉන්ද්‍රිය
සති ඉන්ද්‍රිය නම් නිවන් අවබෝධ කරනවා කියන අදහසින් සතර සති පට්ඨානයේ සිහිය පිහිටුවා ගැනීමයි.
4.සමාධි ඉන්ද්‍රිය
නිවන අරමුනු කරගෙනම පලවෙනි ධ්‍යානයට දෙවනි ධ්‍යානයට තුන්වන ධ්‍යානයට සමවැදීම සමාධි ඉන්ද්‍රිය නම් වෙයි.
5.ප්‍රඥා ඉන්ද්‍රිය
නිවන අවබෝධ කිරීමට සිතන ආර්ය ස්‍රාවකයාට චතුරාර්‍ය සත්‍ය පිලිබඳව ඇතිවන අවබෝධාත්මක ප්‍රඥාවයි. පටිච්ච සමුප්පාදයේ හට ගැනීමත් පටිච්ච සමුප්පාදයේ නිරෝධයත් පිලිබඳ ඇතිවන අවබෝධයයි.
පංච බල
1.ස්‍රද්ධා බලය
ස්‍රද්ධා ඉන්ද්‍රියම ක්‍රියාවට නැංවීම ස්‍රද්ධා බලය වෙයි
2.විරිය බලය
වීර්ය ඉන්ද්‍රියම ක්‍රියාවට නැංවීම වීර්ය බලය වෙයි
3.සති බලය
සති ඉන්ද්‍රියම ක්‍රියාවට නැංවීම සති බලය වෙයි
4.සමාධි බලය
සමාධි ඉන්ද්‍රියම ක්‍රියාවට නැංවීම සමාධි බලය වෙයි
5.ප්‍රඥා බලය
ප්‍රඥා ඉන්ද්‍රියම ක්‍රියාවට නැංවීම ප්‍රඥා බලය වෙයි
සප්ත බොඡ්ඡංග
1.සති සම්බොඡ්ඣංගය
සති සම්බොඡ්ඣංගය කියන්නෙ ධර්මය මනා නුවනින් විමසමින් යෝනිසෝ මනසිකාරයේ යෙදෙමින් මනා කොට ධර්මය අවබෝධ වන ආකාරයටම සිහිය පැවැත්වීමයි.
2.ධම්ම විජය සම්බොඡ්ඣංගය
ධම්ම විජය සම්බොඡ්ඣංගය කියන්නෙ කුසල හා අකුසල ධර්මද වැරදි හා නිවරදි ධර්මද උසස් හා පහත් ධර්මද නිවරදිව හඳුනාගෙන චතුරාර්‍ය සත්‍ය අවබෝධ වන ආකාරයට නුවනින් විමසීමයි.
3.විරිය සම්බොඡ්ඣංගය
විරිය සම්බොඡ්ඣංගය කියන්නෙ පටන් ගත් වීර්යයෙන් යුතුව බලවත්වූ වීර්යයෙන් ධර්මය අවබෝධ කිරීම පිනිසම යෝනිසෝ මනසිකාරයේ යෙදීමයි.
3.ප්‍රීති සම්බොඡ්ඣංගය
ප්‍රීති සම්බොඡ්ඣංගය කියන්නෙ ධර්මය අවබෝධ වීමෙන් ලබන චිත්ත ප්‍රීතියයි.
4.පස්සද්ධි සම්බොඡ්ඣංගය
පස්සදධි සම්බොඡ්ඣංගය කියන්නෙ ධර්මය අවබෝධ වීමෙන් ලබන කායික මානසික සැහැල්ලුවයි.
5.සමාධි සම්බොඡ්ඣංගය
සමාධි සම්බොඡ්ඣංගය කියන්නෙ භාවනාවේ යෙදෙමින් සිතඑක අරමුනකට එකඟ කර ගැනීමයි.
6.උපේක්ඛා සම්බොඡ්ඣංගය
උපේක්ඛා සම්බොඡ්ඣංගය කියන්නෙ මනා කොට ඉවසීම ප්‍රගුන වීමෙන් සිත උපේක්‍ෂාවට පත්ව සංවර වීමයි.
ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය
1.සම්මා දිට්ඨිය
දුක පිරිසිඳ දැකිය යුතුයි.
දුක හට ගන්නාවූ තෘෂ්නාව ප්‍රහානය කල යුතුයි.
දුක නැතිකල බව තන්හාව ප්‍රහානය කලබව තමා අත් දැකිය යුතුයි.
ශීල සමාධි ප්‍රඥා වශයෙන් මාර්ගය වැඩිය යුතුයි.
2.සම්මා සංකප්ප
දුකින් නිදහස් වීමට සිතන නෙක්ඛම් සංකල්පනාවත් මෛත්‍රී කරැනා මුදිතා ආදී සිතන අව්‍යාපාද සංකල්පනාවත් හිංසාවෙන් තොරව කටයුතු කරන අවිහිංසා සංකල්පනාවත්
3.සම්මා වාචා
බොරැ කීමෙන් වැලකීම කේලමෙන් වැලකීම පරැෂ වචනයෙන් වැලකීම හිස් වචනයෙන් වැලකීම
4.සම්මා කම්මන්ත
කිසියම් ජීවිතයකට හානි කිරීමෙන් හෝ අනුබල දීමෙන් වැලකීම. තමාට අයත් නොවන කිසිවක් සොර සිතින් ගැනීමෙන් වැලකීම. කාමයේ වරදවා හැසිරීමෙන් වැලකීම.
5.සම්මා ආජීවය
අසම්මත වූ ලාමක වූ විවිධ ක්‍රම මගින් ජීවත් වීමෙන් වැලකී ධාර්මිකව ජීවත්වීම.
6.සම්මා වායාමය
හට ගත් අකුසලයන් ප්‍රහානය කිරීමට වෑයම් කිරීමත්. නූපන් කුසල් උපදවා ගැනීමට වෑයම් කිරීමත්. ඒකට බලවත්වූ වීර්ය කිරීමත්.
7.සම්මා සතිය
සතර මහ ධාතූන්ගෙන් හට ගත් මේ කය කෙරෙහි යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් කෙලෙස් ප්‍රහානය කරන නුවනින් යුතුව අවබෝධයෙන් සිතීම.
8.සම්මා සමාධිය
සතර සති පට්ඨානයේ සිහිය පවත්වමින් පංච නීවරන සංසිදුවා ලබන විවේකයෙන් යුතුව කයේ මනසේ ප්‍රීතිය ඇතුව
ප්‍රථම ධ්‍යානයෙන් යුතුව වාසය කිරීම.
දෙවන ධ්‍යානයෙන් යුතුව වාසය කිරීම.
තෙවන ධ්‍යානයෙන් යුතුව වාසය කිරීම.
හතරවන ධ්‍යානයෙන් යුතුව වාසය කිරීම.
-උපුටාගැනීමකි- @ zoom . lk
සතර සතිපට්ටානය ගැන ඕන තරම් දේශනා තියනවා යාලුවා ..හැබැයි ත්‍රිපිටකය පරිශීලනය කරලා හරි දේ ඔයාම තොර ගන්න ..නමුත් සතර සතිපට්ටානයට ගැන සම්පූර්ණ බුද්ධ දෙශනාව ක් නොමැත එක නිසයි කිසි කෙනෙකුට සතර සතිපට්ටානය වඩන්න දුශ්කර වෙලා තියෙන්නෙ අනිත් දෙ කෙතරම් නාම රුප ගැන භාවනා කරත් පටිච්ච් සමුප්පාදය ගැන ගැඹුරු වැටහීමක් නැත්තං පල ලබන්නේ බැ

සතර සතිපට්ටානය ගැන ඕන තරම් දේශනා තියනවා යාලුවා ..හැබැයි ත්‍රිපිටකය පරිශීලනය කරලා හරි දේ ඔයාම තොර ගන්න ..
පටිච්ච් සමුප්පාදය දහම් සාගරයක්නේ ..ඕකට බහින් නැතුව නිවන් දකින්න පුළුවන් යාලුවේ ..
අස්සජි මහරහතන් වහන්සේ පටිච්ච් සමුප්පාදය දනගෙනද රහත් වුනේ ?උන් වහන්සේ සුත්‍ර දෙකක් විතරක් දැනගෙන රහත් උනේ ..එ සුත්‍ර දෙකේ බුදු දහමේ හරය උන් වහන්සේ අවබෝදයට ගත්තා "හේතුන් පටිච්ච සම්බුතන් හේතු බංගා නිරුධ්ධති "ඕක ගැන පරම අවබෝදයකින් උන් වහන්සේ හිටි නිසා මග පල ලබා ගත්තා![]()
දැන් ඔබ එ විදිහට දර්මය අවබොද කරගෙනද ඉන්නෙ , පෙර බුද්ද සාසන වල දර්මය දියුනු කරපු උතුම් සමග අනිත් පුද්ගලයන් සමාන කිරිම ඔබ වනි මොඩයන්ට කුමක් කියන්ද?


ඇයි මහා සතිපට්ඨාන සූත්‍රය සම්පූර්ණයෙන් තියෙනවනෙ ?
modayek kiyalama kiyanna![]()
oba ehenam patichcha samuppadaya awaboda karagena me modayatat daham deshana karanna![]()