දැන් ඊයේ පෙරේදා වාහන බදු වෙනස් උනානේ. හරියටම කියනවනං වැඩි උනානේ. ඒ දවස් වල හැමෝම කතා වෙච්ච දෙයක් තමයි වාහන කිපෙක බද්ද වැඩි උනාට තව සෙට් එකක ඕක අඩු වෙලා තියනවා කියන එක....උදාහරනෙකට Leaf එක 1 million වලින් බැස්ස කියල කතාවක් ගියා. එත් මචන්ලා ඕක නෙමෙයි යථාර්තේ. මන් අද උබලට මේ තියන තත්ත්වෙත් එක්ක සපථ කරලා කියන්නන් කිසිම වාහනේක ගාන අඩු වෙන් නෑ ලොවෙත්.
දැන් ඔය අඩු උන කියන වාහන set එක කලින් තිබිච්ච market price එකටම තමයි විකිනෙන්නේ හෙටටත්. කිසිම අඩුවක් වෙන්නේ නැ. හැබැයි ගණන් ගියපුවට කොහොමත් බඩු සෙට් වෙනවා. 
වැඩේ වෙන්නේ මෙහෙමයි. තේරෙන සිංහලෙන් පැහැදිලි කරන්න try කරන්නන්. පලයල්ලා රේගුවේ web site එකට, ගිහින් duty change එකට අදාල notice එක බලපන්. pdf එකක් තියෙන්නේ. නැත්තන් මේ ලින්ක් එකෙන් direct ගනින්. දැන් මේකේ පැහැදිලිව තියනවා duty එක ගහන විදිහ.
වාහනයක් ලංකාවට ආවම රේගුවෙන් බදු ගහන විදිහක් තියනවනේ. දැන් ඉස්සර බදු ගැහුවා valuation එකට අදාලව percentage එකක්. මේ එයේ පෙරේද ආපු විකල්පෙත් (ඝන සෙන්ටිමිටරේට නැත්තන් කිලෝවොට් එකට) එක්ක දැන් විදි දෙකක් තියනව. මේකේ විදිහට රේගුවෙන් වාහනයක් ආවම මුන් මේ විදි දෙකටම බද්ද ගණන් හදනවා. හදල එන වැඩිම එක තමයි තෝරාගන්නේ.
කොහොමද ආතල් එකේ තරම
උදාහරණයක් දෙන්නන්. Leaf එකම ගමු. මන් උබලට කිව්ව pdf එකේ 11 පිටුව තියනව විස්තරේ. ඔකේ විදිහට 50% duty එක හරි ඔය කිලෝවොට් එකට ගාන වැටෙන Part II එකේ දාල තියන ගානට තමයි duty එක සෙට් වෙන්නේ. දැන් ලංකාවට එන model එක ගත්තම එක වැටෙන්නේ Part II එකේ 50-100 අතර ගොඩට. එතකොට 70*25000 = 1,750,000 LKR වෙන්නේ. හැබැයි කලින් තිබ්බ percentage එකට value උනාම බද්ද වෙන්නේ 2,695,000 LKR.
ඉතින් හරි අපුරුවට රේගුවෙන් දාල තියන notice එකේ විදිහට (50% OR Part II - ඔකේ OR එක පට්ට වැදගත් මචන්ලා. තේරෙනවනේ මන් කියන සිද්දිය?
) රේගුව දෙය්යනේ කියල apply කරන්නේ බද්ද වැඩිපුර සෙට් වෙන value එක. ඒ කියන්නේ Leaf එකට අද වෙද්දීත් වදින 50% percentage එක. දැන් මීටර් නේ වැඩේ
ඔය විදිහටම තමා අනිත් වාහන වලට tax එක වැඩි උනෙත්. engine cubic centimeter ගානට ගණන් බලපුවම Hybrid එකක් ගත්තොත් capacity එක 2000 ට අඩු, ඝන මීටරේට 4,500 ගානේ බද්ද වැටෙනවා. අපි හිතමු 1900cc කියල. 1900*4500 = 8,550,000 LKR. මේක ඉතින් ඉස්සර ගහපු 90% percentage එකත් එක්ක බලද්දී පට්ටම වැඩියි. ඉතින් දෙයියනේ කියල අපේ රේගුව වැඩි ගාන තමයි ඔකෙදිත් apply කරන්නේ. ඕක තමයි තිත්ත උනත් ඇත්ත කතාව...... ඔබට සතුටුයිද දැන්

Last edited:





