මචංලා උපදෙසක් ඔනේ. please HELP me
මේකයි මචං කතාව. මේ මගේ ෆේක් එකවුන්ට් එක. මන් එළකිරියේ ටිකක් විතර ජනප්රිය මෙම්බර් කෙනෙක්. ඒත් මගේ ගැටළුව කියන්න මන් ෆේක් එකෙන් ආවෙ.
මේකයි මචං කතන්දරේ. මම මචං එ ලෙවල් දෙපාරක් ෆේල් වෙනවා විෂයන් තුනම. කළේ ගණිත අංශයෙන්. එ ලෙවල් ෆේල් නිසා ගෙදරින් එච්චර පිළිගැනීමක් ලැබුනේ නැහැ. පස්සේ මම තොරතුරු තාක්ෂණ අංශයෙන් කොර්ස් එකක් කරනවා .ඒකත් අසාර්ථකයි මචං .ඊට පස්සේ පියාගේ මාර්ගයෙන් විදේශ ගත උනා. ගිහින් අවුරුදු දෙකකට කීට්ටු කාලයක් හිටියා රැකියාවක් කරමින් .හිටියේ පියා සමගමයි. මම හම්බ කරපු එව්වයෙන් පිස්සු කෙලපු එකෙක් නෙමෙ මචං. මන් පුළුවන් හැම සතේම ගෙදර එව්වා. මම සිගරට් අරක්කු ගෑනු සීන් වලට නැහැ ,ඒ වගේම ෆෝන් කාර්ඩ් එකක්වත් දාන්නේ නැහැ,ඒ වගේම ගර්ල් ෆ්රෙන්ඩ් කෙනෙකුත් නැහැ . හැබැයි එකම නරක පුරුද්ද ෆේස්බුක් එකට ඇඩික්ට් විම(ඇඩික්ට් වීම කොච්චරද කිව්වොත් මම අපේ ඉස්කොලේ කාලේ හිටිය එවුන් ගැන ඕනවට වඩා සර්ච් කර කර හෙව්වා. ඒක වැරදි කියලා තෙරුනාත් ඒක අත ඇරගන්න බැරි උනා.මොකද මම එහෙම කලේ මට ඒ කාලේ හිනා වෙච්ච එවුන් ඉන්නෙ කොහොමද කියලා බලන්න) ඉතිං රට ඉන්න කාලේ අපේ තාත්තා මර නිතරම ඇනුම් පද කිව්ව මම විභාග අසමත් වෙච්ච එක ගැනයි .කොර්ස් එක අසාර්ථක වෙච්ච එක ගැනයි. ඒ වගේම එයාගේ ඇනුම්පද වල තර්කය උනේ මම කිසි දෙයක් තනියම කරගෙන නැහැ කියන එක. මොකද ජොබ් එක හොයලා දුන්නෙත් එයානේ. ඉතිං මචං එහෙම ඉද්දි මම හිතුවා රට ඉන්නකන් සල්ලි කීයක් හරි එක්කහු කරන් තනියම දෙයක් ලංකාවට ඇවිත් කරන්න. එත් මට ඉතුරු කරගන්න හම්බ උනේ නැහැ මචංලා. මොකද තාත්තාගෙ රස්සාව එකපාරටම එහෙ ඉද්දි නැති උනා. ඊට පස්සෙ එයාගෙ වියදමුයි ගෙදර ගැනයි බැලුවෙ මම. ලංකාවට එවපු සල්ලි වලින් සහෝදරයාගෙ ඉගෙනීම් කටයුතු වලටයි ගෙදර හදන එව්වාටයි වියදම් කරපු එක තමා උනේ .මම රට ඉද්දි කියලා මට කියලා හරියට ඇඳුමක් අරගෙනවත් නැහැ මචං .එහෙම කැප කිරීමකින් තමා මම සල්ලි හම්බ කරලා එව්වේ. මගෙත් පොඩි පොඩි වැරදි නැතුවාම නෙමෙ. එත් අපෙ තාත්තා නිතරම කියන්නේ මම මොනවද කරේ ?? කිසිම දෙයක් කරලා නැහැ නේ කියන දේ .ඉතිං මට ලංකාවට එන්න උනා හදිසියෙම.තාත්තත් ආව. මෙහාට ඇවිල්ලත් එයාගෙ තර්කය අරකමයි, ඉතිං මචං මට තනියම කිසි දෙයක් කරගන්න පදනම දාගන්න වුනේ නැහැ කියලා එයා දන්නවා .අනික තනියම දෙයක් කරන්න කියලා උපදෙසක් එයාගෙන් අහද්දි මොනවම හරි කියලා කපලා දානවා .එයාගෙන් අහන්නේ නැතුව වෙන තැනකින් අහලා කරගන්න හැදුවෝත් ඒකටත් බනිනවා එයාගෙන් ඇහැව්වෙ නැත්තෙ ඇයි කියලා. මේ කාරණාවල් නිසා මට අපෙ හදපු ගෙදරයි අනෙක් හැම දේවලුයි එපා වෙලා තියෙන්නේ .කිසිම වැඩක් කරන්න හිතක් නැහැ .කෙලින්ම කියනවානම් එලියටවත් බහින්න හිතෙන්නේ නැහැ හිතේ සතුටින්. මන් මොකක්ද බන් කරන්නේ ?? ලංකාවේ දෙයක් කරලා ගොඩ එන්න නම් ආයෙ ඒ ලෙවල් කරලාම යන්න ඕනේ. ප්රයිවට් කොරසස් කරනවානම් සල්ලි ඕනේ .එහමයි කියලා වියදම් කරන්න සල්ලියක් මට ඇත්තෙත් නැහැ දැන් . අනික මගේ වයස අවුරුදු 25 කට කිට්ටුයි .මට උපදෙසක් දීපල්ලා මචං .මන් මොකක්ද කරන්න ඕනේ. මට ජීවිතේම එපා වෙලා තියෙන්නේ.

දැන් කරන කෝස් එක සම්බන්ධවත් අවුල් තියෙනවා.වෙන එකක් නොකලේ ඇයි හිතෙනවා